ඊයේ සටහනේ ලියුව පරිදි අද නිවාඩු දිනයක්. ඕස්ට්‍රේලියානු දිනය වෙනුවෙන්. මොන දිනයට හෝ නිවාඩුවක් ලැබෙනවා නම් හොඳ දෙයක් නේ. හැබැයි මා ඊයේ නිවාඩු දැම්මේ නැහැ.
අද දවල් ඕස්ට්‍රේලියා දිනය වෙනුවෙන් පිළියෙළ කරපු දවල් කෑමකට අපට කතා කෙරුවේ අප හොඳට දන්නා සුදු පවුලක්. ඔවුන් අපට යාළුවන්ට වඩා, නෑදෑයන් කියන්න හැකියි. මා කලින් ලියා ඇති පරිදි පුතාගේ පන්තියේ සිටින දරුවෙකුගේ දෙමාපියන් නිසා හඳුනා ගන්න ලැබුන මේ යුවල අපට කර තියන උපකාර අපමණයි.
අපත් ඔවුනට සලකන්නේ අපේම අය වගේ. මේ කෑමට අපට අමතරව එන්න කියල තිබුනේ, ඔවුනගේ දීර්ග කාලීන මිතුරන් කිහිප දෙනෙකුට. යුවල ගැන කියනවා නම්, මහත්තයා පරම්පරා ඔසී, මැතිනියගේ දෙමාපියන් ස්කොට්ලන්තයෙන් සංක්‍රමණය වුන දෙන්නෙක්.
එතැනට ඇවිත් හිටියේ දරුවන් ඉන්න යුවලවල් කිහිප දෙනෙක්. ඔවුනතර මෙහෙම හැදුන ඔසී අය වගේම එංගලන්තයෙන් ආපු කෙනෙක්, දකුණු අප්‍රිකාවේ ඉපදුන, ජර්මානු කතක් හා ලංකාවේ හැදී වැඩී සංක්‍රමණය වුන අප සිටියා.
දවල් දොළහේ සිට හොඳටම හවස් වන තුරු අප (කමින්) බොමින් හා සෙල්ලම් කරමින් කතා කළා. මා කැමති ආකාරයේ පිරිසක්. අපේ මාතෘකා අතර ඇමෙරිකානු දේශපාලනය, ඕස්ට්‍රේලියානු දේශපාලනය, ක්‍රීඩාව, සෞඛ්‍යය හා වෙනත් කරුණු තිබුණා.
අප අර බොහෝ විට මුහුණ දෙනවා වගේ, පහත් කිරීම් තොරව කවුරුත් කියන දෙයට අනික් අය ඇහුම් කන් දුන්න. එක වේලාවකදී හිටිය කාන්තාවක් ඇහුවේ මගේ විෂය දේශපාලනයද කියා. හැබැයි එය මාව පහත් කරන්න කියුව දෙයක් නොවේ.
මෙතැනදී මා කියන්න ඕනේ මේ සමාජයේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ගේ නියැදියක් නම් නොවන වග. මොවුන් සියල්ල උසස් අධ්‍යාපනය කරපු, රටරටවල් වල ඇවිදපු, විවිධ පවුල් පසුබිම් ඇති අයයි. ලංකාවේ නිවාඩුවක් ගත කරන ගමන් කොළඹ හා ගාල්ලේ ක්‍රිකට් මැච් බලපු යුවලකුත් ඒ අතර සිටියා.
කොහොම වුනත් ඇත්තටම සොඳුරු දිනයක්. ලියන්නට අමතක වන්න පෙර හා තව ටිකක් ඕස්ට්‍රේලියානු දිනය සමරන්නට පෙර මෙය ලියා තියන්න හිතුවා.