උනුත් එකයි, මුනුත් එකයි, එහෙම කියන අපත් එකයි!


මා හැම දෙයක්ම කරන්නේ යම් පර්පස් එකකට. බ්ලොගය කියන්නේ එක්ෂෙප්ෂන් එකක් නොවේ. මේක සමාලෝචන සටහනක් වුවත් වසරවසාන සටහන නොවේවි.

කලින් සටහනේ සඳහන් කරපු පරිදි අගමැති ටෝනි ගේ ඉවත්වීම ධනාත්මක දෙයක් ලෙස මා සිතනවා. ටෝනිව සමහර දේශපාලන විචාරකයන් හැඳින්වුයේ ඕස්ට්‍රේලියාවේ සාර්ථකම විපක්ෂ නායකයා ලෙසයි. ඒ එවකට පැවති කම්කරු රජයට එරෙහිව ඔහු ගෙන ගිය ප්‍රචාරාත්මක වැඩසටහනේ සාර්ථක කම නිසා. ඒ සාර්ථක කම අගමැති වරයෙකු ලෙස පෙන්වීමට නොහැකි වුණේ ඇයි?

මෙන්න මේ ප්‍රශ්නය අපගේ පෞද්ගලික ජිවිතයට ටිකක් අදාළ දෙයක්. ටෝනිට වුණේ විවේචනයේදී අති දක්ෂයෙක් වුවත්, වැඩේ ඇත්තටම කරන කොට කිසිම ප්‍රතිභාවක් නොපෙන්විමයි. එයිට අමතරව ලැබුණ ධනාත්මක විවේචන ද අර හබරල කොලයට වතුර වක්කරනවා වගේ නොසලකා හැරීමයි.

ඇත්තටම වර්තමාන අගමැතිවරයාට එම පක්ෂයේ තිබුන නොකැමැත්ත (සමහර කොටස් වල) හැටියට, ටෝනි අති-අසාර්ථක නොවුණා නම්, ඔහුගේ තනතුරට හානියක් වන්නේ නැහැ යයි මා අදත් සිතනවා. අඩුම ගණනේ මෙතරම් ඉක්මනින්.

ලෝකයේ තියන පහසුම කටයුතු වලින් එකක් තමා, අපව අතහැර ලෝකයේ අනික් සියල්ලන්ම හා සියල්ලම විවේචනය කිරීම. හැබැයි අප බොහෝ විට අමතක කරන දෙයක් තමා, ඒ විවේචන අපටත් අදාලය කියා. ටෝනි විතරක් නොවේ ඔබත් මාත් ගොඩක් වෙලාවට තේරුම් නොගන්න හෝ තේරුම් ගන්න උත්සහ නොකරන එක කරුණක් අන්න එය.

ඔබ වෙන තැන් වලට යන්න ඕනේ නැහැ, මේ බ්ලොග් එක මුල ඉඳන් කියවා ගෙන එන්න. මෙහි කොමෙන්ටු දමපු දෙනා ගෙන් කොපමණ දෙනෙක්, ඒ අයගේ අදහස් විවේචනය කිරීම නිසා, යලි කොමෙන්ටු දැමීම නවතා තියනවද?

ඔව්, ලෙහෙසිම දේ අනුන්ව විවේචනය කිරීම. හැබැයි ස්වයං විවේචනය හා ස්වයං නිවැරදි කර ගැනීම් විතරක් නොවේ අනුන් අපව විවේචනය කිරීම් ඉවසීම තමා ලෝකයේ තියන අමාරුම කටයුත්ත. මේ නිසාම තමා ලෝකයේ අප බලාපොරොත්තු වන වෙනස් කම් සිදුවීම ප්‍රමාද වන්නේ.

මේ වසර ආරම්භයට වඩා අද මා වෙනස් කියුවොත් එය නිවැරදියි. එය මගේ සටහන් වලිනුත් ඔබට පෙනෙනවා ඇති.

අහමු පීචං ගීතයක්, නිකම් ඉන්න එකේ.

නටුවෙන් කඩලා මල විසි විලසේ ……….

Advertisements

16 Comments

Filed under Opinion

16 responses to “උනුත් එකයි, මුනුත් එකයි, එහෙම කියන අපත් එකයි!

  1. Anonymous

    මාකටින් කෑල්ල මගහැරිලා විවේචනය ගැන.
    නැහ් හිතලාම නොලියා ඉන්න ඇති.

    • හා හා, කුමන අරුතින් ඔබ මෙය ලියුවද?
      කියවන පිරිස අඩු වෙමින් යනවා නම් තමා. ඒ පාරේ යන්න බැහැ නේද අපට? 🙂

      • Anonymous

        නැහැ එය නොවේ. බ්ලොග් ගැනත් නොවේ.මාකටින් ගැනයි.
        විවේචන ඉබේ හදාගැනිල්ල එක මාකටින් ට්‍රික් එකක්.මෙය දැලිපිහියෙන් කිරි කනවා වගේ වැඩක්. කෑවොත් ගොඩ.

