ගිම්හානයේ දවසක්!


Image (3)

ඊයේ එක්තරා අවස්ථාවකදී පරණ ඇල්බම් එකක් අපේ කතාවකට ඇදී  ආවේ හරිම වෙනස් මාතෘකාවකට. ඒ ඇල්බමය උදේ මේසය උඩ  තියන විට, මා  එහි පිටු නැවත පෙරලුවේ නිකමට.  මේ එයින් තෝරා ගත්තු පින්තූර  දෙකක්.

පළමු එක සරසවි නේවාසිකාගාරයේ බැල්කනියේ සිට ශීත  සෘතුවේ ගත්තු එකක්. මිනිස් පුළුටු දෙකක් තියනවා. මා හිතන්නේ වින්ටර් නිවාඩුව.

පහලින් තියන දෙවෙනි එකත් අර බැල්කනියෙන්ම තමා. හැබැයි සරත් සමය වගේ. එයත් නිවාඩු කාලයක ගත්තු එකක් වග පාලු ගතියෙන්ම තේරෙනවා.

වර්තමාන මේ නිවාඩු කාලය මා ගත කෙරුවේ ලෝකයේ තියන ප්‍රියතම තැන. එයටත් හේතුවක් තිබුණා. ඒ නිසාම ලෝකල් පත්තර කඩේටත් පොඩි වාසියක් වුණා.

Image (4)

අර ඇල්බමය පෙරලන විට මට කණගාටුවක් දැනුණේ  වෙන කිසිවක් නිසා නොවේ. එහි පින්තුර වල ඉන්න දෙන්නෙක් අද ජිවතුන් අතර නැහැ.

ඒ හැර, අතීතයේ පිටු පෙරලන විට මට කණගාටුවක් හෝ නස්ටැල්ජියාවක් ඇති නොවන්නේ වර්තමානයේ තියන හොඳකම නිසා. එනම්, මට අතීතයේ කිසිම දිනක් අද තරම් හොඳ නැහැ. මේ කියන්නේ හැම අතින්ම.

නමුත් අර දෙන්න අද මෙලොව නැතිවීම කියන්නේ, අපේ ජිවිතයේ පවතින අස්ථිර බවයි. ඒ ගැනත් තැවීමෙන් පලක් තියනවද? මා නම් හිතන්නේ එය කියන්නේ එහි අනෙක් දෙයයි. එනම්, අප මේ ජිවත් වන මොහොත පුළුවන් තරම් හොඳින් වින්දනය කළ  යුතු බවයි.

එහෙම වින්දනය කරන්න නම්, අයිති කර ගන්න බැරි වුන දේවල් ගැන තැවීම නොවේ කළ  යුත්තේ. මොන ක්‍රමයකින් හෝ අදට අයිති වී තියන දේවල් ගැන මෙනෙහි කිරීමෙන්.

 

Advertisements

20 Comments

Filed under Opinion

20 responses to “ගිම්හානයේ දවසක්!

  1. Pingback: ගිම්හානයේ දවසක්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. pra jay

    the present is the best for you compared to the past?
    you are such a lucky man raigam.

    wish you a happy new year and may the future be better than the present.

    • //the present is the best for you compared to the past?// No Pra,the present is great in absolute terms.

      Wish you a happy, healthy and prosperous New Year ahead! 🙂

  3. මචන් මේ කොහෙද? පිතිගොර්ස්ක් ද? මම ක්‍රිස්ට්මස් නිවාඩු ගිහින් ආවේ ඊයේ. උඹ ලියල තියෙන ගොඩ දැක්කම වෙනම තෑග්ගක් දෙන්න හිතුන. කියවන්න් වෙලාවක් දාගන්න වෙනවා වෙනම. පොතක් ගහපන් ඒක ලේසියි අපට. හා හා 🙂

    • අඩෝ, මට හිතුනා ක්‍රිස්මස් නිවාඩු කියා. අපට ක්‍රිස්මස්/ගිම්හාන නිවාඩුව. නියම නිවාඩු කියන්නේ මේවට. වැඩිපුර ලිවුනේ ඒකයි.

      පොත් තියෙන්නේ පෙරලන්නනේ මචෝ! 🙂 🙂

      උඹට, බිරිඳට හා දරුවන්ට ප්‍රීතිමත් හා සැපදායක නව වසරක් පතමි

  4. අතීතයට වඩා වර්තමානය හොඳයි කියල හිතන කෙනෙක් අනික් අයට සාපේක්ෂව වාසනාවන්තයි මම හිතන විදියට. මොකද අතීතය අරේමයි මේමයි කිය කිය ඉදං වර්තමානය නස්පුට් කරගන්න මිනිස්සු අතර ඉස්සරහට යන්නෙ ඒම අය හින්ද

    ජයවේවා

    • මහේෂ් ගේ අවුරුදු සටහනට මා කැමතියි.

