යූ ටියුබ් දෙයියන්; ජිවත් වනතුරු මා ඔබ සෙවන පතනවා!


මේ පිරිමින් ඔය පොඩ්ඩක් කපන්න කොටන්න ඉගෙන ගත්තොත් විසුමක් නැහැ කියල සමහරුන් කියනවනේ. ඉතිං අනෙක් ඒවා දන්නවා නම් කොහොම තියේවිද? ගැහැණුන්-පිරිමින් කියල බේදයක් නැතිව කොහොමත් කරන්න බැරි දේවල් තියනවනේ. ඒවා ගැන සිතීමෙන් පලක් නැහැ. හැබැයි තවත් දේවල් කර ගන්න හැකි වුවත් ලයිසොමක් නැතිව කරන්න ගියොත් කොහෙන් නවතිවිද කියන්න බැහැ. ඒ කියන්නේ යම්කිසි ෆොර්මල් ඉගෙනීමක් අවශ්‍ය දේවල්.

විදුලිය සම්බන්ධ දේවල් අන්න ඒ ගණයට අයිති වෙන්නේ. නොදැන මේවා කරන්න ගිහිං, කරන්ට් වද්ද ගෙන, ගෙදරත් ගිණි තියා ගන්න හැකියි. හැබැයි අද ලෝකයේ බොහෝ දේවල් තමන්ටම කරගන්න හැකියි. අර හස්ත කෞශල්‍යය ටිකක් තියනවා නම්. එය නම් ඉතිං පොඩි කාලේ ඉඳන් පුරුදු කරගන්න අවශ්‍ය දෙයක්.

සමහරුන් තමන්ටම ශල්‍යකර්ම පවා කර ගන්නවා යයි අද අසන්නට ලැබෙනවා. ඔය කරන්ට් වැඩ නොකලට, ඉතිං ශල්‍යකර්ම නම් ලොකු දේවල් නොවේනේ. මොකද ඉතිං කපා ගෙන වැඩේ වැරදුනොත්, ඉස්පිරිතාලේ හරි එලොව හරි යන්න බැරිය.

මගේ ඉස්සර තිබුණ මෙසේ උඩ තියන කොම්පියුටර කබල වැඩ කිරීම නැවතුන විට, එය අදාල විශේෂඥය තුමන්ලාගේ කඩයකට අරන් ගියහම, හදල වැඩක් නැහැ කියුවා. ගොඩක් වෙලාවට වෙලා තියන දෙයත් මට කියුවා. මං ගෙදර ඇවිත් වෙන විශේසඥයතුමෙකුගේ පිහිට අරන් ගලවල, අදාළ කෑල්ල කඩෙන් ගෙනත් සවිකර නැවත එකලස් කරන විට තමා ලෝකයේ කොතරම් සම්පත් නාස්තියක් කරනවද කියා තේරුනේ. මොකද දැන් “ඔක්කොම සවි කර” කොම්පියුටරේ වැඩ කරන්න ගත්තහම තමා, ඉතිරි වී තියන (සවි කරන්න මතක නැතිව) කෑලි ටික දැක්කේ.

මා ගෙදර ඇවිත් බලපු විශේෂඥයයා කියුවේ වෙන කරුවත් නොවේ, යූ ටියුබ් වීඩියෝ. මේවායේ DIY (තමන්ම කර ගැනීමේ) ශල්‍යකර්ම වල ඉඳල පතෝල හොදි හදන හැටි දක්වා උපදෙස් තියනවා. මා ශල්‍යකර්ම ගැන කියුවේ විහිළුවට. විදුලිය වැඩ කර ගන්න එක භයානක නම්, එයිට වඩා ඉගෙනීමක් හා හස්ත කෞශල්‍යය අවශ්‍ය ශල්‍යකර්ම ගැන මොන කතාද?

හැබැයි ගෙදර දොර හා වත්තේ ගොඩක් දේවල් වලට උපදෙස් වලට යන්න හොඳ තැනක් තමා “ඔබේ බටය” කියන්නේ. මා නම් සිංදු ඇසීමේ සිට ගොඩක් දේවල් වල අවශ්‍යතාවය අනුව යූ ටියුබ් බලනවා. ගොඩක් වෙලාවට සරල, නමුත් කලින් කර නැත්නම් උපදෙස් අවශ්‍ය දේවල් සඳහා.

