නෙලුම් මලේ පෙති කඩලා …….!


IMG_3142 (2).JPG

මගේ පින්තූර  කාඩ්  එකේ පින්තූර  ටික නැතිවෙලා. නැති වෙලා වුණාට  කාඩ් එක නම් පිරිලා. මේවට වද  වෙන්න බැහැ. කොහොමත් ඒ කාඩ්  එක ටිකක් හොඳ මදි. පින්තූර නැති වුණත්, කතන්දර ඉතිරි නම් කමක් නැහැනේ. හැබැයි පසුගිය ගිම්හාන දිනවල ගත්තු මා ප්‍රිය කරන පින්තූර  ටික දැන් නැහැ.

IMG_3129 (2)

මා සොයන්න ගත්තේ ඉමියු කෙනෙකුගේ ගත්ත සමීප චායාරූපයක්. එය හමු වුණොත්  දමන්නම්. මේ ඉන්නේ ඔබ කවුරුත් දන්නා කොකටුවෙක්.

IMG_3141 (2)

ඉතිරිව තියෙන්නේ මෙන්න මෙව්වා ටික විතරයි. මේ එකිඩ්නා කෙනෙක්.

IMG_3131 (2)

මුන් නම් පාරත් පනිනවනේ.

IMG_3149 (2)

ගිරව් ගැන කියන විට මෙන්න මේ ගිරවාගේ කතාව මා  කලින් ලියා ඇති.

 

මෙවැනි ගිරව් ගැන යූ  ටියුබ් වල ඕනි තරම් හොයාගන්න පුළුවන්. මං  කලින් ලියා ඇති පරිදි මා යූ  ටියුබ් බලන්නේ සිංදු  අහන්න, කරාම  මාරු කරන්න හා ගිරවුන්ගෙන් නොදන්නා වචන ඉගෙනීමට පමණයි. වෙන  දේවල් ගැන දැන ගන්න ඕනි වුන විට, වෙනත් ප්‍රභව සොයා යනවා.

හැබැයි පුතේ, එකම දේ දිගින් දිගටම රිපීට් කලහමත් මතක හිටිනවා. ඉස්සර අපට යූ ටියුබ් තිබුනේ නැහැ. මට නිතර මතක් වෙන කතාවක් තියනවා. ඒ මන් ඉස්කෝලේ යන්නට පෙර තාත්තගේ උකුලේ ඉඳන් අහගත්තු පොතක කුරුල්ලෙක් ගැන.

එය අයියලාගේ පොතක්. මන් හිතන්නේ පී  රූබන් පීරිස් ලියුව ස්වභාව අධ්‍යයනය (මේ වචන ලියන්න බැහැ  හරියට). එහි තිබුන පින්තූර  තාත්තට කියල මා අහගන්නවා. කියවන්න හැකි කමක් ඒ කාලේ  තිබුණේ  නැහැ. ඔය පොත් පෙරලගෙන යන විට මට නින්ද යනවා ඇති.

හැබැයි මා බලා ඉන්නේ එක පිටුවකට එනකම්. ඒ කුරුල්ලෙක් ඉන්නා පිටුවක්. ඒ කුරුල්ලාගේ විශේෂත්වයක් නිසා නොවේ. උගේ නම අහන්න මා මාර කැමැත්තක් දැක්වුවා. ඌ තමා කැසවරී (පක්ෂියා).

ඒ දිනවල් සිදුවූ අන් කිසිවක් මතක නැතත් මේ සිද්දිය මතකයි.

අපට සඳුදා නිවාඩුයි!

සුදු මල් දෙකක් කඩා………..!

 

Advertisements

10 Comments

Filed under Nature, Opinion, Photography

10 responses to “නෙලුම් මලේ පෙති කඩලා …….!

  1. ඔයාට ෆොටෝ ඔයාගේ ජී මේල් එකවුන්ට් එකේ ගූගල් ෆොටෝස් වලින් ගන්න පුලුවන් නේ. ෆොටෝ ටික ලස්සනයි. මං නම් යූ ටූබ් බලන්නේ කොන්ඩෙටයි මූනටයි කරන එක එක සුකුරුත්තන් ඉගෙන ගන්නයි. ෆ්‍රෑන්ක් බලන්නයි .අලුතෙන් මොනාහරි ගන්න කලින් පාවිච්චි කරන විදිය ඉගෙන ගන්නයි.

    • මේ මගේ කැමරාවෙන් ගත්තුව ඔමා. එය ලින්ක් කර නැහැ. දන්නවනේ මන් ඔය වැඩි සුකුරුත්තන් කරන්නේ නැතිය කියා.
      දැන් මුහුණ හොඳට හදා ගත්තද? මාත් නැටුම් ඉගෙන ගන්න යු ටියුබ් බලනවා. 🙂

  2. Pingback: නෙලුම් මලේ පෙති කඩලා …….! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. කැසොවරි හොයාගෙන ඔස්ට්‍රේලියාවටම ගියා එහෙනම්

    • ඔව්නේ ප්‍රා. මා සිංහලෙන් ඉගෙන ගත්තාය කියා මහා ලොකු වැරැද්දක් වුනේ නැතිය කියා කලින් ලියුවේ අන්න ඒ නිසා. 🙂

      අපට සිංහලෙන් ඉගෙන ගන්න නොලැබුණා නම් ප්‍රාට මේ බ්ලොග් එක කියවන්නට ලැබෙන්නේ නැහැ.

  4. පොටෝ ටික පංකාදු පහයි රයිගම්

    • ස්තුතියි. මා ඊයේ කරපු මෝඩ වැඩක් නිසා හොඳම පොටෝ ටික නැතිව ගියා ගුණේ. මේ ඒ දිනවල ගත්තු ඉතිරි වී තිබුන කිහිපයක්.