      මිනිසුන් එක එක විදිහට ජීවිතය ගැන සිතනවා නේ මහේෂ්. මේ සටහන් වල භාගයක් අඩුයි.

  5. //අර ඇල්බමය පෙරලන විට මට කණගාටුවක් දැනුණේ වෙන කිසිවක් නිසා නොවේ. එහි පින්තුර වල ඉන්න දෙන්නෙක් අද ජිවතුන් අතර නැහැ//

    මට එවැනි ඇල්බම් ගණනාවක් තියනවා. කවදාවත් බලන්නේ නැහැ. ඒ පින්තූරවල සිටින සහෝදර නිලධාරීන්, සෙබළුන් සෑහෙන දෙනෙක්, යුද්ධයේදී දිවි පිදුවා. ඒ අඳුරු මතකය නැවත අවදි කරන්නට මා කැමති නැහැ.

    කෙසේ වෙතත්, සියල්ල සමසිතින් දරාගෙන, ජීවිතය අර්ථවත්ව ඉදිරියට ගෙනයාම නේද වැදගත් වෙන්නේ?

    • ඒ දෙදෙනා විචාරක, අකාලයේ සමුගත්තවුන්.

      ඔබට එවැනි ඇල්බම් තියනවය කියුවහම මා පුදුම වන්නේ නැහැ. මා හිතන්නේ ලංකාවේ මෑතක ඇති කරපු ම්ලේච්ච කැරලි තුනේම (ෆස්ට් හෑන්ඩ්) අත්දැකීම් ඇති අය අද ඉන්නා නම් අතලොස්සයි. ඔබත් එයින් කෙනෙක් නේ.

      //කෙසේ වෙතත්, සියල්ල සමසිතින් දරාගෙන, ජීවිතය අර්ථවත්ව ඉදිරියට ගෙනයාම නේද වැදගත් වෙන්නේ?// ඔව්, එය අගය කරන්න හැකියි.

      මේ කැරලි නිසා ජීවිතය (මිය ගිය පිරිසට කතා කළ නොහැකියිනේ) උඩු යටිකුරු වූ විශාල පිරිසක් ඔබ ඔය කියන පරිදි //ජීවිතය අර්ථවත්ව ඉදිරියට ගෙන// ගොස් තියනවා. තවත් පිරිසකගේ ජිවිත ගොඩ නගා ගන්න බැරි වන පරිදි විනාශ වී ගියා. කොහොම නමුත් අද පවා ලේ ඉල්ලමින් කෑ කෝ ගසන්නේ ඒ පිරිස නම් නොවේ. මේවායින් කිසිම බැට කෑමක් නොලද පිරිස්.

      සමසිතින් නම් ඔවුන්ට දරා ගන්න බැරුව ඇති (ඔබ කියන්නේ වෙනස් තත්වයක් ගැන කියා මා දන්නවා). ඔවුන් යුක්තිය බලාපොරොත්තු වුනත්, මා හිතන්නේ ගොඩක් දෙනා දැන් දන්නවා, මේ ජිවිතකලයේදී (එනම් කිසිදා) එම යුක්තිය ඉටු නොවන වග. ඒ නිසාම ගොඩක් දෙනා ඒ සමාජයෙන්ද ඉවත් වුණා.

      කුඩා සමාජයක අවුරුදු 50ක වගේ කෙටි කාලයක් තුල, එක්තරා විදිහක මිනිසුන් ඉවත්වීමේදී රික්තයක් ඇති වනවා. එය දෙයාකාරයි. කෙටි කාලීනව සමාජයට මෙහෙයක් කරන්න හිටි පිරිස නැතිව යනවා. දිගුකාලීනව සමාජයේ එක්තරා ජාන කොට්ටාශයක් ඉවත් වීම නිසා, එම ලක්ෂණ සහිත මිනිසුන්ගේ හිඟයක් ඇති වෙන්න හැකියාව තියනවා.

  6. /* වර්තමාන මේ නිවාඩු කාලය මා ගත කෙරුවේ ලෝකයේ තියන ප්‍රියතම තැන. */

    කොහෙද බොලේ මේ?

    මං ගිය වසරේ ජනවාරි 5 වෙනිදා “ලෝකයේ සුන්දරම රටක් නැරඹීමට යමි” කියා ෆේස්බුකියේ ලීවාම ගොඩ දෙනෙකු හිතුවේ මං ලංකාවට යනවාය කියලයි.

    මං ගියේ නවසීලන්තයටයි!

    • අයියෝ රසික වැඩිදුර සිතන්න එපා. ගෙදර හිටියේ. ඒකනේ ලෝකල් පත්තර කඩේට වාසි වුණේ.

      ලෝකයේ සුන්දර ස්ථාන බොහොමයි. ඒත්, ගෙදරින් පිට ගිය විට තේරෙනවනේ, ගෙදර තරම් තමන්ට පහසු තැනක් තවත් නැතිය කියා. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s