අද දිනය! Don’t be a Daryl!


IMG_20160116_113936729 (2)

ඊයේ සටහනේ ලියුව පරිදි අද නිවාඩු දිනයක්. ඕස්ට්‍රේලියානු දිනය වෙනුවෙන්. මොන දිනයට හෝ නිවාඩුවක් ලැබෙනවා නම් හොඳ දෙයක් නේ. හැබැයි මා ඊයේ නිවාඩු දැම්මේ නැහැ.

අද දවල් ඕස්ට්‍රේලියා දිනය වෙනුවෙන් පිළියෙළ කරපු දවල් කෑමකට අපට කතා කෙරුවේ අප හොඳට දන්නා සුදු පවුලක්. ඔවුන් අපට යාළුවන්ට වඩා, නෑදෑයන් කියන්න හැකියි. මා කලින් ලියා ඇති පරිදි පුතාගේ පන්තියේ සිටින දරුවෙකුගේ දෙමාපියන් නිසා හඳුනා ගන්න ලැබුන මේ යුවල අපට කර තියන උපකාර අපමණයි.

අපත් ඔවුනට සලකන්නේ අපේම අය වගේ. මේ කෑමට අපට අමතරව එන්න කියල තිබුනේ, ඔවුනගේ දීර්ග කාලීන මිතුරන් කිහිප දෙනෙකුට. යුවල ගැන කියනවා නම්, මහත්තයා පරම්පරා ඔසී, මැතිනියගේ දෙමාපියන් ස්කොට්ලන්තයෙන් සංක්‍රමණය වුන දෙන්නෙක්.

එතැනට ඇවිත් හිටියේ දරුවන් ඉන්න යුවලවල් කිහිප දෙනෙක්. ඔවුනතර මෙහෙම හැදුන ඔසී අය වගේම එංගලන්තයෙන් ආපු කෙනෙක්, දකුණු අප්‍රිකාවේ ඉපදුන, ජර්මානු කතක් හා ලංකාවේ හැදී වැඩී සංක්‍රමණය වුන අප සිටියා.

දවල් දොළහේ සිට හොඳටම හවස් වන තුරු අප (කමින්) බොමින් හා සෙල්ලම් කරමින් කතා කළා. මා කැමති ආකාරයේ පිරිසක්. අපේ මාතෘකා අතර ඇමෙරිකානු දේශපාලනය, ඕස්ට්‍රේලියානු දේශපාලනය, ක්‍රීඩාව, සෞඛ්‍යය හා වෙනත් කරුණු තිබුණා.

අප අර බොහෝ විට මුහුණ දෙනවා වගේ, පහත් කිරීම් තොරව කවුරුත් කියන දෙයට අනික් අය ඇහුම් කන් දුන්න. එක වේලාවකදී හිටිය කාන්තාවක් ඇහුවේ මගේ විෂය දේශපාලනයද කියා. හැබැයි එය මාව පහත් කරන්න කියුව දෙයක් නොවේ.

මෙතැනදී මා කියන්න ඕනේ මේ සමාජයේ ඉන්න සාමාන්‍ය මිනිසුන්ගේ නියැදියක් නම් නොවන වග. මොවුන් සියල්ල උසස් අධ්‍යාපනය කරපු, රටරටවල් වල ඇවිදපු, විවිධ පවුල් පසුබිම් ඇති අයයි. ලංකාවේ නිවාඩුවක් ගත කරන ගමන් කොළඹ හා ගාල්ලේ ක්‍රිකට් මැච් බලපු යුවලකුත් ඒ අතර සිටියා.

කොහොම වුනත් ඇත්තටම සොඳුරු දිනයක්. ලියන්නට අමතක වන්න පෙර හා තව ටිකක් ඕස්ට්‍රේලියානු දිනය සමරන්නට පෙර මෙය ලියා තියන්න හිතුවා.

Advertisements

16 Comments

Filed under Anniversary, Opinion

16 responses to “අද දිනය! Don’t be a Daryl!

