ඉග්ලු ගෙවල් වල පිග්මිවරුන්!


Image result for igloo houses

අදත් පුරුද්දට උදෙන්ම නැගිට්ට. ඉස්සර වගේ උදේට අමුතු කෑම හදන එක මා කරන්නේ නැහැ. ඒ වගේම දරුවන්ගේ කටයුතු වලිනුත් ගොඩක් දුරට අයින් වෙමින් යනවා. තමන්ගේ ආරක්ෂාව, තමන්ටම සලසා ගන්න හැකි වෙන පමණට උදව් කලහම ඇති නේ.

ඒ මදිවට පුතාගේ පාපන්දු තරඟය වැස්ස නිසා අවලංගුයි කියා ටෙක්ස්ට් පණිවිඩයකුත් ආව. අනාවැකි කියා තිබුනේ සති අන්තය තෙත එකක් වෙනවා කියා. පසුගිය සිසිරය පමණට වඩා වියලි එකක් වගයි දත්ත පෙන්නුම් කෙරුවේ. ඒ නිසා වහින එක නම් හොඳ දෙයක්.

සරත් අග හා සිසිරයේ වැටෙන වැස්ස වගාවන් වලට අත්‍යවශ්‍ය අංගයක්. නැත්නම් වැඩීමට අවශ්‍ය ප්‍රමාණයට පසේ වතුර එකතු වෙන්නේ නැහැ. තිරිඟු වැනි බෝග ගොඩක් වෙලාවට දැනටම ඉහල අවසන්. මේවා සිසිරයේ හිමිහිට වැඩෙනවා. ඒ කාලය නැතිනම්, වැඩිලා මල් හට ගෙන, ඇට හැදිලා චක්‍රය සම්පුර්ණ කරන්න එයාලට වෙලාවක් එන්නේ නැහැ.

ගොඩක්ම හිම වැටෙන රටවල් වලත් ජිවන චක්‍රය දිග තිරිඟු ලා පැල, හිමෙන් යට වෙලා තිබිල රස්නෙට මතු වුණ ගමන් වේගයෙන් වැඩෙන්න ගන්නවා. මෙතැනදී හිම තාප ප්‍රතිරෝධකයක් විදිහට වැඩ කරන නිසා, උස්ණත්වය සෘණ ගිහිං පැල මැරෙන්නේ නැහැ. අර ඉග්ලු ගෙවල් වල මිනිසුන් ඉන්නවා වගේ තමා.

Image result for pygmy

මේ ඉග්ලු ගැන මා නම් ඉගෙන ගත්තේ පොඩි පන්ති වල ස්වභාව අධ්‍යයනය කියන විෂයයට (මේ ශයනු ලයනු ඉන්ටර්නෙට් එකේ කොටන විට මහා කරදරයක්. මන් දැන් වැඩිය ගණන් ගන්නේ නැහැ. එන එක දමනවා). අර පිග්මි වරුන් ගම් වලට ඇවිත් බඩු එල්ලලා යනවා කියල තිබුනේ, කෙහෙල් කැන්වල.

ඔය පිග්මිවරුන් අපේ ගම් වලත් හිටියා, ඉස්සර කෙහෙල් කැන් වහල තිබුන නේ පොල් කොළ වලින් හැදුව කූඩු වලින්. රෑට එන පිග්මිල,කෙහෙල් කැන කපන් කුඩුව එල්ලලා යන නිසා අයිතිකාරයා දන්නේ ගොඩක් දිනකට පස්සේ. එතකොට පිග්මිලා කෙහෙල් කැන විකුණලා සල්ලිත් අරන්, කසිප්පුත් බිලා ඉවරයි.

අද පවා වෙළඳ බෝගයක් ලෙස වවන කෙසෙල් වල, කැන වහනවා. හැබැයි, ඉස්සර පොල්කොළ වලින් හැදුව කූඩ, අද පලාස්ටික් බෑග් වලින් විස්ථාපනය වී තියනවා. හැබැයි ඒවායේ අරමුණ එකමයි. අධ්‍යාපනයේදීත් අප භාවිත කරන මෙවලම් වෙනස්ව තිබුණත්, අරමුණ වෙනස්වී නැහැ.

උදෙන්ම මට මතක් වුණේ කුඩා කාලයේ රේඩියෝවේ ගිය මේ ගීතය. රෝහණ සිරිවර්ධන අපූරු කටහඬක් තිබුණ කෙනෙක්.

 

Advertisements

12 Comments

Filed under Education

12 responses to “ඉග්ලු ගෙවල් වල පිග්මිවරුන්!

  1. Pingback: ඉග්ලු ගෙවල් වල පිග්මිවරුන්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. කලකට පසු රයිගමෙ ගේ දවසේ ගීතය ඇහැව්වා.

    මා නම් කැමතිම රෝහණ සිරිවර්ධන ගේ ඔබේ අත ගෙන පෙර සැඳෑවක ගිතයටයි.

    • මගේ දවසේ ගීතයෙනුත් හැමදාම පොඩි කතාවක් කියනවා.
      ඒ ගීතයටත් මා කැමති විතරක් නොවේ, මේක සොයන විට ආපු එයත් උදේ ඇහැව්වා. 🙂

  3. කොංගෝ වල ඉන්න පිග්මිලා ගැන කොංගෝ වල ස්ටුඩන්ට් කෙනෙකුගෙන් ඇහුවා ; ඔහු කීවේ ඔහුද පිග්මිලා දැක නැති බවයි

  4. අපි කෙහෙල් කපන් ගියේ දවස් දෙක තුනකට ඇවරිය ගානේ. මොන කරදරයක්ද කැන් පිටින් කරගහගෙන යන එක 😀

    • මට මතකයි එහෙම කරපු එවුනුත් හිටිය වග. දඩවහල්ල ගානට තියනවා. ඇවරි එකක්වත් නැහැ. උඹ මේක දීප ව්‍යාප්තව කරපු දෙයක් කියල දන ගත්තේ අදනේ! 😀

  5. මෙහෙ සාප්පුවල් එළියේ එල්ලලා තියෙන ඉදුණු කෙසෙල් කැන් රෑට ගෙටගන්නේ නෑ. කවුරුවත් හොරෙන් කන්නෙත් නෑ. හැබැයි මුදලාලිලා දැලකින් වහනවා. මම ඇහුවා මොකටද ඔය දැල කියලා. මේ රෑට එන බැට්මෑන්ලගෙන් පරිස්සම් කරගන්න කියලා පොර කිව්වා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s