අතුරු කතාවක්! Just take me to the other side!


අධ්‍යාපනය කියන්නේ සංවේදී මාතෘකාවක් වග මා දන්නවා. මාත් ඉතිං පොල් ගෑව නම් තමා. ඒ අතරේ වැහි දවස් වලට සමහර ආයතන වලට ගොඩ වුණා. මේ සටහන් වලින් කෙරෙන්නේ සංසන්දයනක් නොවේ. ඒවා කියන්නේ, ලෝකේ කොහේ හිටියත් නිරපේක්ෂ ලෙස සිතන්නට හැකි කාරණා.

මා කුඩා කාලයේ මත්පැන් බීම නිසා වණ වුන චරිත වටා පිටාවේ සුපුරුදු දර්ශනයක්. කුණුහරුප කියමින්, සරම් උස්ස ගනිමින් විතරක් නොවේ, යන්තම් කට ගාගෙන හූ කියමින් ගම වටේ ගියා ආතා කෙනෙකුත් හිටියා.

නිකම් වෙලාවට ඉතාම හොඳ මනුෂ්‍යයෙක් වන ඒ ආතාගේ, බීගත් විට ප්‍රියතම කාර්යය හූ කියමින් ගම වටේ සැරි සැරීමයි. ඉඳහිට සරම් උස්සගෙන යන කතා ද අසන්නට ලැබුණා.

තවත් අය පඩි දිනයේ, අනෙක් දවස් සියල්ලටම සරිලන්න බීලා, පඩියත් නැතිකරගෙන, තවත් දේවල් ද නැතිකර ගත්තු වගත් පෙනෙන්නට තිබුණා.

අපේ තාත්තා වෙරි වී ඉන්නවා දැක්කා යයි මගේ මතකයේ නැහැ. හැබැයි ගෙදර අවුරුද්දකට වතාවක් බොන්න නම් දුන්නා. ඒ අනික් අයට. එනම් වෘත්තීය සගයන්ට. එදාටත් අපේ මෙට්ට තෙත් කර ගිය අවස්ථා තිබුණා.

මාත් ඔය පියනට පොඩ්ඩක් වක් කර රහ බැලුවේ අන්න ඒ වගේ අවස්ථාවක කියා මතකයි. මත්පැන් හා මිනිසාගේ සම්බන්ධය ඉතා ඈත අතීතයට යනවා. කැනීම් වලින් සොයාගෙන තියන කරනු වලට අනුව මෙය අපේ කෘෂිකර්ම දිවියටත් එහාට යන සඹදතාවයක්.

මෙවැනි දේවල් අප පරිභෝජනය කරන්නේ ඇයි කියන එක සරල දෙයක්. හැබැයි පටන් ගත්ත විට මිදෙන්න නොහැකි ඇයි කියන එක සංකීර්ණ ප්‍රශ්නයක්. එතැනත් එකිනෙකාගේ ප්‍රවේශ වෙනස් වන්නේ ඇයි කියන එක, අදත් සොයා බැලෙන තරමක් අමාරු ප්‍රශ්නයක්.

අපේ දරුවන්ගේ ප්‍රාථමික පාසැලේ හවසට තිබුණ ඉවෙන්ට් වලදී බියර් හා වයින් ස්ටෝල් එකත් ජනප්‍රියම අංගයක්. දැන් කෙනෙක් තර්ක කරාවි දරුවන් ඉස්සරහ, එයාලගෙම පාසලේ මේ වගේ දේවල් බීම අන්තිම නරක දෙයක්ය කියා.

අර ඇනයා සඳහන් කරපු //යහපත් අධ්‍යාපනය// කියන දේ එකිනෙකා තේරුම් ගන්න ආකාරය අනුව වෙනස්. මගේ සටහන් ලියැවෙන්නේ මා ජීවිතය තේරුම් ගන්න විදිහ අනුවයි. මේවා ඔබට ගලපා ගැනීම හෝ නොගැනීම, අනෙක් හැම දෙයම වගේ ඔබටම බාරයි.

මේ සටහන් වල කලින් දමල තියන ජේසන් ඩුරුලෝ ගේ මේ ගීතය පදවැල් සමගින් නැවත අසමු! 🙂

In the beginning
I never thought it would be you
When we were chilling
Smiling in the photo booth
But we got closer (yeah)
Soon you were eating off my spoon
You’re coming over
And we would talk all afternoon

Tonight we’ll just get drunk
Disturb the peace
Find your hands all over me
And then you bite your lip
Whisper and say, “We’re going all the way.”

