ඔබට නිදහසේ තටු සලන්න ලැබෙන්නේ කවදාද? Everyone deserves a shot!


අලුතින් ලියනවද, ඔන්න ඔහේ පරණ සටහන්ම අලුත් වගේ දමනවාද කියන එක අර ටු බී ඕර් නොට් ටු බී  වගේ දෙයක්. අද හවස හැපී අවර් එකට වරෙන් කියා කෙනෙකු අඬ ගැහුවා. මාසයක් කිසිම හැපී අවර්  එකක් කරන්නේ නැතිය කියල සිතා ගෙන හිටියත්, මෙහෙම කෙනක් කතා කලහම බෑ  කියන්න බැහැනේ.

එතනදිත් මරු මිනිහෙක් හම්බ වුණා. නියම පරාර්තාමියෙක්. පාර්ට් ටයිම් වැඩ කරන්නේ. ඒ වුණාට  චැරිටි අපාර්ට්මන්ට් 12 ක් ද කොහෙද බලා ගන්නවා.

මේ කාමර කුලියට දෙන්නේ සෝ-කෝල්ඩ් හෝම්ලස් කාණ්ඩ  වලට. ඔවුන් කාමර කුලිය නොගෙවන නිසා හා අඩුවෙන් කුලිය ගෙවන නිසා, ඉතිරිය මෙයා අතින් දමනවා.

මිනිහා නම් බියර් බිවුවේ නැහැ. දඩ බඩ  ගාල එතන තිබුණ  කෑම  වලින් හැකි තරම් කාල පැන්න. එයා කවුද කියල මට කියුවේ මට සතුටු පැයට අඬගහපු කෙනා. ඔය මිනිහගේ රාත්‍රී ආහාරය.

අරය මට කියුවේ, මිනිහ මෙතැනින්  අල්ලපු වත්තටත් ගිහින් එතැනත්  තියන මේ වගේ දෙයකින් තව මොනවා හරි කාල, ගෙදර යනවා කියල.

අරූ (මගේ යාලුවා) මට කියුවේ මේ වැඩේ ටිකක් කල්පනා කළොත්  ඔලුවත් කුරුවල් වෙනවා කියා.  ඇයිද කියා කල්පනා කරන්න ඔබටම බාර කරන්නම්.

https://youtu.be/38QpBiVDQc8

raigamahandiya

එක් පසෙකට ඇලවී පියාඹන පරවියා දෙස මා බලන් හිටියේ මහත් බලාපොරොත්තුවකින් නොවේ. දැනට සති එකහමාරකට පමණ පෙර ගරාජයේ නවතා තිබුන කාරයේ යටින් තටු ගසන ශබ්දයක් ඇසිලා, එබී බැලු විට දැකගන්න ලැබුනේ මේ සත්වයා. මගේ අඩිශබ්දයට තටු ගැසුවත් ඌ හිටියේ ඉතාම දුර්වල අඩියක. කෑම ටිකක් හෝ වතුර පොදක් දිනකින් පමණ ලැබී නැතුවා වාගෙයි. කුරුල්ලන් වැඩිපුර කන්නේ නැත්තේ ඉගිලෙන්න පහසු වෙන්න. ඒ හින්දාම උන්ට නිතරම ටික ටික කන්න අවශ්‍යයි. රෙදි කැබැල්ලක් දමලා මූව අල්ලාගෙන බැලුවහම තමා තේරුනේ. තමන්ගේ ජාතියේම (පරෙයියන්වෙන්න බැහැ, කපුටු තමා) අය විසින් පහර දීම නිසා එක ඇසක් අන්ධ වෙලා. මේ පහරදීමෙන් පසු මූ දුර්වල උනාද, නැත්නම් වෙනත් ලෙඩකින් දුර්වල උන හින්දා පහර කෑමට ලක් උනාද කියා කියන්න මා දන්නේ නැහැ.

අල්ලාගත් පරිවියා පෙට්ටියක දැමු මා ඌ ට කන්න හා බොන්න දුන්නා. දවසක් යන කොට ඌ යතා තත්වයට පත් වෙන්න පටන් ගත්තා. කෙඳාරි වී ගිය දේහය යලි පුෂ්ටිමත් උනා. එහෙම සතියකට වඩා කන්න දීපු සතා මා මුදා හරින්න තීරණය කළා…

View original post 367 more words

Advertisements

5 Comments

Filed under Opinion

5 responses to “ඔබට නිදහසේ තටු සලන්න ලැබෙන්නේ කවදාද? Everyone deserves a shot!

  1. Pingback: ඔබට නිදහසේ තටු සලන්න ලැබෙන්නේ කවදාද? Everyone deserves a shot! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඒකෙත් හැටි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s