Помидоры солёные! Build your sled in the summer and your wagon in the winter!


IMG_1863 (2)

අද නම් උදෙන්ම නැටුම් පන්තියට ගියා. උදෙන්ම නටල දවස පටන් ගත්තහම දවස දිගයි වගේම ප්‍රබෝධමත්. හැමදාම නැටුම් වලින් දවස පටන් ගන්න තියනවා නම් ගොඩක් හොඳයි. කොහෙද, නටල විතරක් හරියන්නේ නැහැනේ. තව වැඩ තියනවා. අනික මන් දන්නේ පහතරට නැටුම් විතරයි.

ඇත්තටම මා නම් ඔය බ්ලොග් වල මොලේ කුරුවල් වෙන අපබ්‍රංශ කියවනවට වඩා, කෙනෙක් නටපු හැටි, දවස ගෙවපු හැටි, ගුවනින් ගිය හැටි, තරල සාර විදුරුවක් බිව්ව හැටි ගැන ලියපු දෙයක් කියවන්න කැමතියි. මොලේ කුරුවල් වෙන දේවල් කොහොමත් හැමතැනම කියවනවානේ.

අනික් කරුණ  නම්, ලෝකේ සේරම් බැඳීම් ලිහිල් කරලා ඒකීය පුද්ගලයා නමැති අඳුරේ ඉන්න කළු බළලා ගැන ලියන සමහරුන්, අනුන් දමන ප්‍රතිචාර වලට පවා වට කඩොලු දමනවා. එතකොට පුතේ එයාල කියන බැඳීම්-වැට  කඩොලු  නැති ලෝකය, අඩුම ගානේ බ්ලොග් එකේ වත් නැති කොට, එයින් පිටත කොහොම බලාපොරොත්තු වෙන්නද?

ඒ විතරක් නම් කමක් නැහැ, අනුකාරක-අධිරාජ්‍යවාදී බටහිර බිල්ලා  ගැන කියන දොස්තරලා හා මහාචාර්ය වරුන්ට, තමන්ගේ සෙවනේ හැදුන දරුවන්ට හෝ ඒ පරම සත්‍යය පැහැදිලි කර දෙන්න බැරි කොට, මේ කොහෙවත් ඉන්න අපට කියල දෙන්නේ කොහොමද කියල  මට හිතෙනවා.

අන්න ඒ නිසා මා කලින් කියුව වගේ ඔය කෙනෙක් ලියන වල්පල් ටිකක් කියවන්න වඩාත් කැමතියි. අර කවුද කියන්න වගේ බංකොලොත් බ්ලොග් එකක් වන මගේ එක නම් කියවන්නට එන්නේ, වල්පල් සොයන ටික දෙනෙක්.

පසුගියදා ලියන්නට කම්මැලි නිසා හා වෙන වැඩ නිසා මොකුත් නොලිය ඉන්න විට කෙනෙක් ඉල්ලුව, මොනවත් නැති නම් අඩුම ගානේ උයපු දෙයක් වත් ලියන්නකෝ කියා. පෙනෙනවා නේ, මේක කියවන්නට එන්නේ මං  වගේම වල්පල් වලට ආස කට්ටිය.

IMG_20160228_211711967 (2)

හෙට පෙබරවාරි 29, ඒ කියන්නේ ඔෆීෂියල් ගිම්හානයේ අන්තිම දිනය. ගිය සතිය නම් අසාමාන්‍ය ලෙස රත් වූවා. හැබැයි රත් වීම දැන් අඩු වෙමින් යන්නේ. හවස් වන විට සීතල  දැනෙනවා. ගිම්හානයේ පල හට ගත්තු ගස් වැල් වලින් වාර්ෂික ශාක දැන් අවරට යනවා.

මෙන්න මේක  තමා ප්‍රශ්නය. එක පාරටම ගෙඩි ගොඩක් හැදිලා, ඒවා එකවිටම ඉදීම. වර්ෂය පුරා රස්නය තියන පරිසරයක මේ ප්‍රශ්නය බරපතල  නැහැ. ඒවායේ තියෙන්නේ වෙන ප්‍රශ්න. ඒවා මගේ මාතෘකා වලට අයිතිත් නැහැ.

