ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (3)


මේ සතියේ ඒබීසී ෆෝ කෝනර්ස් වලට ගියේ ඕස්ට්‍රේලියාවේ රැකියා වල අනාගතය ගැන. මා ලියමින් හිටිය දෙයට සම්බන්ද නිසා එයින් ගත්තු දත්ත ටිකක් මෙහි දමනවා. මා දමන්න හිටිය මුලාශ්‍රයට  යනවට වඩා එය ලෙහෙසියි.

එහි කියපු එක කරුණක් තමා දැන් අප කරන රැකියා වලින් 40% ක් පමණ ඉදිරි වසර 10 -15 අත‍ර වියැකී  යා හැකි වග. මෙහෙම වන්නේ යාන්ත්‍රිකරණය තවත් ඉහල යාමෙන් හා සිතීමට හැකි කොම්පියුටර බිහිවීමෙන් කියා එම අනාවැකි පළ  කරන්නන් කියනවා.

දැන් මේ කියන්නේ දැනට රැකියා නියුක්ති මිලියන දොළහක පමණ ජනතාවෙන්, මිලියන 5ක් පමණ රැකියා විරහිත බවට පත්වනවා කියන එකද? අමතක කරන්න එපා, මෙම කාණ්ඩය ත් අචල පිරිසක් නොවේ. දැනට ඉන්න පිරිසෙන් කොටසක් අවුරුදු පතා මෙයින් ඉවත් වන අතර, තව පිරිසක් මෙයට අලුතින් එකතු වනවා.

 අර ප්‍රශ්නය ට ගියොත්, ඔවුන් කියන්නේ, නැතිවන රැකියා වෙනුවට වෙන එව්වා බිහිවනවා කියලයි. එහි කියපු දත්ත වලට අනුව (මා වැඩසටහන නැවත බලන්නේ නැහැ, මතකින් ලියන්නේ) 1900 වසර වන විට ඕස්ට්‍රේලියානු ජනගහණයෙන්  25% ක් කෘෂිකාර්මික රැකියාවක නියුතු වී සිටියා. මෙය අද වන විට 2.5% දක්වා අඩුවෙලා තියනවා. හැබැයි කෘෂිකාර්මික නිෂ්පාදනය අද අඩුවෙලා නැහැ. එය දිගටම වැඩි වෙලා තියනවා. මෙතැනදී වෙලා තියෙන්නේ යන්ත්‍ර විසින් අර මිනිසුන් විස්ථාපනය කිරීම කියා උපකල්පනය කරන්න හැකියි.

 වසර 1960 දී නිෂ්පාදන අංශයේ නියුතුව සිටි 30% ක පමණ පිරිස, අද 8% දක්වා අඩුවෙලා තියනවා. ඕස්ට්‍රේලියාවේ නිපදවන අවසාන කාරය මට මතක  හැටියට ලබන වසරේ නිපදෙව්වට පසුව, මෙහි මෝටර් රථ නිපදවීම සිදු වීම යලිත් කවදා පටන් ගනීද නොගනිද කියා කියන්න බැහැ.

 මෝටර් රථ වලට කලින් මෙහි තිබුන ඇඟලුම් කර්මාන්තය උදාහරණයකට ගත්තොත්, අසුව දශකයේ කෙරුණු ආනයන බදු ලිහිල් කිරීමෙන් පසුව ඒවායේ තිරසාර බව සීග්‍රයෙන් වියැකී  ගියා. ඉන් වසර 30කට පමණ පසු එනම්, වසර 2010 මෙහි තිබුන කර්මාන්ත ශාලා සියල්ලම පාහේ  චීනයට හෝ එයිට සමාන ශ්‍රම මිලක් ඇති වෙනත් රටවලට ගොස් අවසන්.

මා ඇඟලුම් ගැන කියුවේ, මෙවර මහමැතිවරණයෙන් තේරී පත් වූ සමහර ස්වාධීන  හා කුඩා කණ්ඩායම්වල එක අරමුණක් තමා, දේශීය නිෂ්පාදනය නගා සිටුවීම. උදාහරණයකට දකුණු ඕස්ට්‍රේලියානු ස්වාධීන  කණ්ඩායමක් වන නික් ශේනොෆෝන් ගේ එක බලාපොරොත්තුවක් තමා, අර්බුදයට ගොස් තියන ලෝහ කර්මාන්ත ශාලාවක් ගොඩ ගැනීම.

 නික් ගේ හා තවත් ඔහු වැනි මන්ත්‍රීවරුන්ගේ තේරී පත්වීම් පිටුපස, එම ප්‍රදේශ වල සිදුවුණ ඉහත කර්මාන්ත අංශය වියැකීමේ කතාන්දරය ද තියනවා. ඒ කියන්නේ, මේ කර්මාන්ත නැතිවීම නිසා රැකියා අහිමුවූ පිරිස් වල කතාව. මේ තත්වයට, ඔබට හා මට වුවත් මුහුණ දෙන්න විය හැකියි. එනම් අද අත්කරගෙන තියන කුසලතා වලට හරියන රැකියාව නැති වුනොත් මොකද කරන්නේ කියන ප්‍රශ්නය.

