ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (2)


අපේ මැතිවරණ දිනය ඊයේට යෙදී තිබුණ.  සංක්‍රමණික ඇමති පීටර් ඩටන් මැතිවරණ ව්‍යාපාරයේ මුල් අවධියේ රූපවාහිනියක් සමග (එහි ප්‍රවුර්ති ඉදිරිපත් කරන්නෙකු) කරපු කතා බහකදී මෙන්න මෙහෙම කියුවා;

“They won’t be numerate or literate in their own language, let alone English.These people would be taking Australian jobs, there’s no question about that.For many of them that would be unemployed, they would languish in unemployment queues and on Medicare and the rest of it so there would be huge cost and there’s no sense in sugar-coating that, that’s the scenario.”

ඔහු මේ අදහස් කියුවේ, හරිත පක්ෂය කරපු යෝජනාවක් නිසා. එය නම් ඕස්ට්‍රේලියාව  බාර ගන්න “අනාථ පිරිස” පනස් දාහ දක්වා වැඩි කරන්න ඕනෙය කියන එක. මේ කරුණ දේශපාලනයේදී විශාල පිරිසකගේ චන්දය දීම තීරණය කෙරෙන එක දෙයක්.

දේශපාලකයින් කියන පරස්පර ප්‍රකාශ එක රටකට සීමා  වන්නේ නැහැ. එක විට රැකියාත් උදුරා ගන්නවා කීම හා විරැකියා පෝලිම් වල දුක් විඳිනවා කීමම පරස්පරයි.

හැබැයි ඔහු කියන දෙයක් ඇත්ත. මෙසේ බෝට්ටු වල එන පිරිසෙන් විශාල පිරිසක් ඉහල අධ්‍යාපනයක් ඇත්තන් නොවේ. දේශපාලන හෝ ආර්ථික හේතුන් මත ඉපදුන රටින් පැන, හොඳ ජිවිත සොයා ආවත්, ඔවුන්ගේ ජිවන විලාසිතා, අභිලාෂයන් හා තවත් නොයෙකුත් දේවල්, මේ පරිසරයට ගොඩක් ආගන්තුකයි.

ඒ විතරක් නොවේ, ඉහල අධ්‍යාපනයක් සහිතව එන අයත් ගොඩක් වෙලාවට සංස්කෘතික ලක්ෂණ, ජිවන විලාසිතා හා ජිවිත අභිලාෂයන් අතින් මේ රටේ පැලපදියම් (පසුගිය අවුරුදු 200 වගේ කාලයක් තුල) වී තියන බහුතර සංස්කෘතියට, ජිවන විලාසිතාවට හා ඔවුන්ගේ පොදු හැසිරීම් වලට වඩා වෙනස්. මේ තත්වයම සුද්දන් මෙහෙට එනවිට ඇබෝරිජිනල් වරුත් අත්  දකින්න ඇති. ඇබෝරිජිනල්වරුන් එන විට, තව කණ්ඩායමක් හිටියා නම් එය අත්දකිනන්න ඇති.

දැන් මේ සුළුතර සංක්‍රමණික පිරිස් ගොණුවන සබර්බ් නැතිනම් කොට්ටශාවලින්, බහුතරය ඒ කියන්නේ රටේම ඉන්න පිරිස ඉවත්ව යන අන්දම මා නිරීක්ෂණය කර තියනවා. මේ ගැන මා  කලින් ලියා ඇති. ඒ පැත්තට නොයා ඉඳිමු අද.

දැන් ඩටන්  කියන්නේ අර අනාථ පිරිස ගන්න එක ප්‍රශ්න ඇති කරන නිසා කරන්න බැහැ  කියලනේ. මේ කියන්නේ පිරිස් ගන්නේ නැහැ  කියල නොවේ. අගමැති ජෝන් හාවර්ඩ් කියපු සුප්‍රසිද්ධ ප්‍රකාශයක් පසුගිය බ්‍රික්සිට් ජනමත විචාරණයේදීත් වෙන්වීමට පක්ෂව කතා කරපු දේශපාලඥයන් විසින් උපුටා දැක්වූවා. එනම්;

 

එක්දහස් හත්සිය අසුඅටේ ජනවාරි 26 වනදා මෙහෙම ප්‍රකාශයක් කරන්නට ඇබෝරිජිනල් ඕස්ට්‍රේලියානුවන්ට විතරක් නොවේ, විජය ලංකාවට ගොඩ බැහැපු වෙලාවේ “අපේ යක්ෂයන්ට” ත් අවස්ථාවක් තිබුණේ  නැහැ.

