මාව (හදන්න) හදපු මිස් (ලා)! You brought a fire to a world so cold!


IMG_20151216_111439847 (2)

ඊයේ ඊයේ උදේ නැගිට්ටේ පහමාරට. නිදා ගත්තේත් පැය පහමාරයි. නිදා ගැනීම නම් ටිකක් මදි වගේ. හැබැයි ඉතිං පාන්දරින් නැගිට්ටය කියන්නේ දවසත් දිගයි, ප්‍රයෝජනවත්. ඇත්තටම ඊයේ දිග දිනක්.

අපේ වසරාවසාන නැත්නම්, නත්තල් සාදය තිබුණෙත් ඊයේ. එතැනදී කලකින් දකින්න නොලැබුණ කිහිප දෙනෙකු සමග කතා කරන්නට ලැබීම සතුටක්. සමහරුන් හරස් අතට උස ගිහින් තිබුණේ මාස දෙක තුනට.

හැබැයි ඊයේ උදේම මා පුතාගේ පාසැලට ගියේ, ගුරුතුමිය හමුවන්න. මා කලින් ලියා ඇති ඇය නවක ගුරුතුමියක්. මා ගියේ පාසැල පටන් ගන්න පෙර. මා දුටුව ඇය කරමින් හිටිය වැඩේ නවතා සිනා මුසු මුහුණින්, මාව පිළිගත්තා.

ඇය ඇඳන් හිටියේ මේ දිනවල ජනප්‍රිය කලිසම් ජාතියෙන් එකක් හා ලස්සන බ්ලවුසයක්. මගේ වුවමනාවට ඇයට උදව් කරන්න නොහැකි නිසා අල්ලපු පන්තියේ සර් වෙත වෙත මාව එක්කන් ගියා.

ඒ සර් වත් මා දන්නවා. ඔහුත් ලෙන්ගතු සිනාවකින් අප වෙත ආව. ඔහුගේ ඇඳුම කමිසයක් හා කොට කලිසමක්. ගොඩක් කැෂුවල්. මගේ පුරස්නය විසඳා දෙන්න ඔහු පොරොන්දු වුනා.

මේ ගුරුවරුන් අපව ලෙන්ගතුව සලකන්නේ අපගේ හොඳ කමක් නිසාම නොවේ. එය දරුවා පාසලේ ක්‍රියා කරන ආකාරය මතත් රඳා පවතිනවා. අපත් හැකි අයුරින් මේ පාසැලට උදවු කර තියනවා. ඒ වගේම මේ ගුරුවරුන් හැකි හැම විටම හමු වෙලත් තියනවා. ඔවුන් මා ගිය ගමන් කගේ කවුද කියා දන්නේ අන්න ඒ නිසා.

හෙට කියන්නේ මේ වසරේ අවසන් පාසැල් දිනය. ඒ කියන්නේ දීර්ග ගිම්හාන නිවාඩුව හෙටින් පසු පටන් ගන්නවා. මේ සතිය කියන්නේ අපේ ජිවිතයේ රිමාකබල් එකක්. එය අපගේ ජිවිතයේ සමහර තේරීම් වල සැබෑ ප්‍රතිපල ගැනත් අපට පෙන්වා දුන්න.

මා නිතර ලියන පරිදි අප ජිවත් වන්නේ අනුන් දෙස බැලීමෙන් නොවේ. අප ජිවිතයේ මෙතෙක් අත්කර ගත් දැනුම ඇසුරින්, හොඳම තේරීම් කියා අප සිතන දේවල් අප කරනවා. ඒවා ගොඩක් වෙලාවට ජනප්‍රිය කියන තේරීම් නම් නොවේ.

මා කලින් සටහනක ලියා ඇති මා ව හදන්න හදපු මිස් කෙනෙක් ගැන. එනම්, මා ඉගෙන ගත් පාසැලකට අහම්බෙන් ගොඩ වැදුන විට, අහම්බෙන් හමු වූ එහි ගුරුවරියක් මා පාසැලට අපහාස වන අයුරින් ඇඳලා හිටපු හැටි කියපු කතාව මා කලින් ලියා ඇති. එයින් අපහසුවට පත් වුණේ මා නොවේ, මාව හඳුන්වා දුන්න මිතුරා.