අප සෝවියට් සංගමයේ ඉගෙන ගන්න කාලේ අපූරු “අච්චාරු” බෝතල් කඩෙත්, අච්ච්ලා විකුණපු  පොළවල් වලත් තිබුණා. ආච්චිලා විකුනපුවා ගෙදර හදාපුව. කඩේ තිබුණ  ඒවත් මහා පරිමාණයේ නිෂ්පාදන වුවත්, රසයේ අඩුවක් තිබුනේ නැහැ.

IMG_20160227_114628795 (2)

ඔය කතාව මට මතක් වුණේ , ගිය සතියේ මා මිදුලේ හැදුන, තක්කාලි වලින් බෑග  3 ක් හදල, වැඩ කරන තැන තුන් දෙනෙකුට ගිහින් දුන්න. එක පාරට ඉදෙන තක්කාලි ගොඩක් ගෙදර තියා ගැනීමෙන් පලක් නැහැ. ඇත්තටම කන්නට බැරි මිරිස් පැත්තක දමල, මා මේ වර තක්කාලි වර්ග කිහිපයක් හිටෙව්වා.

ඒ එක අයෙක් පසුවදා ඒ තත්කාලී ගෙඩියක් දවල්ට මන් ඉන්න තැනම හරිම රසයි කියමින් කෑව. මන් කියුවේ ඕව කල් තියා ගන්න බැහැනේ. ගොඩක් හැදුනට වැඩක් නැතිය කියා. ඇයි  උඹට ඉතාලි ක්‍රමයට සෝස් හදල ප්රිජ් එකට දමා ගන්න හැකිනේ කියල පොර කියුව.

අන්න ඒ වෙලාවේ තමා මා සෝවියට් අච්චාරු මතක් කෙරුවේ. අච්චාරු කියුවට මේ ලුණු-සීනි-විනාකිරි මිශ්‍ර වතුරේ තක්කාලි, බෙල් පේපර්, සුකිනි, බවම්බටු, කැරට්  වැනි එළවලු කල් තබා ගැනීමේ ක්‍රමයක්.

එම තක්කාලි හා අනෙක් එළවලු නිකම්ම කන්න හැකියි. ඒ වගේම ඉවීම් වලට දමන්නත් පුළුවන්. මා අර සුද්දාට කියුවේ එය නොවේ. මේ වතුර සාමාන්‍යයෙන් ඉවත දමනවා. සමහරවිට මේකෙනුත් ප්‍රයෝජන ගන්න හැකියි. ඔය සමහර දින වල උදේට, මේ ඇඹුල් වතුර ටිකක් තනුක කර බීම  ගුණදායකයි.

IMG_20160104_173108360

ඔය කතාව මතක් වීම නිසාත්, අද මා ඇත්තටම ඒ විදිහේ කල්තබා ගැනීමේ තක්කාලි බෝතල දෙක තුනක් හැදුව. ගෙදර වැවෙන තක්කාලි තරම්, කඩේ තක්කාලි රස නැහැ. හැබැයි මේවට වියදම් කරපු ගණන හා සැලකුවොත්, මේ වැඩේ අතින් කයිට්. එහෙම කරලත්, මේවා විසිකර දමන්න බැහැ. හැදීම බලා ඉන්නවා වගේම, හැදුන  විට කාට හරි දීමත් සතුටක් නම්  තමා. නමුත් ටික දිනක් හෝ තබා ගන්නත් හැකි නම් එයත් නරක නැහැ.

පලි

ඉස්සර මතකින් කියන්න පුළුවන් ඒ වට්ටෝරුව, යලි මතක් කර ගන්නට මා ළඟ තිබුන පොත් විතරක් නොවේ, අන්තර්ජාලයත් බැලුව. හැබැයි අන්තිමට මා එය මට අවශ්‍ය විදිහට මොඩිෆයි කෙරුව. එය කාට හරි වුවමනා නම්  ලියන්නම්. 🙂

ඒ සොයන විට හමුවුන ලිපියක් තමා මේ. මාතෘකාවේ තියන //Build your sled in the summer and your wagon in the winter// යන්න එයින් ගත්තු රුසියානු කියමනක්.  ඒ කියන්නේ ඉදිරියට එන කාලයට සුදානම් වන්න ඕනේ අද.