දැන් සමාජයේ ජිවත් වන සාමාන්‍ය ජනතාවත්, ප්‍රාග්ධනය සංචරණය වනවාට බලවත් විරෝධයක් පළ කරන්නේ නැහැ. උදාහරණයකට, ජංගි මහන කර්මාන්ත ශාලාව මුළුමනින්ම ගලවා චීනයට ගෙනය යනවාට  පාරට බහින කට්ටිය සොයා ගන්න බැරි වුවත්, එම කර්මාන්ත ශාලාවම මෙහෙම තියෙත්දී, චීනයෙන් තාවකාලික විසා යටතේ ශ්‍රමිකයන් ගෙනත් පවත්වාගෙන යනවා කියුවොත් මහා කාලගෝට්ටියක් ඇති වේවි (මෙතැනදී ඇත්තටම අර ශ්‍රමිකයන් ගෙනෙන්නේ, දැනට දෙන වැටුපට අඩුවට තමා. එතැනදී එවැනි වැටුපකට වැඩ කිරීමෙන් ජිවත් වන්න හැකිද නොහැකිද යන්න අප ශ්‍රමිකයට තීරණය කරන්න දෙමු කියමුකෝ).

මා කලින්  සටහනක ලියුවා ලංකාවේ අය  මැසිවිලි නගන එක දෙයක් ගැන. එනම් ලාංකික කාන්තාවන් මැද  පෙරදිග යන නිසා, එයාලගේ ඉවුම්-පිහුම් හා කක්කුස්සි සෝදා ගන්න කෙනෙක් නැහැයි කියල. මෙතැනදී මා කියුවේ, ඔයාලට එයාල බලාපොරොත්තු වන පඩිය දෙන්න හැකිද කියා.

ලංකාවේ, කුඩා දරුවන් ඉන්න,  දෙන්නම රැකියා කරන යුවලකට තියන ප්‍රධාන ප්‍රශ්නයක් මා කියන්නද? එය නම් දිවා කල දරුවා හෝ දරුවන් තියා යන්න තැනක් නැති වීම. මෙතැනදී කාන්තා පාර්ශවයේ රැකියාව බොහෝ දුරට බිල්ලට දෙන්න සිදු වනවා.

ඉහත ප්‍රශ්නයට විසඳුම් ලෙස ඉන්දියාවෙන් “නැනිලා”  ගෙන්වා එයාලට දරා ගන්න හැකි මුදලකට සේවය සපයන්න යම් ආයතනයක්/ කෙනෙක් ඉදිරිපත් වුවොත්, එයට කොතරම් ප්‍රතිරෝධයක් සමාජයෙන් එයිද?

මතු සම්බන්දයි!

අද ගීතය ලෙස මා තෝරා ගන්නේ, මා හිතාදර හෙන්රිත් ප්‍රිය කරන ගායකයෙක් වන, කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ පෙරලියක් ද කරපු නාමල් ගේ ගීතයක්.

 

 

 

Advertisements

5 Comments

Filed under Careers/Employments, Migration

5 responses to “ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (2)

  1. Pingback: ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (2) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. මම මිනිස්සු රස්සා තොයෙන තැන හොයාගෙන යනවට පක්ෂයි. හැබැයි අපි වුනත් තැනකට ගාල් වුනහම ආයේ හොලවන බොරු. නමුත් රැකියා කරනන් මිනිස්සු අඩු නම් වෙන් අරටකින් අවහම මොකද කියන ප්‍රශ්නය මටත් තිබෙනවා.

