මිස්ලා මිස් වීම! Waiting on the World to Change!


අද උදේ පුතාව පාසැලට දමල, මා ගියා ගුරුවරුන්ගේ ස්ටාෆ් රූම් එකට. එවෙලේ ගුරුවරුන් සියල්ල වසර අවසාන පාතරාස රැස්වීමක්. මා එතනට ගියවිට විට එයාල කතාව නැවතුවා. මුළු ස්ටාෆ් එකම අප්රිශියෙට් කර මා ලියුව කාඩ් එක මා විදුහල්පතිනියට දුන්න. එතන වැඩි වෙලා කරදර කරන්න බැරි නිසා, අපේ පුතාගේ පන්ති භාර ගුරුතුමියට යන්තම් අත දීලා මා එලියට ආව.

එලියට බැහැල වාහනයට ඇවිද එද්දී මට දැනුණේ මහා මෙලන්කොලි හැඟීමක්. එය සංකීර්ණ සිතිවිලි සමුදායක අන්තිම ප්‍රතිඵලය යයි මා සිතනවා. ඒ සිතිවිලි මොනවාද කියල ඔබට ලියන්න තරම් නිර්භීත වන්නට මා යන්නේ නැහැ.

හවස මට කල්පනා වුනේ, මා මෙතෙක් කල් ජිවත් වූ කාලය ඇතුලත අධ්‍යාපන ආයතන හතක (එකක අවුරුද්දක් හෝ එයිට වැඩිකාලයක්) ඉගෙනීම ලබල තියනවා. මේ එකකින් වත් සමුගන්න විට, මට අද පුතාගේ පාසැලෙන් ඉවතට පැමිණෙන විට දැනුන හැඟීම වගේ දෙයක් දැනිලා නැහැ.

මගේ ජිවිතයේ ලබා ගත්තු හොඳම දේවල් මොනවාද කියල යමෙක් ඇහුවොත්, මුලටම එන එකක් තමා මා බලාපොරොත්තු වන අන්දමේ පාසල් අධ්‍යාපනයක් දරුවන්ට දෙන්නට හැකි වීම.

මා ලබපු පාසැල් අධ්‍යාපනයත් නරකම නැහැ. නැත්නම් මෙහෙම බ්ලොග් ලියන්නේ නැහැනේ. නමුත් එහි තිබුණ වැඩකට නැති දේ ගොඩක් තියනවා. ඒවා දරුවන්ටද රිපීට් කරන්න මට අවශ්‍ය නැහැ.

ඉන් එකක් තමා ආගම් නමැති ක්රැප් දරුවන්ට බලෙන් පැටවීම නවතන්නට හැකි වීම. මගේ පෞද්ගලික අදහස නම් මෙය ළමා අපයෝජනයක්. ආගම අදහනනවද නැත්ද, අදහනවා නම් ඒ මොකක්ද කියා තීරණය කරන්න ඕනේ තමන්මයි. එය දරුවන් මත බලෙන් පැටවීම මහා ගොන් පාර්ට් එකක්. අපේ දරුවන් ආගමක් අදහනවාද නැත්ද යන්න ඔවුන් වැඩිහිටියන් වූ පසුව තීරණය කරාවි.

දෙවෙනි ළමා අපයෝජනය වන, දීර්ග කාලින පාසල් අධ්‍යාපන දිනෙන් පසු දරුවන් ටියුෂන් යැවීමෙන් ඈත් කර, අවශ්‍ය නිදහස ඔවුනට දෙන්න හැකි වීම. උදේ නමයේ සිට තුන දක්වා වූ දිනෙන් පසුව, තවත් ටියුෂන් වලට දැක්කවිම මට නම් ළමා අපයෝජනයක්.

පාසල් අධ්‍යාපනය යනු ගුරුවරුන්-හා-ශිෂ්‍යයන් විතරක් නොවේ. එතන දෙමාපියන්, පාසැල් කොමියුනිටි එකත් ලොකු කාර්යයක් කරනවා. මට කනගාටුවක් දැනුනේ මේ සියල්ල යම්තාක් දුරට පර්ෆෙක්ට් ව තිබුණ පරිසරයකින් සමුගැනීමට සිදුවීම හා තවත් කිව නොහැකි කරුණු ටිකක් නිසා.

