පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සණයි!


අද ලියන්න ආපු සටහන, ලකීට හා අපේ අජිත් ට පිළිතුරු ලිවීමෙන් පසුව ලියන්න හිතක් හෝ කාලයක් නැහැ. ඒකට මොකද, කලින් සටහනේ මගේ පිළිතුරු කියෙව්වොත් එයත් සටහනක් වගේම තමා.

මේ දිගටම උදේ එලියට බහිද්දී උෂ්ණත්වය පැරන්හයිට් අංශක සෘණ 4-5 ක තිබුණේ. හිම නොවැටුනට රෑට වැටෙන පින්න මිදීම නිසා, ශීතල වුවත් පරිසරය මාර චමත්කාර ජනකයි. වැඩට යන්න නොතිබුනා නම්, මගේ කැමරාවත් අරං පොටෝ ටිකක් ගන්න හිතුන.

අමිතා වැදිසිංහගේ පහත ගීතය අහපු වෙලාවේ, මට පින්න මල් ඇත්තටම මතක් කර ගන්න බැරි වුනා. අපේ වත්තේ පොඩි කාලේ තිබුන මල්.

IMG_20160615_072024379_HDR

මේ උදේ කැන්බරා

IMG_20160616_123140712

IMG_20160616_123150328

IMG_20160616_142325490.jpg

IMG_20160616_142328633

IMG_20160616_142332497

පළමු එකට පසු, ඔය සේරම නිව් සවුත් වේල්ස ගොවි බිම් මේ දිනවල පෙනෙන හැටි. මේ වසන්තය නොවුණත්, ගොවි බිම් වලට නියම වසන්තය මෙයම තමා. ඔය කොළ පැහැයට තියෙන්නේ පසුගියදා වැටුන වැස්ස නිසා “නිල්ල” ගැහෙමින් එන තණකොළ. හතරවන පින්තූරයේ  ඈතින්  ඉන්නේ එව්වා කන බැටළුවන්.

ඒ බැටළුවන් කන අය, මේ පින්තුර වල නැහැ. ලස්සණයි  නේද?

Advertisements

10 Comments

Filed under Agriculture, Comments, Opinion, Photography

10 responses to “පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සණයි!

  1. පින්න කොල කැන්ද කොල වගෙයි හැබැයි ටිකක් පුංචියි. හැලප හදන්ට ගන්නවාද නොදනිමි.

    පින්න මල් කෝපි මල් වගේ යැයි මතකයක් තිබේ. එසේ නොමැතිව, රතු පැහැති ලොකු කොල වර්ගයක් ගැන ද මතකයක් ඇත!

    • ඔව් රසික, ගූගල් දෙයියන්ට පින්සිදු වෙන්න මතක අලුත් කර ගෙන තමා මෙය ලියුවේ.

      පින්න කොළ වලින් හැලප හදන්න බැහැ. තිත්ත උරණවා.

    • කැන්ද වගේ ලොකු කොල තියෙන පින්න ජාතියෙන් කවුරුත් හැලප හදන එකක් නෑ.මොකද තම්බද්දි ගඳ ගහයි. පින්න කොල කොටල ගොම එක්ක බල්ලන්ගෙ ගෑවම මැක්කො හැලෙනව. තව හීනි කොල තියෙන සුදු පොකුරක් හැදෙන ජාතියකුත් තියෙනව​. මගේ ගෙදරට යන පාරෙ ඒව තිබිල මම ඉතුරු කරගත්ත​. ඒක කොලෙ පොඩිකලාම අර වගේ ගඳ නෑ

      • අන්න හරි ප්‍රමෝ, ජාති දෙකක් තියනවා නේද? ඔන්න ඕක තමා මගේ ඔලුව අවුල් කෙරුවේ. ඔය රතු මල් නේද, ලොරි වල දිගට ගෙනියන කඳන් වල අග අනතුරු හැඟවීමට ගහන්නේ/ගැහැව්වේ?

        ඔය කොළ වල තිත්ත හැලප වලට උරනවා මට හිතෙන්නේ. කැන්ද කොලවල තියන ඔතෙන්ටික රසයත් උරා ගන්න නිසා තමා හැලප රස. කෙහෙල් කොලෙන් බත් බැඳීම, මෙහෙ වයින් වැල් වල පත්‍ර වලින් කෑම එතිමේදීත් එම ක්‍රියාවලියම වෙනවා.

  2. Pingback: පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සණයි! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. රයිගමයා ඉන්න හරිය ලස්සනයි. දවසක් ඕස්ටේලියාව ට එන්නේ ඕනේ බලන්න.

    • වරෙන්, වරෙන්!
      ලස්සණ කියන දේ දකින ඇස්දෙක අනුව වෙනස් වෙනවනේ මචං. දැන් ඔය පින්න වැටුන පින්න මල් පොඩි කාලේ දුටුව විට, ලැබුන චමත්කාරය මේ පරිසරයෙනුත් විඳින්න හැකියි. එකම දේ නැවතිලා බලන්න ගොඩක් දෙනාට වෙලාවක් හෝ ඕනේ කමක් නැහැ. ජීවිතය පුරා අතීතයේම ජිවත් වීමත් එයට එක හේතුවක්. 🙂

  4. Rangi

    මතක විදියට පින්න කොල පොල් අරක්කු අහ්දන මලට තියලා ඔතනවා. දවසක් එහෙම එකක් දැක්කා. ඇහැව්වම කිව්වේ පොල් මලේ මොකක් හරි විශබීජ නැතිකිරීමේ ක්‍රියාවක් ගැන.

    පොඩි කාලේ පින්න මල් පාර දිගට තිබුනා. දැන් නම් මම හිතන්නේ ඒ ගස් අතුරුදහන්ම වෙලා වෙන්න ඕනේ.

    • පොල් මලෙන් කෙලින්ම අරක්කු එනවා නම් රංගි මං ලංකාව දාල එන්නේ නැහැ. 😀

      ඒ විහිළු. ඔබ කියන්නේ රා ගන්න මලට වෙන්න ඕනි. පින්න මල් ඔතන වැඩේ නම් මං අහල නැහැ. හැබැයි පැසීමේ ක්‍රියාවලිය ප්‍රමාද කරන්න හල් පොතු දැමීම හා කන හුණු ටිකක් මුට්ටියේ ඇතුලත ගාන එක නම් කරනවා. මේ හකුරු හදන්න පෙරන විට.

      අපි ඇවිදපු ගමේ ඉඩම් දැන් ගෙවල් හැදිලා මිනිසුන්ගේ ගහණය වැඩි වෙලා. බෝවිටියා, දං, පලු මොනවත් නැහැ. ඇඟේ නම් පලු එනවා මදුරුවන් ඕනි තරම් ඉන්න නිසා. 🙂