ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (1)


කෝච්චි  ගමන් නැති වුවත්, මා අද අවදි වූයේ උදේ පහයි දහයට. මෙතරම් පාන්දර අවදි වන සතියේ එකම දින බදාදා විතරයි. නිවස තුල උෂ්ණත්වය සෙන්ට්‍රිගේට් අංශක 13 ක් සේ සටහන් වුවත්, එලිය සෘණ අංශක 4 ක් වුණා. උදේ හතහමාර අට වන විට ඉර අවුව වැටුනත්, නමය  මාර වෙනකම්ම තණ පත් වල මිදී තිබුණ පින්න දියවී ගොස් තිබුනේ නැහැ.

ඊයේ ඉහතින් ලියන්න ගත්තු සටහන ඉවර කරන්න නොහැකි වුණේ  වෙලාවක් නොමැති නිසා නොවේ. ලිවීමට කම්මැලි නිසා. දැන් ඒ සටහන ලියන එක නිෂ්ඵලයි. අදත් වෙලාව තියන නිසා ඒ ඡේදය ඉවත් නොකරම මෙය ලියනවා.

පසුගිය මාසෙක ලංකාවට ගිය විට මා හා සහෝදරයෙකු අතර වුන කතාවක් තමා, රටක ටික කලක් ඉන්න එක හා දීර්ග කාලයක් ජිවත් වීම කියන්නේ දෙකක් කියන දෙය. අනික තමා රටක ශිෂ්‍යයෙකු වශයෙන් දිවි ගෙවන එකත්, පුර්ණ කාලීන වැසියෙකු වශයෙන් ජිවත් වන එකත් දෙකක්. මේ කතාව ඇදිල ආවේ යම් කිසි කරුණක් අප කතා කරන විට.

කෙටි කාලීන (දින සති හෝ අවුරුදු දෙක තුනක්) ජිවත් වීමකින් ලබන අත්දැකීම් හා දිග කාලයක් ජිවත් වීමෙන් ලබන අත්දැකීම් වෙනස්. අර මුල් එකෙන් ලබන අත්දැකීම් මත රටක් හෝ සමාජයක් ගැන කෙනෙක් පැමිණෙන නිගමන එතරම් නිවැරදි නැහැ. මා දැකල තියන දෙයක් තමා, එහෙම අය  එක්කෝ හරිම පොසිටිව් ලෙස හෝ හරිම නෙගටිව් ලෙස ඒ සමාජ හා රටවල් වර්ග කරනවා. මොකද, ඒ කෙටි කාලය තුල ලබන අහඹු වුවත් (මේවා අහඹුම  නැහැ) ප්‍රමාණයෙන් කුඩා අත්දැකීම් නිසා.

ඒ ගැන හරියටම මා පසුව ලියන්නම්. ඕස්ට්‍රේලියානු ආදායම් බදු දෙපාර්තමේන්තුව එලි දක්වපු වසර 2013/14 වලට අදාළ දත්ත වලට අනුව ඉහලම ආදායම් ලබන වෘත්තිකයන් වන්නේ විශේෂඥය ශල්‍ය වෛද්‍යවරුන්. ඊළඟටත් ඉන්නේ විශේෂඥය වෛද්‍යවරුන්. මෙයින් පසුව මූල්‍ය  උපදේශකයන්, නීති ක්ෂේත්‍රයේ අය හා පතල් ඉංජිනේරුවන් එනවා.

මා ඔය දත්ත ලියුවේ නිකම්. හැමෝම ඔය ක්ෂේත්‍ර වල ඉගෙන ගන්න ඕනේ කියන එක හෝ හැමටම එයට හැකියාවක් තියන එක හෝ ඕකෙන් ගන්න පුළුවන් ගෙදර අරන් යන පණිවුඩය ලෙස ගන්න එපා. හැබැයි වැඩිදුර ඉගෙනීම කියන එක, මා මේ සටහන් පෙලේ ඉදිරියට  උපුටා දක්වන ලිපියේ මෙහෙම හඳුන්වා තියනවා.

උසස් අධ්‍යාපනය කියන්නේ ජනගහණයක දැණුම, කුසලතා, රැකියා හා රැකියා  නියුක්තිය, අදායම්, ආර්ථික වර්ධනය, සංක්‍රමණය, පවුල් සම්බදතා නිර්මාණය යනාදිය නිර්ණය කරන ප්‍රධාන සාධකයක් විතරක් නොවේ, අනාගත පරම්පරා වල අධ්‍යාපන යොමුවීම් හා අනාගත ආර්ථික සමුර්ධියත් නිර්ණය කරනවා.