ජෝන් මේයර් මා කැමතිම ගායකයෙක්. අපේ පුතාලගේ ගීත තේරීම් වලට මාගේ ලොකු බැලපෑමක්  නැහැ. හැබැයි ඔවුන් කුඩා කල කනට ඇහුණ, මා නිතර ඇහුව ජෝන් ගේ ගීත කිහිපයකට ඔවුන් කැමතියි.

කාන්තාවන් හා සඹදතා වලදී ජෝන් හරි නොටෝරියස්. මේ ගීතය ලියා  ඇත්තේ එක කාලයක යහළු වී සිටිය නිලියක් ගැන යයි කියනවා.

We got the afternoon
You got this room for two
One thing I’ve left to do
Discover me
Discovering you

One mile to every inch of
Your skin like porcelain
One pair of candy lips and
Your bubblegum tongue

And if you want love
We’ll make it
Swim in a deep sea
Of blankets
Take all your big plans
And break ’em
This is bound to be a while

Your body is a wonderland
Your body is a wonder (I’ll use my hands)
Your body is a wonderland

Something ’bout the way the hair falls in your face
I love the shape you take when crawling towards the pillowcase
You tell me where to go and though I might leave to find it
I’ll never let your head hit the bed without my hand behind it

you want love?
We’ll make it
Swim in a deep sea
Of blankets
Take all your big plans
And break ’em
This is bound to be a while

Your body is a wonderland
Your body is a wonder (I’ll use my hands)
Your body is a wonderland
(I’ll never speak again… I’ll use my hands)

Damn baby
You frustrate me
I know you’re mine, all mine, all mine
But you look so good it hurts sometimes

Your body is a wonderland
(I’ll never speak again… I’ll use my hands)
Your body is a wonder (I’ll use my hands)
Your body is a wonderland
(I’ll never speak again… I’ll use my hands)
Your body is a wonderland

Advertisements

7 Comments

Filed under Education, Opinion

7 responses to “මිස්ලා මිස් වීම! Waiting on the World to Change!

  1. Pingback: මිස්ලා මිස් වීම! Waiting on the World to Change! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ආයේ පාරක් කියවන්න ඕනේ……

    • මේ අත්දැකීම් ගොඩක් මටත් සෑහෙන්න සමීපයි. මා ඉගෙනුම ලබා ඇති අධ්‍යාපන ආයතන ගණන මෙයටත් වැඩියි. එය මහා ලොකු දෙයක් නෙමෙයි. සමහර දේවල් මගේ පාලනයෙන් තොරව සිදුවුණු දේවල්. එක් අතකින් ඒ දිගුකාලීන සැලසුම් නැතිකම. අනිත් අතින් අතේ තියෙන දේවල් අත්හැරීමට වගේම වෙනස් වීමට සහ අවදානම් ගැනීමට තිබුණු පුළුවන්කම. මගේ පාසැල් කාලයේදීත් මම හොඳටම තරඟකාරී අවස්ථාවලත් ඔය ටියුෂන් රැල්ලෙන් මිදිලා හිටියා. හොඳ වෙලාවට එයින් ලොකු හානියක් වුනේ නෑ. ඒ වගේම කවුරුවත් බලකිරීමක්කළෙත් නැහැ. ඇත්තටම මා සිටි කාලය සහ තැන තුළ මෙය අනවශ්‍ය අවදානමක් ගැනීමක්. ඒ වගේම ආගම් ඉගෙන ගැනීමට සිදුවීමෙන් මටනම් විශේෂ නරකක් වුනේ නැහැ. මේවා මට අදටත් උපකාරී වෙනවා මා ඇසුරු කරන පුද්ගලයින්ගේ සිතුම් පැතුම් තේරුම් ගැනීමට. මා ඇසුරු කරන අය අතර ඉන්නවා ආගම් කියන්නේ මොනවාද කියා නොදැන හැදුනු වැදුණු අය (විශේෂයෙන්ම මා ඕ සේතුන්ගේ චීනයේ). මේ ඇතැම් අය මේ වන විට ආගම් අදහන්න පටන් අරන් ඒවාට දැඩි සේ ඇලී ගැලී ඉන්නවා. වාසියක් වෙනුවෙන් කියා මා සිතන්නේ නැහැ. නොදැන සිටි අළුත් දෙයකට කෙනෙක් ආකර්ශනය වීම කියලයි මම හිතන්නේ. මම කැමති නෑ මගේ දරුවන් මේ තැනට දමන්නට. ඒ නිසා මා කරන්නේ සෑම ප්‍රධාන ආගමක් ගැනම ඔවුන්ට හැකි තරම් දැන ගන්න සැලැස්වීම. මේ නිසා ඔවුන්ට දැනටනම් මේ වෙනස් මත ගැන සංසන්දනාත්මකව බලන්න පුළුවන්කම ලැබී තිබෙනවා. ටියුෂන් ප්‍රශ්නය ගත්තහම ඔය සම්ප්‍රදායික අර්ථයෙන් නොගත්තත් යම් ගැටළු තිබෙනවා. ඒ විෂය බාහිර ක්‍රියාකාරකම් සම්බන්ධව. මෙතෙන්දී මම වැඩිපුර කැමති දරුවන්ට වැඩ අඩුකරලා නිදහසේ ඉන්න දෙන්නයි- ඔවුන්ටම යම් දෙයකට කාලය යෙදෙවීමට අවශ්‍ය වනතුරු. ඒත් අනිත් පසින් තර්කය තමයි ඇතැම් ක්‍රියාකාරකම් වලට මුලදී යොමු නොකළොත් පසුව අල්ලගන්න අමාරුයි කියන එක. කොහොම වුනත් මමත් දරුවන්ට දෙන්න කැමති ඔබ කැමති ආකාරයේ අධ්‍යාපනයක්. එය ඔවුන්ට ලැබීම විශාල සතුටක්.

