ලෝකේ තියෙන්නාවූ අවුල්!*


මා වැඩ කරන තැන මිත්‍ර සුද්දෙකු ගේ පියා විශ්‍රාම ගියේ දැනට වසර  කිහිපයකට පෙර. ඔවුනගේ ගම කියන්නේ ඇත්තටම ග්‍රාමීය, කුඩා නගරයක්. ඔහුගේ තාත්තගේ තාත්තලත් එහි තමා ජීවත්  වී තියෙන්නේ. විශ්‍රාම අරන් ටික කලකට පසුව ඔවුන් ගෙවල් විකුණා, මුහුද අසලක කුඩා නිවසක් අරන් පදිංචියට ගියා.

මේක ඔවුන් විතරක් කරන දෙයක් නොවේ. ඩවුන් සයිසින් කියන්නේ විශ්‍රාම ගත්  පසු ගොඩක් දෙනෙකුගේ තේරීමක්. ජිවිතකාලයක් තිස්සේ ගොඩ නගා ගත්තු ගෙවල් විතරක් නොවේ ගස්-වැල් දමා යාමට යම් ගටක් තියෙන්න ඕනේ. මෙතන දමා යාම කියන්නේ ගොස් වෙන තැනක ජිවත් වීමයි.

මෙය මට මතක් වුණේ  ඊයේ ලැබුන ඊමේලයක් නිසා. එය ඒවා තිබුණේ අවුරුදු පහකට පෙර විශ්‍රාම ගොස්, දැන් නැවත “විශ්‍රාම” යන කෙනෙකුගෙන්. ඔහුගේ සේවා කාලය (එකම ආයතනයේ) වසර 36 යි. ඉන්පසු වසර 5 ක් එනම් අද වෙනකම් ඔනරරි හැටියට වසර 5යි.

තේ බොන වෙලාවේ ඔහු කියුවේ මේ දින දෙක ඔහුට කාමරය අස්  කර දෙන්න මදි කියල. දැන් මේ යන්න වෙන වග එකපාරට දැන ගත් දෙයකුත් නොවේ. ඒ කියන්නේ කාමරය අස්  කරන්න අන්තිම මොහොත වෙන තෙක් බලා ඉඳල. කරන්න අකමැති, නමුත් කරන්න අවශ්‍ය දේවල් ඉඩක් තියනවා නම් අන්තිම තත්පරය දක්වා කල්දාන එක මනුෂ්‍ය සිරිතක් නේ.

ඔහු කියුවේ වර්ක්  ඊමේල් සියල්ල පෙන් ඩ්‍රයිව් එකකට සේව් කර ගන්න පැය  භාගයක් ගියා කියල. දැන් මේ ඔනරරි කියන්නේ ගරු නැත්නම්  ස්වෙච්චා කියන එකනේ. ඉස්සර එයාලගේ පැන්ෂන් ස්කීම් එකේ හැටියට ගත්තු පඩියට ආසන්න ගණනක් අදත් අතට ලැබෙනවා. හැබැයි ඉතිං  කාමරයක් වෙන්කර දීමට අමතරව, අන්තරජාලය, විදුලිය, මුද්‍රණ, ප්‍රවාහන පහසුකම් අතින් නොවේ.

මා  සෙනසුරාදා ඉරිදා වැඩට නොයනවා වුවත්, එසේ යන අය  කියන්නේ, මේ වගේ  ඔනරරි කට්ටිය ගොඩක් වෙලාවට ඒ දින දෙකේත් එතැන  කියා. මේක නිකම්ම දෙයක් නොවේ, එය ජිවන විලාසිතාවේ අංගයක්. එනම් ගෙදර ඉන්නවට වඩා මොවුන් තමන් වැඩ කරපු තැන ඉන්න වඩාත් කැමතියි. මේ අය  සේරම තනිකඩ, දරුවන්, මුනුපුරු-මිනිපිරියන් නැති පිරිස් නොවේ.

මේක ඇත්තටම අපේ ජිවන විලාසිතාවේ එක තේරීමක්. එනම් අප එදිනෙදා කරන දේවල් සමහරක් අනික් දේවල් වලට වඩා කැමැත්තෙන් කරනවා. අන්තිමට ගොඩක් කලක් තිස්සේ කරගෙන ආවිට  ඒවායින් ගැලවී යාම විශාල ප්‍රශ්නයක්.