        බ්ලොගින් කියනවානම් මා එය මට වුවමනා ගනනට කප්පාදුකරන් ඉන්නේ. මට තවත් නව කියවන්නන් අනවශ්‍යයි.

        • හරි ඊයේ මගේ ඔළුවට ක්‍රියේටිව් ජූස් වැඩියෙන් ගලපු නිසාද කොහෙද එය තේරුනේ නැහැ.

          ලෝකයේ ලොකුම බිස්නස් එක වන දේශපාලනය කරන පක්ෂයක තියන වැදගත්ම යාන්ත්‍රණය මාකටින්. අප වගේ නොවේ, මේව වෘත්තිකයන් විසින් නේ මෙහෙය වන්නේ. ටෝනිට වුණේ අන්න ඒ කාණ්ඩය “හරියට” තෝරා නොගැනීමේ ප්‍රශ්නය. නායකයා මත දේවල් රඳා පවතිනවා කියන්නේ අන්න ඒකයි.

          එතැනදී ට්‍රාන්ශිෂන් එක එනම් විපක්ෂයේ සිට ආණ්ඩුපක්ෂයට මාරු වීම හරියට නොකලොත් මේවගේ රටක පැවත්මක් නැහැ. විවේචන වලට ලොකු ඉල්ලුමක් සමාජයේ හැමදාම තියනවා. හැබැයි විවේචන විතරක් දිගටම කරන විට, මිනිසුන් එයින් යලි අතෘප්තියට පත්වෙනවා. එතකොට වෙන විකල්ප සොයා යනවා.

          //බ්ලොගින් කියනවානම් මා එය මට වුවමනා ගනනට කප්පාදුකරන් ඉන්නේ. මට තවත් නව කියවන්නන් අනවශ්‍යයි.// ඔබ මට හුරු වගක් පෙන්නුම් කරනවා. මා නම් එදත් අදත් ලියුවෙත් ලියන්නෙත් ප්‍රධාන වශයෙන් මගේ සතුටට. එතැනදී අන් අයත් කියවීම සතුටට කරුණක්. මිනිසුන් සමහර දෙනා හඳුනා ගන්න ලැබීමත් තවත් සතුටක්.

          මේවා මාකටින් කර ප්‍රචාරය කර ගැනීම මගේ අපේක්ෂාවට පටහැනියි. දැන් සුබසෙත වැනි පත්තරේක මුල් පිටේ මා ලියන ඒවා දමන්නම්, ලිවීමට මුදලුත් දෙන්නම් කියුවට මා කැමති වෙන්නේ නැහැ. මොකද ඒ එකඟ විම තුලම, මගේ පරමාර්ථය නැතිව යනවා. මා නිතර කියන, එනම් මෙයින් ලාභ නොලබන (මුල්‍යමය) නිසයි මට එහෙම කරන්නට හැකි වී ඇත්තේ (කෙනෙක් මේවා ස්වේච්චාවෙන් උපුටා ගැනීම ගැන මගේ තරහක් නැහැ. හැබැයි මට හැකි හැමවිටම “අනවශ්‍ය” තැන්වල මේවා යලි පළ වීම අධර්යය කර තියනවා. මොකද මෙතනට ඇවිත් කියවන්න බැරි නම් නොකියවීම වඩාත් සුදුසුයි). 🙂

          මෙය කෙනෙකුට අවශ්‍ය ආකාරයට ලියන්න කියා කරන යෝජනාවට කැමති වීමට මගේ ලංසුව ගොඩක් ලොකුයි. සතුට කියන එක මුදලින් මනින්න බැහැනේ. හැබැයි වෙන තැනකින් “සතුට” ගන්න හැකි ගාණක් කවුරු හරි ගෙවන්න කැමති නම්, මාත් අර විදිහට ලියන්න කැමති වේවි.

  2. pra jay

    Well, what would be my purpose in commenting, i wonder. Hmmm. I comment when i have something to say. But, mostly it is to express my appreciation of your posts: how well thought out they are and the kind of thought that goes into them.

    • //it is to express my appreciation of your posts: how well thought out they are and the kind of thought that goes into them.// මා ඉන්නේ සිංහල සංවාදයක. ෆොන්ට් එක වෙනස් නොකර ලියන්නම්. ඔබගේ දෙවන බස තේරෙනවා නේද? 😉
      ඔබ හැකි හැමවිටම කොමෙන්ට් කරන වග මා දන්නවා. ඒ විතරක් නොවේ, ඔබ ලියන දෙයකට (අමාරුයි අප්පා මේ වෙලාවේ ලියන්න) ප්‍රති විරුද්ද දෙයක් ලියුවත් අමනාප නොවන වග මා දන්නවා. ඒ නිසාම තමා මා ඔබට නිදහසේ උත්තර ලියන්නේ.

      • pra jay

        YOU know I Wouldn’t take offence at anything YOU say. Hence ur quip about my second language. Heh heh.
        Do I know YOU wouldn’t take offence at whatever I say?
        Food ( for a food expert like u) for thought (come to think about it a thought expert too) eh?

