හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා…..?


මේ දිනවල පුරුදු වැඩ  වලින් පොඩි විවේකයක් ලැබුණා. මේ සිග්රතාවයෙන් දිගටම ලියවේවි කියා සිතන්න එපා. මා හිතුවට වඩා පිරිසක් මේ සටහන් නිහඬව කියවන වග මට තේරුම් ගියේ පසුගිය දිනවල. අර මඩුසා අහපු පරිදි කියන්න බැරි දේවල් සියල්ල මට ලියන්න හැකි නම් හොඳයි.

අපේ ආයතනයේ ඉගෙන ගන්න තරුණ ඉන්දියානු සිසුවියක ගැන මා කලින් සිතා සිටියේ මහා ආඩම්බරකාරියක කියායි. දිනක් දවල් ආහාරය ගන්න විට මා නිකමට පොඩි විහිළුවක් කෙරුව.

පසු දිනෙක ඇය  අනික් අයත් එක්ක පොඩි සැහැල්ලු කතාවක් කරන විට කියුවේ, ඇය  මා ගැන සිතා සිටියේ මහා ආඩම්බරකාර මිනිහෙක් කියා කියා. අර විහිළු  කරපු දිනයේ සිට ඇය ගොඩක් දේවල් මා එක්ක කතා කර තියනවා.

අපේ දකුණු ආසියානු සංස්කෘතිය, කාන්තාවන්ට කරන නොසැලකීම්, ගම් වල තියන ඕප-දූප, ලෝකේ කොතැනක වුවත් කාන්තාවන්ට තියන විශේෂ ප්‍රශ්න, අපේ සෞඛ්‍ය ප්‍රශ්න, පිරිමි-ගැහැණු කියා වෙන් කරන්න  බැරි ජිවන විලාසිතා හා තවත් මාතෘකා ඒ අතර වූවා.

පසුගියදා ඇය  තමන්ගේ රටට පොඩි නිවාඩුවකට ගියා. ඇය  යලිත් එනු ඇත්තේ සම්පුර්ණයෙන් වෙනස් කෙනෙකු ලෙස. මොකද කියනවා නම්, ඇය එනු ඇත්තේ කිසිවෙකුගේ සහකාරියක් ලෙස.

එය යෝජිත විවාහයක්. ඇයගේ අදහස් වලට තරමකට ප්‍රතිවිරුද්ද  දෙයක්. අන්තිම දිනයේ ගෙදර යනවිට මං  යනවා යයි මට කියූ විට ඔබට සියල්ලම හොඳ වේවා යයි මා කියුව විට, ඇයගේ  මුහුණේ තිබුණේ  මහත් සතුටක් නම් නොවේ.

 

Advertisements

5 Comments

Filed under Lifestyle, Social

5 responses to “හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා…..?

  1. Pingback: හඬන්න ලංව ඇති ඔබේ නුවන් පුරා…..? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඒ මිතුරියට ලැබුණා හා සමානම අත්දැකීමක් මටත් ලැබුණා මීට අවුරුදු දෙකකට කලින් හි හි.
    අපි කවදාවත් කතා කරලා නැති අය ගැන අහලා තියෙන දේවල් සහ හිතාගෙන ඉන්න දේවල් බොහෝ වෙලාවට වැරදී.

    • මෙයා මිතුරියක් කියල කියන්න අමාරුයි. කතා කරන, හිතන දේවල්, ගොඩක් වෙලාවට ඇත්තටම කරන්න බැරි වග පෙනෙනවා නේද ඔමා.

      අර අත්දැකීම කියන්න බැරිද?

  3. ඉඋමථිඑ අදිකාරී

    නොලියා ඉන්න එපා .අපි ඔබව කියවනවා .

    • මොකෝ ඉන්දුමතී නමට වෙලා තියෙන්නේ? ඔව් එක්තරා පිරිසක් මෙය කියවන තාක් කල් ලියමි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s