 ඒ විතරක් නොවේ, මේ වසරේ ඕස්ට්‍රේලියාව  ඇතුළු තවත්  රටවල් 11 ක් අත්සන් කරපු ටීපීපී හෙවත් ට්‍රාන්ස්-පැසිෆික් සහයෝගීතා  ගිවිසුම ක්‍රියාවට නැගුනොත්, චීනයේ අද ඇඟලුම් කර්මාන්තයේ නියැලී බොහෝ පිරිසකටත් මේ තත්වයට මුහුණ දෙන්න විය හැකියි.

මතු සම්බන්දයි!

 

 

 

http://www.abc.net.au/4corners/stories/2016/07/04/4491818.htm

Advertisements

9 Comments

Filed under Agriculture, Careers/Employments, Opinion

9 responses to “ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (3)

  1. Anonymous

    read…

  2. Pingback: ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (3) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. ඇණයා

    ට්‍රාන්ස්-පැසිෆික් සහයෝගීතා ගිවිසුම ක්‍රියාවට නැගුනොත්, චීනයේ අද ඇඟලුම් කර්මාන්තයේ නියැලී බොහෝ පිරිසකටත් මේ තත්වයට මුහුණ දෙන්න විය හැකියි. ????

  4. සමාජය වෙනස් වන කොට රැකියාත් වෙනස් වෙනවා

    • ඔව් මචං, හැබැයි මෙතන පොඩි අවුලකුත් තියනවා. ඒ ගැන පසුව.

  5. මට කාර් ගැන විතරක් කියාපං. මම දන්න විදියට ඔසී කාරෙකකට තිබ්බෙ Holden. ඒකත් GM ලගෙ කාර් එකක් මම හිතන්නෙ ඒ ඇරෙන්න ඕය ෆෝඩ් වගෙ කාර් හැදුවා. තව ටොයෝටා හැදුවා. මම ඒක සහ සුද්දෙන්ම දන්නෙ මගෙ හොඳම යාලුවා 1980 ගනං වල ඕස්ට්‍රේලියාවට හියේ ටොයෝටා ඕස්ට්‍රේලියා එකේ වැඩට. ජර්මන් ටෙක් පොර.
    දැන් ඒ ඔක්කොම හාංසිද?

    • මේ ගැන ටිකක් කලින් ලියුව බං. සේරම හාන්සි. ඔව් ඔය තුනට අමතරව ප්‍රධාන ලෙස මිට්ෂුබිෂි සමාගම තිබුණා. මුලින්ම වැහුවේ මිට්ෂුබිෂි. ලබන වසරෙන් පසුව කිසිම සමාගමක් ඕස්ට්‍රේලියාව තුල කාර් නිෂ්පාදනය නොකරනු ඇති.

      මේවායේ අවසාන කාලය තුල දිව්වේ මහජන මුදල්ද යොදවා. එහෙමත් කරගෙන යන්න නොහැකි වුණා. මේවායේ කම්හල් වැඩිපුර තිබුනේ වික්ටෝරියා හා දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත වල. මා හිතන්නේ 1970 -1980 කියන්නේ මේවායේ ස්වර්ණමය, ඒ කියන්නේ නිෂ්පාදනයේ උපරිමයට ගිය කාල වකවානුව.

      අපේ කුඩා වෙළඳපොල නිසාත්, නිෂ්පාදන වියදම අධික (ශ්‍රමය) නිසාත්, පාරිභෝගික කැමැත්ත වෙනතක ගිය නිසාත් මේවායේ අසාර්ථකත්වය බලපෑවා වෙන්න ඇති. මා හිතන්නේ කාලය අනුව මේවා වෙනස් නොවුන එකත් බලපාන්න ඇති. උදාහරණයකට මෙයිට වඩා යාන්ත්රිකරණයකට ලක් නොවීම.

      ඔව් ජර්මානු කාර්මිකායතනයේ විශාල පිරිසක් මේවායේ වැඩ කෙරුවා. අපේ අධ්‍යාපනය විවි වලටම කේන්ද්‍ර නොවී, වෘත්තීය පුහුණු නැත්නම් කාර්මික අධ්‍යාපනයටත් වැඩි තැනක් දෙන්න ඕනේ කියන්නේ ඒ නිසයි. විවි වලින් දෙන වඩාත් ශාස්ත්‍රීය අධ්‍යාපනය සමාජයේ ගොඩක් දෙනාට වැඩක් නැහැ. එකක් ගොඩක් දෙනා ඒ මට්ටමට නැහැ. ඒගැන ලියන එක වැඩක් නැහැනේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s