දවසක් දා සැන්දෑවක! Don’t believe me just watch!


IMG_20160109_093915362සතියකට දින කීයක් තියනවද කියල ඊළඟ ඉන්ස්ටෝල්මන්ට් එක එනකම් මග බලා ඉන්න ප්‍රා සිතනවා වෙන්න පුළුවන්. මගේ කලින් පෝස්ට් එකට කලින් එකේ දෙවන කොටස ලිවීම ප්‍රශ්නයක් වුණේ හේතු කිහිපයක් නිසා.

එම සටහන ඇත්තටම අධ්‍යාපනය ගැන නොවේ. සමාජයේ ඉන්න අප ගොඩක් දෙනෙක් මුහුණ දෙන වෙන කරුණක් ගැනයි ලියන්න ගත්තේ. අන්න ඒ නිසයි ඔමාට //ඔබගේ අලුත්ම පෝස්ට් එක කියෝලා ඉවරවුණාම කියෙවුවා කියලා කිසි හැගීමක් නාපු නිසා// කියන සිතිවිල්ල එන්න ඇත්තේ. හැබැයි ඉතිං මා ලියන්න යන දෙයත් අධ්‍යාපනයේම කොටසක් තමා.

හැබැයි ඒ සටහනේ පෙරවදන යයි නම් කරන්න හැකි මෙන්න මේ සටහන සොයා කියවපු //වේලි වේලි හිටපු// ඔමාට //පෝස්ට් එකක් ලියාගන්න පුලුවන්// වෙන්න මග පෙන්වීම අපූරු දෙයක් යයි මා කියන්නේ හේතු ඇතිව. හැබැයි දැන් අර සටහනේ දෙවෙනි කොටස ලිවීම අසීරු කාරියක්.

IMG_20160114_082715047

එයට එක හේතුවක්, ඇණය ලියපු ප්‍රතිචාරයේ කියන කතාව. එය අර ඔමා යලිත් කියවන්නට ගිය සටහනේ තරු වලින්ද සටහන් වී තියනවා.

අධ්‍යාපනය කියන්නේ මගේ කැටගොරි වලින් උඩටම එන එකක්. එම සටහන් ලියැවී ඇත්තේ මගේ අත්දැකීම්, මා කියවන සමහර අධ්‍යාපනඥයන්ගේ නූතන පර්යේෂණ හා ගලපා ගැනීමෙන්. මා ලබපු අධ්‍යාපනය, මා විවේචනය හෝ ප්‍රසංසා කරන්නේ යම් හේතුන් නිසයි. මා හැම තිස්සෙම ලියන පරිදි, විධිමත් අධ්‍යාපනය මා ලබපු රටවල් තුනේ තිබුනේ ක්‍රම තුනක්. ඒ එකක්වත් අන්තිම නරක නම්, අද මා බ්ලොග් ලියන්නේ නැහැ. ඒ නිසා ඒවා විවේචනය කරන විට පවා, මා යම් සීමාවකට යටත්ව එය කරනවා.

නූතන අධ්‍යාපනය දේ අනෙක් හැම දේවල් වගේම සීග්‍රයෙන් වෙනස් වෙන (නැති වුනත් වෙන්න අවශ්‍ය) දෙයක්. ඒ කියන්නේ වෙනස් වීමට ගත වන කාලය අඩුවී තියනවා. මෙය ප්‍රායෝගික තත්ත්වයන් යටතේදී හැම තැනම එක විලසම සිදුවන්නේ නැහැ. ඒ අනුවම තමා රටක සංවර්ධනය නැත්නම් මිනිසුන්ගේ ජිවන තත්ත්වය කියන දෙයත් බොහෝ දුරට රඳා පවතින්නේ.

පෙළ පොත් කටපාඩම් කිරීම් වෙනුවට, වෙනස් වූ තත්වයන්ට වඩාත් අනුගත වන මිනිසෙකු බිහි කිරීමට උදවු වීම මේ කුමන අධ්‍යපනයක හෝ එක ප්‍රධාන අරමුණක් විය යුත්තේ. මා මේ අනුගත වීම් කියන්නේ වැල යන පැත්තට මැස්ස ගැහීම් නොවේ, අලුත් පැති වලට මැස්සවල් ගහන එක. එවැනි නිර්මාණශීලි කෙනෙකු බිහි කිරීම නැත්නම්, ස්වභාවයෙන්ම තියන නිර්මාණශිලිත්වය පුබුදු කිරීම පාසල් අධ්‍යාපනයේද කොටසක්.

IMG_20160104_173108360

හැබැයි එක දෙයක් මා කියන්න කැමතියි. ඒ මොකක්ද දන්නවද? අප කවුරුත් ගොඩක් වෙලාවට වෙනස්කම් බලාපොරොත්තු වෙනවනේ, පෞද්ගලික ජිවිතයේ මෙන්ම මහා සමාජයේත්. ඇත්තටම මේ වෙනස්කම් අප බලාපොරොත්තු වන දේවල්ද? නැත්නම් අපේ සහජයෙන් තියන විවේචනය කිරීමෙන් ලබන තෘප්තිය ලබා ගැනීමක් විතරද?