  1. Pingback: අද දිනය! Don’t be a Daryl! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. අපිත් හැම දේකටම කකා බිබී සතුටු වෙනවා.. නමුත් මම නම් සහභාගි වන බීම වලදි මට කතා කරන්න ලැබෙනවා අඩුයි.. හැමදාම කතා කරන අය ඉන්නවා.. ඉතිං එයාලටම කත ාකරන්න අවස්ථාව දීල පැත්තකට වෙනවා..අනික තමයි විරුදධ මත ඉවසන්න ඒ තරම් නම්‍ය ශීලි නැහැ නෙව අපේ කස්ටිය..

    • //අපිත් හැම දේකටම කකා බිබී සතුටු වෙනවා// එන එහම තමා චතු ඉන්න ඕනේ. ඉපදීම දුකක් තමා. එහෙම කියල මැරෙන්නද? 😀
      ඔය ප්‍රතිපත්තිය ඉතාම සෞඛ්‍ය සම්පන්න එකක්. බිම යනු ශරීර සෞඛ්‍යයට අහිතකර දෙයක්. බීල රණ්ඩු කර ගන්න එක මාරාන්තිකයි. 🙂

  3. ඇණයා Nut Man

    ඔය රටේ කම්කරු දිනය (මැයි 1) සමරනවාද? මම එදිනක යුරෝපයේ නගරයක හිටියා, එදා බියර් වලින් පාරවල් සේදුනා, ඇඳිරි වැටෙන කොට තැනින් තැන කුණු බාල්දි ප්මෙන්ට් වල, බෝතල් කටු පාර පුරා. මේ සැරේ අපිත් ජාතික දිනය සමරන්න හිතාන ඉන්නේ එහෙමයි, මුළු රටේම ජාතිභාග කොඩි ගහනවා, විරුද්ධ මත ඉවසගන්න හැටි කියලා දෙනවා. 🙂

    • මොනාද අනේ ජාතිභාග කොඩි කියන්නේ 😀

      • එහෙම දිනයක් අපට මතකයට එන්නෙත් නැහැ. මෙහෙ කම්කරු ව්‍යාපාරය විසින් විශාල වැඩ කොටසක් වැඩ කරන ජනයා වෙනුවෙන් ලබා ගන්න උදව් වී තියනවා තමා. නමුත් ඔය වගේ බොරු ජෝගි තියෙන්නේ කම්කරුවන්ට ආතක් පාතක් නැති වෙන පරිසර වල නේද?

  4. මොනවගේ කෑමද තිබ්බේ ..ඕස්ට්‍රේලියානු කෑම ගැන දන්නේ නෑ මොකුත්

    -ඔමායා-
    ඇනෝ වැටෙයි ප්‍රොෆයිල් එකෙන් නෙමේ

    • අපිත් දෙයක් අරන් ගියා. තිබුණේ බබකිව්ඩ් සොසේජස් (දෙවර්ගයක්), රොස්ට් කරපු බැටළු මස්, අර්තාපල් සලාදයක්, තක්කාලි, කියුකම්බර සලාදයක්, කොළ (රොකට් කොළ හා තවත් කොළ) සලාදයක්, බටර් ගාපු බනිස්, ඇට වර්ග හා හැම් එකතු කර හදපු සලාදයක්. ඔන්න මට මතක් වෙන ටික.

      බොන්න වතුර, පැණි බිම, බීර හා වයින් වර්ග පමණයි.

  5. පුල් මාවලස් නැද්ද රයිගං අය්ය.
    හැක්..
    කෑව බීව පුල් පන් එකේ හිටිය. ඒ අස්සෙ දේශපාලනේ.. අම්මට උඩු. ලංකාවෙදි නං තත්වය මාරාන්තිකයි..
    හෙහ්..