එතැනදී මට කේන්තියක් හෝ අපහාසයක් කෙරුවා යයි මා නොසිතුවේ ඉහතින් සඳහන් කරපු ගුරුවරුන් ඉන්න පරිසරයක මා ඉන්න නිසා. ඇත්තටම මා හා ඒ ගුරුතුමිය දැන් ඉන්නේ ලෝකවල් දෙකක. අන්න ඒ නිසා තමා, අර මිතුරා දෙකක් දා ගත්ත විට, අර ගුරුතුමියට බණින එක මා වැළකුයේ.

ලස්සන හා පහසු ඇඳුමක් ඇඳීමෙන් විතරක් නොවේ, මා ලස්සන යයි සිතන ශරීරයක් තියා ගෙන ඉන්න අපේ පුතාගේ ගුරුතුමිය දැකීම සතුටක්. ඒ වගේම අර ගුරුතුමාත් කොට කලිසම් ගහගෙන හිටියට, බඩක් හෝ ස්ථුල ශරීරයක් ඇති කෙනෙක් නොවේ. ඔහුගේ දර්ශනයත් ප්‍රිය උපදනවා.

ලස්සන කියන්නේ ගොඩක් සබ්ජෙක්ටිව් දෙයක් නේ. ඉතින් ලස්සනට අඳිනවා කියන එක හෝ ලස්සනට ඉන්නවා කියන එක එකිනෙකා දකින හා සිතන ආකාරය හා හැදී වැඩි ජිවත්වන පරිසරයේ ආකල්ප මතත් රඳා පවතිනවා.

ජිවිතයේ මට හමුවුන සමහර මිස්ල, මගේ ජීවිතය සම්පුර්ණයෙන්ම වෙනස් කෙරුව වගත් මතක් කරන්න ඕනේ. මේ ලියා තියන්නේ එයින් එක අයෙක් ගැන. ඇය විතරක් නොවේ, එහෙම බලපෑම් කරපු තව මිස්ල ඉන්නවා. හැබැයි එක දෙයක් මට ෂුවර්.

එනම් අර හතර වන පන්තියේ මට හමු වූ ගුරුතුමිය, එදා පාසලේදී මට මුණ ගැහුණා නම් ඇය මාගේ ඇඳුම් ගැන නම් බලන එකක් නැහැ. ඇය මගෙන් අහන පළමු ප්‍රශ්නය හරිම වෙනස් එකක් වනු ඇති.

පලි

මා එදාම දැනගත් පරිදි ඒ හතර වසරේ ගුරුතුමිය අද ජිවතුන් අතර නැහැ.

Advertisements

9 Comments

Filed under Education

9 responses to “මාව (හදන්න) හදපු මිස් (ලා)! You brought a fire to a world so cold!

  1. //මේ ගුරුවරුන් අපව ලෙන්ගතුව සලකන්නේ අපගේ හොඳ කමක් නිසාම නොවේ. එය දරුවා පාසලේ ක්‍රියා කරන ආකාරය මතත් රඳා පවතිනවා.// මේක සහතික ඇත්ත..
    මගේ ජිවිතේ මට හමුවූ ගුරුවරු ගැන ලියුවා මාත් පහුගිය ගුරු දිනේට.. අවාසනාවට මට හම්බුනු හතරේ පන්තියේ ගුරුතුමිය තමයි මට ‘අමතකම’..

    අහ.. සෑහෙන්න කාලෙකින් රයිගම හන්දියේ කොමෙන්ට් එකක් දාන්න නිවනක් හම්බුනේ.. 🙂

    • Not to worry Kalyaana. I know you are reading. That’s enough for me. Whenever you feel like commenting, you can comment.
      Samahara deval matath amathaka nam thamaa! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s