කුඩා වූ බනිස් ගෙඩිය හා සත විස්සේ තේ කෝප්පය!


ඊයේ දවල් කන්න ගියහම සමහරදාට මන් කන එග් ඇන්ඩ් බේකන් රෝල් එකයි, කෝපි එකකුයි ගත්ත. ගෙවන්න ගියහම ඩොලර් හතයි පනහයි කියුව. වෙනදට බනිසය විතරක් ඒ ගාණ. ගාන හරිද කියා මා ඇහුවහම ඒ ලේඩි, ඔව් ඔව් ඕක තමා හරි ගාන කියුව. දෙකටමද කියල මා ඇහුවේ තවත් තහවුරු කර ගන්න. කෝපි එක එකතු කෙරුවේ නැති වෙන්නත් හැකිනේ. ඇය  පුවරුව පෙන්නුවා, කොම්බෝ එක $7.50යි. ඕකනේ කියන්නේ පුවරු කියවන්න ඕනේ සේරටම කලින්.

බනිස් ගෙඩිය ලැබුනහම මට තේරුණා වැඩේ. එය වෙනදා එකට වඩා කුඩායි. ඒ නිසාම දමන්න හැකි බේකන් එකත් කුඩායි.

හවස නොනාත්  පැමිණිලි කෙරුවේ මෙවැනිම දෙයක්. උයන්න අරන් ගෙනාපු සෝස් බෝතලය පාස්ටා එකට එකතු කෙරුවහම වෙනදා ඇති ප්‍රමාණය නැහැ. ඒ කියන්නේ බෝතලේ දැන් කුඩායි.

විකුණුම් මිල එහෙමම තියා ගෙන, ඉහල ගිය නිෂ්පාදන වියදම ලාභාංශ පාරිභෝගිකයන්ට නොදැනෙන්න කරන ප්‍රයෝගයක් තමා මේ.

දශක දෙකකට ආසන්න කාලයක් අර වගේ ප්‍රමානයෙනුත් කුඩා නොවුණ, මිලෙනුත් වැඩි නොවුණ, දෙයක් මා දිනපතාම ගන්නවා. ඒ තමා අපේ වැඩ කරන තැන තේ සමාජයේ තේක.

ගියවසරට එහා වසරේ මා මාරු වූ ගොඩනැගිල්ලේ (හොල්මන් නැහැ, අපට වඩා හැබැයි), ඉන්න තට්ටුවේ ටී  ක්ලබ් එකේ තේකේ  මිල 1997 අගෝස්තු හතර වෙනිද ඉඳල අද වෙනතුරු සත විස්සයි.

මේ තේකක් හෝ කෝපි එකක් කිරි ඇතුව හෝ නැතිව හෝ සීනි  ඇතුව හෝ නැතිව හෝ සත 20ට ගන්න හැකියි.

මේක කරන්නේ කොහොමද? මේ තට්ටුවේ වැඩ කරපු මිනිසුන් ගණන මේ දශක දෙක තුල ඉහල ගිහිල්ල තියනවා. එයිට අමතරව ලැබෙන මුදල තේ, කෝපි,  කිරි හා සීනි වලට වියදම් කරනවා මිසක්, ලාභයක් ගන්න හෝ වෙන දෙයකට යොදවන්නේ නැහැ.

හැබැයි මෙතන එක දෙයක් තියනවා. මේ දෙයටම කැපවුණ  එක අයෙක් හෝ දෙදෙනෙක් ඉන්නවා. ඔවුන්ගෙන් තොරව මෙයට පැවැත්මක් නැහැ.

ඒ විතරක් නොවේ, තමන්ගේ තැනක් නොවන කුස්සියේ සින්කය පවා පිරිසිදුව පවතින්නේ එක අයෙකු හෝ දෙන්නෙකු නිසයි. “පොදු” දේපොලක්  වන මෙය නැත්නම් මහා ජරා එකක් වනු නොඅනුමානයි.

ඊයේ හවස තේ බොන්න යන විට, මන් ඔය කදේ  දමන යුවතියකුත් එතන හිටිය. එයා තේ බීලා  යන්න ඔන්න මෙන්න හිටියත්, මන් ගිය නිසා පොඩි කතාවකට නැවතුනා. එතකොට තමා මා දුටුවේ ශීතකරණයේ කිරි නැති වග.

