සතොසින් බඩු විකිණීම!


අද කඩේ ගියේ මං  විතරයි. හවස පොඩි පංති  කටුවකටත් ගිහිං, ඒ ගමන්ම කඩේ සතියේ බඩු  ටිකත් ගන්න ගියා. බඩු  ටික ට්‍රොලියට දමන්  එන විට ඇරලා තිබුනේ එකම කවුන්ටරයයි. කොහොමද, කියල බඩු  මලු වලට දාන ගමන් ඇය, මට මෙම කවුන්ටරේ වසා ඇත කියන පුවරුව, පටිය පටන් ගන්න තැනින් තියන්න කියුව.

මොකෝ ගෙදර යන්න වෙලාව හරිද කියල මා ඇහුවහම, ඔව් හතට වැඩ ඉවරයි කියා ඇය  කියුව. මා වෙලාව බැලුව, හයයි හතලිස් පහයි. ඔබ කොහෙන්ද කියා ඇය ටිකකින් මගෙන් ඇහුව. “ආ මන් හිතුවේ ඔබත් ඉන්දියාවෙන් කියා, මට මහන්සියි කියල මගේ භාෂාවෙන් කියන්නයි ඕනේ වුණේ”.

“ඉතිං  ඔබ තව ටිකකින් වැඩ ඉවරනේ. ගෙදර ගිහිං  විවේක ගන්න හැකිනේ”. “නැහැ, මෙතන ඉවර වුණාට, මගේ වැඩ ඉවර නැහැ”. දැන් තව තැනකට යනවා කියල ඇය  කියුවා. සුන්දර යුවතියක් වගේම, ප්‍රිය මනාප කෙනෙක්.

හරි, හරි ඔබ දැන් ටිකක් කට්ට කෑවට, පස්සේ විවේක ගන්න හැකිනේ කියල මා කියුව. ඇය  කරන්නේ ගුරුවරියක් වීම සඳහා වන උපාධියක්.

අධ්‍යාපනය කියන්නේ හරිම පුදුම දෙයක්. ජීවිතය වෙනස් කර ගන්න අප ගොඩක් දෙනෙකුට ඕනේ වුවත්, එයට මාර්ගයක් නැහැ. අධ්‍යාපනය කියන්නේ ජීවිතය වෙනස් කරන දෙයක්. අප බොහෝ දෙනා ජිවිතයේ එක අවධියකදී කට්ට කන්නේ මේ වගේ ජීවිතය වෙනස් කර ගන්න.

මේ වෙනස් වීම හැමවිටම ආර්ථික නැහැ. ආර්ථික නොවන වෙනස් වීම තමා වඩාත් වැදගත්. හැබැයි නිකම් බොරු කියුවට, අප අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන ප්‍රධාන දෙය, ජිවත් වීමට අවශ්‍ය වන කුසලතා (ප්‍රධාන වශයෙන් රැකියාවකට අවශ්‍ය) ලබා ගැනීම.

මේ සතියේ කරලියට ආපු කරුණක් තමා අපේ කිරි ගොවීන්ගේ ප්‍රශ්නය. අර ලංකාවේ වගේ මේ වගේ දේවල් මතු වුනහම මිනිසුන් රැල්ලට වගේ අවදි වන්න පටන් ගන්නවා. ඉන් පසු ආයිත් නිදි.

කලින් සටහනක මගේ බඩු  ගැනීම් වල තේරීම් ගැන ලියුවහම කොහෙද ඉන්න පිල්ලියක් මට අවිහිංසක සුපර්මාර්කට් වලට පාඩු කරන්න එපා කියල තර්ජනාත්මක අවවාදයක් කර තිබුණා. මේ වගේ අයියල ගැන මට කනගාටුයි. ඒ නිසා වාදයට යන්නේ නැහැ.

දැන් කිරි කතාවට ආවොත්, මේ ප්‍රධාන සුපර්මාකට් ජාල දෙක පස්චරිකෘත කිරි, ඒවායේ නිෂ්පාදන වියදමට වඩා අඩුවෙන් දෙන්නේ වසර 2011 සිට. කොටින්ම කිරි ලීටරයක මිල, වතුර ලීටරයකට වඩා අඩුයි.

මා තේරීමක් ලෙස මේ කිරි කිසිදා ගත්තේ නැහැ. එයට හේතුවක් තිබුණා. ප්‍රධානම හේතුව මට පුළුවන් කම තිබීම. ඔව් ඉතිං  ඩොලරයක් හෝ ඉතිරි කර ගැනීම හොඳ දෙයක් තමා. හැබැයි මා තේරීම් කරන්නේ එවැනි සරල හේතුන් වලටම නොවේ.

මේ සුපර්මාකට් ජාල දෙකේ කිරි ලාභයට දීම යට තියන එක දෙයක් මේ ප්‍රවුර්තිය විස්තර කරනවා. අනේ අයියේ එයාලට පාඩු කරන්න එපා කියල පිල්ලි කියන විට මට සිනහා යන්නේ ඒ නිසා.

මේ වගේ සමාගම් වලට පාඩු වේවි, අනේ පව් කියල ගණන් හැදීම අප වැනි පාරිභෝගිකයන්ගේ කටයුත්තක් නොවේ. ඒ සඳහා, එනම් ලාභ සෙවීම සඳහා ඔවුන් පැය  24 රේම මිනිසුන් යොදවා වෙහෙසෙනවා.

