අන්දකාර වී ගියා…….


අද දවල් අහපු විවියන් ද සිල්වා බොරලැස්ස ගයපු ගීයක තිබුණ  වචන කිහිපයක් මේ “කොහේ  ගියාද කිරුළ අතැර, මාගේ ප්‍රේම රාජයා – අන්දකාර වී ගියා ආ ආ ආ රාජකීය ජිවිතේ……..”.

අද මෙවැනි ගීතයක් ලියුවොත් ගඩොල් බාගවල් කන්නත් හැකි වේවි.  මොනවා වුවත් ඒ ගීතයෙන් අතරමන් කර දමා ගිය මවකගේ, බිරිඳකගේ, ගැහැණියකගේ සිතේ ඇතිවන හැඟීම් යම් පමණකට නිරුපනය වෙනවා. ඒ විතරක් නොවේ සමාජයක් කොතරම් දුරට “පරිණාමය” වෙලාද, ඒ කියන්නේ වෙනස් වෙලාද  කියන එකත් මේ ගීතයෙන් නොවේ, ඇහෙන වෙනත් කතන්දර වලින් නිරූපනය කරනවා.

සිතිවිලි නොමැති පින්තූර  ටිකක් මේ. කැන්බරා බර්ලි  ග්රිෆින් විල අද්දර ගත්තු හිරු බැස  යාමේ අවස්ථා කිහිපයක්. ආසාවල් වල කෙළවරක් දකිනවා කියුවත් එය ඇත්ත නොවේ.

IMG_2228 (2).JPG

Sunset over the lake Burley Griffin in Canberra, taken late summer, 2011

 

 

Advertisements

5 Comments

Filed under Photography

5 responses to “අන්දකාර වී ගියා…….

  1. Pingback: අන්දකාර වී ගියා……. | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. කැන්බරා නුවර නුඹ දුක් විඳින්නේ
    අන් ජරා දෙසක් ගැන මා නොදන්නේ
    පුන් සරා සිඩ්නි සඳ මෙහි දිළෙන්නේ
    පින්බරා අපට විතරය පෙනෙන්නේ!

    • කැන්බරා නුවර “පුන්සඳ” දිලෙන්නේ
      පින්සරා පුතුන්ය එහි වෙසෙන්නේ
      අන්දකාර සිනුවර දුක් විඳින්නේ
      දුන් ප්‍රකාර පව් ලුය ඔය ගෙවන්නේ!

    • Anonymous

      පුන්සරා සඳත් හැකිනම් අලෙවි වෙන
      කිවිසුමක් ගියත් වියදම හුඟක් සැර
      ටොල් ගෙවා ගියත් හිරවෙන ට්‍රැෆික් මැද
      කැන්බරා පිස හමන සුළඟත් සැපක් වෙද

      🙂