සරතුත් ගියා එහෙනම්!


මා කැමති බ්ලොග් ලියපු අය ටික දෙනා මේකෙන් අයින් වී යන වග මා දුටුවේ කලක සිට. සමහරුන්ට අයින් වෙන්න මාත් එන්කරේජ් කර තියනවා. එයට හේතු මෙහි ලියන්න යන්නේ නැහැ. අපේ පෞද්ගලික ජිවිතයේ සාර්ථකත්වය බ්ලොග් ලිවීමට වඩා ගොඩක් වැදගත්. එයිට එහා යමක් මා ලියන්නේ නැහැ.

ඊයේ ප්‍රථම වරට, රාත්‍රිය මයිනස් ගිහින් තියන වග මා දුටුවේ, උදේ මිරිස් ගස් ටික මලානික වග  දැකීමෙන්. කඩා නොගත් මිරිස් සියල්ලම වැඩකට ගන්න බැහැ. මේක හැම අවුරුද්දෙම වෙනවා.

අද මා අල්මාරිය අස්  කරන්න තමා දවසින් වැඩි කොටසක් වැය  කෙරුවේ. රස්නේ කාලේ ඇන්ද  සේරම ඇඳුම් අද සේදුවා. ඒවායින් ගොඩක් එව්වා වේලා  ගන්නත් පුළුවන් වූවා.

මේ අස්  කිරිල්ලේදී මා දැකපු දෙයක් තමා ගිම්හාන හා එයිට පසු සරත් සමයේ නොඇඳපු ඇඳුම් ගොඩක් තියනවා කියන එක. මේවා මා  මිලදී ගත්තුවාම නොවේ. ගොඩක් එව්වා හම්බ වුන දේවල්.

ඒ හම්බ වුන දේවල් අතහැර මා ඇඳ  තියෙන්නේ වැඩිපුරම, මා මිලදී ගත්තු එක දෙක විතරයි. මේ මෑතක් වනතුරු මගේ ඇඳුම් තේරුවේ, මගේ ප්රියාදරවිය. හැබැයි ලඟකදී ඉඳන් මට ඕනි දේවල් මාම ගන්න පටන් ගත්තා.

ලංකාවේ පාසල් යන කාලයේ මට ගොඩක් ඇඳුම් තිබුණේ  නැහැ. සමහර වෙලාවට එය ප්‍රශ්නයක් වුණා. තරුණ කාලයේ වර්ණවත්ව අඳින්න අප හැම දෙනාම කැමති නේ. මං  හිතන්නේ එතැනදී ගැහැණු පිරිමි බේදයක් නැහැ.

අදත් මා අඳින දේවල් ගැන සැලකිලිමත්. අද අල්මාරිය අස්  කරන විට මට තේරුණේ , මට ඕනෙවටත් වඩා ඇඳුම් මට තියනවා කියන එක. ගිය ගිම්හානයේ මේ වගේම මට අනවශ්‍ය යයි තෝරලා චැරිටියට ගිහින් දැමුවා.

අදත් මට අනවශ්‍ය යයි හිතුන ඇඳුම් ටික චැරිටියට දෙන්න වෙන් කෙරුව.

ඉස්සර මට මතකයි කලකින් හමු නොවුණ  කෙනෙක් හදිසියේ දුටුවහම, කතා කරන්න කලින් දෙපතුලේ ඉඳන් ඔලුව දක්වා ස්කෑන් කරනවා. ඉන් පසුව ඇතිවන කතාබහ තීරණය වන්නේ ඒ ස්කෑන් එක අනුව.

මෙය අපගේ පරිණාමයේ එක අවධියක් නිරූපණය කරන්නක්. එනම් අපගේ පෙනුම තමා, අප කවුරුද කියන්නේ. සෙළුවැල්ලෙන් හිටිය අප, ඇඳුම් අඳින්න පටන් ගත්තට පසුව, ඇඳුම් තමා අප කවුරුද කියා පිටස්තර ලෝකයට හෙළි කර දුන්නේ. එයිට කලින් නම් ඇඟේ තියන මයිල් ගාණින් අප කවුරුද කියා වෙනත් අයට සිතා ගන්න හැකි වුණා.