මගේ තේරීම් වලට, උඹ ඕක කරන නිසා අපටත් පාඩු වෙනවා කියල කියන්න ඒම  මහා ගොන් කතාවක්. මා තේරීම් කරන්නේ වෙළඳපොලේ දැනටම තියන දේවල් වලින්. එවැනි අයට මා කියන්නේ උඹලත් තේරීම් කරපන් කියා.

කිරි විතරක් නොවේ, අනෙක් සිල්ලර බඩු  ටික ගැනීමේදීත් මා (අපේ ගෘහය) තේරීම් වලට යනවා. මේවා කලින් කලට ඇති වන රැලි මත රඳා පවතින්නේ නැහැ. ලංකාවේදීත් පුළුවන් හැටියට මේවා කෙරුවා, මෙහෙදිත් කරනවා.

සමාජය ගත්තොත් අපේ ගෘහය කියන්නේ ඉතා කුඩා ඒකකයක්. එවැනි කුඩා ඒකක  විශාල ගණනකින් සෑදී තියන සමාජයේ, අපේ තේරීම් වලින් වන විශාල බලපෑමක් නැහැ. හැම දෙනාම එහෙම හිතුවොත් කිසිදා වෙනස් වීම්  වන්නේත් නැහැ, බලපෑම් වන්නේත් නැහැ.

මා අද කිරි, වතුරට වඩා අඩු මුදලකට ගන්න තිබුනත් ගන්නේ නැත්තේ, අනාගතයේ මෙලමයින් සහිත කිරි බොන්නට අකමැති නිසා. හැම දෙයටම නියමිත මිලක් තියනවා. එය කෘතිමව අඩු කර තියනවා කියන්නේ, අප ඒ මිල වෙන කොහෙන් හෝ ගෙවනවා කියන එක. ඒ මිල ගොඩක් ලොකු (අර ඉතිරි කරන මුදලට වඩා) වන්න තියන හැකියාව වැඩියි.

Advertisements

8 Comments

Filed under Opinion

8 responses to “සතොසින් බඩු විකිණීම!

  1. Pra Jay

    ලංකාවෙ ආණ්ඩුවෙ කන්තෝරුවල දැන් අති බහුතරය කාන්තාවන්. සාමාන්‍යයෙන් වැඩ ඉවරවෙන්න පැය බාගෙකට කලින් ඒගොල්ලො වැඩ ඉවරයි

    • ඕක මෙතනට අදාළ වන්නේ කොහොමද ප්‍රා? මේ යුවතිය වැඩ ඉවර කරන විට හත පසු වුණා. මා බෝතලයක් අරන් එන විට තමා ඇය කවුන්ටරය වසා යන්න ගියේ. එවිට හතත් පසුවී විනාඩි ගණනක් ගිහින්.

      • ඇණයා

        දේවාල වල හැටි ඔහොම තමා, හිස මත කඩා වැටෙන්නත් පුළුවන් 🙂

      • Pra Jay

        මං කිව්වෙ මට ගිය සුමානෙ හමුවුන මෙහෙ රජයේ යුවතියන් ගැනයි. අදාලත්ව හීනතාවය පිලිබඳව ඔබේ සමාව අයදිමි 😀

        • ඕකනේ ප්‍රා මා හැමදාම යෝජනා කරන්නේ, “නිට්ටෑවන්ගේ ලෝකය” කියා බ්ලොග් එකක් ලියන්න කියන්නේ. ඔබට හමු වන යුවතියන් ගැන එවිට ලියන්න හැකියි.

          අදාලත්ව හීනතාවයන් පිලිබඳ ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම අර කතාව මොකක්ද? 😀

  2. Pingback: සතොසින් බඩු විකිණීම! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. වික්ටර් ගෘඅන්ගේ සංකල්පයෙන් දශක හයකට පසුව තාමත් ගොඩක් අය ප්‍රයෝජන ගන්නවා. ඩොලර් ෂොප් වල කරන්නෙත් ඔය දේමනේ. මෙහෙත් ඕල්ඩී වල ඔය මිල වෙනස තියෙනවා. ක්‍රෙඩිට් කාඩ් නොගැනීම, කවර නොදීම වගේ දේවල් නිසා වෙන අපහසුතාවයට වඩා ලාබය ගොඩක් වැඩියි.

    • වික්ටර් ගේ සංකල්ප විතරක් නොවේ, ලිටරලි සුපර්මාර්කට් දුඔපොලියක් තියන ඕස්ට්‍රේලියාවේ, උන් දෙන්නට කරන්න හැකි දේ විශාලයි. විශේෂයෙන් පාරිභෝගිකයන් හා නිෂ්පාදකයන්ව, ඔවුන්ට ඕනේ හැටියට කරකැවීම. දැන් මේවට නිදහස් වෙළඳ පොළ කියනවනේ. හරියටම ඇමෙරිකාව ඇෆ්ගනිස්ථානය, පකිස්ථානය වගේ රටවල් ගල් යුගයට දක්කල, ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගල අයිතිවාසිකම් ලොවට බෙදනවා වගේ තමා.

      මෙන්න ඉකෝ පහුගිය මාසේ දඩත් ගැසුව මොවුන් කරපු දෙයක්. දැන් අපට අනේ ඔයා සුපාර්මර්කට් වලට රිදවන්න එපා, ඒකෙන් අපටත් පාඩු වෙනවා කියන හොල්මන් මේවා කියවන්නේ නැත්ද?