    • සංක්‍රමණිකයන් කියන කොට්ටාශයට, අපේ සාමාන්‍ය ජනතාවම (එක අතෙකින් එයාලම මේ දෙය කරමින්) කොතරම් ප්‍රතිරෝධී ද කියන එකත්, තවත් කුඩා දේවල් ටිකකුත් මා කියන්න උත්සහ කරනවා මචෝ. ක්රිප්ටික් වැඩිද? ඔහොම යං. 🙂

  3. Pra Jay

    පැනල නැවතිලා හිටියත් ආර්ථිකයට වැඩක් කරන්න පුලුවන් මිනිස්සු ටුවරිස්ට් වීසා ඉල්ලුවහමත් ප්‍රතික්ෂේප කරනවා ආපහු යන එක ෂුවර් නෑ කියල. ඒත් භාෂාවවත් කතා කර ගන්න බැරි බෝට්ටුකාරයන්ට රෙෆියුජී ස්ටේටස් හම්බවුනා නීති තදකරන්න ඉස්සර.

    Sorry for being politically incorrect but facts are facts.

    • සමහර වෙලාවට ටිකක් පොලිටිකලි ඉන්කරෙක්ට් වෙන්න වෙනවා ප්‍රා. ඒකට කමක් නැහැ.

      කිසිම රටක් අනෙක් රටවල තියන ප්‍රශ්න නිසා, ඒ මිනිසුන් තමන්ගේ රටවල පදිංචි කර ගනීවි යයි මා විශ්වාස කරන්නේ නැහැ. මානුෂික හේතුන් මත දෙන විසා කියන්නේ, මේ බලවත් රටවල්, විසින් කරන බලපෑම් වලින් ඇතිවන ප්‍රශ්න නිසා දෙන සැනසිලි තෑග්ගක්. එය හැමවිටම එහෙම නොවේ තමා. මේ සමාජ වල විශාල ජනකායක් ඉන්නවා, ඇත්තටම සරණාගතයන්ට පිහිට වීමට කැමති. දේශපාලන බලාධිකාරියේ ඒ ජනමතය ඒ විදිහටම ක්‍රියාත්මක වන්නේ නැහැ. මොකද අනෙක් ලොබි කණ්ඩායම් වල බලපෑම් එයිට බලවත්.

      මේ දේශපාලන බලාධිකාරය (බලවත් ලොබි කණ්ඩායම්) කුඩා රටවල් හා ඒ රටවල් වල ජනතාව ගැන දරන ආකල්පය එලියට එන හොඳ අවස්ථාවක් තමා ඉරාක ආක්‍රමණය. ඊයේ එළිදැක්වුණ චිල්කොට් වාර්තාව ට අනුව බ්ලෙයාර් බුෂ්ට කියල තියෙන්නේ “I will be with you, whatever” කියල. බ්ලෙයාර් විතරක් නොවේ හාවර්ඩ් ද එහෙමයි. මොවුන් කරපු දේ ප්‍රතිඵල තව දශක කිහිපයක් යනතුරු නොවේ, මිනිස් ශිෂ්ටාචාරය පවතින තුරු ඉතිරි වේවි.

      අද පවා ඔවුන් පමණක් නොවේ, ඒ තීරණය ට හේතුකාරක වූ අනෙක් බලවේග තැවෙනවද? නැහැ. සරණාගත විසා දෙතුන් දාහක් නොවේ ලක්ෂ ගණන් වලින් හෝ ඒ ක්‍රියාව වහන්න බැහැ. ඇත්තටම මේ බලවේග වල සැබෑ බලාපොරොත්තුව අද ඉටුවන වගකුයි මා දකින්නේ.

      තෙල් සම්පත් තියන රටවල් හම්බ කරන්න හැකි කාලයේ කුලල් කා ගන්න එම මුදල් වියදම් කිරීමෙන් පසුව (මෙතැනදී තෙල් වලට වියදම් වන මුදල ආපසු ඇද ගන්න මෙයිට වඩා හොඳ ක්‍රමයක් තියනවද?) , අනාගත තත්වය සිතන්න. මිනිසා පුනර්ජනනීය බලශක්ති ප්‍රභව කරා සීග්‍රයෙන් යනවා. තෙල් සම්පත් වල ආයු කාලය තව වැඩිකල් නොමැති වගයි කියන්නේ. එතකොට මේ රටවල් වල අනාගතය ගැන මවා ගන්න හැකි චිත්‍රය ගැන මොහොතකට සිතන්න.