පින්තුර සියල්ල මගෙනි. පින්තුර කතාව යට සිට උඩටයි.

Advertisements

26 Comments

Filed under Agriculture, Food, Opinion

26 responses to “Помидоры солёные! Build your sled in the summer and your wagon in the winter!

  1. Pingback: Помидоры солёные! Build your sled in the summer and your wagon in the winter! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ලංකාවේ තක්කලි ගිනියම්! සමහරුන්ට කෑවාම පලු දානවා. එහේ තක්කාලි එළවළුවක්.

    මෙහේ තක්කාලි සිසිලයි. මිනිසුන් තක්කාලි ජූස් පවා බොනවානේ. ඒ කියන්නේ පලතුරක්.

    • ඇණයා Nut Man

      ලංකාවේ අය තක්කාලි උයලා කන නිසයි ගිනියම් අවුල, දැන් කාලේ පණු බෙහෙත් සහ ක්ලෝරීන් වැඩිපුර දාපු වතුර පයිපෙන් එන කොට පණුවන්ට බය වෙන්න ඕන නැතිවුනත් …

      • ගිනියම් කියන්නේ රසික අසාත්මික තාවයක් නේ? මට කුඩා කළ තක්කාලි, ලොවි, කටු ලොවි කෑවහම ඔය කියන අසාත්මික කම තිබුණ. නමුත් කෑම අතහැරියේ නැහැ.
        දැන් ලංකාවේ කෝපි බිවුවහම බඩ වේලෙනවා කියනවනේ. මේ දෙකේම විද්‍යාත්මක පැත්ත මට එතරම් අවබෝධයක් නැහැ. පලිබෝධකයන් වැඩි පරිසරයකදී, තක්කාලි ගෙඩියේ වෙනත් රසායනයන් නිපදවෙනවද කියා මා දන්නේ නැහැ.
        නියමම පලතුරු තක්කලියක් මා මේ පාර වැවුවා. මදය තද රෝස පැහැතියි. ගෙඩිය අඹ වගේ විශාලයි. රසය අනූනයි. වැඩ කරන තැන ෆන්ඩ් රේසින් සල්පිලෙන් එය මා ගත්තේ. 🙂

  3. Sun-dried tomatoes හදන්නේ නැත්ද?

    • එය දීර්ග කාලින ක්රියාවලියක්නේ. සන් ද්රයිඩ් දෙහි (ලුණු-දෙහි) එක වරක් හැදුව. දැන් ඕවගේ දේවල් කරන්නේ නැහැ රසික. 🙂

  4. අර අපි පොඩිකාලේ තිබුන නිකං ගොරොක් ගෙඩි වාගේ බික් බේරිච්ච තක්කාලි දැං දකින්ඩවත් නැ ලංකාවේ

    • ලක්මාල්, අපේ සුපර්මාර්කට් වල විවිධ තක්කාලි තියනවා. හැබැයි ඒවා වෙළඳ ගුණාංග අනුව තෝරපු ප්‍රබේධ නිසාත්, මහා පරිමානව නිපදවන නිසාත් රසය අඩුයි. ඒ වෙනුවට ගෙවත්තේ වවනවා නම්, ඔබ ඔය කියන ප්‍රබෙදයේ පටන්, කළු තක්කාලි දක්වා පරාසයක ඒවා තෝරා ගන්න හැකියි.

  5. කාලාම නැහැ. බලාගෙන ගියාම ලුණු දෙහි වගේ. ඉස්සෙල්ලා ඉන්ටනැෂනල් කඩේකින් බෝතලයක් හොයාගෙන ට්‍රයි කරලා බලන්න ඕනෑ. (මේ දවස්වල රුසියන් යාලුවෝ කවුරුත් ළඟ පාතක නෑ) අර වතුර තනුක කරලා උදේට බිවුවම හොඳ ඇයි?