ලංකාවේ සුවිශේෂී තත්ත්ව නිසා පරිණාමය වී පැලපදියම් වී තියන කට පාඩම් අධ්‍යාපනය, අධික තරඟය, අනවරත ටියුෂන්, එකිනෙකා සංසන්දනය, විභාග පමණක් ඉලක්ක කිරීම, ජිවත් වන්න ඉගෙන නොගැනීම වගේ දේවල් විවේචනය කරන අයියල හා අක්කල වෙනත් පරිසර වල එයිට වෙනස් ක්‍රම යටතේ ඉන්න විට, අර පුරුදු ක්‍රමය වෙත යලි ඇදෙන්නේ ඇයි?

මෙය මට නම් විශාල ප්‍රශ්නයක්. මේ විවේචනය කිරීම අප කරන අනික් දේවල් වගේම මෝඩ චූන් විතරක් කියා මේවා දිහා අද උපේක්ෂාවෙන් බලන මට සිතෙනවා. ලංකාවේ ජිවත්වන, වෙනසක් සොයන දෙමාපියනට විශාල විකල්ප නැහැ. හැබැයි, ඇත්තටම ක්‍රමය වෙනස් කිරීමට ප්‍රතිසංස්කරණ ගෙන ආවොත් විරුද්ධ වනු ඇත්තේ කවුරුන්ද කියා,ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ලංකාවට පාසල් යන්න දරුවන් පිටත් කෙරුවා යයි කියන දෙමාපියන් අපට පෙන්වා දෙනවා.

මේ කතාව අධ්‍යාපනයට පමණක් සිමා වන්නේ නැහැ. එය පෞද්ගලික ජිවිතයේ, ජීවන විලාසිතාවේ සියලුම තේරීම් වලටත්, එයින් බාහිර මහා සමාජයේ දේශපාලනය, යහපාලනය, මුල්‍ය කළමනාකරණය වැනි දේවල් වලටත් එකසේ පොදු සරල සත්‍යයක්.

 

IMG_20160122_080647626

පසු වදන
මගේ බ්ලොගය ටික දිනක් යාවත්කාලීන නොවීම කියවන කෙනෙකුට දැනීම කියන්නේ සතුටු දායක දෙයක්. පසුගිය දිනවල නොලීවේ පමණට වඩා “විවේකී” නිසා. අධ්‍යාපනය  විතරක් නොවේ, අපේ විනෝදාංශ ද විවිධාන්ගිකරණය විය යුතුයි.

මේ වසරේ සැබෑ වැඩ කිරීම් අදින් පටන් ගන්නවා. ඒත් ඕස්ට්‍රේලියානු දිනය නිසා හෙට යලිත් නිවාඩු.

පින්තූර මගෙනි.

Advertisements

9 Comments

Filed under Education, Lifestyle, Opinion

9 responses to “දවසක් දා සැන්දෑවක! Don’t believe me just watch!

  1. උදේ නැගිට්ට ගමන් කියවපු පෝස්ට් එක, ඔබ ලින්ක් එකතු කර ඇති කමෙන්ට් එක සහ ඔබේ පිලිතුරත් කියවීමෙන් පසුව එකතු කල කමෙන්ට් එකේ නම ටයිප් කරන්න අමතක වුනා.ඒක ඇනෝනිමස් වැටිලා ඒ ගැන සමාවෙන්න.
    . ඇත්ත්ටම මෙවැනි අත්දැකීම් සමග ලියවෙන ලිපි කියවන්න මා ගොඩක් ප්‍රියකරන්නේ මගේ ඇස් වලින් දකින්න නොලැබෙන සහ එක පාර ඇහුවොත් පුදුම හිතෙන දේවල් නිතර අහන්න ලැබෙන නිසා. ඕස්ට්‍රේලියාවේ ඉන්න මිනිස්සු ළමයින්ව ලoකාවෙ ඉස්කෝලේ යවන එක දැන් මට පුදුම වෙන්න දෙයක් නෑ. මගේ පෝස්ට් එකේම සමහරුන් පීඩනයක් තුල ඉගෙනීම වටින දෙයක් බවත්. අපේ දේ අපිට හොද බවත් කියාතිබුනා. මට සතුටුයි අපිට හිතෙන දැනෙන අතිශය සාමාන්‍ය දේවල් ..හොද නරක විදියට අපි දකින දේවල් වෙනත් අයෙක් තමන්ගේ කැටගරි කිරීම් තුල වෙනස්ම විදියකට හිතනවා ඇති.

    වැල යන පැත්තට මැස්සගැසීම වගේ දෙයක් මාත් ලියුවා බ්ලොග් එකේ. “යහපත් ගොවියෙක්”වෙන්න කියන මාතෘකාව එක්ක. 😀

    පළතුරු ටික හරි ලස්සනයි. ඇස්වහ වදී ඈ.

    • ඔබ විතරක් නොවේ මේවා නැගිට්ට ගමන් කියවන්නේ. 🙂 හයියෝ මොකට සමාව ඉල්ලනවද, ඇනෝ දමන්න හැකි නිසානේ වැටී තියෙන්නේ. ගණන් ගන්න එපා!