ඉස්සර තිබුන ටැප් වල වොෂර් එක ගෙවුනහම නැවත අලුත් එකක් දමන එක මහා කජ්ජක් නොවේ. හැබැයි අලුතින් එන එක එක ජාතියේ මික්ෂර් කියන උණු වතුර හා සිතල වතුර එකතු කරන ටැප් වල තත්වය ටිකක් වෙනස්. අඩුම ගානේ කොම්පැනි දෙකකින් හදන දෙකක ගලවන විදිහ වත් එක සමාන නැහැ. මිනිසුන්ගේ ජිවිත අවුල් කිරීම් සඳහා කරන නිෂ්පාදන.

ඊයේ පෙරේද විදුලිය වැඩකට කෙනෙක් ආපුවහම බලන්න ආපු නිසා ගෙවන්න වුන ගාණ ගෙඩි ඩොලර් 176 යි. වැඩේ හඳුණාගෙන කෑලිත් අරන් දෙවන දවසේ එන විට නැවත ගෙවන්න ඕනේ. මේවා අසාධාරණ යයි මා කියන්නේ නැහැ. ඔවුනුත් අය කරන්නේ සම්මත වෙළඳපළ මිල ගණන්. හැබැයි ඉතිං ටැප් ලීක් එකක් හදන්න කියා රෙපරෙරුවෙකු ගෙන්න ගන්න යන එක මෝඩ වැඩක්.

ඊයේ හවස මා යූ ටියුබ් බලා ටැපය ගලවා, අද කඩෙන් කාට්‍රිජයක් ගෙනත් ටැප් එක හැදුවා. මේ වර්ගයේ ටැපයක් ගලවපු මුල් වතාව නිසාත්, ටැප් එකේ වෙනස්කම නිසාත් ඔය සේරටම ටිකක් කාලය ගියා. නමුත් එයින් ඉතිරි වූ මුදල හා සසඳන විට, එය මේ නිකම් අන්තර්ජාල සිංදු අහහ ඉන්නාවට වඩා ප්‍රයෝජනවත්. ඒත් සිංදු අහන්නේ නැතිව කොහොමද? මෙන්න ප්‍රේමකීර්ති ලියපු තවත් මියුරු ගීතයක්. ඉස්සර ගුවන් විදුලියේ මේක නිතර ගියා.

පසු වදන
එක ආච්චි කෙනෙකුට වයස අවුරුදු 102 පිරිම නිමිත්තෙන් පොඩි සාදයක් තියෙන්නේ, එයා ඉන්න වැඩිහිටි සංකීර්ණයේ. පොඩි කතාවක් පටිගත කර ගන්න ලෝකල් රේඩියෝවෙන් තරුණ ගෑල්ළමයෙකුත් එනවා. අවුරුදු 102 ක් පිරෙන අද ඔබේ ජිවිතයේ තියන හොඳම දේ මොකක්ද කියා ඇය අහනවා. ඇගේ උත්තරය කිසිම peer pressure එකක් නැතිකම කියන එක.

Advertisements

12 Comments

Filed under Lifestyle, Opinion

12 responses to “යූ ටියුබ් දෙයියන්; ජිවත් වනතුරු මා ඔබ සෙවන පතනවා!

  1. Pingback: යූ ටියුබ් දෙයියන්; ජිවත් වනතුරු මා ඔබ සෙවන පතනවා! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Anonymous

    ඔබේ බට දෙයියා නෙමෙයි දේවතාවි නේද?
    😀

  3. Anonymous

    කලින් කමෙන්ට් එක මගේය.
    මෙයට
    මල්මි හායි.

    • හායි, මල්මි හායි! මා හිතුවේ තරහා වී කියා. මේ පාර නම් හත් දවසේ දානෙත් දුන්න. බ්ලොග් රෝලෙනුත් අයින් කෙරුව, මොකද “සාමාජිකයන්ට” පමණයි කර තිබුණානේ. දන්නවනේ ඔය සාමාජික වැඩ මට අරහං.

      එක නොවේ, මොකද මේ එක එක විදිහට ඇනෝ එන්නේ? 😀

      ඔබ දන්නවද දෙවියන්ට ලිංග බේදයක් නැහැ ඔය කියුවට. ඕනි වෙලාවට අනික් එකට මාරු වෙන්න පුළුවන්. ඒකනේ දෙව්ලොව කියා කියන්නේ. මොකද ළඟ ඉන්න අනික් කෙනා හැටියට හා තමන්ගේ ලිංගික ආකර්ෂණය අනුව සිතන්න විතරයි අවශ්‍ය. ටක් ගාල මාරු වෙනවා.

