අපේ ගොනා අපට හොඳා? A man pleads guilty to making Facebook threats


දැනට දින කිහිපයකට කලින් මා ලියුව සටහනකට පාදක වුණේ  අඩත්තේට්ටම් හෙවත් බුලින් කියල සිංහලයෙන් කියන දේ ගැනයි. එයට අදාලව ලංකාවේ සරසවි වල පවත්වාගෙන එන නොයෙක් නම් වලින් හඳුන්වා ගන්න නවක සිසුනට වද  දීමත් මෙවැනි බුලින් ගණයට වැටෙන දෙයක්. ඒ ගැන මා යන්තමින් පමණක් ලියුවේ, මට අදාලත්වයක් නොමැති නිසා. නමුත් මා වගේම තවත් අය අදාලත්වයක් තිබුනා හෝ නැතා හෝ ඒ කතාබහ දිහා කනගාටුවෙන් බලා සිටිය වග තේරෙනවා.

ඊයේ පෙරේද මා කල්මරන්න කියවපු ලිපියකට අදාල වුණේ (ඕස්ට්‍රේලියාවේ) පාසල් වල තියන බුලින් හා ඒ හා බැඳුන කරුණු ගැනයි. එනම්, දරුවන්ගේ උපතින්ම එන බුලින් මානසිකත්ව හා නිවසේ (එනම් වටපිටාවෙන්) එයට එකතු කරන දේවල්.

ඊයේ කියවුන පුවතක් තමා කනිෂ්ට රග්බි ලීග් තරඟයකදී, තරඟයේ විනිසුරු කම් කරපු අවුරුදු 16 ක තරුණයට, එම තරඟයේ සෙල්ලම් කරපු දරුවෙකුගේ, පියෙක් පහර දීමේ කතාව. දැන් එවැනි ගෙදරකින් එන දරුවෙක් පාසැලේදී නරකට හැසිරෙන කෙනෙක් වීමේ හැකියාව වැඩියි.

මේකටම පටලව ගන්න හැකි පුවතක් අද ගෙදර එද්දී මා රේඩියෝවෙන් ඇහුව. එය ඕස්ට්‍රේලියානු නීතිය පවා අත්හදා බලපු අවස්ථාවක් ලෙසත් හැඳින්වුනා. එම පුවත මොකක්ද දන්නවද?

අන්තර්ජාල ෆේස් බුක් වල තර්ජනාත්මක කොමෙන්ටු පොස්ට් කරපු කෙනෙක් වරද පිලි ගැනීම තමා එය. මේ නඩුව, අන්තර්ජාලයේ කෙරෙන මෙවැනි තර්ජන වලට පවතින නීතිය  යටතේම පැනවිය  හැකි (හෝ නොහැකි) දඬුවම් ගැන පුර්වාදර්ශයක් සපයනු ඇතැයි  කියවෙනවා (The case is expected to set a precedent for whether threats made on social media are punishable under existing federal law).

ශාරීරික අඩත්තේට්ටම් මෙන්ම මෙවැනි (දුරක ඉඳන්, නොපෙනී) කරන මානසික අඩත්තේට්ටම් ද හරි දරුණුයි. මෙවැනි දේවල් මගින් මිනිස් ජිවිත නැතිවීම නිතර වාර්තා වෙනවා. දරුවන් අන්තර්ජාලයේ ඉන්නවා නම්, ඔවුන් කරන්නේ මොනවාද, කියවන්නේ මොනවාද, ආශ්‍රය කරන්නේ කවුද කියා සෙවීම හරිම වැදගත්. හැබැයි වැඩිහිටියන් කියා නැහැ අප පවා මෙව්වට වල්නරබල්. දුරසිට කරන මෙවැනි අඩත්තේට්ටම් කිරීම් (කරන්නාට) හරිම පහසුයි.

ලංකාවේ අඩත්තේට්ටම් වලට අහුවුණු සරසවි සිසුවිය පොලෝසි ගිය එක ගැනත්, එයාගේ දෙමාපියන්ගේ හයිකාරත්වය  නිසා, එම පැමිණිල්ල ට කඩිනමින්  පියවර ගත්ත එක තමා බොහෝ දෙනාට පරශ්නයක් වුණේ. වින්දිතයටම එළවා පහර දීම බුලින් වලද අංගයක්. හරි නම් එය අනෙක් අයටත්  පුර්වදර්ශයට ගන්න හැකි දෙයක් ලෙසයි උපුටා දක්වන්න තිබුණේ.

 

 

Advertisements

14 Comments

Filed under Opinion

14 responses to “අපේ ගොනා අපට හොඳා? A man pleads guilty to making Facebook threats

  1. Anonymous

    කාලීන ලිපියක්.

    අන්තර්ජාලය මගින්/කොමෙන්ටු මගින් සිදුවන බුලින් නිසා සිදුවන මානසික බලපෑම ගැන අපි ගොඩක් වෙලාවට වැඩිපුර හිතන්නේ නැහැ. නමුත් ඔබ කියනවා වගේ, එමගින් හානි සිදු විය හැකියි.

    කායික බුලින් වලදී ශාරීරිකව වේදනා දැනුනත්, මානසික බුලින් වීම එහෙම මනින්නට බැහැ නේ. අනික පුද්ගලයා ගෙන් පුද්ගලයාට ඒ සඳහා ඇති ටොලරන්ස් එක වෙනස්.

    සිසුවිය සම්බන්ධව සිදු වූ දේ නම් කණගාටුදායකයි. ඒ ගැන ඔබ කී දේට එකඟයි.

