ඔබ මට ළඟ බව ඉඳුරා මම දනිමී!


ලියන්නේ නැත්ද කියල අහන එක අයෙක් හෝ ඉන්නවා කියන්නේ වසර හතරහමාරක් ලියපු එකේ අන්තිම ඵලය විතරක් නොවේ. අයියෝ ඔය මොනවාද ලියන අන්ඩර දෙමල යයි අහන අයත් කියවන්නට නොඒමත් එහිම ප්‍රතිඵලයක්.

අද අපේ තාත්තගේ වාර්ෂික සැමරුම් දානය. එය ලංකාවේ. මා දුරින් දායක වුණේ සීමිතව. මා පෞද්ගලිකව දාන නොදෙන නිසා අපේ ගෙදර නම් කිසි දෙයක් සිදු වුණේ නැහැ.

ලංකාවේ ගෙදරට කතා කරපු විට සියලුම නෑදෑයන් ඇවිත් සිටියා කියන කොට සතුටක් හා කණගාටුවක් එකවර සිතට නැගුනා. කණගාටුව එතැන ඉන්නට නොහැකි වීම ගැන.

සංක්‍රමණික ජිවිතයේ ප්‍රධාන අඩුපාඩුව තමන්ගේ පාත්‍ර වර්ගයාගෙන් වෙන් වීමට සිදුවීම වග මා කලින් ලියා ඇති. හැබැයි ජිවිතයේ මා ගත්තු තීරණ වලින් අවස්ථාවක් ලැබුණත්, අදත් වෙනස් නොකරන තීරණයක් තමා ඉපදුන රටින් සංක්‍රමණය වීමට ගත් තීරණය.

අපේ දරුවන්ද මේ රටේ ඉඳීවිද කියන ප්‍රශ්නය අපට අද තියනවා. සමහරවිට ඔවුනුත් වෙනත් පරිසර සොයා යාවි. මිනිසා දිගටම කෙරුවේ ඕකනේ.

මේ සතිය මටත් තාත්තා කෙනෙකු හැටියට වැදගත් එකක්. ඉස්සර සැහැල්ලුවෙන් සිතපු දේවල් එතරම් සැහැල්ලු නොවන වග දැන් තේරෙනවා. නමුත් සිතේ සතුට ඉන් මැකෙන්නේ නැහැ.

මෙන්න ලෝකයේ සතුටින් ඉන්න මිනිසුන්ගේ චර්යා පහක්!

Advertisements

17 Comments

Filed under Anniversary, Opinion

17 responses to “ඔබ මට ළඟ බව ඉඳුරා මම දනිමී!

  1. Pingback: ඔබ මට ළඟ බව ඉඳුරා මම දනිමී! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. හැබෑටම රයිගං අය්යා
    ලංකාවෙ අය එකම පවුලෙම අය වුණත් එකට එක්කහු වෙන්න ඔය වගේ අවස්ථාවක් එන්ට ඕන. නැත්තං වෙන මක්ක හරි විනම්බෑසියක් වෙන්ට ඕන.
    මගුලක් තුලාවක් මගෑරියත් දානයක් මළගෙදරක් නං එයාල ඇවිත් ඇති.
    පුද්ගලිකව දැකපු දෙයක්..
    හැටි වෙන්න ඇති නෙහ්

    • ඇත්ත මල්ලි. ගිය සතියේ අම්මට කතා කෙරුවහම කියුවේ ඔය වගේ කතාවක් තමා. අපිත් ඔහේ හිටියා නම් ඔය සංගෙදිය ඔහොමම වේවි සමහරවිට. ලෝකේ මොනවා වුවත් සෙනසුරාදා ඉරිදා මන් නම් ගෙදර. ඉස්සර නම්, මේ වගේ වෙලාවට උත්තර ලියන්න බැහැ. අද වෙන කොට ෆුල් හෙල්ති ලයිෆ්ස්ටයිල් නේ! 🙂

  3. දරුවෙකු සම්බන්ධ කරුණක් කියා උපකල්පනය කරනවා. එසේනම් සුබපැතුම්! (විශේෂයෙන්ම තාත්තට)

    • ස්තුතියි ඉකෝ. මේක මටම ලියුව සටහනක් වගේ පෙනෙනවා ඇති. ඔබත් දන්නවනේ, සමහර දේවල් වලින් ලිවිය යුත්තේ මොනවාද, නොලිවිය යුත්තේ මොනවාද කියන ප්‍රශ්නය ලොකු එකක් කියා.