      මෙහෙ පාසල් වලට බණින ගොඩක් දෙනා සිටියත්, අපි නම් ආපසු ලංකාවට කවදා හෝ යනවා කියන මිනිසුන් ගොඩක් හිටියත්, මෙහෙම දරුවන් ලංකාවට යවල පාසල් යවන කට්ටිය නම් ඔය කියන තරම් නැහැ. එය අර අදහස් වල එක්තරා අන්තයක් නියෝජනය කරන නිසයි මා මතක් කෙරුවේ ඔමා.

      ඊයෙත් මට කඩේදී අපූරු (නොවන) ලාංකිකයෙක් හමු වුණා. රටේ නැති කටපත්ත ගොඩක් ඇදල, අන්තිමට කියනවා තව අවුරුදු 15 කින් ලංකාවට යනවා කියල. නියම ගොන් පාර්ට්. මට හිනහයි. මා පිළිතුරු දුන්නෙත් නැහැ. බිරිඳ නම් කියන්න තියන දේ කියුවා. යන්නේ හරියටම තව අවුරුදු 15 කින්? හි! හි!!

      //හොද නරක විදියට අපි දකින දේවල් වෙනත් අයෙක් තමන්ගේ කැටගරි කිරීම් තුල වෙනස්ම විදියකට හිතනවා ඇති.// අන්න ඒකනේ ඔමා මේවා ගැන වාද කර වැඩක් නැතිය කියා මා කියන්නේ. මොකද කිසිදා එහෙම තේරුම් කරන්න නොහැකියි.

      ඔය පළතුරු නොවේ එළවලු. ඕනේ තරම් කෙල පෙරන්න. අල්ලපු වත්තේ එවුවා! 😀

  2. ඔමාගේ ලිපියත් දැම්ම නිසා මේකත් දැම්ම අදාල කම නිසා.
    http://nelumyaya.com/?p=5098
    අර නුවර කුමාරිහාමි ගේ බ්ලොගයේ හොඳ සංවාදයක් ගියා .

    • කමක් නැහැ මචෝ, කියන්න වත් දෙයක් නොවේ.
      කවුද බං ඔය නුවර කුමාරිහාමි? ඔය කුමාරිහාමිලා කියන්නේ හරිම ආඩම්බර කට්ටිය නේද? 🙂

  3. Anonymous

    obe lipi nithara kiyawanawa.. ewa kaleenai, tharkanukoolai. aluth adahas.mama pension giya guruwariyak. obe lipi thulin denuwath wenawa. sthuthiy

    • මා පාඨකයන් සොයා යන්නේ නැහැ. ඔබ වැනි පාඨකයන් මා සොයා ඒම තමා මා බලාපොරොත්තු වන්නේ. ඒ කියන්නේ මා ලියන සියල්ලටම හොඳයි කියන අය විතරක් නොවේ. මේ සටහන් තමන් ඉන්න තත්වයන්, පරිසරයන් හා අත්දැකීම් අනුව ගලපා ගෙන ඉදිරියට කල්පනා කරන පිරිස්.

      මගේ දෙමාපියන් ද හිටපු ගුරුවරුන්. ඒ නිසා ලංකා පාසල් ගුරු වුර්තියේ තියන සමහර හොඳ හා නරක මා දන්නවා. මේ බඳවා ගැනීම් වලට දේශපාලන ඇඟිලි ගැහීම් වැඩි වුනාට පස්සේ වූ විනාශය මට වඩා හොඳට, ඔබ දන්නවා ඇති.

      හැම වුර්තියකටම බඳවා ගැනීමේදී සලකන්න ඕනේ (දේශපාලකයන් තෝරා ගැනීමද ඇතුළුව) ප්‍රධාන මූල ධර්මය කෞශල්‍යතන්ත්‍ර වාදය. එනම් වඩාම සුදුස්සාට අදාළ තනතුර දීම.

      එම මූල ධර්මය වෙන කවර වුර්තියකට වඩා වැදගත් වන්නේ ගුරු වුර්තියට. මේක ලංකාවේ පමණක් නොවේ ඕස්ට්‍රේලියාවෙත් තියන ප්‍රශ්නයක්. මෙහෙ නම් ඔය දේශපාලුවන්ගේ ඇඟිලි ගැහීම් නැහැ. හැබැයි ප්‍රශ්න තියනවා. ඒ ගැන මා දැනට ලියන්නේ නැහැ. මොකද කියනවා නම්, මා ලබපු පාසල් අධ්‍යාපනයට වඩා දහස් ගුණයකින් හොඳ එකක් මට දරුවන්ට දෙන්න හැකි වූවා.

      මගේ සටහන් ඔබට ප්‍රයෝජනවත් වග දැන ගැනීමට ලැබීම ඇත්තටම සතුටක්. ඔබල නිසා දිගට ලියන්න උනන්දුවක් ඇතිවනවා කියුවොත් වැරදි නැහැ. ඔබටත් ස්තුතියි! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s