(A) සනීප නිවාඩුවක්!


දින තුනේ සති අන්ත ගැන මා කලින් ලියා ඇති. අද නිවාඩු  කැන්බරා දිනය නිසා. කොහොම වුනත් අවුරුද්දේ මුල් මාස හය තුල නිවාඩු වැඩියි. අන්තිම මාස හයේ තියෙන්නේ අතින් ගන්න නිවාඩු නේ.

File0385 (2).JPG

ඉමියු කියන්නේ අර ඉගිලෙන්න බැරි “පක්ෂි” වර්ගයට අයත් තවත් එකෙක්.

මා නම් අද දිනය ගත කෙරුවේ, නිවාඩුවෙන් රිකවරි වෙන්න. නිවාඩු වලට වඩා අමාරු නිවාඩු වලින් රිකවරි වෙන එකය කියා හිමාල ඉරිසිවරුත් කියා තියනවා.

ඊයේ සෝවියට් සංගමයේ ඉගෙන ගත්තු හය දෙනෙක් එකට හමුවුණා. ඉන් දෙන්නෙක් දැන් ඉන්නේ ලෝකේ අනික් කෙලවරේ රටක. හමු වුණේ දීර්ග කාලයකට පසුව. දීර්ග කියන්නේ ඉගෙන ගත්තු කාලයේ හමු වූ පසුව, හමු වුන මුල් වතාව මේ.

File0363 (2)

මනස්කල්පිත කුරුල්ලෙක් අඳින්න කියා අපට පැවරුමක් ලැබුණොත්, මොන වගේ වර්ණ සංයෝජනයක් භාවිතා කරාවිද?

සමාජයේ පවතින මෙවැනි චූල  කණ්ඩායම් අපට නැති කරන්න බැහැ  වගේම එහෙම අවශ්‍යත් නැහැ. මෙවැනි හමු වීම්  වලදී අපට දැනෙන දෙයක් තමා යම් කිසි “පොදු ලක්ෂණයක්” අප අතර තියනවා කියල.

මේ වගේ කණ්ඩායම් ගෝත්‍රවාදයක් කරා දක්කාගෙන යාම නරක දෙයක් කියල මා සිතන්නේ. ඒ කියන්නේ අන් අයට  වඩා සුවිශේෂී, වරප්‍රසාද ලැබිය යුතු හා වරප්‍රසාද ලබා ගන්න අරමුණෙන් කණ්ඩායමක් ලෙස වැඩ කිරීම. එය නම් අපේ සමාජයේ හොඳටම දකින්න තියන දෙයක්.

එතැන තියන නරකම දේ, සමාජයේ තියන අසමානතා අවම කිරීමේ නැත්නම්, සමාජයේ වරප්‍රසාද අඩු කණ්ඩායම් වලට යම් අතදීමක් කරන්න පිහිටවපු තැන් වලින් ම බිහිවුණ  කට්ටිය, යලිත් වැඩවසම් ක්‍රම ස්ථාපනය කර ගැනීමයි.

File0346 (2)

අද නිවාඩු නිසා, වෙන වැඩ කෙසේ වෙතත් නිවාඩුවෙන් රිකවරි වීමට අමතරව, මගේ නැතිවුණ  චායාරූප ටිකත් රිකවරි කර ගත්ත. මොකද එහි තිබුණේ අපේ පෞද්ගලික දිවියේ වැදගත් සංදිස්ථාන දෙකක් නිසා. අතින් ගානක් කයිට් වුණා  නම් තමා. මොකද කරන්නේ, සල්ලි නම් නැවත රිකවරි වේවි, මතකයන් රිකවරි කර ගන්න අඩුම ගානේ පින්තූර  වත් ඕනිනේ.

Advertisements

10 Comments

Filed under Nature, Photography

10 responses to “(A) සනීප නිවාඩුවක්!