    • ලුණු දෙහි වගේ සාන්ද්‍ර නැහැ ඉකෝ. රුසියානු හා බල්ගේරියානු වගේ කඩවල ගන්න තියනවා.
      තනුක වතුර හැන්ග් -ඕවර් කියෝ එකක් විදිහට ගත්තේ. ඒවා බොන්න සුදුසු නැහැ. 🙂

  6. niroucsc

    බේසිල් පැල මැද්දේ එක තක්කාලි ගහක් හැදුවා. ඒක දඩ බඩ ගාලා මල් හැදිලා ගෙඩිත් ආවා. පුංචි ගහේ ගෙඩි ගොඩයි. බරට ගහ කැඩෙයි කියලා මුක්කුත් ගැහුවා. පැලේ ඉන්දන කොට වලට දැම්ම පොට් මික්ස් එකට අමතරව තේ කොළ යි බිත්තර කටු යි විතරයි දැම්මේ…
    කොහෙද පොසම් ඇවිත් ගෙඩි බාගයක්ම කෑවනේ (අපි දැක්කේ නෑ. ගෙඩි පිටින් එක රැයින් කාල තිබ්බ විදියට හිතුව ලොකු සතෙක් කියල) තක්කාලි කාල නතර වෙන්නේ නැතුව අවු මිරිස් පලදාවත් එක රැයින් මිසින් 😦

    • අයියෝ ළඟ හිටිය නම් ඔය දෙකම දෙන්න තිවුන. ඔහොම තමා නිරෝෂි, පෙර කරපු පව් කොහේ ගියත් පස්සෙන් එනවා. දැන් අඩුම ගානේ අර පොසම්ව වත් අල්ල ගම්මු නේද?

  7. “වල්”පල් කියන්නෙ මොනවද

    • ප්‍රා, වල් කියන්නේ මොනවාද කියා දන්නවනේ? වල් වලට “පල්” ලුත් එකතු වුන විට වල්-පල්!

      • niroucsc

        නිකම් ‘පල්’ වලට වඩා ‘වල් පල්’ හොඳද? නරකද? 😉

        • හනේ, අනේ ඔය ගෙදර ආපු ගමන් ලියන එව්වා නේද? එය හොඳද නරකද යන්න ඒකීය පුද්ගල තේරීම් මත රඳා පවතිනවා. මා නම් මිශ්‍ර කරාපුවට කැමති නිසා, නිකම්ම වල් හෝ නිකම්ම පල් වලට වඩා “වල්-පල්” වලට කැමතියි. 😀

  8. වල් පල් කියවන අය කිවුවට ගාණක් වත් නෑ, ඒ ඇත්ත හින්දා වෙන්න ඇති.
    තක්කාලි වලින් මං කැමති තද රතුපාට දිගටි එකට හරිම රසයි.
    තක්කාලි සහ බෙල්පෙපර් වලට මෙහෙ හරි ප්‍රසිද්දයි .ලෝකේ ලොකම බෙල් පෙපර් වර්ගය හැදුවෙත් මෙහෙ ගොයියොනේ ඉතින්. තක්කාලි හිටවද්දි එකම දවසේ ඔක්කොම හිටවන්න එපා. සති දෙක තුනක පරතරය ඇතුව හිටවන්න. එතකොට එකවර ඵල හටගන්න එකක් නෑ නේ. (Maybe ඒක ගොන් කතාවක් විය හැකියි).
    තක්කාලි ෆ්‍රිජ් එකේ දාන්න හොදනැහැ කියලත් ඔයා අහලා ඇතිනේ.
    ඔයා නැටුම් පංති යනවද හි හි 😀
    මාත් ලියන්න හිතන් ඉන්නවා ඒවා හිතේම තියෙනවා 😦
    ස්තූතියි. බලන්න කෑමක් සහ නැටුමක් ගැන ලිවීම කොතරම් හොද පෝස්ට් එකක්ද

    • මා කියනවනේ ඔමා, සම්භාව්‍ය දේවල් සොයා මෙහි එන්න එපා කියා. ඔබ, මේ වර මා වවපු තක්කාලි වර්ගයක් කෑවොත් ආයිත් වෙන තක්කාලි කන එකකුත් නැහැ.
      මා දන්නවා, කෘෂි කර්මයට තාක්ෂනය යොදවපු රටවල් අතරින් ඊශ්‍රායලය ඉදිරියෙන් ඉන්නවා කියා.