අර කාන්තාව කිරි බොන්නේ නැහැ. කිරි කතාව මන් කියුවහම, ඇය කියුවේ මෙතෙක් කල් කිරි ගෙනාපු කෙනා ගැනයි. ඔහු මේ දිනවල ගෙදර. දීර්ග නිවාඩුවක් අරන්. එයාගේ බිරිඳ හිටි ගමන් අසනීප වුණා. සමහරවිට අවුරුද්දකට එන එකක් නැහැ. යලිත් කිසිදා වැඩට නොඑන්න පවා ඉඩ තියනවා. ඒක  වෙනමම කතාවක්.

දැන් අරය කියුවේ කිරි ගෙනෙන්න දැන් කිසිවෙකු නැහැ. මන් එන්නේ බස් එකෙන් නැත්නම් මා ඕක කරනවා කියා. කුස්සිය පිරිසිදුව තියන එක හේතුවක් ඇය කියා මා දන්නවා. කිරි නොබොන කෙනෙක් එහෙම කියන කොට කිරි බොන මට නිකම් බලන් ඉන්න බැහැනේ. අද ඉඳන් කිරි ගෙනත් දමන්න මා බාර ගත්ත.

මෙතන තියන දේ තමා, මේ තට්ටුවේ ඉන්න සියලුම දෙනා මෙයට දායක වන්නේ නැහැ. එයින් ටික දෙනෙක් ඇත්තටම මේකෙන් තේ/කෝපි බොන්නේ නැහැ. හැබැයි තවත් ටික දෙනෙක් මුදල් නොදැම්මත් තේ හෝ කෝපි  හෝ බොනවා. සල්ලි දැමීමට තැනක් තියනවා මිසක් කිසිවෙකු එය අධික්ෂණයක් කරන්නේ  නැහැ. ඒ මොක වුවත් මෙහි තිරසාර පැවැත්මට එය බාධාවක් නොවේ.

මිනිස් වර්ගයා කියන්නේ සිතන්නට හැකි සතුන් කොට්ටාශය  කියන්නේ නිකම් නොවේනේ. අප අද ඉන්න තැනට ඇවිත් ඉන්නෙත් ඒ නිසාමයි. හැබැයි මේ ලෝකයේ සියල්ල අපේ අභිමතයට කරන්න බැරි වග අප දන්නවා.

බහුතර එකඟත්වයෙන් පොදු යහපත පිණිස වැඩ කරපු නිසා තමා, අනෙක් සතුන් සියල්ල අභිභවා අප අද ඉන්න තැනට නැගී ආවේ. එය අපේ පරිණාමයේ  අවධි සියල්ලගෙන්ම පෙනෙන කරුණක්.

අගමැති ජෝන් හාර්වර්ඩ් පසුගිය මාර්තුවේ රූපවාහිනී කතාවකදී කියුව දෙයක් මේ.

“People used to say to me, ‘You violated my human rights by taking away my gun’,” Mr Howard, who is regularly called upon by the US media to explain Australia’s gun laws, said.

“And I’d (say), ‘I understand that. Will you please understand the argument, the greatest human right of all is to live a safe life without fear of random murder’.”

මේ කතාව වෙනත් දේවල්  වලටත් ආදාල කර ගන්න හැකියි. මා කලින් සටහනකදී “නිදහස් වෙළඳපොල” ගැන කියන විට මිනිස් අයිතිවාසිකම් ගැනත් මතක් කෙරුවේ අප ජිවත් වන ලෝකය ගැන කියන්න.

මා නම් හිතන්නේ එහෙම නැතුව, එක එක කෙනාගේ නිදහස තහවුරු කිරීම කියා සමහරුන් අදහස් කරන දේ ඇත්තටම වුණොත්, මේ ලෝකය යලිත් අප ගහෙන් බැස්ස යුගයට ආසන්න යුගයකට යනවා.