  4. ඔබ තාවකාලිකව දුකකට මුහුණ දෙන සෙයක් පෙනේ.. ඉක්මනින් ෆික්ස් වේවී. මෙහෙම ලියාදාලා මිත්තරයෝ කමෙන්ට් කලාම දුක නිවෙන්න ඉක්මනින් ක්‍රමයක් හොයාගෙන ඔබ ආයෙම සතුටට පත්වේවී. අපි ගන්න සමහර නෙමේ ගොඩක් තීරණ වලදී යම් ආකාර සියුම් දුක්විඳම්ැතිවෙනවා සදාකාලෙටම.මටත් හැම දවසකම මොකක් හරි හෙතුවක් තියෙනවා අනේ මට ගෙදර යන්න ඕනේ කියලා හිතෙන. වීඩීයෝ එක පස්සේ බලනවා දැන් බස් එකේ.හෙඩ්සෙට් නෑ.

    • ඔව් ඔමා පොඩි දුකක් නැතුවා නොවේ. හැබැයි ඒ ලංකාව ගැන නොවේ. වෙන දෙයක් ගැන. ඒ පොඩි දුකට හේතුව එයිට වඩා ගොඩක් සතුටකට කාරණයක් නිසා, තරාදිය අනික් පැත්තට බරයි. 🙂

  5. Anonymous

    සතුටුයි ඔබ ආවට .දරුවකු සම්බන්ධ සතුටු දෙයක් නම් මගෙනුත් සුබ පැතුම් !

    • ඔව් ඇත්තම කියුවොත් දරුවෙකු සම්බන්ද කරුණක් තමා. ඔබටත් ස්තුතියි.
      ඇත්තටම දැන් මේක හැරදමන්න නොහැකියි. මේ බ්ලොගය ඇදගෙන ආවේ, මගේ තියන ලිවීමේ උනන්දුවට වඩා වඩා, එය කියවන යුනීක් යයි කිව හැකි පාඨක පිරිස නිසයි.

      මේ කෙටි සටහන දැමුවේ පෙබරවාරිය පාලුවට නොයවන්නයි.

      අද උදේ උදේ පාරෙන් පැත්තේ කඩේට ගියේ, පාන් ගෙඩියක් ගෙනෙන්න. පොඩි එකා උදේට කන්නේ පාන්. එතැනට යත්දී කඩෙන් එලියට ආවේ, ටොයිලට් පේපර් රෝල් ටිකක් අරන් එන අල්ලපු ගෙදර සුද්ද. වොට්ස් අප්? කියල මගෙන් ඇහුවහම, කිසි විශේෂ (එක්ස්ට්‍රා ඔර්ඩිනරි) දෙයක් නම් නැහැ, ජීවිතය හොඳින් යනවා යයි මා උත්තර දුන්න. මිනිහ කියුව දෙය දන්නවද? උඹට කියන්න, මගේ වර්තමානය තමා හොඳම. මොකද මටත් කිසි විශේෂ දෙයක් හෝ වෙනස් කමක් මේ දිනවල නැහැ. වෙනසක් වෙනවා යයි කියන්නේ, මොකක් හරි කරදරයක්. විශේෂ දෙයක් නැහැ කියන්නේ මට නම් හොඳම කාලය කියන එකයි කියා.

      මන් හිතන්නේ ඒ කතාව මගේ මේ සටහනට හොඳින්ම ගැලපෙනවා. වර්තමානය අමතක කරනවා කියන්නේ, වර්තමානය ගැන තෘප්තිමත් නැහැ කියන එකනේ. ඔබත් ගොඩක් වෙලාවට දකිනවා ඇති, අතීතයට බැන වදිමින් හා අනාගතය ගැන සිහින මවමින් ජිවත් වන කට්ටිය. අතීතය මතක් කිරීම වැදගත් තමා. හැබැයි ඒ අතීතයෙන් උගත් පාඩම් තියනවා නම්. අතීතයේ කරපු දේවල්ම වර්තමානයේ කරමින්, එම අතීතයටම බනිමින් අනාගතය ගැන මවන සිහින මොන වගේද යන්න ඔබට තේරෙනවා ඇතිනේ.

      ඒ වගේම අපට නැතිවුන දේවල් ගැන දුක් වීමට වඩා, ලබා ගත්තු දේවල් ගැන සතුටු වන්න හැකි නම් එයත් හොඳ දෙයක්. මට ලංකාවේ දානයට ඉන්නට නොහැකි වීම කණගාටුවට කරුණක් තමා. හැබැයි ඒ කණගාටුව, සුළු එකක්. මොකද එතැන ඉන්නට බැරිවන්න හේතුව නිසා, මගේ ජීවිතය එතැන සිටියාට වඩා ගොඩක් සතුටු එකක්.