    • නැතුව මල්ලි, හැමදාම සංසාරේ දුක ගැනම මෙනෙහි කරමින් ඉන්නද? දේශපාලනේ පොඩ්ඩයි. කෑමත් වැඩිපුර කෑවේ නැහැ. 🙂

  6. Anonymous

    sudu minisun gena thibunu gathanugathika adahas owun asuru kala pasu nethi wuna owungen athamek aththatama apata wada hondai. australiyawe adhyapanaya gena liyanna. obe athdekeem beda denna, mata eeye prep ekata athulu wuna punchi munuburek innawa.

    • හැම සමාජයකම ජරා මිනිසුන් ඉන්නවා. නමුත් සමාජයේ බහුතරයක් හැසිරෙන්නේ කොහොමද, මුළු සමාජයම එයින් පිළිබිඹු වෙනවා. මෙඅක් වර්ගවාදී සමාජයක් ලෙස හැඳින් වෙනවා. මා හිතන්නේ වර්ග වාදය කොහෙත් යම් පමණකට තියනවා. වැඩිපුර වර්ගවාදය තියෙන්නේ ආර්ථික වශයෙන් අඩු දියුණු සමාජ වල.

      මා කියුව පිරිස සමාජයේ එක පන්තියකට අයත් පිරිස්. ඔවුන් උපතින්ම IQ ඉහල කට්ටිය කියා අනුමාන කරන්න හැකියි. ඉතාම උග්‍ර වර්ගවාදීන් ගොඩක් වෙලාවට උපතින් ම අඩු IQ ධාරිතාවයක් සහිත කට්ටිය ලෙස බැලූ බැල්මට පෙනෙනවා.

      මේ රටේ මිනිසුන්ගේ තියන හොඳක් තියනවා නම් එයට බලපාන ප්‍රධාන දෙයක් තමා කුඩා කාලයේ සිටම ලැබෙන අධ්‍යාපනය. මෙය යමෙකුට කියුවට තේරුම් කරන්න හරි අමාරුයි. ගොඩක් මිනිසුන් ළඟ තියන එම්පතිය අපට නැත්තේ ඇයි කියා මා කල්පනා කරනවා.

      අපගේ පිරිස් පින් කරනවා කියනවනේ. නමුත් එහිදීත් බලාපොරොත්තු වන්නේ අනෙකාගේ යහපත නොවේ නේ. ගොඩක් වෙලාවට තව කෙනෙක් කපල දමල පින් එකතු කරන්න අපි හපන්නු. මොකද මේ දේවල් කරන්නේ එම්පතියකින් නොවේ. එතැනදී ගොඩක් වෙලාවට අර කියන චේතනාව හරි දුෂ්ට එකක්. ඉතින් පින් කියන දේ ඔය කියන විදිහට කොහොමත් ලැබෙන්නේ නැහැ.

      අපේ පුතාල ලබන අධ්‍යාපනය වෙනස්. එතැනදී අනෙකා ගැනත් බලන්න කියා උගන්වනවා. ඒ තමන්ට පින් රැස් කර ගන්න නොවේ. එය මනුෂ්‍යකම නිසා.

      ඔව් සුදු ශිෂ්ටාචාරය පිහිටුවීමේදී මහා අකටයුතුකම් සිදු වුණා. නමුත් බොහෝ සුද්දන් ඒ අකටයුතුකම් අද පිලි ගන්නවා. මේ කතා කරපු පිරිසේ සේරම ජාතික කොඩිය වෙනස් කළ යුතු බවත්, ඇබෝරිජිනල් උරුමය එයට ඇතුලත් කළ යුතු බවටත්, ඕස්ට්‍රේලියාව රිපබ්ලික් එකක් විය යුතු වගත් කියන කට්ටිය.

      පාසල් පටන් ගත්තු මුණුපුරා ට සුබ පැතුම්. ඔබගේ පුතාට/දුවට මතක් කරන්න (හැකි නම්) දරුවන් පාසලේ මොනවාද කරන්නේ කියා සොයන්න. ගුරුතුමිය හෝ තුමා හමු වන්න. ගෙදරදී උදව්වක් කරන්න හැකි නම් කරන්න. බාහිර ක්‍රියාකාරකම් වලට උනන්දු කරවන්න. ඒ වගේම දරුවන්ට නිදහසේ වැඩෙන්න හරින්න.