මෙතැනදී මා හිතන්නේ පාසලෙන් ඉවත් වුන පසු ලබන සියලුම අධ්‍යාපනයන් ඇතුලත් වෙනවා. දැන් ජනගහණයක  හැමටම සමාන අවස්ථා ලබා දුන්නත් දොස්තර කෙනෙකු, නිතිඥයයෙක්  හෝ පතල් ඉංජිනේරුවෙකු වන්නට නොහැකියි. කෙනෙක් උපතින්ම ගෙනෙන බුද්ධිමය කුසලතා මතත්, පරිසරයෙන් ලබන ඉගෙනීම් මතත් එය රඳා පවතිනවා. අනික සේරම බාබර්ලා වුණොත්, එකිනෙකාගේ කොණ්ඩා  කපා ගන්නවට වඩා දෙයක් කරන්න නොහැකියි.

අනික් කරුණ තමා දැන් මෙහෙම ඉගෙන ගත්තත් එවැනි උන්නතිකාමී කෙනෙක්, අතින් කටට යමක් දමා ගන්න දිවියකින් තෘප්තිමත් වී නවතින්නේ නැහැ. ඉගෙනීම් සඳහා පරමාදර්ශී ලෙස සමාන අවස්ථා ලබා දීල තියන පරිසරයක මිනිහෙක්, තමන්ගේ වෘත්තීය දිවියේ ඉහලටම ඇවිත්, ඒ වෙනුවට පේව්මන්ට් එකේ ගොඩනැගිලි ද්‍රව්‍ය විකිණීම ජීවිකාව ලෙස තෝරා ගැනීම අපට කරුණු දෙකක් අඩුම ගානේ කියනවා.

එකක් තමා එවැනි කෙනෙක් බලාපොරොත්තු වන ජිවන තත්වයක් තියනවා. අනික තමා මා අර මුලින් උපුටා දක්වපු පරිදි උසස් අධ්‍යාපනය නිසා රටක හා අනාගත පරම්පරාවේ ආර්ථික සමුර්ධිය රඳා පවතිනවා කියුවට, එය උසස් අධ්‍යාපනය නිසා පමණක් සිදුවන්නේ නැහැ.

මතු සම්බන්දයි!  😉

 

 

 

 

Advertisements

15 Comments

Filed under Education, Opinion

15 responses to “ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (1)

  1. Pingback: ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (1) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Rangi

    “කෙටි කාලීන (දින සති හෝ අවුරුදු දෙක තුනක්) ජිවත් වීමකින් ලබන අත්දැකීම් හා දිග කාලයක් ජිවත් වීමෙන් ලබන අත්දැකීම් වෙනස්. අර මුල් එකෙන් ලබන අත්දැකීම් මත රටක් හෝ සමාජයක් ගැන කෙනෙක් පැමිණෙන නිගමන එතරම් නිවැරදි නැහැ. මා දැකල තියන දෙයක් තමා, එහෙම අය එක්කෝ හරිම පොසිටිව් ලෙස හෝ හරිම නෙගටිව් ලෙස ඒ සමාජ හා රටවල් වර්ග කරනවා. මොකද, ඒ කෙටි කාලය තුල ලබන අහඹු වුවත් (මේවා අහඹුම නැහැ) ප්‍රමාණයෙන් කුඩා අත්දැකීම් නිසා.”

    මේක කියවන්න ආවේ මාතලන්ගේ බ්‍රෙක්සිට් හා ඉස්තාන්බුල් ඇටෑක් එක ගැන කියවලා ඒ ගැන කිහිප දෙනෙකුගේ අදහසුත් කියවලා ආවම…
    ඒක හින්දාම මේක තදට දැනුනා. හයිලයිට් කරන්න තරම්.

    • ඒකනේ කියන්නේ රංගි, මේවත් තදට දැනෙන සටහන්නේ? ඔය ඇණය ඔලොක්කු දැමුවාට බය වෙන්න එපා, දෙවෙනි සටහනත් ලියනවා. 🙂

  3. හැම එකාම බාබර්ලා වුනොත් මචං අනිවාර්යයෙන්ම උඹේ කොණ්ඩෙ කපාගන්න කැතම හෙයාකට් එක තියෙන බාබර්ව ‍තෝරාගනිං. ඇයි කියලා කියන්න ඕනෙ නෑනෙ.

