ඊස්ටර් හොලිඩේ!


අදත් සමග දින හතරක නිවාඩුවක් අපට තියනවා. මේ වගේ ගොඩක් නිවාඩු ආගමික, සංස්කෘතික, සමාජමය හා වෙනත් හදා ගත්තු නොයෙක් දිනයන් හා බැඳී තියනවා. අන්න ඒ නිසාම මේ දින වෙළඳ ලෝකය සමගත් බැඳී තියනවා. ඒ කියන්නේ මේ දින එන වග අපට මුලින්ම මතක් කර දෙන්නේ, ඒ සඳහා කල් තියා ලක ලේස්ති වුන වෙළෙන්දන්.

මේ වෙළෙන්දන් අපගේ ජිවිත හා මේ දිනයන් විනාශ කරනවා කියන දේ සමග මා නම් එකඟ නැහැ. අඩුම ගණනේ ඒකාකාරී දිවිය වෙනස් කිරීම සඳහා ඔවුනගේ දායකත්වය නොසලකා ඉන්න බැහැ. ඒ වගේම උත්සව දිනයක අවශ්‍යම දේ ගන්න, කඩේට ගියහම කඩේ වහල නම් එයත් ටිකක් ගොන් පාර්ට් එකක්.

ඊස්ටර් සමග බැඳී තියෙන්නේ, නැත්නම් බඳවා තියෙන්නේ චොකලට්, බිම හා කෑම. මේවා විකුණන ස්ථාන මේ කාලය තුල ඇරලද නැත්නම් වහලද තියෙන්නේ කියන එක ඕස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අනුව වෙනස් වෙනවා. උදාහරණයකට සමහර ප්‍රාන්ත වල විකුණුම් කාලය අද සිමා සහිතයි. හැබැයි, there are no trading restrictions for Canberra over the long weekend, save for liquor stores on Good Friday.

ඇත්තටම මෙහෙම කර තියන එකට ප්‍රධාන හේතුවක් වන්නේ මන් හිතන්නේ, ඒවායේ වැඩ කරන සේවකයන්ට නිවාඩුවක් ලබා දීමයි. අනික වෙළඳ සේවා අරින්න අවසර තිබුණත්, නිවාඩු දිනවල ගෙවන්න තියන වේතන වැඩි නිසා, සමහර හිමිකරුවන් වැසීම තෝරා ගන්නවා.

මේ වැඩෙත් දැන් කලක් තිස්සේ විවාද කෙරෙන දෙයක්. එනම්, මේ පැනල්ටි රේට් ඉවත් කිරීම මගින් රැකියා ජනනය වැඩි වනවා කියන එක. උදාහරණයකට කුඩා කඩ හිමියෙක්, තමන්ගේ අත්  උදව්කරුට, නිවාඩු දිනකත් ගෙවන්න තියෙන්නේ, සාමාන්‍ය වේතන නම්, ඔහු කඩේ වැසීම වෙනුවට, ඇරීම තෝරා ගන්නවා. එතකොට, එදින එක්කෝ කොහොමත් ගෙදර ඉන්න තමන්ගේ ස්ථිර අත්  උදව්කරුට අමතර ආදායමක්, හෝ පාසල් යන හෝ සරසවි යන හෝ රැකියා නැතුව ගෙදර ඉන්න වෙනත් කෙනෙකුට තාවකාලික රැකියාවක් ලැබෙනවා.

හැබැයි මේ සමාජමය බලපෑම ඔය පෙන්නුව තරම් සරල නැහැ. මේ කරුණ කලක් තිස්සේ විවාදයට ලක් වනවා කියුවේ එය ගොඩක් සංකීර්ණ කරුණක් නිසා. එයින් වෙන්න හැකි අනෙක් පැත්ත ගැනත් සිතුවොත් එය යන්තමින් තේරුම් යාවි.

අවම වේතනය කියා දෙයක් නම් කරන බලයලත් ආයතනයක් තිබීම හොඳ දෙයක් කියා මන් විශ්වාස කරනවා. වැඩ කරන නමුත් දුප්පත් සමාජයක් අපට අවශ්‍ය නැහැ. කඩේක වැඩ කරන විට, අනුන්ගේ චැරිටි (එනම් ටිප්) වලට අනුව නම් තමන් ගේ ජිවන තත්වය රඳා පවතින්නේ, එය හොඳ දෙයක් නොවේ.

මනුෂ්‍ය සමාජය කොතරම් නරක වුවත්, තියන එක හොඳක් තමා අද අපි ඉන්න තැනට එන්න යොදපු සාමුහිකත්ව ප්‍රයන්ත්නය. සතුනුත් මෙහෙම සාමුහිකව වැඩ කරනවා. හැබැයි ඒ සඳහා ඔවුන්ව ටියුන් කර තියෙන්නේ දෙවියන් වහන්සේ.

