Monthly Archives: July 2016

වෙන් වූ තැන් කරා -ආයෙමත් පැමිනීලා?


IMG_1537

(අවුරුදු මිලියන අටසියයකට පමණ පෙර, මුහුදු පතුලක් අද)

අද අද  ප්‍රවුර්තියක් තමා හෙට සිට නිව් සවුත් වේල්ස  ප්‍රාන්තයේ දොස්තරලට ඖෂධීය කංසා, දැනට සම්මත බෙහෙත් වලින් තව දුරටත් ප්‍රතිඵලයක් නොලබන, එයාලගේ ලෙඩුන්ට නිර්දේශ කරන්න පුලුවන්. එය දිර්ගකාලින කතා බහකින් පසුව ගත්තු, එවිඩන්ස්  බේස්ඩ්  ප්‍රතිපත්තිමය වෙනසක්.

අනික තමා මේ වසරේ ෆෙඩරල් රජය ගෙන ආ තවත් ප්‍රතිපත්තියක් නිසා, වයස අවුරුදු 5 ට වඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ ප්‍රතිශතය ඉහල ගිහින් තියන මේ ප්‍රවුර්තිය. සමාජයේ කොටසක් තමන්ගේ මතවාද අනුව යමින්, දරුවන් ප්‍රතිශක්තිකරණය නොකිරීම නිසා සමහර ප්‍රදේශ වල, මැඩපවත්වා තිබුන රෝග වල පැතිරීමක් තියන වග වෛද්‍ය වරුන් නිතර පෙන්වා දෙනවා. කොමියුනිටි ඉමියුනිටි  කියන තත්ත්වය සමාජයේ නැති වුනොත්, විවිධ හේතු නිසා ප්‍රතිශක්තිකරණ වලට ලක් කරන්න බැරි කාණ්ඩ ද අමාරුවේ වැටෙනවා.

දැන් සිගරට් බොන කෙනෙකුගේ නිදහස කියා ප්‍රසිද්ධ තැන්  වල දුම් අදින්න දුන්නහම, දුම් නොබොන අයගේ නිදහස නැතිවීම වගේ තමා. බහුතරයක් අගතියට පත් කරමින් සුළුතර කොට්ටාශයක “නිදහස” තහවුරු කිරීම එක අතකින් මිත්‍යාවක්. අනෙක මිනිසෙකුට ජිවත් වීමට ඇති පරම අයිතිය, තවත් නිදහසකින් නැතිවී යනවා නම්, අප තෝරා ගන්න ඕනේ මොන නිදහස ද කියන එක ලොකු උභතෝටිකයක් නොවේ.

 

 

එකම දේ ලිවිම එතරම් හොඳ නැහැ තමා. මා කලින් උපුටා  දක්වපු මේ ප්‍රවුර්තියේ  තියෙන්නේ සමාජයේ තියන (අන්තර්ජාලය නිසා පැතිරවීමට වඩාත් පහසු) මනස්ගාත වලට කන් දෙමින්, කක්කල් කැස්සට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කර ගර්භනී වූ මවකගේ කතාව.

ඇය  මෙහෙම කියනවා “I’ve been a very healthy pregnant woman, no problems, no complications, worked out, went to gym, ate very healthy, had a natural birth and somehow in the last two weeks of my pregnancy I managed to get whooping cough, I didn’t know,”

දරුවා උපදුන පසු පවතින අනවරත කැස්ස ගැන සොයන්න දොස්තර ගාවට ගියහම තමා ඇය මේ වග දැන  ගෙන තියෙන්නේ. මේ ඇය  තවදුරටත් කියන කතාව. “Unfortunately we have been in hospital for the last three weeks, um, yeah, Eva (මේ එයාගේ දරුවාගේ නම) was diagnosed with whooping cough and yeah, it’s been a nightmare”.

“Somehow in the process of the last two weeks of my pregnancy I’ve managed to get whooping cough. A baby that just coughs, and coughs, and coughs”.