Advertisements

16 Comments

Filed under Nature

16 responses to “සරතුත් ගියා එහෙනම්!

  1. මෙහෙ දැන් ඕකේ අනිත් පැත්ත රයිගම්. සීත ඇඳුම් සෝදා ටිකෙන් ටික අල්මාරියට යනවා, රස්නේ කාලෙට අඳින ඇඳුම්, ඩියොඩරන්ට් එලියට එනවා. තරුණ කාලේ ලස්සනට අඳින්න කැමති බව ඔබ ලියා තියෙනවා දැකල මට හරි සතුටු හිතුන, මොකද සමර් එකට අඳින්න ලංකාවෙන් එනකොට මම එහේ ඇඳ ඇඳ හිටපු ඇඳුම් අරගෙන ආවට, ෂොපින් ගියාම මෙහෙ තියන සමර් ඇඳුම් දැක්කම ඒවත් ගන්නව. අදත් එකක් ගත්ත, (බෙල්ට් එකක් ගන්න ගිහින්, ගවුමකුත් ගත්ත) ඉතින් මගේ නාස්තිය ගැන මටම දොස් පවරාගන්නා අතරේ ඔබේ ලිවීම දැක්කම, සතුටුයි 😀

    ඇඟේ තියන මයිල් ගණනින් මනින හැටි නිශ්චිත ක්‍රමයක් තියනවද නැත්නම් ඔබ නිකම් විහිලුවට කිවුවද?

    • මා නම් අදත් ලස්සණට අඳින්න කැමතියි. ඒ කියන්නේ තවම තරුණයි. මා ජිවිතයේ ලස්සනටම අඳින යුගේ තමා දැන් ගෙවන්නේ.

      මානවි දන්නවා ඇතිනේ ලස්සන ඇඳුම් හා ලස්සන හා පහසු ඇඳුම් කියා දෙකක් තියනවනේ. මා ඉස්සර ඇඳපු අපහසු ඇඳුම් විතරක් නොවේ සයිස් ද දැන් වෙනස් වෙලා. අන්න ඒකයි තියන ඇඳුම් වලින් සමහරකට මා ආස නැත්තේ. කඩේට ගිය විටක පහසු යයි හිතෙන ඇඳුම් අලුතින් ගන්නේ ඒ නිසා.

      //ඇඟේ තියන මයිල් ගණනින් මනින හැටි නිශ්චිත ක්‍රමයක් තියනවද //ඔන්න ඔබත් අහන්නේ අනවශ්‍ය ප්‍රශ්නනේ. 😀

      • ඊයේ කම්මැලි කමට ලියුවේ නැහැ. මයිල් කතාව විහිළුවක්. ඉස්සර මේවා ලියුවා. දැන් නැහැ.

        අපේ මයිල් හැලුනේ මෙයිට වසර මිලියනයකට වගේ එහා කියලා හමේ වර්ණය ගැන කරපු ජාන පර්යේෂණ වලින් කියනවා. හැබැයි අප ඇඳුම් අඳින්න පටන් ගත්තේ හරියටම කවරදා ද කියන එක නිශ්චිතව නිගමනය කරපු දෙයක් නොවේ.

        ඉඳිකටුව කියන දෙයට වසර හතලිස්දාහක පමණ ඉතිහාසයක් තියනවා. කියන්නේ, මිනිසා අප්‍රිකාවෙන් විසිරි විසිරි යන විටත් “ඇඳුම්” ඇඳීම ආරම්භ වී තුබුණා කියා.

        මේ ගැන ජාන පර්යේෂණ තියනවා. ඇඳුම් වල ඉන්න මකුණන් ගේ ජාන මගින් කරපු ගණන් හැදීම් තියනවා. මේවා පොස්ටුවකින් ලියන්න තරමට විස්තරාත්මකයි.

