ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (4)


ගොඩක් දෙනා නිදහස් වෙළඳපොළක් ගැන කතා කරනවනේ. ඇත්තටම එහෙම එකක් තියනවද? ඔව් තියනවා. හැබැයි ඒ තව එකක් එක්ක සංසන්දනය කර, මෙය අරිට වඩා හොඳයි කියනවා වගේ තමා. නැතුව නිදහස්ම නිදහස්, මොනම දෙයක් වත් මේ ලෝකේ නැහැ.

ඔන්න ඔය නිසා රටවල් අතර සහයෝගිතාවයන් ඇති කර ගන්නවා. නිදහස් වෙළඳ ගිවිසුම් නැත්නම් සිංහලෙන් ෆ්‍රී ට්‍රේඩ් ඇග්රිමන්ට් කියල හඳුන්වන මේවායේ “ඉවත්” නැත්නම් “නිදහස්” කර ඇති දේවල් දිහා ටිකක් බැලුවොත් මේ ලෝකයේ කොතරම් බැඳීම් තියනවද කියා අවබෝධයක් ගන්න හැකියි. ඒ වගේම මේවා නිදහස් වෙළඳ ගිවිසුම් ලෙස හැඳින්වුවත් ඒවායේ තියන ආරක්ෂණවාදයත් අපට දකින්න පුළුවන්.

මෙතැන  තියන දෙයක් තමා ඇත්තටම සමහර බැඳීම් කියන්නේ, එකාධිකරිත්වයට ඇති  වීමට එරෙහිව ගන්න ලද පියවර.  නිදහස් වෙළඳපොලේ ලොක්ක යයි කියන ඇමෙරිකාවත් එවැනි අධිකාරිත්වයන් ඇති වීමට එරෙහිව නීති සම්පාදනය කර තියනවා.  ඒ විතරක් නොවේ, එයාල “නිදහස් ගිවිසුම්” ගහන විට, එයාලගේ වෙළඳපොල ආරක්ෂා කරන දේවල්ද අයින් කරන්නේ නැහැ. ඉතිං  බැඳීම් නැති වෙළඳපොල කියන්නේ ලෝකයේ නොමැති දෙයක්.

මෙවර ඕස්ට්‍රේලියානු මැති වරණයට තරඟ වැදුන කුඩා කණ්ඩායම් වල තවත් එක ඉල්ලීමක් තමා මෙහි තියන සිල්ලර වෙළඳපොලේ අධිකාරිත්වය ඉවත් කිරීම. හැබැයි එහෙම ඉල්ලන කට්ටියම, එයිට කලින් රජය විසින් පටන් ගන්නා ළද, හිටපු රජය විසින් පසුගිය කාලයේ අත්සන් කරන ළද “නිදහස්” වෙළඳ ගිවිසුම් කිහිපයකට එරෙහි වීමත් දකින්න පුළුවන්. ඔවුන් විතරක් නොවේ අප බොහෝ දෙනෙක් එහෙමයි.

මෙය තරමක් පරස්පර තත්වයක්. එය නම් අප හැමවිටම බලන්නේ අපට සේරම නිදහස් කර ගැනීමටත්, අනුන්ට බැඳීම් දැමීමටත්. තවත් උදාහරණයක් ගත්තොත් රටක ඉන්න කෙනෙක්, වෙන රටකට බඩු විකුණන්න කියා පේපැල් ඉල්ලන ගමන්, වෙනත් රටක සමග කතා කරන “නිදහස්” වෙළඳ ගිවිසුමකට එරෙහි වීමත් මේ වගේම පරස්පරයි. එතකොට නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරනවා නම්, අපි වෙන රටවල් වල රස්සා වලට යනවා කීමත් (මේක ඔය කියන විදිහට කරන්න බැරි වීම වෙනම දෙයක් බව මොහොතකට අමතක කරමු) අන්න ඒ වගේ.

ඔබට පෙනෙනවා නේද ඉහත කියන කරුණු දෙකේ තියන පරස්පර බව. එක තැනක නිදහස්කම ඉල්ලන හා තියන නිදහසෙන් ප්‍රයෝජන ගන්න අතරේ, අනික් පැත්තෙන් බැඳීම් වැඩිකරන්න කියා ඉල්ලීම  හා එක පැත්තකින් ලිහිල් කරන්න එපා කියන ගමන්, අනෙක් පැත්තෙන් තියන ලිහිල් කිරීම් (අනුන් විසින් කරපු) ප්‍රයෝජන ගන්නවා යයි පැවසීම. මා හිතන්නේ බ්රෙක්සිට් ජනමත විචාරනයේදීත් සිදුවුණේ  මෙයිට සමාන දෙයක්.