“If I could turn back time, I would protect myself.” මේ මිනිසුන් ත්‍යාගයක් ලෙස ගන්නේ සමුහයක් වශයෙන් අප ප්‍රතිශක්තිකරණය ලබාගෙන තියෙන නිසා, එම කුඩයේ  ආවරණයයි. ඔව් සමාජයේ ටික දෙනෙකුට ප්‍රතිශක්තිකරණය නැතුව ඉන්න ට හැකියි. මොකද බහුතරයක් ලෙඩ වලට ප්‍රතිරෝධී නිසා, වසංගතයක් ලෙස පැතිරීමේ අවදානමක් නැහැ. ඉස්සර ලක්ෂ ගණන් මිනිසුන් එකවර මෙලොවින් තුරන් කෙරුව වසංගත, අද අඩු ඒ නිසා.

අලුත් වයිරස් ආසාදන වලට මිනිසුන් ලක්වන විට (මෙතෙක් එන්නත් සොයන නොමැති) ඇති වන තත්වය ඔබට පෙනෙනවානේ. සමාජයක් වශයෙන් ප්‍රතිරෝධී වෙන්න, සමාජයේ ඉන්න පිරිසගෙන්  95% ක් පමණ එන්නත් අරන් තියෙන්න ඕනෙය කියා වෛද්‍යවරුන් කියනවා. මේ තත්වය සමාජයේ තියන විට (එනම් කොමියුනිටි ඉමියුනිටි තියන විට) ඉන්න 5% ක වගේ ඔල්මොරොන්දම් පිරිසට, පදනමක් නොමැති කතා කියමින් ජෝගි නටන්නට පුළුවන් (සමාජයේ කුඩා පිරිසකට නොයෙක් හේතු නිසා ප්‍රතිශක්තිකරණය ලබා ගන්න බැරි වගත් අමතක කරන්න එපා. අලුත උපන් දරුවනුත් එයින් එක කොටසක්. තව ඉන්නවා).

හැබැයි එයාලගේ කල්ලිය  විශාල වන විට, ඔන්න වැඩේ වෙනස් වෙනවා. පළමු ලෝකයේ රටක් යයි කියන ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශ වල, මැඩ  පවත්වා තියන රෝග වල පැතිරීමක් වෛද්‍ය වරුන් වාර්තා කරනවා කියා මා කලින් ලියුව කරුණ එයට අදාලයි. අනික, මෙය ප්‍රතිශක්තිකරණයට විතරක් අදාළ කතාවක් ද නොවේ.

මා කියනවනේ අප අද ඇවිත් තියන තත්වයට ඇවිත් ඉන්නේ කොහොමද කියන එක සහමුලින් අමතක කර පුද්ගල නිදහස වගේ නන්නත්තාර වූ අදහස් සමාජයේ බෙදමින් යන පිරිසක් ඉන්නවනේ. ඔය අප අතීතයේ හිටපු එක අවස්ථාවකට මෙයාලට යන්න දුන්න විට, අර මවට තේරුණා  වගේම, අපේ මනුෂ්‍ය ශිෂ්ටාචාරය අද ඇවිත් තියන තැන ගැන සැබෑ අවබෝධයක් ලැබේවි. එයට  තියන ඉඩකඩ, එනම් ආපස්සට යාමට තියන ඉඩ අද බැහැර කරන්න බැහැ.

බටහිර වෛද්‍ය විද්‍යාව, නුතන කෘෂිකර්මය හා අපගේ තාක්ෂණ දිවිය කිසිම වැඩකට නැතිය, අපගේ සම්ප්‍රදායික දැනුම් පද්ධතිය ඔයිට වඩා හරි ලොකුය කියන පිරිසට මා නම් කියන්නේ, මේ නව දැනුමට අනුව හදා දුන්න බ්ලොග් වල ඔව්ව ලියමින් ඉන්නේ නැතිව, ප්‍රායෝගිකව අපගේ ජීවිතය යහපත් කර ගන්න හැකි එකම එක දෙයක්, ඔබලාගේ දැනුම් පද්ධතියට අනුව අපට කියා දෙන්න කියලයි. අඩුම ගානේ  අපට කියල දෙන්න ඕනෙත් නැහැ, ඔය ඔබලාට ඉන්න ස්වජාතක දරුවන්ට කියා දෙන්න (හැබයි ඔන්න එයාල බටහිරට පනින්න කලින් හොඳේ). ඉන්පසු ඔබලාගේ විසඳුම් සොයා එන පිරිස් නිසා, ඔබල ඉන්න රටවල් පවා සමුර්ධියෙන් උතුරා යනු ඇති.