      //තක්කාලි හිටවද්දි එකම දවසේ ඔක්කොම හිටවන්න එපා.// අන්න එහෙම තමා සිතන්න ඕනි. එය ඉතා හොඳ සිතිවිල්ලක්. හැබැයි ඔමා ඔතන පොඩි ප්‍රශ්නයක් තියනවා.

      අපට තියෙන්නේ වාර්ෂික ශාකයක් හැදී ගෙඩි හටගෙන ඉදිලා ගහ මැරිලා යාමට පොඩි කාලයක්. මේ කාලය ඇතුලත අප සේරම කර ගන්න ඕනේ. ඉතින් හරියටම ප්‍රශස්ත දින වකවානුවල සිටෙව්වේ නැත්නම්, එක්කෝ සීතල නිසා ගහ හැදෙන්නේ නැහැ. පරක්කු වුවොත් ගෙඩි හටගෙන ඉදෙන්න තරම් වෙලාවක් ඉතිරි වෙන්නේ නැහැ. තව ප්‍රශ්න තියනවා. මේ ගැන පසුව ලියන්නම්.

      //ඔයා නැටුම් පංති යනවද හි හි// හිහි ඔමා සිතන්නේ මං යන්නේ නැටුම් පංති විතරයි කියලද? 🙂

  9. වල්පල් නොවූ වල්පල්…..!

  10. මමත් තක්කාලි ගේනකොට එක එක ප්‍රමාණෙට ඉදිච්ච ඒවා ගේන්නේ ඒවා එක පාර ඉදෙන එක නවත්තන්න. අනික අමුවට තියෙන පැහුණ තක්කාලි තැලෙනවත් අඩුයි.
    සැකසූ තක්කාලි, නැතිනම් සෝස් හදපු, පේස්ට් කරපු තක්කාලිවල නැවුම් තක්කාලි වල නැති අහවල් එකක් තියෙනවා කියලා කියනවා මං අහලා තියෙනවා.

    • ඔන්න බලපන් කාටත් ගැලපෙන පොස්ට් එකක්. ඔව් එය් හොඳා ක්‍රමයක්. අච්චාරු දමන විට පවා, එක එක ප්‍රමාණයට ඉදිච්ච ගන්නය කියනවා. එතකොට රසය හා ටෙක්ස්චර් එකත් එකිනෙකට වෙනස් වෙනවා.

      අනෙක් දේවල් වගේම, උඹ කියන ඒ අහවල් එකට කැමති හා අකමැති අය ඉන්නවා.

  11. මචෝ මතකද අර තක්කාලි හෙම කාල ඉවර වුනහම වතුර ටික බොනවා මොලේට හොඳයි කියල. රුස්සෝ තමා ඒ බොරුව කියල දුන්නේ.
    /ඒ විතරක් නම් කමක් නැහැ, අනුකාරක-අධිරාජ්‍යවාදී බටහිර බිල්ලා ගැන කියන දොස්තරලා හා මහාචාර්ය වරුන්ට, තමන්ගේ සෙවනේ හැදුන දරුවන්ට හෝ ඒ පරම සත්‍යය පැහැදිලි කර දෙන්න බැරි කොට, මේ කොහෙවත් ඉන්න අපට කියල දෙන්නේ කොහොමද කියල මට හිතෙනවා.// meka nam aththa.

    • ඕවා බිව්ව එකෙන් තමා මචෝ අපට කෙල වුණේ. නැත්නම් කොහොමට තිබ්බ මොලද?
      මොකෝ උඹ බිසිද මේ දිනවල?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s