අපේත්  මෙහෙම අය  ඉන්නවා. උදාහරණයකට කෘෂිකර්මය සඳහා වෙළඳපොල සොයා යන්න, ගොවියා රැක ගන්න කියන ගමන් වෙළඳ ගිවිසුම්, විදේශ ආයෝජන වලටත් එරෙහියි. දේශීය කර්මාන්ත රැක ගනිමු කියන ගමන්, සංක්‍රමණිකයන්  එනවාට එරෙහියි. සුපර්මාර්කට් ලාබෙට දෙන කිරි නිසා ගොවියා වලපල්ලට යනවා කියන ගමන්, එයාලත් මිලදී ගන්නේ එම කිරි.

මෙතැන  කරුණු දෙකක් තියනවා මා හිතන්නේ. ඇත්තටම තමන් කියන දේ මොකක්ද කියා තේරුම් ගන්න බැරි වීම එකක්. අනෙක තමා අප කවුරුත් ඉල්ලන, තමන්ට වත් කරන්න බැරි දේවල් සමාජයෙන් ඉල්ලීම. එයිටත් වඩා ඉහලින් තියන අනික් කරුණ කපටි යටි අරමුණ එනම් වෙනත් කුසලතා නැති නිසා සමාජය රැවටීමෙන් ගානකපා ගැනීම නොහොත් ජීවිකාව සොයා ගැනීම. මේ කට්ටිය පසුපස යන පිරිසෙන් කොටසක් ඇත්තටම අවිහිංසක අය.

මා පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. සංක්‍රමණික විරෝධී කට්ටිය ලෙස මෙවර සෙනේට්  සභාවට ආපු, ලොකු සිතීමේ ශක්තියක් නොමැති යයි මා අනුමාන කරන අය  ඇත්තටම තේරී පත්වී තියෙන්නේ සංක්‍රමණිකයන් ගොනු වූ ප්‍රාන්ත හෝ නගර වලින් නොවේ. මේ අයට  අනුග්‍රහය දක්වන පිරිස් අතර, සමාජයේ වෙනස්වීම් නිසා, තමන්ගේ ජීවිකාව නැතිවූ පිරිස් ඉන්න වගත් අනුමාන කරන්න හැකියි.

මේ අයම එයාලගේ ප්‍රශ්නයේ කොටසක්. එනම් සමාජයේ වෙනස් වීම්  වලට අනුකුල වන්නට ඔවුනට නොහැකි වීම හෝ එයට අනුකුල වන්නට දැන් කාලයක් නොමැති වීම. ඔවුනගේ ජිවිකාව ගෙන යාමට (එනම් කලින් කරමින් සිටිය දෙය කරමින් ඉන්නට) දැන් සුදුසු පරිසරයක් නැහැ. ඒ සඳහා අවශ්‍ය වෙනස් වීම සඳහාද ද ඔවුනට ශක්තියක් නැහැ.

හැබැයි ඔවුන් වෙනස් කරන්න කියා, එනම් කලින් ඔවුන් හිටපු තත්වයට ගෙන යන්න කියා ඔවුන් කරන යෝජනා වලින් තවත් වැඩේ වකුර් වනවා මිසක් විසඳුමක් ලැබෙන්නෙත් නැහැ. මෙතැනදී  වඩාත් ම වල්නරබල්  කණඩායම නම්, ජිවන කුසලතා වලින් අඩුම ලෙස සන්නද්ධ වූ පිරිස්. එය ලෝකයේ සෑම සමාජයකටම පොදු දෙයක්.

කලින් ලියාගෙන ආපු කරුණට ගියොත්,  ඕස්ට්‍රේලියාව රටවල් ගණනාවක් සමග නිදහස් වෙළඳ ගිවිසුම් අත්සන් කර තියනවා. මේවායේ තියන, කලින් බැඳපු දැන් ලිහිල් කරපු දේවල් මොනවාද කියා තේරුම් ගැනීම සාමාන්‍ය පාරිභෝගිකයෙකුට ලෙහෙසි නැහැ. හැබැයි මේවා අත්සන් කිරීමට පෙර දීර්ඝ ලෙස කතා කර තියනවා. ඒ කියන්නේ එක කෙනෙක් කියන එක එයාකාරයෙන්ම ගන්න අනෙකා සුදානම් නැහැ. හැබැයි තියන වාසි  අවාසි  තරාදියකට  දමල අන්තිමට මැද තැනකට හෝ එක පැත්තකට බරවුණ  තැනකට එන්න ඕනෙනේ.