අපිවත් මුල් කාලේ මෙහෙම ටියුන් කර තිබුණ. හැබැයි දෙවියනුත් නොසිතුව පරිදි ගස් වලින් බැස්සට පස්සේ, තමන් වෙනම ටියුන් හදන්නට පටන් ගත්ත. ඒ ගැන ටිකක් හිතුවොත් හරිම අපූරු දෙයක්. නමුත් ගොඩක් දෙනා සිතන්නේ අපි කියන්නේ (එනම් මනුෂ්‍යයා කියන්නේ) තමන්ගේ ජිවිත කාලයට විතරයි කියා. එය මා කලින් ලියා ඇති පරිදි වික්ටීම් ඔෆ් ඕව්න් සක්සෙස් ගොඩට වැටෙන ප්‍රධානම දෙය.

පසුගිය වසරේ, පැරිසියේ තිබුන සමුලුවකටත් අදාලව (THE BRAINS THAT PULL THE TRIGGERS) නේචර් එකේ කතු වැකියක් තිබුණ. එහි අරමුණ එක මිනිස් කණ්ඩායමක් විසින් තවක් කණ්ඩායමක් සමූල ඝාතනයට පොළඹවන දේ එනම් එයට මූලික වන දේ කුමක්ද  යන්නට පිළිතුර සෙවීම.

තවත් වචන වලින් කියනවා නම්, සාමාන්‍ය තත්ත්ව යටතේ ජිව විද්‍යාත්මක තත්ත්ව වලින් සහාසික නොවන, මානසිකව ස්ථාවර මිනිසුන් යුද්ද හෝ අන්තවාදී තත්ත්ව යටතේ කිලින් මැෂින් බවට පත් වන්නේ කොහොමද යන්නට අමුතු මානයකින් බැලීම තමා මේ සමුළුවේ බලාපොරොත්තුව.

මේ ප්‍රශ්නය කතා කරපු සමුළුව ගැන කතුවැකිය මෙසේ කියනවා; this is tricky terrain for academics, and many researchers at the conference admitted some discomfort at being asked to consider findings as being relevant to the neuroscience of repetitive killings. For some of sociologists, it felt like an attempt to medicalize a social issue. For some neuroscientists, it felt like over-extrapolation of results from much simpler experiments. In the air was an uneasy feeling that such interpretations could seem superficial and trite, and could trivialize crimes against humanity.

අපේ ක්‍රියාකාරකම් සියල්ලේම ආරම්භය අපේ මොළයයි. “සාමාන්‍ය තත්ත්ව” යටතේ අවිහිංසක මිනිසා අදාල තත්ත්ව ගැලපුන පසු වෙනස්ව ක්‍රියාකරන්න පොළඹවන “අණ” කොහෙන්ද එන්නේ කියන එක සෙවීම එක විෂයකට විතරක් අයත් කාර්යයක් නොවන නිසාත්, එහිදී සැලකිල්ලට ගත යුතු වල තියන විවිධත්වය නිසාත් මේකට කෝඳුරු තෙල් හත්පට්ටයක් හා තව ටිකක් ඕනේ දෙයක්.

මොලය ගැන අධ්‍යයන කෙරුවට, මේ වගේ සංසිද්දී වලට හේතුවන දේශපාලන කාරනා කියන්නේ තවත් දෙයක් නේ. කතු වැකිය අවසක් කර තිබුනේ මෙහෙමයි; a better understanding of brain circuitry could not, of course, influence the political forces that create the conditions for mass murder. But discussion of such politically neutral basic neuroscience could allow progress while avoiding unhelpful rhetoric.

And findings in basic science could have a direct impact: perhaps by helping to find ways of educating people to make them less likely to succumb to ideological requests or commands to kill”.

මා මේ සටහන ලියුවේ කරුණු කිහිපයක් නිසා. ම්ලේච්චත්ව්චය උත්කර්ෂයට නැංවීම හා සාමාන්‍යකරණය කිරීමත්, ඒ ම්ලේච්ච ක්‍රියා  වලට කෙලින්ම සම්බද වීම තරමටම දරුණු මිනිස් චර්යාවක්. කතු වැකිය කියන්න වාගේ මිනිසා මෙසේ හැසිරෙන්නේ ඇයි කියන මූලික ජෛව විද්‍යාත්මක උත්තරය සොයා යාම මගින් මේවා නතර වන එකක් නැහැ.

 

 

Advertisements

5 Comments

Filed under Opinion, Research & Development, Social

5 responses to “ඊස්ටර් හොලිඩේ!

  1. Pingback: ඊස්ටර් හොලිඩේ! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මේ දින හතරේ රයිගමයාට බිරිඳගෙන් පෙනල්ටි ලැබේවා.

    • හා හා රසික, දෙවියන් දුන්න එනම් ජෛව විද්‍යාත්මක පෙනල්ටිත් තියනවනේ. මේ දින හතර කොහොමත් CEO ගෙන් පැනල්ටි අවශ්‍ය නැහැ.

  3. අපිට නම් ඔන්න දවස් 5 ක් නිවාඩු ලු!

    • ඔයාට පව්ලු! නිරෝෂි දන්නවනේ, අපිට නිවාඩු වැඩට යන දවස් වලටය කියල. 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s