      නොකළ යුතු දේ තමා, අපේ වගේ රටවලින් ඇවිත් වෙනත් රැකියා කරමින් ටියුෂන් කරන අය ගාවට දරුවන් යැවීම. ඒ වගේම කුඩා කල පටන් ටියුෂන් යැවීම. පාසලේ කරන්නේ මොනාවද කියා නොබැලීම. ගුරුවරුන් සමග කතා නොකිරීම. දරුවන් අනෙක් දරුවන් සමග සංසන්දනය. පොතට පතට පමණක් යොමු වූ අධ්‍යාපනයක් ලබා දීම.

      හැකි නම්, මෙහි ලියා ඇති පරණ සටහන් කියවන්න. 🙂

      https://www.google.com/inputtools/windows/
      ඔන්න ඕකට ගිහින් එය ඩවුන්ලෝඩ් කර ගත්තොත් ඔය ලියන දේවල් ඔය විදිහටම ලියා සිංහල අකුරු වලින් ගත හැකියි. මා හිතන්නේ ඔබ විශ්‍රාමිකව වෙන්න ඇති ඉන්නවා ඇත්තේ. නිකම් වෙලා තියන විට ඔය කරක් ගහන අතරේ බ්ලොග් එකක් පවා ලියන්න පටන් ගන්න හැකිනේ.

  7. Anonymous

    sthuthiy puthe. oba karana yojanawa agei. eth prashnaya thamai mata echchara computer eka purudu nathikama. mata sinhalen akuru kotanna behe. eth ikmanata igena ganna hithnawa. baba duwage. ohuge igeneema gena owun daranneth apa daranneth obage mathayamai. lankawe tharangayama meheth hada ganna eka pissuwak. mama 34 wasarak advance level sinhala igennuwa. mage lmayinuth rate lamayinuth winda duka dekka . me rata ma agaya karana eka hethuwak mehi adhyapanaya. wishama adahas athi minissu koheth innawa. eka ratakata seema wunu deyak newei. eka thama minis swabhawaya.obage adahaswalata kemathi nisa amaruwen adahasak pala kala.palamuwana comment eka! sthuthiy newathath.

  8. /මා කියුව පිරිස සමාජයේ එක පන්තියකට අයත් පිරිස්. ඔවුන් උපතින්ම IQ ඉහල කට්ටිය කියා අනුමාන කරන්න හැකියි. ඉතාම උග්‍ර වර්ගවාදීන් ගොඩක් වෙලාවට උපතින් ම අඩු IQ ධාරිතාවයක් සහිත කට්ටිය ලෙස බැලූ බැල්මට පෙනෙනවා.// හැම තැනම.

  9. ඔය ඕස්ට්‍රේලියාවේ ඔහොම කරන එක (ඕස්ට්‍රේලියානු දිනය කියල ) හොඳ දෙයක්. මිනිසුන්ව එකතු කරන්න පුළුවන්. එංගලන්තේ එහෙම දෙයක් නැහැ. රැජිනගේ උපන් දිනය ඇරෙන්න. ඒකට මිනිස්සු වැඩිය සපෝර්ට් කරන්නෙත් නැහැ.

    • ඕස්ට්‍රේලියාව තවත් වෙනස් වේවි කියා මේ මිනිසුන් හා කරපු කතා බහෙන් හා මෙහි ජිවත් වීමෙන් පසු ලැබූ අත්දැකීම් අනුව මට කියන්න හැකියි මචං. මේ මිනිසුන්ගේ දරුවන් මෙයිට ඉදිරියෙන් සිටීවි. හැබැයි අර මා කියපු අඩු IQ සහිත කට්ටියත් දිගටම සමාජයේ හිඳිවී. මගේ ජිවිත කාලය ඇතුලත ඇබෝරිජිනල් වරුන් ගේ උරුමය විවස්ථාවෙන් පිළිගනු ඇතැයි මගේ සරල අනුමානයයි. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s