එක පැත්තකට බර වුණත්  එහෙම දෙයකට කැමති වන්න අවශ්‍යතාවයක් තියෙන්න ඕනෙනේ. කෙලින්ම සාක්කුවට කොමිස් දාගන්න බැරි මේ වගේ පරිසරයක, ඒ කැමැත්තට හේතුවන වෙළඳ විතරක් නොවේ, දේශපාලනමය අරමුණුද තියනවා. දේශපාලන අරමුණු කියන්නේ අවසන් වශයෙන් වෙළඳ අරමුණුම නිසා, මෙතන තියෙන්නේ එකම අරමුණක්.

මේ වගේ අරමුණු ඇතුව මේ වසරේ අත්සන් කරන ලද ට්‍රාන්ස්-පැසිෆික් සහයෝගිතා ගිවිසුම ගැන එහි එක පාර්ශ්ව කරුවෙක් වන, ඕස්ට්‍රේලියාවේ, ජිවත් වන අය ගෙන් කොපමණ දෙනෙක් දන්නවද මා දන්නේ නැහැ. මහා මැතිවරණයේදී පවා එය ගැන කතාවක් කෙරුනේ නැති තරම්. හැබැයි එම ගිවිසුමේ ප්‍රධාන කොටස්කරු හා මොළකරු  කියන්න හැකි රටේ, එනම් ඇමරිකාවේ ජනපතිවරණ වේදිකාවේ මේ ගැන කතා කරනවා ඇසෙනවා.

එම ගිවිසුම කියන්නේ මොකක්ද කියා ලොකුවට ලියන්න, අර ඇණය ප්‍රශ්නාර්ථ දමන්න කලින් මා සිතන්  හිටියේ නැහැ. දැන් ඒ ගැන ටිකක් ලියනවා. එතනදිත් එහි තියන දේශපාලනය තමා මට නම් වැදගත්. ඒ ගැන ඊළඟ සටහනින් ටිකක් ලියන්නම් {මේවා අපට (සාමාන්‍ය ජනතාවට) එතරම් වැදගත් නැහැ}.

ඕස්ට්‍රේලියාව ඇමෙරිකාව සමගත් “නිදහස් වෙළඳ ගිවිසුමක්” අත්සන් කෙරුවනේ. මේක ඇත්තටම ඇමෙරිකාව ලෝකෙට ඉදිරිපත් කරන ලිබරල් නැත්නම් නිදහස් වෙළඳාම කියන දේ ගැන කදිමට හෙළි කරපු අවස්ථාවක්.

ලෝකෙන්ම වඩාත්ම ආරක්ෂණවාදී  ප්‍රතිපත්තියක් ඇත්නම් ඒ තියෙන්නේ ඇමෙරිකානු කෘෂිකර්මයේ. ඒ ගැන මා නිතරම ලියන නිසා මෙහි ලියන්නේ නැහැ. මේ ගිවිසුම නිසා මෙහෙ කෘෂි නිෂ්පාදන වල ඇමෙරිකානු වෙළඳපොළට ඇතුළු වීමට වැඩි අවස්ථාවක් ලැබිල නැහැ කියා එය අත්සන් කර ගොඩ කලක් ගොස් තියන අද දත්ත කියනවා. එයට හේතුව නම් ඇමෙරිකානු  කෘෂිකර්මය ආරක්ෂා කර තියන  ඔවුනගේ ලිබරල් (ත්‍යාගශීලි) ආරක්ෂණ හා සුබසාධක පියවර ඔවුන් කිසිදා  ඉවත් නොකරණ නිසා. එය ඔවුනගේ ලෝක ආධිපත්වයේ තිරසාර බව පවත්වා ගැනීමට  හේතු වන මූලිකම තුරුම්පුවක්.

අත්සන් කෙරුවත් තවම නීතියක් බවට පත්ව නොමැති TPP කියන්නෙත් ඒ කියන ඇමෙරිකානු ලිබරල් වෙළඳාම කියන දේම තවත් අවස්ථාවක්. දැන් මේක ඉදිරිපත් කරපු අයම අනුමත නොකරන තත්වයක් තියන නිසා එහි අනාගතය කොහොම වනු ඇතිදැයි කියන්න කල් මදි.

දේශද්‍රෝහීන් සඳහා “අපේ රටින්” 

ජාතික චින්තකයන්ට තවත් රැකියා අවස්ථා 

 

 

Advertisements

2 Comments

Filed under Agriculture, Careers/Employments, Migration, Opinion

2 responses to “ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (4)

  1. Pingback: ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (4) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Anonymous

    Read

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s