සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්…….!


DSC01458
(වාහන ටික සිතින් අයින් කර ගෙනත් පින්තුරය බලන්න)

ඊයේ තිබුණ රස්නය අද එක පාරට අඩු වූවා. ඊයේ හවස හත හමාරට විතර පුතාව අරන් සෙල්ලම් පිටියට යන විටත් උෂ්ණත්වය තිහක් විතර ඇති. අද නම් දහයක් පහළොවක් තරමට සීතලයි.

සමහර දෙනා එක්කෝ නගරයෙන් එලියට හෝ රටින් එළියට ගිහිං. හැබැයි සෑහෙන පිරිසක් ඉන්නවා. නත්තල කන්න හැමෝම වගේ ලැහැස්ති වෙන්නේ. නිකම් කඩ විතරක් නොවේ, දෙවි පිහිට පත්තර විකුණන කඩ පවා සෙනගින් පිරිලා.

පුතාට සෙල්ලම් කරන්න දීල මා සෙරෙප්පු කබල් දෙක පැත්තක දමල පිට්ටනියේ ඇවිද්ද්ද. තණකොළ හොඳට කොළ පාට හරියේ සනීප වුණාට, අනෙක් තැන්වල ඇවිදීම ලෙහෙසි නැහැ. ඔය ඉස්සර “දිය මඩ කඩිති වල පැන” කියුවට අද ඒවා කරන්න බැහැ.

IMG_20151220_193836462 (2)
(සවස 7.40 ට පමණ)

සෝවියට් දේශයේ ඉගෙන ගන්න කාලයේ අපේ නංගි කෙනෙක් මට නිතර ලියුම් ලියුවා. එයා ලියුම් ඉවර කෙරුවේ එවර් ලවින් කියා. මේ එවර් ලවින් කියුවට නරකක් හිතන්න අවශ්‍ය නැහැ. එක කුසේ නොවුණත්, එයට ආසන්න සහෝදරියක්. මේ ලියුම් කියවපු අපේ සමහරුන් කියූ දේවල් නම් නරකයි.

ඔන්න එවර් ලවින් කියුවට එයා සරසවි ගියහම හෝ මා ලියුම් පෙරලා නොලියුව හින්ද හෝ වෙන කිසි කරුණක් නිසා හෝ ඒ ලියුම් නැතිව ගියා. එයිනුත් බොහෝ කලකට පසු අපි භෞතිකව හමුවන විට, ගොඩක් වෙනස් මිනිසුන්.

ඉන්පසු තවත් බොහෝ කලකට පසු අප වෙනස්ම රටක එකම නගරයේ ටික කලක් ජිවත් වුණා. නමුත් අපේ එන්කවුන්ටර් හරිම සීමිත වූවා. ඒ හමු වුණත් අප කෙරුවේ රණ්ඩු කරපු එක.

අප ජිවිතයේ ගන්න බොහෝ තීරණ වල ට්‍රේඩ්-ඕෆ් එකක් තියනවා. ඒ කියන්නේ එක දෙයක් බිල්ලට දීල තමා තව දෙයක් ලබා ගන්නේ. මා කලින් සටහනේ ලියුවනේ ජිවිතයේ ලබා ගත්තු හොඳම දෙයක් ගැන.

ඊයේ පුතා සෙල්ලම් කරනවා බලමින් ඇවිදින විට, මට මතක් වුනේ අන්න එවැනි ට්‍රේඩ්-ඕෆ් එකක් ගැන. ඒ ගැන මා කලින් ලියා ඇති. සංක්‍රමණික ජිවිතයේ තියන එක දෙයක් වන්නේ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි එකක් කියා නැති වීම.

අපේ පුතාලට එවැනි පිරිසක් ඉන්නවය කියන හැඟීම පූර්ණව නැහැ. ඉඳහිට හමු වුණාට තද බැඳීම් ඇතිවන්නේත් නැහැ. ඔවුනගේ එක්ස්ටෙන්ඩඩ් ෆැමිලි ඇතිවන විට අප මෙලොව නැතුවත් ඉඳීවි.

IMG_20151220_200425942 (2)
(දැන් 8.30 විතර ඇති)

ඊයේ ඒ නංගිව මට එක පාරට මතක් වූවේ කල්පනා කිරීමට වෙලාව ලැබුන නිසා. අර එකම නගරයේ ඉඳලත් ඇයව බලන්න යාමට මට නොහැකි වීම ගැන අද පසු තැවෙනවා. එසේ වීමට හේතු ගොඩක් තිබුණා. ඒ දිනවල ඕවා කල්පනා කිරීමට වෙලාවකුත් තිබුණේ නැහැ. අද වෙලාව තියනවා, නමුත් බලන්න යන්න බැහැ.

