නැහැ, එයා එපා! මෙයාව විතරක් ගන්නම්!


ලංකාවේ මෑත  කාලයේ පහල වුන පඬිවරයෙකු වන කුමාරතුංග මුනිදාසයන්ගේ වඩාත් ප්‍රචලිත කියමනක් තමා “අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී” යන්න. ඇත්තටම තැනීම කෙසේ වෙතත්, අනුන් තනපුවා  වත් හරියට පාවිච්චි කරන්න ඉගෙන නොගත්තොත් ලගී  ගයා මරගී  තමා.

කලින් රිසය්කල් කරපු සටහනට අදාළ මේ කුඩා සටහනත් කියවෙන්නේ දරුවෙකු ගැනයි. මිනිස් ජරා ගති රටින් රටට පවා වෙනස් නොවන වග මේ කතාවත් කියනවා.

මේ දරුවා ගැන කියන විට එවකට අගමැති ටෝනි ඇබට්  ගේ ඇසට පවා කඳුලක් නැගුනා. ඔහු කියුවේ මේ සිද්දිය මිනිස් කමට නිගරුවක් කියා. දේශපාලක කඳුළු ගැන අපට විශ්වාස කරන්න නොහැකි වුවත්, මහජන දේපොළ  එකට මංකොල්ල කාල, හිරේ යන දරුවන් ගැන ඇත්තට අඬනවා ට වඩා, මේ වගේ කරුණක් ගැන බොරුවට කඳුළු සලන එක හොඳ දෙයක්.

අලුත්ම වාර්තා මා කියෙව්වේ නැති වුවත්, මේ දරුවා වෙනුවෙන් සමාජයේ බොහෝ දෙනා ආධාර දෙන්න ඉදිරිපත් වුණා. එම තාත්ත හා අම්ම මුළුමහත් සමාජයේම පැතිකඩක් නොවේ. එයිට වෙනස් ව සිතන කාණ්ඩය බහුතරය කියා සිතන්න හැකියි.

කුමාරතුංග මහතාගේ කතාව ටිකක් වෙනස් කළොත්, දරුවන් නොතකන සමාජයක් ලොව නොනගී. කුඩා දරුවන් කියන්නේ තාත්තල අම්මලාගේ වැරදි වලට වඳ කළ  යුතු කෙහෙල් මොටයි වත්, උපතින් ලැබුණ වෙනස්කම් නිසා කොන් කරන්න ඕනේ පිරිසක් වත්, වෙනත් රෝගාබාධ නිසා සමාජයෙන් අයින් කරන්න ඕනේ පිරිසක්වත් නොවේ.

ඉහතකී හේතුන් නිසා හෝ වෙනත් හේතුන් නිසා හෝ දරුවන්ට වෙනස්කම් නොකිරීම සමාජයක තිබිය යුතුම අංගයක්. මොකද ඔවුන් තමා රටේ අනාගත වැඩිහිටි පරපුර නිර්මාණය කරන්නේ.

මේ ගීතයත් යලි දමන එකක්. අද උදෙන්ම මා ඇහුවේ ඕක.

https://youtu.be/rtOvBOTyX00

raigamahandiya

මේ පළමු ලෝකයේ දරුවන් තමන්ට ලබා ගන්න නොහැකි යුවලවල් සොයාගෙන තියන අලුත්මත් කියන්න බැරි ක්‍රමය තමා තෙවන, එනම් දියුණු වෙමින් පවතින රටවලට ගොස්, දරුවන් පිළිසිඳ ගන්න වයසේ ඉන්න කාන්තාවක් සොයාගෙන, පොඩි ගතමනාවක් අතමිට මොලවා, තමන්ගේම දරුවෙකු ලබා ගැනීම. ඉන්දියාවේ මේ වැඩේ ජයටම යනවා.

අද ඕස්ට්‍රේලියානු පුවත් වල මුල් තැන ගත්තේ මාස හයක් වයසැති මේ දරුවාගේ කතාවයි. මේ මාපියන් දෙන්නා තමන්ගේ ඉදිරි ජිවිත කාළය ගත කරන හැටි තමා මා මේ කල්පනා කරන්නේ.

http://www.abc.net.au/news/2014-08-01/mother-of-thai-baby-abandoned-by-surrogate-parents-struggles-to/5642478

View original post

Advertisements

6 Comments

Filed under Opinion

6 responses to “නැහැ, එයා එපා! මෙයාව විතරක් ගන්නම්!

  1. Pingback: නැහැ, එයා එපා! මෙයාව විතරක් ගන්නම්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඉතිං ැඒ ඔරිජිනල් දරුවන් ඉන්දියාවේ හිටියා නම් ඒ අයට මුහුනදෙන්න වෙනවාට වඩා ලක්ෂණ වටපිටාවක් ඔසී ගියාම ඒ දරුවන්ට ලැබෙනවා නේද? මම සිතන විදයිට එය දරුවන්ට කරන හොද සැලකීමක් වේවි..

    • නැහැ අමිල, මෙතැනදී ඔබ කියන්නේ සරගසි දරුවන් ගැන නම් එයාල ඉන්දියන් දරුවන් නොවේ. මේ දෙමාපියන්ගේ දරුවන් කුලියට ගත් ගර්භාෂයක ඇති දැඩි කර, ඉපදුන පසු අරන් ඒමයි කරන්නේ.

      මෙතැනදී ඇත්තටම මහම දුකක් විඳින අම්මට (ගර්භාෂය කුලියට දෙන) ලැබෙන්නේ සොච්චමක් විතරයි. මේක අතරමැදියන් විසින් කරන ගසා කෑමක්. ඔව් ඉතිං දරිද්‍රතාවයේ පතුලේ ඉන්න ඒ මිනිසුන්ට එයත් ලොකු දෙයක් කියා අපට කියන්න හැකියි. දැන් ඔය වකු ගඩු වැඩේදිත්, වෙන්නේ ඔය දෙයමනේ.

      අර ඔසී යුවල දමා ආපු දරුවා නිසා එම රටේ සරගසි නීති වෙනස් කෙරුවා මා දන්නා තරමින්.

      ඉන්දියාව හා තවත් රටවලින් ඔරිජිනල් දරුවන් ගෙනත් හදන සුදු දෙමාපියන් ඉන්නවා. ඔව් එය නම් හොඳ දෙයක්. අර මා කලින් ලියපු “අම්මා සොයා ගන්න පාර කියපු ගූගල් පප්පා” නමැති සටහනේ දරුවාගේ කතාව එවැනි එකක්. කලින් සටහනේ සඳහන් ඇමෙරිකන් යුවලත් හදාගෙන තියෙන්නේ එවැනි දරුවන්.

  3. මෙහෙ කට්ටිය කරන්නේ තායිලන්තේ ගිහින් ලමයි හදාගෙනම ආපහු එන එක. හොද මුදලක් ඒ මිනිස්සුන්ට දෙනවා. ඔවුන්ට ජීවිත කාලෙටම යමක් ලැබෙන්න. මං දන්න පවුලක් එයාලගේ පුතාව ප්‍රසීලෙන් අරන් හදන් තිබුනේ. ඇමරිකන් ඩොලර් 30000ක් දීලා මීට අවුරුදු 12 කට කලින්.

    • මා ලියුවෙත් ඒ රටේ වුන දෙයක් තමා ඔමා.
      අපි ෆෝර් ග්රාන්ටඩ් ගන්න දේවල් වලින් අනික් අයට කොතරම් අවශ්‍යද? ලබා ගන්න කොතරම් වෙහෙසෙනවද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s