      • ඉකෝ, අපොස උපේ මා කරපු එක “වරදක් තමා” වසරක් ටියුෂන් නොයෑම හා අනික් වසර (ටියුෂන් පටන් ගත්තු පසු) පාසල් යාම. මා මේවා ගැන පසු තැවීමක් හෝ අතීතයට ගිහින් නැවත හදා ගන්න බලාපොරොත්තුවක් නැහැ. මගේ ජීවිතය කියන්නේ “ජිවිතයට හොඳටම ඇති මේ ලෙස ඇත්නම්” කියන එකයි. වර්තමානය මගේ ජිවිතයේ හොඳම අවධියයි. සතුටුම අවධියයි.

        අපේ දරුවන් ආගම මොනවාද, එම්පතිය කියන්නේ මොකක්ද, අනුන් ගැන කම්පා වීම, උදව් කිරීම, සදාචාරය ගැන අවබෝධයක් තියන සංවේදී අය කියා මට තේරෙනවා. එය ඔවුන් ලබපු අධ්‍යාපනයේ කොටසක්. නමුත් ඔවුන් ආගමක් දෙස නැඹුරු වේවිය කියා සිතන්න තවම කලින් වැඩියි.

        ජිවිතයේ මට ආගම් නිසා අවාසි වුණා කියන්න නොහැකි වුණත්, වාසියක් නැහැ. පාසල් වල කාලය මේවට වෙන් කරන එක මහා ගොන් පාර්ට් එකක්.

        ආගම් සමාජයෙන් අයින් කරන්න නීති වලින් බැහැ. එය පුද්ගල කැමැත්ත. මට තියන මල පනින කාරණය නම් මේ අයියල අප මතත් මේවා බලෙන් පටවන්න ඒම. තමන් මොන ගොන් කම් කළත් කමක් නැහැ. අපව අතහැර. මේක හරියට ලිබරල් ලෝක කතා කරන අය රටවල් වලට කඩා පැන, ඒවා තමන්ට අවශ්‍ය අයුරින් පාලනය කරනවා (විනාශ කරනවා) වගේ.

        ආගම් වලට රාජ්‍යයෙන් වැටකඩොලු බැඳලා ඒවා ඉවත් කරන්න බැරි වග සෝවියට් ක්‍රමයෙනුත් ඔප්පු වුණා. ඔබ ඔය කියන දේ එහිත් වුණා. අවුරුදු 70 වකට පසු සිස්ටම් එක කඩා වැටුනට පස්සේ, එතෙක් බලෙන් යටපත් වී සිටි මිනිසුන්ගේ ජාගර සිතිවිලි එකවරට මතු වුණා. එතැනදී “යලිත්” ආගම් “නිදහසේ” අදහන්න හා පසු පස යන්න ගත්තේ උන්මාදයකින් වගේ. මේවා යටින් සමහර රටවල හා ආගමික සංස්ථා වල ඇජෙන්ඩා තිබුණා කියලත් බැලු බැල්මට පෙනුණා. ඒක එහෙම වෙන්නත් ඕනේ නේද ඉකෝ?