Tonight
Take me to the other side
Sparks fly like the Fourth of July
Just take me to the other side
I see that sexy look in your eyes
And I know we ain’t friends anymore
If we walk down this road
We’ll be lovers for sure
So tonight kiss me like it’s do or die
And take me to the other side

This could be perfect (yeah)
But we won’t know unless we try (try)
I know you’re nervous
So just sit back and let me drive

Tonight we’ll just get drunk
Disturb the peace
Find your hands all over me
And then you bite your lip
Whisper and say, “We’re going all the way.”

Tonight
Take me to the other side
Sparks fly like the Fourth of July
Just take me to the other side
I see that sexy look in your eyes
And I know we ain’t friends anymore
If we walk down this road
We’ll be lovers for sure
So tonight kiss me like it’s do or die
And take me to the other side

(Whoa)

Kiss me like it’s do or die
And take me to the other side

Tonight we’ll just get drunk
Disturb the peace
Let your love crash into me
And then you bite your lip
Whisper and say, “We’re going all the way.”

Tonight
Take me to the other side
Sparks fly like the Fourth of July (yes, we do, yeah)
Just take me to the other side (take me, baby)
I see that sexy look in your eyes
And I know we ain’t friends anymore (oh, no)
If we walk down this road
We’ll be lovers for sure
So tonight (so tonight) kiss me like it’s do or die (kiss me, kiss me)
And take me to the other side

(Whoa)
Take me to the other side
(Whoa)
And take me to the other side
(Whoa)
Kiss me like it’s do or die
(Whoa)
And take me to the other side
(Jason Derulo)

14 Comments

Filed under Education, Health, Lifestyle, Opinion

14 responses to “අතුරු කතාවක්! Just take me to the other side!

  1. Pingback: අතුරු කතාවක්! Just take me to the other side! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඉස්කෝලවල උත්සවවල මත්පැන් නෑ, අවුරුද්දට පෝයට අරකට මේකට ඔක්කොටම ලිකර් කඩ වහනවා, පන්සල් ලඟ බෑ, ශුද්ධ නගරවල බෑ.
    ඒත්…..ලංකාවෙ මත්පැන් පරිභොජනය සෑහෙන්න ඉහලයි.. so?

  3. අර ඇනයා කියපු // අප ලබපු යහපත් අධ්‍යාපනය// කියන්නේ මොකක්ද කියා අපට තේරෙන හැටි බලපානවා ප්‍රා. අන්තිමට මේවත් අපේ පෞද්ගලික තේරීම්.

    ඕවා අමතක කර, ජර්කි ගැන වත් මතක් කර ගම්මු!

  4. namak na

    sinduva lassanayi . я не понимаю счтно тхи хочишь сказат

  5. Yes, it’s a beautiful and provocative song! 🙂
    кто ты? это не очень важно, (если ты понимаешь меня)!
    “сегодня ночью, Давайте выпьем!

  6. niroucsc

    මම මෙල්බන් ඉගෙන ගත් විශ්ව විද්‍යාලයේ ඇතුලේ ‘බාර්’ එකක් තියෙනවා. බ්‍රහස්පතින්දා ‘බාර් නයිට්’ එක. එදාට මත්පැන් ගණන් අඩුයි හරි පාන්දර වෙනකම් ඇරලා හරි මොකක් හරි එකක්. ඒ නිසා හැම බ්‍රහස්පතින්දා ටම ඔතන ක්ලබ් එක වගේ රෑ එක දෙක වෙනකම් පාටි.
    මම රෑ වෙනකම් කැම්පස් එකේ වැඩ කරලා ගෙදර යන්නේ ඔය බාර් එක ඉස්සරහින් ඇවිදගෙන. ඕක මම අවුරුදු ගානක් කරා. වැටෙන්න බීපු ළමයි ඇති තරම් දැක්කා. හැබැයි මට වචනෙකින්වත් කරදරයක් උනේ නෑ.

  7. හයියෝ නිරෝෂි //ඔය බාර් එක ඉස්සරහින් ඇවිදගෙන// ගිහිල්ල වැඩක් තියනවද? ඇතුලට ගියේ නැත්ද එක දිනක් වත්? (මා නම් තවමත් ගොඩක් වෙලාවට කන්න යන්නේ කැම්පස් එකක බාර් එකකට තමා- විහිළු).

    ඔබ දන්නවනේ මා නම් ඕවට ගොඩ වැදී තියන්නේ වැසි දිනවල. ඒක නොවේ මා කියන්න හදන්නේ මොකක්ද කියා උඩින් ප්‍රශ්නයකුත් අහල තියන නිසා ඔබගේ කොමෙන්ටුවට කෙලින්ම අදාල නොවන මේ ටික එකතු කරන්නම්.