      අනෙක් අතට අප වැනි මිනිසුන්ද මේ ප්‍රශ්න දිහා වෙනස්ව බලන්න ඕනේ. දැන් බලන්න මා හැමදාම කියන පරිදි, හිටු කියා ළමයින් හදා ජාතිය බේරා ගන්න දේශනා කරන මිනිසුන් ගේ කීම් වලට සවන් දුන්නොත් ඇත්තටම ජාතියක් බේරෙනවද?

      ඔබත් කියන පරිදි තමන්ගේ මව් භාෂාවවත් හරියට කතා කර ගන්න බැරි පිරිස් සමාජයට බිහි වන්නේ මොකෝ? ඔවුනට හරිහමන් විදිහට උගන්වන්නට ඒ දෙමාපියනට හා ඒ සමාජයට වත් කමක් නොමැති නිසා හෝ එය ඒ සමාජයේ ප්‍රමුඛතාවයක් නොවන නිසා.

      හැබැයි ප්‍රා ඉහත කරුණු සැපුරුණු විට භාෂාව හා අන් භාෂා කතා කරන්න ඉගෙන ගත්තත්, තවත් නොයෙක් කරුණු සැපිරී නොමැති නිසාත් ඉපදුන ගමෙන්, නගරයෙන්, පළාතෙන් හා රටෙන් වෙනත් ගම්, නගර, පළාත් හා රටවල් වලට යන්නට සිදු වෙනවා.

      මෙතැනදී සමාජයේ එක්තරා කාණ්ඩයක් මෙවැනි මාරු වීම් වලට ප්‍රතිරෝධියි. තවත් කාණ්ඩයක් එකම තැන ඉන්නත් කැමති නැහැ.

      එකම තැන ඉඳීමෙන් තමාට සමීප අයට හා සමාජයට කරදරයක් පමණක් නම් ස්වාධීන ජිවිතයක් ගත කරන්න අන් ගමකට, නගරයකට, පළාතකට හෝ රටකට යන එක වඩා හොඳයි.

      සමාජයේ කාණ්ඩයක් ඉන්නවා මෙහෙම යාමත් විවේචනය කරන. දැන් ලංකාවේ දකුණු පළාතෙන් බිහිවන ගොඩක් දක්ෂ මිනිසුන්ට ඒ පළාතේ කරන්නට දෙයක් නැහැ. ඔවුන් රටපුරාම විතරක් නොවේ, රටවල් පුරාත් යනවා. දැන් මෙහෙම කෙනෙක් කොළඹට ආව කියල කෙනෙක් විවේචනය කරන්නේ නැහැ. හැබැයි කටුනායකින් නැගල තව තැනකට ගියොත්, රටට ද්‍රෝහී වුණා කියන්න පෙළෙඹෙන අය සොයා ගන්න අමාරු නැහැ.

      සාමාන්‍ය මිනිසුන් වශයෙන් අප උත්සහ කරන්න ඕනේ, අපව සමාජයට අවශ්‍ය කරණා මිනිසුන් බවට පත් කර ගන්න. එයට ප්‍රධාන මෙවලම වන්නේ අධ්‍යාපනයයි. තමන්ගේ දෙමාපියන් හෝ සමාජය ඒ අවස්ථාව සලසා දෙනවා නම් එයින් උපරිම ප්‍රයෝජන ගැනීම සාමාන්‍ය කෙනෙකුගේ වග කීමක්. ජිවිතයේ පසු අවස්ථාවක තමන්ට පවා, තමන්ගේ ඉගෙනීමට ප්‍රතිපාදන සපයා ගන්න හැකියි. හැබැයි එයට අවශ්‍ය මූලික අඩිතාලම කුඩා කාලයේදී ලැබිය යුතුයි. වැඩේ තියෙන්නේ ඒ කාලයේ දී මෙව්වා ගැන කෙනෙකුට අවබෝධයක් නැති කමත්, එයට අවශ්‍ය ප්‍රතිපාදන තමන්ට උපයා ගන්න නොහැකි කමත්. මෙය කිකිළිය-බිත්තරය කතාව නේ.