හැබැයි ලෝකයේ අඩු එක දෙයක් තියනවා. අප දියුණු සත්ත්ව කොට්ටාශයක් තමා. නමුත් අද ඇවිත් ඉන්න තැන හින්දම පිරිසක් සිතනවා  මෙතනට ආවේ ඕපපාතිකව කියා. එයට ප්‍රධාන හේතුවක් තමා  මූලික දැණුම නැති  වීමත්, අද අප අයත් කරන් තියන සුවපහසු ජීවිතයත් (මේ සුවපහසු ජීවිතය කියන්නෙත් ඉන්න පරිසරයට හා කාලයට අනුව සාපේක්ෂ දෙයක්. නමුත් ඒ හැමතැනම ඒ සුවපහසු කම මෙයට වසර 20කට කලින්ට වඩා වැඩියි).

 

මේ කියන නිදහස් වෙළඳපොල ඉන්න පරිසරය හා කාලයට  අනුව සාපේක්ෂ දෙයක් මිස සිද්දාන්ත අනුව වැඩ කරන එකක් නොවේ. පාරිභෝගිකයන් වශයෙනුත්, පුරවැසියන් වශයෙනුත් අප (අපම හදා ගත්තු) මුලධර්මවාද  ඔස්සේ සිතන්නේ නැති තරමට මේ ලෝකයට හොඳයි.

පින්තූරයේ කතාව පසුවට!

 

 

 

 

 

 

 

Advertisements

13 Comments

Filed under Opinion

13 responses to “කුඩා වූ බනිස් ගෙඩිය හා සත විස්සේ තේ කෝප්පය!

  1. Pra Jay

    මෙහෙ චොකලට් පැකට් වගේ දේවල් කුඩා කරන්නෙ නෑ,පැකට් එකේ සයිස් එක එහෙමමයි . ඇතුලෙ හිස් වැඩියි. බර අඩුයි. නෙට් බර කියවන්නෙ නෑනෙ බොහෝ දෙනා

    • මෙහෙත් ඔය වගේ සමහර දේවල් තියනවා. කාර්ඩ් බෝඩ් පැකට් එක එකම සයිස්. හැබැයි ඇතුල හිස්.

      අපේ ඒකක බර අනුව මිල සඳහන් කිරීම නියමයක්. ඒ නිසා මං බඩු සසඳන්නේ ඒ අනුව. තියන කොන්සවටිව් රජය, අලුත් ලේබල් නීතියක් ලඟදි ගේන්න වැඩ පිළිවෙල හදල අවසන්. ඔවුන් නැවත නොතේරුණත් ඒ කෙරෙනවා. ඒ අනුව නිෂ්පාදනයේ ප්‍රභවයේ සියයට ගණන සඳහන් කරන්න ඕනි.

  2. ඇණයා

    රයිගම් මේ ලියල තියන ශෛලියට තමයි මම කැමති.

    • මගේ ශෛලයට කැමති තව එක අයෙක් හෝ ලොවේ ඉන්නවා කියා දැනගැනීමත් සතුටක් නේ! 🙂

  3. Pingback: කුඩා වූ බනිස් ගෙඩිය හා සත විස්සේ තේ කෝප්පය! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  4. මුදලාලි, මේ බලනවකො. මේ ප්ලේන්ටියේ මැස්සෙක්.

    එකයි පනහෙ ප්ලේන්ටියට මැස්සෙක් නැතුව කුකුලෙක් දාල දෙන්න කියලද මහත්තය කියන්නේ?

    • අලුතින් බෝඩිම ට ආපු තරුණයා, උදේ වතුර හොද්දේ පරිප්පු ඇට සොයමින්…
      ආන්ටි, ඊයේ එලි වෙනකම් පරාල වල මියන් නටනවා බලපු හින්ද නිද්ද ගියෙත් නැහැ. හැමදාම මෙහෙම වුණොත් නම් මම මෙතනින් යනවා.

      අනේ ළමයෝ, ඔය රුපියල් දෙසිය පනහට, කන්නයි, ඉන්නයි දෙනවා මදිවට අලි නැටුම් පෙන්වන ලේස්ති කරන්න කියලද මට කියන්නේ?