එය විශාල ප්‍රශ්නයක් වන්නේ සමහරුන්ට පමණයි. මොකද අන්තිමට තෝරා ගැනීම් තියන නිසා. හැබැයි තවත් අයට අතහැර යන්න කියල කලින් “ඊමේල්” එනවා. එතැනදී සම්පුර්ණයෙන් යනවා හැර වෙන තේරීමක් නැහැ.

පකිස්ථානයේ සිට ඉගෙන ගන්න පැමිණි හසාන් අසිෆ්, එන්න ඇත්තේ බලාපොරොත්තු, ප්‍රාර්ථනා, අපේක්ෂා හා ඉලක්ක දහසක් එක්ක වෙන්න හැකියි. හැබැයි මෙහෙම ඉගෙන ගන්න කොට කරපු රෝග නිර්ණයකින්, ඔහුට ටර්මිනල් පිළිකාවක් තියන වග දැන  ගත්තා.

ඊයේ ප්‍රවුර්තියකින් කියවුණේ තව සති කිහිපයක් ජිවත් වීමට ඉඩ තියන හසාන් ට, ඔහුගේ අම්ම හා සහෝදරයා ගෙන් සමුගන්න අවසරය, ඕස්ට්‍රේලියානු ආගමන-විගමන දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇති වග.

හැබැයි අද පීටර් ඩටන් ඒ අවසරය ලබාදී තිබුණ වග මේ දැන් දැන  ගැනීමට ලැබුණා.

‘* මේ කියමන අපේ තාත්ත කියුවේ, මොකක් හරි ප්‍රශ්නයක් ආපු වෙලාවක. අර පඹ ගාලක පැටලුනු නරියෙක් කියුවලුනේ ලෝකේ තියෙන්නාවූ අවුල් කියා. අන්න ඒ වගේ අප කවුරුත් වොරි වන්නේ, අපට තියන අවුල් ගැන. ඇත්තටම අර හසාන් වගේ කට්ටියගේ ප්‍රශ්න ගැන හිතුවහම අප පැටලිලා ඉන්නේ මොනවගේ පොඩි පඹ ගාල්  වලද කියා සිතෙනවා.

පසු වදන

ඕස්ට්‍රේලියාවෙන් බිහිවූ ග්ලෝබල් ටැලන්ට් එකක් වන මයිකල් හචින්ස් මිය ගියේ අකාලයේ. ඒ කෙටි ජිවිත කාලය තුල ඔහු ඉතිරි කර ගිය නිර්මාණ ඔහුගේ ප්‍රතිභාව පෙන්නුම් කරනවා. ඉතා කුඩාවට පටන් අරගත්තා යයි කියැවෙන INXS  ලෝක තලයට ගෙන යන්න ඔහුගේ දායකත්වය වඩාත් වැදගත් වුනා යයි පෙනෙනවා. මේ වගේ කණ්ඩායම් හා මිනිසුන් ඕස්ට්‍රේලියාව  වැනි කුඩා ජනගහණයක  බිහිවන්නේ කලාතුරකින්. විශාල ජනගහණයන් අතර මෙවැනි ප්‍රතිභාවන් ඇති අය  වැඩියි වගේම, අනෙක් තැන්  වල බිහිවන අයත් ආකර්ෂණය කර ගන්නවා.

 

 

 

Advertisements

4 Comments

Filed under Opinion

4 responses to “ලෝකේ තියෙන්නාවූ අවුල්!*

  1. සෑහෙන දවසකින් බ්ලොග් පැත්තෙ ආවෙ.
    ඇත්තටම හසන් ට වුණ දේ නං අන්තිම කණගාටුයි.. ඒ අතිං සුද්ද ටිකක් පස්සෙං වගේ. අඩුම අර කට්ටියව හම්බෙන්න මක හරි චෑංස් එකක් දෙන්න තිබ්බ..
    වයසක කාලෙ පුල් පන් එකේ ඉන්න හුගක් ඔය ඈයො කැමතී නේහ්. ඒක නං ඇත්තටම හොද දෙයක්.
    පංසල් වලට ගිහිං බණ අහනව වගේ කෙප්ප ඕප දූප හලනවට වඩා

    • ඔව්නේ, මහේෂ් ගොඩක් කාලෙකට පස්සේ. මොකද ගෑල්ලමයට බත් උයන්න ඉගැන්වුවද?