        කොහොමත් ඇඳීම කියන්නේ යුනිවර්සල් මනුෂ්‍ය චර්යාවක්. ඔබ ඩිඔදරන්ට් ගැන කියුවනේ. එය අහම්බයක්ද නැත්නම් හිතල කියපු දෙයක්ද? ඇඳුම් කියන්නේ එකක්, ඇඳීම කියන්නේ තවෙකක්. ඇඳීමට ඔය ඩිඔදරන්ට්, ක්‍රීම් විතරක් නොවේ, ශරීරයට කරන ඕනෙම වෙනස්කමක් ඇතුලත් වෙනවා. ඒ කියන්නේ ටැටූ, ප්ලාස්ටික් ශල්‍ය කර්ම, ව්‍යායාම පවා.

        ඉස්සර අපේ කට්ටිය කරපු ස්කෑන් ගැන ලියුවේ නිකම් නොවේ. ඇඳීම මගින් මිනිසා අනෙක් මිනිසුන් සමග කරන අන්තර්-චර්යා බොහෝ දුරට තීරණය කරන වග ඇඳීමේ චයිතසිකයන් ගැන කරපු පර්යේෂණ කියනවා.

        මා මා කලින් ලියා ඇති, මා ඉස්සර ඉගෙන ගත් පාසලක් බලන්න ගිහින් ටීචර් කෙනෙක් මට දොස් කියපු කතාවක්. ඒ මන් ඇඳල හිටපු හැටි බලල කියපු දෙයක්.

        පර්යේෂණ කියන්නේ, අප ඇඳල ඉන්න විදිහ අනුව, අනුන් අපව මනින හැටි වෙනස් වෙනවා කියන එක මිනිස් ස්වභාවයක් කියා. ගුරුවරුන් හා සිසුන් සමග කරපු පර්යේෂණයන් කියන්නේ සිසුන් ඇඳලා ඉන්න විදිහ අනුව එයාල දක්ෂ අයද නැත්නම් අපතයන්ද කියල ගුරුවරුන් විතරක් නොවේ, ශිෂ්‍යයන්ද පූර්ව නිගමනයක එනවා කියා. පාසල් නිල ඇඳුම් වැදගත් එක හේතුවක් අන්න ඒක.

        මේ ගැන මා වෙනම ලියන්න බලන්නම්.

  2. මගේ නම් බොහොමයක් කමිස සහ ටී-ෂර්ට්වලට සම්බන්ධ කතාවක් තියෙනවා. එනිසා මට ඒවා විසි කරන්න හිතෙන්නේ නෑ. මා ලඟ 1989 දී මිළට ගත් ටී-ෂර්ට් පවා දෙක තුනක් ම තියෙනවා.

    මා මිළට ගත් අලුත් ඒවා නම් අයින් කරන්න ලේසියි.

    සරත් ගියාට සිසිර එනවා නේ!

    • රසික, ඔය වගේ “කතා” තිබුන එව්වා සියල්ල ගිය වසරේ මා අයින් කර දැමුවා. ඒ නිසා අනවශ්‍ය ඒවා අයින් කරන අද ලෙහෙසියි.

      1989 ඒවායේ 30 වන සංවත්සරය සමරන්න වැඩි කාලයක් නැහැනේ. හොඳ බෝතලයක් සෙට් කර අපටත් ආරාධනා කලොත් නේද හොඳ?

      සිසිර ට මා කැමැති නැති එකනේ වැඩේ! 🙂

  3. Pingback: සරතුත් ගියා එහෙනම්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  4. ඒ ඒ කාලෙට අඳින්න තියන ඇඳුම් නිසා ඒකාකාරිත්වය බිඳෙනවා

    • Pra Jay

      We have only “rainy and sunny” here. I always thought that it must be interesting to change so much season to season.

      • ඔව් රුවන් ඇඳුම් වලින් ඒකාකාරිත්වය බිඳ වැටීමට අමතරව, පරිසරයේ වෙනස් වීම් ද මිනිස් පරිණාමයට බලපාපු වග කියනවනේ.