      ඒ අනුව මට, ඔබේ බට දේවතාවී තමා. මා දන්නේ නැහැ ඔබට එයා කොයි වගේද පෙනෙන්නේ කියා. 😀

  4. හි හි මාත් ඉතින් ගූගල් දෙයියන්ගේ මල්ලි යූ ටූබ් එක්ක තම්‍යි වැඩි කාල්‍යක් ගෙවන්නේ. මගේ ලැප් එකත් කෝපී කෝප්පයක් හැලිලා මොනාහරි වෙලා තියෙන්නේ .එක පාරක් කෑලී ටික ගැලෙවුවා හෙයාඩ්‍යර් එක එහෙම අල්ලලා ක්ලීන් පාරකුත් දැම්මා. තාම කැලී ටික ඇමිනුවෙ නෑ .මේ පෝස්ට් එක දැක්කම ඒක මතක වුනේ. ලන්කාවෙ ඉද්දිට වඩා පිට රටකදි ඉන්ටර්නෙට් එක අපිට හැම පැත්තෙන්ම කිට්ටුවෙනවා.

    • හි හි, මා හිතුවේ ඔමා බලන්නේ ඇක්ෂන් ෆිල්ම්ස් විතරයි කියා. දැන් පුළුවන්නේ පහසුවෙන්ම ලැප් දෙකක් (උකුල් නොවේ) හදා ගන්න. 😀

      මා නම් මොන රටක හිටියත් කිට්ටු වෙන්න කැමති දේවල් වලට කිට්ටු වෙනවා ඔමා. හැබැයි දෙයකට ලෙහෙසියෙන් කැමති වන්නේ නැහැ. ඉන්ටර්නෙටුත් ඒ වගේ කිට්ටු වූ දෙයක් තමා. තව දේවල් තියනවා. 🙂

  5. Anonymous

    I love to do the DIY jobs and I do all electrical, plumbing and even mechanical jobs in my cars. That save money and you can do a better job with quality materials.
    But have to careful about the local laws and regulations. In Australia it is illegal to do electrical jobs and plumbing jobs except changing a globe or changing a tap washer.
    But I thinks those laws made to satisfy the electrical and plumbing unions (which are very strong in Aus) rather than to safeguard community.

    • He! he!! ano, once upon a time Bunnings was my favourite shop of all. Still I do love to go there. The only difference is that I do not have many cravings now. 🙂
      I do most of stuff in our house. But I don’t want to know anything about cars.
      //But I thinks those laws made to satisfy the electrical and plumbing unions (which are very strong in Aus) rather than to safeguard community.// please let me to disagree with you here. If you have a slight glance at statistics you would realise the impact of these regulations. Please bear in mind that an average citizen is not as smart as you are (no sarcasm at all). 🙂

  6. මගේ කාර් එකේ ලේසි දේවල් හදා ගන්නේ යුටියුබ් පිහිටෙන්. ලයිට් එකක් දාගන්න , ෆියුස් දාගන්න වගේ වැඩ. අනික මචන් මේවා ගොඩක් අපිම කර ගත්තේ නැත්නම් විකිනෙන්න නේ වෙන්නේ. ඊයේ පෙරේද වොෂින් මැෂින් එක රත් වෙන්නේ නැහැ. (වතුර) ගුගලේ බැලුව කෑල්ල ඕඩර් කලා . හයි කලා. නැත්නම් ඒකට එන මනුස්සයාගේ එන්න විතරක් £50. හදන්න අමතරව. මං ළඟ ලට්ට ලොට්ට ඔක්කොම තියනවා කැඩුනොත් මොනවා හරි හදන්න.

    • විකිණෙනවා කියන්නේ ජිවත් වෙන්න බැහැ මචං. ජිවත් වීමට අවශ්‍ය කුසලතා නොමැති වීම ගැන මා නිතර ලියන දෙයක්. තමන් ඉගෙන ගන්න විශයෙන් හෝ විශයයන්ගෙන් ඉහලමට ඉගෙන ගැනීම වගේම මෙවැනි සරල දේවල් වලට අත හුරුකර ගෙන තිබීම ජීවිතය ගොඩක් පහසු කරන දෙයක්.

      මෙවැනි දේ කිරීම අනික් අතින් මචං ජිවිතයට යම් අරුතකුත් එක කරනවා. දෙයක් තමන්ම නිම කිරීමෙන් ලබන සතුට කියන දේ වෙනත් දෙයකින් රීප්ලේස් කරන්න නොහැකියි. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s