  2. Pingback: අපේ ගොනා අපට හොඳා? A man pleads guilty to making Facebook threats | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. බුලින් වල මහ ගෙවල් තමයි ලංකාවේ සරසවි.
    මගේ මිත්‍රයකු වූ කැළණි සරසවියේම මිතුරකු පැවසුවේ මේ වැනි නවකවද ක්‍රියා හැමදාම තිබුනා. මේ පාර සිස්සයෝ ගාන්ට බොහොම වැඩී.. ඒ නිසා තමයි මේ ගෑනුලමයාග‍ේ කතාව පොලිසි ගියේ කියලා..
    ඒ කියන්‍නේ පාලකයින් විදියට ඔවුන් බුලින් වලට සීමාවක් පනවලා මිසක ඒක නැති කරන්න උත්සාහයක් නෑ,.

    • ඔබ කියන කරුණ මා හරියටම දුටුවේ පසුගිය දා මේ බුලින් වලට සහයෝගය දක්කවපු හට පැනපු පිරිස් නිසා. මාර ගොන් අදහස් ටිකක් සමහර තැන් වල මා දුටුවා. එයින් එකක් තමා සරසවි ආ යුත්තේ බබුන් නොවන වග. තේරෙනවනේ මේ අයියලාගේ යටි සිතේ තියන දේවල්.

      පාලකයින් අයින් කරන්න වෙහෙසෙන්නේ නැහැ. මොකෝ මේවා එයාලට වාසියි. එයාල යටි සිතෙන් කියනවා ඇත්තේ ඔහොම යං කියල.

  4. මම ඇනෝ කොමෙන්ට් වලට විරුද්ධ ඒකයි.

    • උඹ ඕක ලියුව එක හොඳයි. සමහරුන් සිතනවා නමින් හෝ ප්‍රෆයිලයකින් එන එයාලට බුලින් කරන්න හා derogatory කොමෙන්ට් දමන්න පරම අයිතියක් තියනවා, නමක් නැතුව එසේ කිරීම විතරයි වැරදි කියා. මේ දෙකම එකයි.

      නම් අටවාගෙන, තමන්ට කිසිම වැරැද්දක් නොකරපු සිංහල බ්ලොග් ලියපු අය ගෙන් සමහරුන්ව පලවා හරිය වගත් රහසක් නොවේනේ. බුලින් මානසිකත්වය යනු එයයි. එනම් එයාල සතුට ගන්නේ තව කෙනෙකු තලා පෙලා දැමීමෙන්.

      සමාජයක් විදිහටත් මේ මානසිකත්වය ප්‍රවර්ධනය කිරීම් භයානක සෙල්ලමක්.

  5. Bullying පුදුමාකාර සමාජ ප්‍රශ්ණයක් වෙලා ඉවරයි නේද? ඔය නිසා දෙමාපියන් පැටලීම විතරක් නෙවෙයි පවුල් පිටින් පදිංචිය වෙනස් කිරීම පවා සිදුවෙන බව මම දන්නවා.
    ඉස්කෝල වලිනුත් එහෙම දෙයක් නොවුනා වගේ ඉන්න උත්සාහ දරනවා

    • බුලින් මේ සමාජයේ හැමදාම තිබුනා නේද මචං. අද ඒ ගැන වෙනදට වඩා එවයනස් එක වැඩියි හා එයට විරුද්ධව ගන්න ක්‍රියාමාර්ග වැඩියි කියලයි මට නම් සිතෙන්නේ.

      ඕස්ට්‍රේලියාවේ පාසල් ගත්තොත් මේ සම්බන්ධයෙන් ගොඩක් දුර ඇවිත් තියනවා. සයිබර් බුලින් කියන්නේ සාපේක්ෂව අලුතින් සමාජයට එකතු වුන දෙයක් නේ. දුර සිට කරන මේ බුලින් වඩාත් භයානකයි. මේ බුලින් කරන මිනිසුන්/ගැහැණුන් කවුන්ටර්-බුලින් වලට අසුවුනහම එහි භයානකත්වය තවත් පෙනෙනවා.

  6. බුලිං සහ හේසිං බටහිර රටවල තිබුනද පැමිනිලක් කරහොත් අදාල අායතනයේ ලොක්කාටද ටිකට් ඇදෙනවා. නමුත් ලංකාවේ සරසවි වගේ ආයතන නවක වද නිසා වන හානි වලට වග වීමක් නෑ

    • ඔව් මචං මෙහෙ සෑහෙන දුරක් ඇවිත් තියනවා තමා.

      මිනිසුන් මරපුවට වගවීමක් නැති රටක, ආයතනික වග වීම් කතා කරලත් වැඩක් නැහැ වගේ නේද?

      මන් නිතර කල්පනා කරන්නේ ජනතාවම තමා මේ බුලින් හා වගවීමක් නැති කම ප්‍රවර්ධනය කරන්නේ. අපරාධ කරපු (නිකම්ම එව්වා නොවේ මනුෂ්‍යත්වයට එරෙහි) එවුන් ලැයිස්තු වල ඉහලින්ම ඉන්නවා. සරසවි වල බුලින්, ඒවායින් බිහිවුන උපාධිධරයන්ම හොඳයි කියනවා. එතකොට මේවා සමාජයේ පවත්වාගෙන යාම, මොකා බලයට පත් වුවත් පහසුවක් නේද? මොකද අනික් පැත්තට දෙන්නේ ඒ සබුක්කුවෙන්ම තමා.

  7. Pra Jay

    bearing?