    අර ඇණය කියුව ලංකාවට යහපත් අධ්‍යාපනයක් දෙන්න කියා දරුවන් යවපු කතාව නිසාත්, තවත් රහසේ ලැබුණ ප්‍රතිචාරයක් නිසාත් මෙය ලියුවේ.

    මේකෙන් කියන්නේ “යහපත්” කියන දේ සබ්ජෙක්ටිව් දෙයක්. කෙනෙකුට යහපත් දේ තව කෙනෙකුට අයහපත් කියන එකයි.

    දැන් අර ලංකාවට දරුවන් යවා තියෙන්නේ මෙහෙ පාසල් හොඳ නැති නිසානේ. ඔය පාසලේ තියන පොඩි ඉවෙන්ට් වලදී බියර් එකක් විකිනිමත්, ඒවා පාසලේම බිමත් කෙනෙකුට අයපත් දෙයක් ලෙස පෙනෙන්න පුළුවන්.

    හැබැයි පුළුල් චිත්‍රය දිහා බැලුවහම, එතැනදී කිසිවෙකු බිලා වෙරි වෙනවා මා දැක නැහැ. කට්ටිය එක බියර් බෝතලයක් හෝ වයින් විදුරු දෙකක් බිලා කතා කර ගෙවල් වලට යනවා. පුටු පොලවේ ගසා කෝලාහල කර ගැනීම් නැහැ. දරුවන් හොරෙන් බීම් නැහැ.

    මේවාගේ සරල විනෝදයන් ඉතා නරක දේවල් ලෙස හංවඩු ගසා තියන යහපත් පරිසර වල, දරුවන් අපයෝජනය, වැරදි සංසන්දනයන්, කටපාඩම් ක්‍රමයන් ආදී මා දකින, ඇත්තම අහයපත් කරුණු අර දෙමාපියන්ට වැඩකුත් නැහැ, ඒවා පේන්නෙත් නැහැ.

    අන්න එතැනදී ඔබට පෙනෙනවා ඇති මේ යහපත් හා අපත් කියන දේවල් කොතරම් දුරට අප ලෝකය දකින හැටි මත රඳා පවතිනවද කියා.

    අනික මේ ගොං අයියල කරන්නේ ඇත්තටම ළමා අපයෝජනයක් නේද? දැන් අර දරුවන් කවද හරි මේ සමාජයට ගෙන්න ගත්තහම ඔවුනට ජිවත් වීම අසීරු වන වග මෙයාලට තේරෙන්නේ නැත්තේ ඇයි. මේ වගේ අයියල ඇත්තටම සංක්‍රමණය වුයේ මොකද?

  8. මේ මම නේ . ඔය මගේ වර්ඩ්ප්‍රෙස් ලොග් ඉන් එක.

  9. අඩෝ අන්න එහෙම වරෙන්. මන් බැලුවේ මේ නමක් නැහැ කියමින් රුසියානු භාෂාවෙන් ලියන්නේ කවුද කියා?

    මේ සටහන මචෝ කලින් සටහනට ලැබුන එක විවේචනයකට උත්තරයක්.
    බොන කතා අධ්‍යාපන කතාවක් අස්සට දැමුවේ ඇයි කියා කෙනෙකු ඇහුවා. මේ මගේ පිළිතුර.

    සමහර දේවල් තේරෙන්නේ නැති නම් ගණන් ගන්න එපා බං. මේක කොහොමත් බංකොලොත් බ්ලොග් එකක්නේ! 🙂

  10. //අර ඇනයා සඳහන් කරපු //යහපත් අධ්‍යාපනය// කියන දේ එකිනෙකා තේරුම් ගන්න ආකාරය අනුව වෙනස්. මගේ සටහන් ලියැවෙන්නේ මා ජීවිතය තේරුම් ගන්න විදිහ අනුවයි. මේවා ඔබට ගලපා ගැනීම හෝ නොගැනීම, අනෙක් හැම දෙයම වගේ ඔබටම බාරයි.///

    මේ කොටස මගේ බ්ලොග් ලිපි වලට යටිනුත් ලියන්න ඕනේ.

  11. හි, හි, ඔන්න ඕක තමයි ඔමා කියන්නේ බංකොලොත් බ්ලොග් වලත් මොන මොනවා හරි තියනවා කියා. 🙂

    අඩුම ගානේ වේලි වේලි හිටිය ඔමාට ලියන්න අදහසක් වත් මේවා කියෙව්වම එන එක ලොකු දෙයක් නේ?