        • //Do I know YOU wouldn’t take offence at whatever I say?// Please be assured that I would NOT take any of your comments in that way. In contrast, I always take them seriously, even the “read” ones.
          It is a pleasure to have readers like you! 🙂

          (සමහරවිට මා කරන විහිළු ගණන් ගන්න එපා. ඔබ හෝ වෙනත් අයෙක් හෝ මෙහි කුමන භාෂාවකින් (මට තේරුම් ගන්නහැකි) ලියුවත් ප්‍රශ්නයක් නොමැති වග මෙයට පෙරත් ලියා ඇති)

          • pra jay

            Gananganna???
            On the contrary mr raigam I wish u would joke more. I can laugh at jokes at anyone’s expense.. especially mine!

            • හි හි ඔබගේ යෝජනා හා චෝදනා යථා කාලයේදී සලකා බැලෙනු ඇත. 😀
              Seriously Pra, the problem is that no one understands my jokes! 🙂

  3. ඔව් ඒ සත්‍ය මාත් පසක් කරගෙන අවසානයි. විවේචනය කියන මාතෘකාව ගැන සහ එහි ප්‍රභේද ගැන ඉගෙන ගත්තේ සයිබර් ලෝකය හරහා.. ඔය මාතෘකාව මගේ ජීවිතයේ ගොඩක් දේවල් වෙනස් කරගන්න උදව් වුනා… මේ වගේ එකිනෙක සාමාන්‍ය මනුස්ස ජීවිතයේ මාතෘකා තමන් විසින්ම විශ්ලේසනය කරලා තීරණ ගන්න එක මo එන්ජෝයි කරන සෙල්ලමක්. ස්තූතියි. සින්දුව නම් ක්ලික් කලේවත් නෑ. ඒක මට මහ කම්මැලි සින්දුවක් හි හි .. “මට මේ මට”

    • හි හි, ඔමා විවේචනම විතරක් එන්ජෝයි කරන්න ඇබ්බැහිවීම මාර නරක දෙයක්. ඔබත් දන්නවා ඇතිනේ සමහර පරිසර වල මේක ජයට කෙරෙන දෙයක්. සියලුම දේම නිරපේක්ෂ ලෙස විවේචනය කරනවා. මේවට මාර ආකර්ශනයක් තියෙන්නේ. මොකද මා කලින් ලියුව පරිදි සමාජයේ මේකට පුදුම ඉල්ලුමක් තියෙන්නේ. මෙහෙ පවා.

      හැබැයි ඔය වැඩේ නිසා ජිවිතයේ කිසිම දෙයකින් අන්තිමට සතුටක් ලබන්න බැරිව යනවා. ලබන එකම සතුට ලෝකේ තියන සියල්ලම විවේචනය කිරීමෙන් ලබන කාලකන්නි සතුට විතරයි.

      ඔව් ඔව් සින්දු දමන්නේ ක්ලික් කරන්නම නොවේ. 🙂

      ලියන්න වෙලාවක් නැහැ නේද? (මේවා ලියල වැඩක් නැහැ තමා. වැඩක් කර ගන්න).

      • නෑ මo කිවුවේ මේ වගේ එදිනෙදා දේවල් වලට මoම උත්තර හොයාගන්න එක.. ඔයාට මතක ද දන්නේ නෑ මන් කාලෙකට කලින් ඊර්ෂ්‍යාව ගැන ලියපු ලිපිය ඒත් ඒ වගේ පසක් කරගත්ත දෙයක් තම්‍යි.

        • ඔව් ඔබ අදහස් කරපු දේ මට තේරුණා. මට ඉතිං මැක්කා ගැන කියන්න අවස්ථාවක් ආවොත් පැහැර හරින්නේ නැහැනේ. එකයි උඩ තියන වල්පල් ලියුවේ. 🙂

  4. මේ කතාව ඕට්ටේලියාව කියන එක ලංකාව කියල ආදේශ කරල අනික්වත් එහෙම්ම වෙනස් කලොත් ඒ තත්වෙ තමා අද ලංකාවෙ දකින්න තියෙන්නෙ
    වෙනසකට තියෙන්නෙ මෙහෙ අය තාම හිටපු මනුස්සයව පලු අරින එක.. ඒ කියන්නෙ ඒ අය විපස්සෙ ඉදං කරපු දේවල් තාම අත්තරින්න බැරි වෙලා තියෙනව විතරක් නෙවී අර යකා කරපු දේවල් ඊට වඩා එපා විදියට කරනව
    හරි කුජීතයි නේ රයිගං අය්ය

    • අපේ නම් නම් පත් කර ගත්තු මිනිසුන්ම අරයව පැන්නුවා මල්ලි. එයත් ඔයාලගේ දැන් එක්කෙනා වගේ ගෑල්ලමයින් ගේ “බ්‍රා” ගැන කතා කරපු කෙනෙක්. පෙනෙනවානේ රටවල් වෙනස් වුණත් පුල්ලි මාරු නොවන වග.

      හැබැයි ඔය තත්වය නම් කුජීතයි කියන්නේ, කුජිතම කුජීතයි වගේ තමා දුරින් බලන විටත් හිතෙන්නේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s