      //ඒ අතිං සුද්ද ටිකක් පස්සෙං වගේ. අඩුම අර කට්ටියව හම්බෙන්න මක හරි චෑංස් එකක් දෙන්න තිබ්බ..// නැහැ මහේෂ්, වැරදි කරනවා වුවත් ශිෂ්ටත්වය අතින් ලෝකයේ ඉදිරින් ඉන්නේ සුද්දන් කියා මා නම් සිතන්නේ. මාත් ඔවුන්ගෙන් ඉගෙන ගත්තු හා ඉගෙන ගන්න කැමති දේ ගොඩක් තියනවා. වැඩ කාරන්නේ කොහොමද හා නිවාඩු ගත කළ යුත්තේ කොහොමද කියන එකත් අන්න ඒ වගේ දෙයක්.

      විශ්‍රාම ගන්නේ කොහොමද, ඉන්පසු ජිවත් වන්නේ කොහොමද කියන එකත් තවත් අන්න ඒ වගේ, ඔවුන්ගෙන් ඉගෙන ගන්න කැමති දෙයක්. මෙයින් පිටත වැඩ කරන කට්ටියත් ඉන්නවා තමා.

      //පංසල් වලට ගිහිං බණ අහනව වගේ කෙප්ප ඕප දූප හලනවට වඩා// සිද්ධාර්ථ ගෞතම කියපු දේවල් මෙතරම් වැරදි විදිහට භාවිතා කරන්නේ මොකද කියන ප්‍රශ්නය මට හැමවිටම ඔළුවට නැගෙන දෙයක් මහේෂ්. 🙂

  2. කන්තෝරුවෙ රාජකාරියකට බැහැරට ගියාම නැවත කන්තෝරු නෑවිත ්නිවස බලා කෙලින්ම යෑම අපේ කන්තෝරුවල අයගේ ජාතික පුරුද්දක්.. යනකොට මූව්මන්ට් රෙජිස්තරයේ නම දැම්මාම හැන්දෑවට ආයෙ කන්තෝරු එන්නෙ නෑ..

    ඒත් මම බොහෝවිට කන්තෝරුවට ඇවිත් ගිහිපු වැඩේට අදාල ලිපි ලේඛන ටික නැවත කන්තෝරුවෙන් තියලා.. වෙනත් වැඩක් තියෙනවා නම් කරලා..අපේ කන්තෝරුවෙ ඔෆිස් එකේ වැඩ කරන අයත් එක්ක චැටක් දාල හවස් වෙන්න තමයි බෝඩිමට යන්නෙ..

    ගොඩක් අයට හරි පස්නෙ ඇයි මම පනින්න තිබිලත් පැනල යන් නැතුව ආයිත් ඔෆිස් ඇවිත් කඹුරන්නෙ කියන එක.. මට බෝඩිමයි ගෙදරයි ඔෆිස් එකයි අතර මහා වෙනසක් නෑ.. ඔය විදියට ලොකු වෙනස් කම් තියාගත්තම තමයි ඔෆිස් ඇරෙද්දි හෝ ගාල දුවන්නෙ.. සදුදට කන්තෝරු යන්න අමාරු වෙන්නෙ.. වගේ රෝග හැදෙන්නෙ..

    • //මට බෝඩිමයි ගෙදරයි ඔෆිස් එකයි අතර මහා වෙනසක් නෑ.. // හඃ හඃ හා!!
      මොකෝ ඉන්දික මේ වෙලා තියෙන්නේ? මා කියුවනේ ඕවා තමන්ගේ තේරීම්.
      මට නම් දේවල් වල වෙනසක් ජිවිතයට අවශ්‍යයි. වැඩකරන තැනයි, ගෙදරයි වෙනසක් නැත්නම් මට අවුල්.
      ජිවිතයේ අනෙක් දේවලුත් එහෙමයි. කොටින්ම තරල සාර වීදුරුවක් බොන්නේ, වෙනසකට.
      මා සෙනසුරාදා-ඉරිදා කොහෙත්ම වැඩට යන්නේ නැහැ. වෙන කෙනෙක් නැති වෙලාවක නොයා බැරිවූ විට පමණක් යනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s