        එයිට වඩා තමන්ම අනවශ්‍යය කියා අවබෝධ කරගෙන ආගම් පසුපස නොයන පිරිස ඕස්ට්‍රේලියාවේ (විශේෂයෙන් කැන්බරා වල) වැඩියි. මා දන්නා එවැනි මිනිසුන් කියන්නේ, ආගම් පසුපස යන පිරිස යන අයට වඩා මිනිසුන් වශයෙන් හැම අතින්ම හොඳ කට්ටිය. එය සමාජ පරිණාමයේ අවස්ථාවක් කියා කියන්න හැකියි.

        සෝවියට් සමාජය අද ජාති වාදී, අන්‍ය ලිංගික මත නොඉවසන, වර්ණබේද වාදී සමාජයක් වී තිබීම කියන්නේ, මෝඩ ඇජෙන්දා සුළු පිරිසක් ක්‍රියාත්මක කිරීමෙන් රටක් හෝ සමාජයක් පරිවර්තනය කරන්න බැරිය කියන එකයි.

        සොඳුරු ඒකාධිපතියන්, නිර්ධනපන්ති ආඥ්යාදායකත්ව සිහින මවන පිරිස් මේ වග තේරුම් ගන්නේ නැහැ. බටහිර කඩා වැටෙනවා යයි කට ඇරන් ඉන්න පිරිසට ගොඩාක් කල් බලා ඉන්න වේවි.

        //ටියුෂන් ප්‍රශ්නය ගත්තහම ඔය සම්ප්‍රදායික අර්ථයෙන් නොගත්තත් යම් ගැටළු තිබෙනවා.// ඉකෝ මා ටියුෂන් කියන්නේ සම්ප්‍රදායික අර්ථයෙන් පමණයි. අපගේ දරුවන් හැකි හැම විටම බාහිර ක්‍රියා කාරකම් සඳහා යොමු කෙරුවා, අදත් කරනවා. ශාරීරික ක්‍රියා කාරකම් (ක්‍රීඩා), නැටුම්, සංගීතය, පිහිනීම වැනි දේවල් වලින් ඔවුනගේ කැමැත්ත අනුව නිපුණත්වයක් ලබා ගන්න අප ඉඩ ප්‍රස්තා ලබා දුන්න. පොත පත හා අනෙක් ඉලෙක්ට්‍රොනික උපකරණ අවශ්‍ය කාලයේදී අරන් දුන්න. මේවා අරන් දීල ඒවා කබඩ් වල දමා තියන්න අපි බලකෙරුවේ නැහැ. සමහර අවස්ථාවල මතක් කිරීම් කලත්, මේවයේ සෙල්ලම් කිරීමත් ඔවුන්ගේ එක විනෝදාංශයක්.

        අපේ ගෙදර තියන පරිසරයත් වෙන කෙනෙකුට ප්‍රති-නිර්මාණය කරන්න බැහැනේ ඉකෝ. ඔබ මෙය හොඳින් දන්නවා ඇති. ඔබේ ගෙදර පරිසරයත් වෙන කෙනෙකුට ප්‍රති-නිර්මාණය කරන්න බැහැ.

        ඉතිං මේ වගේ කතා වලින් යම් ගත යුත්තක් තියනවා නම් තමාගේ පරිසරයට අනුව අනුගත කර ගන්න ඕනේ. එයට තම ජිවිතයේ ලබා තියන අත්දැකීම් ද වැදගත්.

        දරුවන්ගේ තර්කානුකුල සිතීමේ ශක්තිය වැඩි දියුණු කර ගැනීමට පාසලෙන් හා සමාජයෙන් ලැබෙන උදව් පසකට දමන අපේ දෙමාපියන්, තමන් හැදී-වැදුන ගිරා පෝතක පරිසරය නැවත ප්‍රති-නිර්මාණය කර ගැනීමේ ඛේදවාචකය මා නිතර දකින දෙයක්. එයට හේතුව ඔවුනට එයිට පිටින් සිතන්නට නොහැකි වීමයි. ඔබ වෙනස්ව සිතන්නේ ඔබේ අත්දැකීම් හා අධ්‍යාපන ශික්ෂණයන් නිසා. එය වෙන කෙනෙකුට කියුවට වහකදුරු වගේ වෙන්න හැකියි.

