ඔබෙන් හමු නොවෙයි දැන්?


IMG_1558 (2).JPG

අද ඉරිදාවක් විතරක් නොවේ, වෙනස් ඉරිදාවක්. අද පාස්කු ඉරිදා නිසා හිලව්වට හෙට නිවාඩු. ඒ නිසා සාමාන්‍ය ඉරිදා කටයුතු වලටත් නිවාඩු.

මට මතක් වන්නේ මෙයිට වසර ගණනාවකට පෙර පාස්කු දවස් වල වුන දෙයක්. පුතාට පාසලේ තිබුන රැෆල් එකකින් චොකලට් බනී කෙනෙක් නැත්නම් හාවෙක් ඇදිල තිවුණා. ඕක සුළු දෙයක් නේ? ඔව්, හැබැයි ඌ පුතා තරම්ම ලොකු එකෙක්. ඌව කාපු හැටි මට දැන් මතක නැහැ.

මේ මතක් වීම නිසා මගේ සිතට නැගුනේ කාලය ගෙවී ගිහින් තියන අන්දම. මොකද ඒ පුතා ගේ ගාණට අද බනි කෙනෙක් දෙන්න ගොඩක් චොකලට් ඕනේ.

කාලය ගෙවී යන අන්දම අපට නොදැනෙන්නේ අප නිතරම දේවල් වල නිරත නිසා. අද උදේ මේ ලියන්න කාලයක් ලැබී තියෙන්නේ, සමහර විට අද අප කිසියම් ආකාරයකට කලබල කාරී දිවියෙන් ඈත් වීමක් තියන නිසා.

වැඩ කරන තැන මගේ මිතුරියක ගේ දුවට අප්‍රේල් වල වසර 18 ක් පිරෙනවා කියුවේ, බ්‍රහස්පතින්දා කලින් ගෙදර යන්න සුදානම් වන විට. ඇය කිසිදා කසාද බැඳලා නැහැ. දුව හදලත් තියෙන්නේ තනිවම. මා ඒ දරුවා දැක තියනවා. ඇය රූපයෙන් ද සුන්දර දරුවෙක්.

දැන් මේ අම්ම කියුව දේ තමා දහඅට වසරක් ගත වුණා කියන එක ඇයට සිහිනයක් කියල. ඇගේ ජිවිතයේ ඒ දහඅට වසරෙන්, වැඩි කොටසක් වෙන් වන්නට ඇත්තේ දරුවා වෙනුවෙන්. මා දන්නවනේ දෙදෙනෙකු බෙදා ගෙන කෙරුවත් කොතරම් කාලයක් මේ ගොල්ලන් වෙනුවෙන් යොදන්න ඕනෙද කියා. තනිව දරුවෙක් උස මහත් කිරීම ලෙහෙසි දෙයක් වන්නට නොහැකියි.

දරුවන් උස මහත් කරන්නට ඕනේ, ජිවිතයේ තමන්ට “කරන්නට” බැරි වුන දේවල් එයාල ලවා කරගන්න බලාගෙන නම් නොවේ.

ෂර්ලි අලුතින් ගයපු මේ පරණ ගීතය අහමු!

Advertisements

6 Comments

Filed under Opinion

6 responses to “ඔබෙන් හමු නොවෙයි දැන්?

  1. Pingback: ඔබෙන් හමු නොවෙයි දැන්? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඒක නම් ඇත්ත තමයි. සමහර වෙලාවට තමන්ට කරන්න බැරිවුණු දේවල් ළමයා ලව්වා කරවීම වගේම තමන් කරපු දේවල් කරන්න ළමයාට තහනම් කරන එකත් වෙනවනේ.
    තමන් != ළමයා කියන එක තමයි තේරුම් ගන්න ඕනේ. ඒ උනාට ළමයා ට තියෙන බැඳීම නිසා ප්‍රායෝගිකව කරන්න ගියාම අමාරු වෙන්න පුළුවන්…

    • ඔව් ඔව් නිරෝෂි ඔය දෙකම කරනවා.

      ළමයාට බැඳීමක් (සැබෑ) තියනවා නම්, ඒ දෙකම වැරදි නේද? දරුවා කියන්නේ වෙනස්ම කෙනෙක් නොවේද? ඔවුනට තේරීම් සඳහා, නොතේරුම් කාලයේදී අතදිය හැකි වුවත්, තේරීම් සඳහා දැනුම් තේරුම් ඇති විට කුඩා දරුවන් මෙන්, කරන්නට අවශ්‍ය විභාග, බඳින්නට අවශ්‍ය කෙනා, ජිවත් වෙන්න ඕනේ ප්‍රදේශය හෝ රට යනාදිය තෝරා දෙන්න යාම එනම් බලෙන් පැටවීම් (දරුවන් එම බලෙන් පැටවීම් ඉවසීම කියන්නෙත් ඔවුන්ව හදපු හැටි ගැන කීමක්) මා නම් දකින්නේ නියමම ගොන් පාර්ට් ලෙස. හැබැයි මෙව්වා ගැන කිසිවෙකුට උපදෙස් දෙන්න මා යන්නේ නැහැ.

  3. Anonymous

    Read

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s