    • හරි කියපන් බලන්න, සේරම චෙෆ් ල නම් කා ගවටද කන්න යන්න ඕනේ? කෙට්ටු එකෙක් ගවටද, මහත එකෙක් ගාවටද? 😀

      අර $5 හෙයා කට් බාබර් සාප්පුවට අල්ලපු බාබර් සාප්පුවේ තිබුන දැන්වීම මතකද ;we fix $5 hair cut for $25!

      • 😀 හොයන්නේ සෞඛ්‍යසම්පන්න කෑමද, රසවත් කෑමද කියන එක මතද ඒක රඳාපවතින්නේ, රයිගම්?

        • මචං උඹ එක්ක නම් මේ කෙලිය කරන්න බැහැ. ඕකට උත්තර දුන්නොත්, මගේ සටහන ලියන්න බැරි වනවා. කෙට්ටු කෝකියා විශ්වාස කරන්න එපා කියන සම්ප්‍රදායික කියමන, මා ප්‍රතික්ෂේප කරන දෙයක් වග මේ සටහන් කියවන උඹ දන්නවනේ. 🙂

  4. ඇණයා

    මේකත් / මතු සම්බන්දයි! 😉 / ලූ, ඒ් සම්බන්ධයත් මේ සම්බන්ධය වගේ ද? / ඊයේ ඉහතින් ලියන්න ගත්තු සටහන ඉවර කරන්න නොහැකි වුණේ වෙලාවක් නොමැති නිසා නොවේ. ලිවීමට කම්මැලි නිසා. දැන් ඒ සටහන ලියන එක නිෂ්ඵලයි. අදත් වෙලාව තියන නිසා ඒ ඡේදය ඉවත් නොකරම මෙය ලියනවා. / 🙂

    • මේ ඇණයක් වෙන්න එපා හරිද? 😀

      ඔහොම ඉන්නකෝ ලියන කම්….

  5. අදහසට එකඟයි තවරිෂ්. අවුරුදු විසි ගනනක් එංගලන්තේ ජිවත් වන මම යුරෝපෙන් යන්න එපා කියද්දී අවුරුදු තුනකට කලින් එංගලන්තෙට ආපු එකා රුමේනියනුන් එළවනු කියනවා. මටත් උන් කරදරයි තමා. නමුත් හැම කෙනෙකුටම තමන්ගේ ජීවිතය හදා ගන්න චාන්ස් එකක් දෙන්න ඕනේ නේද ?

    • ලියන්න ආවේ එකක්. උඹ ඔය මතු කරන අදහස ගැනත් ස්පර්ශ කරන්න ඕනේ.
      සංක්‍රමණිකයන්, තවත් සංක්‍රමණිකයන් එළවනු කීම නම් හොඳටම ඔක්සිමොරෝන්.

  6. /* ඉහලම ආදායම් ලබන වෘත්තිකයන් වන්නේ විශේෂඥය ශල්‍ය වෛද්‍යවරුන්. ඊළඟටත් ඉන්නේ විශේෂඥය වෛද්‍යවරුන්. මෙයින් පසුව මූල්‍ය උපදේශකයන්, නීති ක්ෂේත්‍රයේ අය හා පතල් ඉංජිනේරුවන් එනවා. */

    ඔය පිරිස අතරින් කිසිම අවදානමක් නැති රැකියාව තමයි මූල්‍ය උපදෙස් දීම. ලාභ පාඩු ප්‍රශ්නයක් නැතුව කමිෂන් ලැබෙනවා!

    අන්න ලබන ආත්මේවත් කරන්න ඕනෑ ජොබ් එකක්!

    • එයාල ගැන නම් කියල වැඩක් නැහැ. කොයි පිට පෙරලුනත් ගාණ කැපෙනවා. 🙂

      මේ ඒක නොවේ රසික, ලබන ආත්මේ පතල් ඉංජිනේරුවෙක් වුණා නම් එයිට පහසුයි නේද? මේ ආත්මෙ නිසා, සමහර යුනිට් වලට ක්‍රෙඩිට් හම්බ වේවි. කොහොමද හොඳ පතලක් හාර ගත්තොත්? ජිවිතයම ගොඩ තමා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s