        මා අර ලංකාවේ ගුරුතුමිය සමග තරහක් නොගත්තේ අන්න ඒ නිසා මයි. එයා පාසලට ගෞරව කිරීමේ පිළිවෙත හා මා දකින ඇත්තම ගෞරවය කියන්නේ දෙකක්. එය පැහැදිලි කර දෙන්න මට බැහැ. මොකද ඒ පැහැදිලි කිරීමට අවශ්‍ය මුලික දැනුම තිබුණා නම්, ඇය ඒ වගේ කතාවක් මට කියන්නේ නැහැ.

        මේ පරිසර වල මිනිසුන් නටන “නාඩගම්” දකින මට, එම පාසලෙන් ඉගෙන ගෙන, එම පාසලේම උගන්වන ඒ ගුරුතුමිය ගේ ආකල්ප ගැන විමතියක් නැහැ.

        //ඒත් අනිත් පසින් තර්කය තමයි ඇතැම් ක්‍රියාකාරකම් වලට මුලදී යොමු නොකළොත් පසුව අල්ලගන්න අමාරුයි කියන එක//. ඉකෝ, ඔබ කියන මෙන්න මේ කරුණ හරිම වැදගත්. මා පාසල් අධ්‍යාපනය කියන එක සමාජය කොයි වගේද කියා තීරණය කරනවා කියන්නේ අන්න ඒ අර්ථයෙන්. ඒ “ක්‍රියාකාරකම්” ජිවිතයේ කිසිදා අල්ල ගන්න බැහැ. එම ක්‍රියාකාරකම් අතර සිතන හැටිත්, එම්පතිය කියන එකත්, සදාචාරයත් ඇතුලත් වෙනවා. මේ අච්චුවෙන් ඉවතට යන සුළු කොටසක් සමාජයේ ඉන්න හැකියි. නමුත් බහුතරය අර අච්චුවට කොටු වෙනවා.

        පාසල් අධ්‍යාපනය නිම කර අවුරුදු 20-30 ස් ගණන් ගත වුවත්, එම පාසල් වලටම වැදී කුලල් කා ගනිමින් ජිවත් වන සමහර පිරිස් මෙයට හොඳ උදාහරණයක්. ඔවුනට කිසිදා ඒ ගේට්ටු වලින් එලියට යන්න ලැබී නැහැ. මෙතැනදී වෙන භයානක දෙය තමා, ඇත්තටම ගේට්ටුවෙන් එලියට ගිය පිරිස්, සමහර විට සමාජයෙනුත් ඉවත් වන එක. මොක අර පිරිස් අතර ඔවුනගේ ජීවිතය නයිට්මෙයාරයක් වනවා.

        //කොහොම වුනත් මමත් දරුවන්ට දෙන්න කැමති ඔබ කැමති ආකාරයේ අධ්‍යාපනයක්. එය ඔවුන්ට ලැබීම විශාල සතුටක්.// එවැනි මිනිසුන් තවත් ඉන්නවා කියා දැන ගැනීම මා බ්ලොග් ලිවීමෙන් ලබන විශාල සතුටක්. මා කලින් ලියා ඇති පරිදි මෙය ලිවීමෙන් මා ලබන “මෝඩ ආතල්” එකේ, එයත් ලොකු කොටසක්.

    • නැවත නැවත කියවන්න හැකි නම් එය විශාල සතුටක්. මේවා මාත් නැවත නැවත කියවනවා. එය මටත් ප්‍රයෝජනවත්. සිතිවිලි සටහන් කිරීම හා නිකම් සිතීම කියන්නේ වෙනස් දෙකක් වාසනා.

  3. අපි ඉංග්‍රීසි සින්දු අහන්න පුරුදු වුන මුල් කාලෙ කැමති ගායකයෙක් තමයි ජෝන් මේයර්. මේයර්ගෙ Your body is a wonderland yes fm එකේ ටොප් චාට් එකෙත් තිබුන මතකයි.

    • ආ ඔය රාජ්ල වන්ඩර් ලෑන්ඩ් සොයමින් වන්ඩර් වෙන කාලේද? 😀
      ජෝන්ගේ මගේ කැමතිම සිංදුව, සරදමකට වගේ මට නැති දෙයක් ගැන කියවෙන දෙයක්. එයත් ඉදිරියේ දමන්නම්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s