    මේ සටහන් තේරුම් ගැනීම හෝ නොගැනීම විතරක් නොවේ, ඒ ගැන ලියන්නත් අවසර තියනවා. ලියන්න බැරි නම් තරු වලින් ලකුණු කරන්න ඉඩ ප්‍රස්තා තියනවා. ඔබට ලියන්න අදහස් පහල කරපු, ඔබ මෙයට කලින් කලින් කොමෙන්ටුව දමපු පරණ සටහන, කෙනෙකු very poor කියා සලකුණු කර තිබුණා. මොකද ඒ කෙනා සිතන අයුරු මාර වෙනස් නිසා.

    ඉතිං සමහරෙක් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී, දරුවන් ලබන පාසල් අධ්‍යාපනය හොඳ මදි කියා, තමන්ගෙන් දරුවන් වෙන් කර, ලංකාවේ පාසලකට යැවුවට ලොකු පුදුමයක් නැහැ (එවැනි දෙමාපියන්ගෙන් දරුවන් වෙන් කර හැදීම නම් ටිකක් විතර හොඳ දෙයක් වග මතක් කරන්නම්).

    මගේ පරණ ලියවිල්ල කියවීමෙන් ලියන්න සිතුන, ඔබගේ අලුත් සටහන හරිම හොඳ එකක්. ජීවත් වීමට ඉගෙනීම විතරක් නොවේ, වැඩ කිරීමට ඉගෙනීමත් පාසැල් අධ්‍යාපනයේ කොටසක් විය යුතුයි.

    එතැනදී ඔමා පාසල් අධ්‍යාපනය කියන්නේ අහසින් පාත් වන දෙයක් නොවේ. දෙමාපියනුත්, පාසැල් අධ්‍යාපනයේ කොටස් කාරයන්.

  12. ඔව් ඔබේ ඒ සටහන කියවලා මට යමක් ලියන්න හිතෙද්දි තව කෙනෙක්ට ඒක ගතයුත්තක් නැති ලියවිල්ලක් වුනා. ඇත්තටම මිනිස්සු අතර ඒ අරුම පුදුම වෙනස්කම නොතිබෙන්න අපිට ජීවිත බෝරින් වෙයි.
    අනික ඇයි මේ බoකොලොත් බ්ලොගයක් කියන්නේ. ?. මට නම් ලියන්න ඉගෙනගන්න අදහස් ගන්න තියෙන සැබෑ ලියවිලි තියෙන්නේ මේ වගේ තැන් වල.

  13. //ඇත්තටම මිනිස්සු අතර ඒ අරුම පුදුම වෙනස්කම නොතිබෙන්න අපිට ජීවිත බෝරින් වෙයි.// ඔව් ඔමා ඒ කතාව ඇත්ත. හැබැයි බොරින් නොවීම හැමවිටම හොඳ දෙයක් නොවේ. එවැනි වෙනස්කම් තියන මිනිසුන් නිසාම තමා සමහර සමාජ වල වසන්නට බැරි. එවැනි අරුම වෙනස්කම් තියන මිනිසුන් නිසා ම තමා අපේ පෘථිවියේ පැවැත්මට ත් තර්ජන ඇති වී තියෙන්නේ.

    දැන් මේ ලිවිම්ද එක වගේ අදහස් තියන අයම කියවීම බෝරින් කියනවනේ. මා නම් ලියන්නේ ඔබ වැනි කෙනෙක් කියවාවි යන සිතිවිල්ලෙන්. අප දෙදෙනා සිතන්නේ එක වගේද? නැහැනේ. හැබැයි ඒ වෙනස්කම් අතර මා බලාපොරොත්තු වන සමානකම් ද තියන නිසා තමා, මා මේ වගේ පිළිතුරු ලියන්නට වත් වෙහෙසෙන්නේ.

    දැන් ඔබට සිතිවිලි පහල කරපු අර සටහන “වෙරි පුවර්” කියුව කෙනා (ඒ සිතිවිලි එයාට වචන වලට පෙරලන්න හැකියාවක් තිබුනා නම්) සමග මට මාර එන්ටර්ටේන්මන් වාදයකට පැටලී, අවට ඉන්න සියලු දෙනාට විනෝදය සපයන්න තිබුණා. හැබැයි ඔමා ඔබ සිතනවද එයින් වැඩක් තියනවා කියා? සරල වින්දනයට එයිට වඩා හොඳ මං සොයා යන්න හැකියි.

    සමහරුන් මේ බ්ලොගය එහෙම හඳුන්වා දුන්නත්, මා නම් ඔය බංකොලොත් කියන්නේ විහිළුවට. අවුරුදු හතරහමාරක් ලියුවේ නිකම් නොවේනේ. 🙂

  14. //සරල වින්දනයට එයිට වඩා හොඳ මං සොයා යන්න හැකියි.///

    ඔව් !!!

Leave a reply to raigam

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.