  5. මම යෞවනයා කාලෙනම් ඇඳුමට එතරම් විශේෂත්වයක් දැක්කුවේ නැහැ. ඊට වඩා වෙනස්ම ජීවන රටාවක් තිබුනේ. මමත් ලස්සනට අඳින්න කැමතියි.අනවශ්‍ය පොත්, ඇඳුම් නම් චැරිටි එකකට දෙනවා. සමහර විට චැරිටි ශොප්ස්වලින් ගිහින් පරණ බඩුත් ගන්නවා. අනවශ්‍ය සියල්ලක්ගෙන් ඉවත්වෙන එක තමයි දැන් කරගෙන යන්නේ. ඒක නිදහසක්.

    • පොත් නම් මචෝ කියවන්නේ නැති නිසා ප්‍රශ්නයක් නැහැ. මා මිලදී ගන්න ඇඳුම් ගොඩක් වෙලාවට පට්ට ගහන නිසා චැරිටි දෙන්න වෙන්නේ නැහැ.

      අනවශ්‍ය දෙවල් තියා ගන්න කොහොමත් බැහැ බන්. ගෙවල් ද විශාල නැහැනේ. මා කියන්නේ අපේ මොඩස්ට් ජීවිතය ගැන.

      යෞවන කලේ මට නම් සල්ලිත් තිබුනේ නැහැ. ඒ වගේම සමහර දේව ගැන අද අද තරම් උනන්දුවකුත් තිබුනේ නැහැ තමා. කොහොම වුවත් හැකි විදිහට නීට් එකට ඉන්න මා කැමතියි. 🙂

  6. වෙලාවකට උදේට අඳින්නේ (රැකියාවට) මොකද්ද කියල තීරණය කරන එකත් වදයක්. ඒවගේ තීරණ වලට නම් මහත්තයා ගෙන් කිසි සපෝට් එකක් නැහැ.
    මම : “මේ…අද මම මොකද්ද අඳින්නේ?”
    එයා: “ආ .. අර අරක අඳින්න”
    මම : “මොකද්ද?”
    එයා :”අර ලස්සන එක ”

    සිසිර හොඳයි ගෙදර හරියට insulate කරලා නම්. මේ දවස් වල වැඩ කරන තැන අපේ ස්ථිර ඔෆිස් එක අලුත්වැඩියා නිසා අපිව අවුරුදු පනහක් විතර පරණ හොල්මන් මන්දිරයක් වගේ එහෙකට මාරු කරලා 😦 හීට් කරාට insulation නැහැ. අපි පව්… ඉතින් අපි තව හීටර් දාගෙන. අන්තිමට ෆැකල්ටි එකට බිල එයි. අදාළ නෑනේ (අපිට) 😉

    • හයියෝ නිරෝෂි අපි වගේ ෆුල් හොට් එකට හිටියා නම් සීතලක් දැනෙන්නේ නැහැ. අනික, මෙල්බර්න් වල මොන හීතලක්ද?

      මොකද අනේ අඳින ඇඳුම වත් තෝරා ගන්න බැරි?

      මගෙනුත් සමහරුන් ඔය වගේ ප්‍රශ්න අහනවා. එතකොට දෙබස මෙන්න මේ වගේ (මේක නම් මා කියන්නේ ඉතාම සමීප, මගේ විහිළු දන්නා අයට විතරයි).
      එයා: බලන්න මේ ඇඳුම ලස්සනයිද?
      මම: ම්ම්ම්, ශාග් ඇඳුම නම් හරිම ලස්සනයි. …..හැබැයි ඕක අඳින්නේ නැතුව ආව නම් තවත් ලස්සනයි.

      • එයා (කාමරේ සිට )….මේ ගවුම ලස්සනද….
        මම (සාලයේ සිට )…හරි ශෝක් නේ…කොහෙන්ද ගත්තේ..
        එයා ….ආ ශෝක් නම් මොන පාට ගවුමද කියන්න.
        මට කට උත්තර නැත.. ශෝක් කිව්වට ගවුම දැක්කෙත් නැත.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s