      අමනාප වන්න එපා දිග උත්තරයක් ලියුවට. මේ සටහනේ පසු වදනයි. 🙂

  6. Anonymous

    ඔබට එකගයි .අතීතය ගැන දුක්වීම මගෙත් දුර්වලකමක්. විය යුත්තේ ල ද දෙයින් සතුටුවීම තමයි.මිරිවැඩි සගලක් ඉල්ලා හැඬු වෙමි පා යුග නැති ඔබ දකින තුරා !

  7. ඉන්දුමතී අදිකාරී

    පසුව ලියමි . ඒ ගීතයේ තිබෙන්නේ පරම සත්‍යයක්. දිග පිළිතුරට තුති .

  8. දැන් රයිගම් නම් සංක්‍රමණය වෙලානෙ ඉන්නේ. මේ අපි වගේ රස්සාවට මව්බිමෙන් ඈත්වෙලා ඉන්න උන්ටත් ඔය වගේ ප්‍රශ්ණ එනවා. මට මගෙ අම්මගෙ ආදාහනේ දවසේ යන්න බැරිවුනා. ගියේ දවසක් පහුවෙලා. ආයෙ වෙන මොනවද? ආයෙ හදන්න පුලුවන් වැ‍රැද්දක්ද?

    • ඔව් මචං, සදහටම සංක්‍රමණය වීම හා ඔය තාවකාලිකව රැකියාවකට යනවය කියන දෙකේ ලොකු වෙනසක් තියනවා තමා. මන් කියෙව්වා ඒ උඹගේ කතාව ගොඩාක් ඉස්සර. ඒක නම් වෙන්න නොතිබුන දෙයක්. ඔය රටේ නිලධාරීන්ගේ හා ක්‍රමයේ තියන් ගොන් පාර්ට් නිසා වෙච්ච දෙයක්. ආයේ හදන්නත් බැහැ, යලි එතනට යන්නත් බැහැ.

  9. මගේ පියාගේ දානයට මම මුල්‍ය ආධාරයක් කිරීම පමණයි සිදු කරන්නේ. සහෝදර සහෝදරියන් එකතු වෙලා කරනවා. මේ ලඟදි මම කැමතිම ලොකු අම්මා කෙනෙක් නැති වුණා . යන්න විධිහක් නැහැ. ඒ ගොල්ලෝ තුන්වන දවසෙම අදාහානය කල නිසා. ටිකට් එක ගත්තත් එදා හවස යැවෙන්නේ. ඉතින් මෙහෙ පන්සලකට දානයක් දුන්නා.

    • ඔය වැඩේ මචෝ බොහෝ දෙනෙකුට ඇතිවන ප්‍රශ්නයක් නේ. එය කණගාටුදායක තමා. මම නම් මචං මෙහෙමයි සිතන්නේ. ලංකාවේ දහස් ගණන් ඉන්නවා, තමන්ගේ අම්ම, තාත්ත, අයිය, මල්ලි, දුව, පුතා…..ලට ඇත්තටම මොකද වුණේ කියා ලතැවෙන. මැරුණේ (මැරුවේ) කොහොමද, කොතරම් වධ දුන්නද, මිනියට මොකද කොලේ යනාදී දහසකුත් ප්‍රශ්න ගැන ලතවෙමින් මුළු ජිවිතයම ගෙවන. අප වගේ කට්ටිය, ස්වභාවික මරණයක් හිමි වූ කෙනෙකුගේ අවමගුලට සහභාගී වන්න නොහැකි වීම ගැන දුක් වෙනවා. ඉතිං අර වගේ කට්ටිය සමග සසඳන විට මෙහි ඇත්තටම දුක් වෙන්න දෙයකුත් තියනවද කියල මට හිතෙනවා.

      • මට එහෙමට දුකක් ඇති වුණාම කියල කියන්නත් අමාරුයි. මට වැඩියෙන්ම දැනුනේ පියා ගැන දුක අවුරුදු 18 කලින්. මේ මැරුන නෑදෑයට මම තමා හුඟක් උදව් කලෙත්. ඒ මනුස්සය ආසන මොහෙතෙත් ඒවා සිහි කරලා තිබ්බ. කණගාටුවක් වගේ හැඟීමක් තිබෙනවා යා ගන්න තිබුන නම් කියල. ඔය උඹ කියන අය ගැන නම් මම හුඟක් සංවේදියි. එහෙම උස්සන් ගිහින් නැති වුන පියෙකුගේ දරුවකුට උදව් කරනවා. පුළුවන් විධිහටනේ අපි හැමෝම කරන්න ඕනෙත්.