ඇ.ප.ව‍.

කලින් වීඩියෝවේ බෙලෙක් කඩේ සංගීතය ගැන ආපු චෝදනාව නිසා පොඩි ට්‍රේඩ්-ඕෆ් එකකට ගියා. මෙය ආධුනික පටිගත කිරීමක්. ඒ නිසා තත්වය එතරම් හොඳ නැහැ. හැබැයි බෙලෙක් සංගීතය මෙහි නැහැ. එය වැඩ කරන්නේ නැහැ. තියන අනික මේ දිග වීඩියෝ පටය. එහි සංගීතය හොඳයි. දිග තමා නරකක් වුවොත්.

ඡායාරූප මගෙනි.

Advertisements

8 Comments

Filed under Lifestyle

8 responses to “සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්…….!

  1. අය්යයි, නංගියි දෙන්නම පව් අප්පා… 😛

    • කලින් ලියද්දි මට සිංහල තිබුණේ නැහැ.
      ඔව් ප්‍රවීනා, පව් තමා. හැබැයි දැන් ආදරේ කරන වෙනත් නංගිලා ඉන්නවා. 🙂

  2. Thisara

    අපි පොඩි කාලේ කියන තේරවිල්ලක් තියනවා. “පේනකොට ඕන්නෑ, ඕනකොට පේන්නෑ” කියලා. ‘ඇස් කන්ණාඩි’ තමයි උත්තරේ මට මතක හැටියට.

    • ඔව් තිසර, පොඩිකාලේ කියපු තේරවිලි, ලොකු වුණත් තේරෙන්නේ නැහැ තමා. 🙂

  3. මටනම් මෙහෙ ඉඳලත් එහෙම එක්ස්ටෙන්ඩඩ් එකක් නෑ. මං වෙනස් නිසා වෙන්න ඇති.
    ඒත් එහෙම තියන එහෙම අවශ්‍ය අයට වුනත් ඉස්සර වගේ මුණ ගැහෙන්නෙ නෑනෙ

    • මට තේරෙනවා ඔබ කියන දේ. අපත් ලංකාවේ හිටියා නම්, මේ එක්ස්ටෙන්ඩඩ් ලාගෙන් කොපමණ දෙනෙක් හෝ ඉඳහිට දකීවිද දන්නේ නැහැ. කලාතුරකින් ගියත් ඒ ගොඩක් දෙනාට අපව දකින්න වුවමනාවකුත් නැහැ. ඉතින් මාත් කියුවේ අප ගැන නොවේ. දරුවන් ගැන.

      ඔවුනට ආච්චිලා-ආතලා-බාප්පල වගේ කට්ටිය නොමැති හින්ද, එවැනි අය ඉන්නවද කියන එක ගැන වැඩි වැටහීමකුත් නැහැ. එය හොඳක්ද නරකක් ද කියලත් මට එතරම් තේරුමක් තාම නැහැ. 🙂

  4. මොකක්ද ඇ.ප.ව කියන්නේ..
    ඔයත් මාරයි එකම නගරයේ ඉදලත් එවර් ලවින්ග් කියපු කෙනා බලන්න නොගිය එක.
    අහසේ ෆොටෝ ලස්සනයි ම0ආසයි.

    • ඇත්තටම පසු වදන කියන එකයි ඔමා. ඒ කියන්නේ අනික් ඒවා බොරු පසු වදන්.

      මොනවා කියනවද ඔමා මාරයි තමා. අද ඒ ගැන මට දැනෙන්නේ කියන්න බැරි තරම් කණගාටුවක්. මේ ලෝකයේ අවුරුදු 100ක් හිටියත්, අපට ඇත්තටම ආදරය කරන අය හමුවන්නේ කීයෙන් කී දෙනෙක්ද? එදා ඒ ලියුම් කියවපු මගේ හොඳම යාලුවා මේ නංගිව හැඳින්වුයේ ‘එලොව ලවින් නංගි” කියා.

      ස්තුතියි ඔමා, ඉන්න ඔබට මා තව අහසේ පින්තූර දෙන්නම්. 🙂

      (ඔබත් අලුත් පෝස්ට් එකක් ලියන්න. මා කියවන සිංහල බ්ලොග් තියෙන්නේ ටිකයි. එයින් එකක් ඔබගේ).

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s