  5. දන්තාලේප ටියුබ් වලත් මැද හුළං පුරවා තිබෙනවා. එන්න එන්නම පාන් හැර අනෙකුත් බේකරි නිෂ්පාදන වල ප්‍රමාණය කුඩාවී තිබෙනවා. පොලේ දී එළවලු ගන්නා විට තරාදිය ගැන සුපරීක්ෂා කාරීව ඉන්න බව වෙළෙන්දාට පෙන්නුවොත් විතරයි නියම බරට කිරන්නේ. නමුත් අපේ ඇසට වැලි ගසන තරාදි තියනවා.

    දේශපාලකයන් විසින් කරන රැවටීම සෑම ක්‍ෂේත්‍රයකටම බෝවී තිබෙනවා.

    • විචා, දන්තාලේප ගැන නං කතා කරල වැඩක් නෑ. බාගෙට බාගයක් හුලං.

      • හුලං වලින් දත් ටික මැද ගත්තහම නරකක් වෙනවද විචා? හැබැයි ඔය බනිස් එහෙම ගෙදර ගෙනාවහම ජනෙල් වහල, අර දත් බෙහෙත් ටියුබ් ද වහල මේසෙට තියන්න. නැත්නම් එව්වා හුලඟේ ගහගෙන යාවි.

        අනික් දේ තමා ඇසට වැලි ගසන තරාදි. සුපිරි තරාදි ජාතියක්නේ.

        මා ලංකාවෙන් ඇවිත් දැන් සෑහෙන කලක් වුවත් ඔය අත්දැකීම් මටත් තියනවා. මන් කලින් ලියලත් ඇති. ඔය සමහර වෙළෙන්දන්ගේ බිල, අපි ඇඳලා ඉන්න විදිහට පවා වෙනස් වෙනවා.

        මන් හිතන්නේ “අලුතින්” හිතන මිනිසෙකු මේ සෑම සමාජයකටම ඕනි කරන දෙයක්.

  6. ඉස්සර නම් ලංකාවේ හාල්වලට ගල් එකතුකිරීම, සීනිවලට වතුර ගැහීමත් ඔය වගේ වැඩ තමයි.

    පොදුවේ තේ හදාගෙන බොන තැන සමහරු සුද්ධ කරන්නේ නැහැ.හැමදාම සුද්ධකරන කෙනාටම තමයි දිගටම කරන්න වෙන්නේ.. ඒ මනුස්සයා නිවාඩු යන දවසේ සින්ක් එකට උඩින් පොඩි නෝට් එකක් දාලා ගිහින් maid is on leave…pls do not clean the sink කියලා.

    • මතකද සේරුව, හුන්ඩුව වගේ හාල් මනින ඒවාගේ ඇතුල් පැත්තෙ අඩියට මොනවා හරි දාලා උස්සනවා ප්‍රමානය අඩුවෙන්න. එලියෙන් සේරුවයි, ඇතුලෙන් හුන්ඩු තුනයි.

      • මචං, අදත් ඔය හුලන් පුරවපු දත් බෙහෙත් ටියුබ් කියන්නෙත්, අර පතුලේ යමක් දමල උස්සපු සේරු ම තමා. හැබැයි මෙතැන නෙට් වෙයිට් එක සඳහන් වෙනවා. ඒ නිසා හාල් කිරීමේදී වගේ හොරයක් නැහැ.

        ඔය ඉන්ටර්නෙට් සෙකෙයෝරිටි මෘදුකාංග CD එකකින් ගන්නවා නම්, ලොකු පෙට්ටියකට දමල විකුණන්නේ. ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කෙරුවොත් භෞතික කිසිවක් නැහැ. හැබැයි කාදේ විකුණන්න එහෙම නොහැකියි. මෙච්චර පොඩි දෙයකටද අප අර තරම් ගෙවන්නේ කියා පාරිභෝගිකයා සිතනවා.

        අර සින්ක් එකේ කතාව ගොඩක් සිතන්න ඕනේ දෙයක් මචං. ගෙදරින් එළියට බහින විට ලයිට් සේරම නිවා යන අප (සේරම නොවේ, හැබැයි විශාල පිරිසක්) හවස ගෙදර එන විට වැඩකරන තැන කාමරේ ලයිට් එක දැල්වී තියෙත්දී එනවා! 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s