අද පවා ගර්භනී මව් වරුන් මිය යනවා, ලපටි දරුවන් මිය යනවා, සමහර ලෙඩ රෝග වලට බෙහෙත් තියා, එව්වා හැදෙන්නේ කොහොමද කියන එක වත් සොයාගෙන නැහැ. හැබැයි අතීතයේ හොඳට කමින් බොමින්, සෞඛ්‍යමත් ජිවිතයක් ගත කෙරුවා යයි සිතන අයියල මල්ලිලා පොඩියක්  අතීතයට ගොස් බලන්න. මහා දුර යන්න ඕනෙත් නැහැ.

//වසර 1970 දී ලෝකයේ ළදරුවන්ගෙන් 5%කට තමා ජිවිතසුරක්ෂිත කරණ ප්‍රතිශක්තිකරණය එන්නත් ලබා දුන්නේ. අද වෙනකොට එය 80% ක්. වසර 1990 හා සසඳන විට අවුරුදු පහට අඩු ළදරු මරණ ගණන අද 50% කින් අඩුවී තියනවා. මෙය තවත් ආකාරයකින් කියුවොත් 1990 දී වසරකට සිදුවුණ අවුරුදු පහට අඩු ළදරු මරණ මිලියන 12.7, අද වන විට වසරකට මිලියන 6.3 දක්වා අඩුවී තියනවා. මයිකල් කියන්නේ සිතන්න මේ නිසා අඩුවී තියන මල ගෙවල් ගණන හා මිනිසුන්ගේ දුක් වේදනාවන් ප්‍රමාණය. අන්න එක අප නිතර කල්පනා නොකරන දෙයක්.//

ඔය මා ගිය වසරේ මුල ලියූ  සටහනකින් කොටසක්. අප සමාජයක් හැටියට (ලෝකේ කුමන රටක ජිවත් වුවත්) අද වඩා සෞඛ්‍යමත්  (ඒ කියන්නේ නොමැරී ඉන්න හැකි වැඩි විභවයක් තියනවා. හැබැයි ඒ  යුද්ද කරන මෝඩ තලේබාන් රටවල් හැරුණු කොට; සිතන්නට නොහැකි අඩු IQ ධාරිතාවයකින් යුත්, මේ අයියලත් මෙලොව ඉතිරි වී ඉන්නේ, ඔවුන් කුඩා කල ඔවුන්ගේ රටවල් වල ඇති වුන ප්‍රතිශක්තිකරණ විප්ලව නිසාම තමා) ජිවිතයකට හිමිකම් කියන්න විතරක් නොවේ, පසුගිය දශක දෙක තුන තුල බඩගින්න පවා අඩුවෙලා තියනවා. මේ සංඛ්‍යා ලේඛන මෙහි කලින් සටහන් වල ඇති. උපුටා දැක්වීම වැඩි නිසා එව්වට යන්නේ නැහැ.

මේ මොනවා වුවත්  මිනිසාගේම සක්සෙස් ස්ටෝරි නිසාම, සමාජයේ යමක් නිවැරදිව තේරුම් ගන්න බැරි අයටත්  අද මහා දේශනා කරුවන් වීමේ අවස්ථාව හිමිවී තියනවා. එය සමහරවිට ජීවිතය ෆෝ ග්රාන්ටඩ්  ගන්න අපටම, ඉන්නේ කොහෙද කියා මතක් කර දෙන ටොක්කක් විය හැකියි.

(දිග වුණහම  අපෝ දී වැඩිය කියන නිසා කොට කෙරුව. එය හොඳටම කොටයි කියුව නිසා සින්දුවෙන් පහල කොටස් යලි එකතු කෙරුව. මේවා කලින් ලියා තිබුනත්, නව කියවන්නේ ප්‍රයෝජනය පිණිස පුනරුච්චාරණය කෙරුවා.ව්‍යාංජන  හදන හැටි බලන්නට ඇවිත්, සිත් අමනාප කර ගන්න නිසා, සුපුරුදු නොගැලපෙන මාතෘකාවක් යෙදුවා).

8 Comments

Filed under Opinion