  1. අපිට නිවාඩු නෑ … අපි පවු නේද 😦
    චුල කණ්ඩායම් හැදෙන එක වලක්වන්න බැහැ. එකේ වැරැද්දකුත් නැහැ – හැබැයි කණ්ඩායම් / පිරිසක් අතර තියෙන මොකක් හරි ‘පොදු’ දෙයක් මගින් තමන්ව define කරන්න යන එක සහ තමන් යම් කණ්ඩායමක සියලු දෙනාම නියෝජනය කරනවා කියල හිතන එක ගැන මගේ වැඩි ප්‍රසාදයක් නැහැ.

    • ඇයි නිවාඩු නැත්ද? පව් නේ! 🙂

      නැහැ එහෙම පොදු දෙයක් කියන්නේ බලෙන් ඇති කර ගන්න දෙයක් නොවේ නිරෝෂි. එක රටේ ඉගෙන හැදුන, එකම පාසලේ උගත්, එකම ගමේ යනාදී වශයෙන් කාණ්ඩ ගත්තු විට මුහුණ දුන්න සමාන තත්ත්ව නිසා පොදු දෙයක් ඇති වෙනවනේ. මෙතැනදී ඔබටම තේරෙනවා ඇති එය “පොදු” දේ කියන එකත් කොතරම් පරාසයක් තුල විහිදෙන දෙයක් ද කියා.

      ආගම්වාදය, වර්ගවාදය, කාණ්ඩායම්වාදය, ප්‍රාදේශීයවාදය වැනි දේවල් ප්‍රගතියට බාධාවන්.

      • මට හැමදාම අමාරුවුන එකක් තමයි කණ්ඩායමකට හිතෙනුත් අයිතිවෙන එක. තාමත් බෑ. කොයිතරම් එකට හිටියත් සමානකම් තිබුනත් හිතෙන් හුඟක් වෙනස්.
        https://en.wikipedia.org/wiki/Individualism

        • මාත් ඔව්වට නැහැ ප්‍රා. මගේ වෙනස් කම් ගැන මා නම් කැමතියි. එනම් එම කණ්ඩායම් වලට අයිති නොවීම ගැන මා කැමතියි.

  2. Pingback: (A) සනීප නිවාඩුවක්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. Jamis Banda

    //මේ වගේ කණ්ඩායම් ගෝත්‍රවාදයක් කරා දක්කාගෙන යාම නරක දෙයක් කියල මා සිතන්නේ. ඒ කියන්නේ අන් අයට වඩා සුවිශේෂී, වරප්‍රසාද ලැබිය යුතු හා වරප්‍රසාද ලබා ගන්න අරමුණෙන් කණ්ඩායමක් ලෙස වැඩ කිරීම//

    මේ අදහස නම් නියමයි. අලුත් අදහසක් ඉගෙනගත්තා. ස්තූතියි

    • අලුත් අදහසක් ගත්ත නම් සතුටක් ජේමිස්.

      හොඳට බැලුවොත් ජේමිස් මේ වගේ කණ්ඩායම් හදාගෙන, සමාජයේ ඉන්න අනෙක් පිරිස් වලට වඩා එයාලට සලකන්න කියමින් ඉන්න ගොඩක් කට්ටිය ඉන්නවා.

  4. Anonymous

    චූල කණ්ඩායම් හැදෙන එක හොදයි
    ඒකෙ විවාදයක් නෑ
    නමුත් චූල කණ්ඩායම් අතරෙ චූල කණ්ඩායම් හැදෙන එක නරකයි
    (අත්දැකීමක්)

    • Anonymous

      මේ මම අඩේ
      අවන්හලේ මහෙස් කොලුවා
      ඇයි මේ ඇනෝ වැටෙන්නෙ

    • අඩේ මේ අපේ මහේෂ් මලයනේ.

      චූල කණ්ඩායම් ඇතුලේ චූල කණ්ඩායම් ඇතුලේ චූල කණ්ඩායම්…….. ඕක ගොඩක් පාරක් ලියුව විට ඒ චූල කණ්ඩායමේ විශාලත්වය නැත්නම් ගහනය අනුව අන්තුමට ඉතිරි වන්නේ අර ප්‍රා කියන ඉන්දුවිඩුවලිස්ම්.

      ඒ කියන්න තමන්ගේ ආරක්ෂාව, තමන්ම සලසා ගන්න සමාජය. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s