      මා පොලිටිකලි ඉන්කරෙක්ට් උදාහරණයක් ගන්නම්. භූගත ජවිපෙ නායක ඕස්ට්‍රේලියාවට සිය පවුල සමග පැමිණියේ සරණාගත විසා වලින් කියා වාර්තා වන්නේ නැහැ. මා උපකල්පනය කරනවා ඔහු හා බිරිඳ පැමිණියේ කුසලතා විසා කැටගොරිය යටතේ කියා.

      ඔහුගේ හා ඔහු නායකත්වය දුන්න පක්ෂයේ ක්‍රියා කලාප නිසා ලංකාවේ දහස් ගැන සිසුවන්ගේ අධ්‍යාපනය විතරක් නොවේ ජිවිත පවා අහිමි වූවා. එයින් ජිවත් වන සමහරුන් අද, ඉතා දුෂ්කර ජිවිත ගත කරනවා.

      මොවුන්ගේ ක්‍රියා කලාපය මොන නම් වලින් හැඳින්වුවත් එය දේශප්‍රේමී හෝ මානව වාදී එකක් නම් නොවේ. සමාජයේ 5% ක හෝ එයිට අඩු පිරිසක් සහභාගී කරගෙන, මේ කට්ටිය කරන්න ගිය දේ සාර්ථක වූවා නම්, අද ඔබගේ ජීවිතය ඔයිට වඩා දහස් ගුණයක් අමාරු වනු ඇතැයි මට 100% ක් විශ්වාසයි.

      ඔවුන් සමග සිටිය ඒ පිරිසෙන් බහුතරයකුත්, සමාජයේ ක්‍රියාකාරිත්වයට දායකත්වය දැක්වුව අය නොවේ. දැන් මේ පාසල් හා සරසවි සිසුන් කියන්නේ, ඔවුන් ලබන අධ්‍යාපනයට දායකත්වයක් දක්වන්නේ නැතුවා විතරක් නොවේ, අඩුම ගානේ ජිවත් වන්න හෝ යමක් උපයන පිරිසක් නොවේ. මෙහෙම පිරිසක් සමාජයේ බහුතරයකට, උඹල ජිවත් වන්න ඕනේ මෙහෙමයි කියන්න තියා, එයාල ලබන අධ්‍යාපනය මේ වගේ විය යුතුයි කියන්න පවා ලොකු අයිතියක් නැහැ. ඒ “සැබෑ අයිතිය” තියෙන්නේ ඒ ප්‍රතිපාදන සපයන එයාලගේ දෙමාපියන්ට. ඒ ගැන වගක් එයාලට නැති වීම වෙනම ප්‍රශ්නයක්.

      දැන් කුමාර්ගේ ජිවිතයට නැවත ආවොත්, මෙයා ලංකාවට පැමිණ විසා නොමැතිව අත්අඩංගුවට පත් වුණ වෙලාවේ, ඔහුව නිදහස් කරන්න කියමින් ජනතා දේපොළ විනාශ කරන සිසුන් මේ කතාන්දරය තේරුම් ගන්නවද? මොකද මෙයාල සරසවි වටේ විතරක් කැරකෙන්නේ. ඔවුන් අතීතයේ කරපු දේවල් ගැන, ඒ දේපොළ කුඩු කරන සිසුන්ට හරි හැඟීමක් තියනවද?

      ඔහුගේ පවුල රටින් ගිය විදිහ ගැන නිරීක්ෂණය කිරීමෙන්, ඔවුන් කියන දේවල් වලින් නොලබන පාඩමක් වර්තමාන සිසුන්ට ඉගෙන ගන්න හැකියි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s