ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (5)


කාල වෙලාව ලැබුන නිසා මා අකමැති මෙවැනි සටහන් වලට ඉඩක් ලැබුණා. නමුත් මේක ඉවර කරන්නට පෙර කියවපු එක අයකුගේ හෝ උනන්දුව සන්තර්පණය කරන්න අවශ්‍ය නිසා මේ කොටසත් ලියනවා.

ට්‍රාන්ස්-පැසිෆික් සහයෝගීතාවය  කියන්නේ රටවල් 12ක් අතර ඇති කර ගත්ත වෙළඳ ගිවිසුමක්. මේ සම්බන්දව කතා බහ ගොඩ කලක් කෙරුණත්, මේක අත්සන් කෙරුවේ මේ වසරේ. හැබැයි මේක තවම ඕස්ට්‍රේලියාව හෝ ඇමෙරිකාව හෝ පාර්ලිමේන්තුවේ නීතියක් ලෙස සම්මත කර නැහැ. එය කරන්න වසර ඉදිරි 2 ක ඇතුලත පුළුවන්.

මහා විස්තර වලට නොයා, මෙයට ඇතුලත් රටවල් හා එහි තියන වැදගත්කම යන්තමට බලමු. අයිති රටවල් තමා; ඕස්ට්‍රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, නව සීලන්තය, කැනඩාව, ජපානය,  සිංගප්පුරුව, වියට්නාමය, මලයාසියාව, බෘනායි රජය, පේරු, චිලි රාජ්‍යය හා මෙක්සිකෝව. ලෝක ජනගහනයෙන් මිලියන 800ක් මේ රටවල් 12 ට අයත්. ඒ විතරක් නොවේ ලෝක දළජාතික නිෂ්පාදනයෙන් 40% මේ රටවල් 12 හේ තමා කරන්නේ. මෙය ලෝකයේ මෙතෙක් අත්සන් කෙරුණ විශාලතම වෙළඳ ගිවිසුම් වලින් එකක්.

ඔය කියුවට එහි අනාගතය  කියන්න බැහැ. මොකද ප්‍රධාන පාර්ශව කරුවා වන ඇමෙරිකාවේ සෙනෙට් මණ්ඩලය විතරක් නොවේ, ඉදිරි ජනපතිවරණය තරඟ වදින ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නම මෙයට විරෝධය පළ  කර තියනවා. මැතිවරණ වලදී ඔහොම කියුවට, තමන්ම හදපු ගිවිසුමක් මෙතරම් දුර ගෙනත් විසි කරාවිය  කියා මා හිතන්නේ නැහැ.

ඕස්ට්‍රේලියාවෙත් මේ ගැන පාර්ලිමේන්තු විමර්ශනයක් තිබුණා. ඉදිරි කාලයේ ගොඩක් වෙලාවට සම්මත වේවි. මේකෙන් ඕස්ට්‍රේලියාවට  ඇති ආර්ථික ප්‍රයෝජනයක් නැතිය කියා සමහරුන් පෙන්වා දෙනවා.

ඕස්ට්‍රේලියාව වැනි රටවලට තියන ප්‍රධාන ප්‍රශ්නයක් තමා මෙහි තියන එක වගන්තියක්. එය නම් ගිවිසුමට අදාළ රටවල් වලට අයත් සමාගම් වලට, වෙනත් රජයන්ට නඩු දමන්න හැකි වීම. මේක Investor State Dispute Settlement (ISDS) යනුවෙන් හැඳින්වෙනවා. ඕක ඕස්ට්‍රේලියාව සම්බන්දව මෑත උදාහරණයක් ඇසුරෙන් මෙහෙම පැහැදිලි කරන්න පුළුවන්.

විවිධ රජයන් තමන්ගේ රටේ ජනතාවගෙන් බහුතර කැමැත්ත ඇතිව, පොදු යහපත සඳහා තීරණ ගැනීම අරුම දෙයක් නොවේනේ. මේවා ගොඩක් වෙලාවට එවිඩන්ස් බෙස්ඩ් එව්වා නම් තවත් හොඳයි. සමහරක් වෙළඳ තීරණ. තවත් එව්වා අධ්‍යාපනය සෞඛ්‍යය වගේ ඒවා වෙන්න පුළුවන්.

දැන් සමාගමක් ඕස්ට්‍රේලියාවේ ආයෝජනයක් කරනවා දීර්ග කාලින ප්‍රතිපල, එනම් ලාභ බලාගෙන. උදාහරණයකට බෙහෙත් නිපදවන සමාගමක් ගන්න. ඔන්න කාලයක් යනවිට මේ බෙහෙතේ තියන නරක ප්‍රතිපල හොඳ එව්වට වැඩි නිසා, රජය තීරණය කරනවා පාර්ලිමේන්තුවේ බහුතරයෙන් එය තහනම් කරන්න. අර සමගම ඔවුනගේ (ඉදිරියට) අහිමි වන ප්‍රතිලාභ වලට වන්දි ඉල්ලා රජයට නඩු දමනවා. මේ නඩු ක්‍රියාවලිය තරමක් වෙනස්.

දැනට තියන ඔවැනිම ගිවිසුම් නිසා දමල තියන නඩු ගැන අන්තර්ජාලය කාල් ගාල හොයා ගන්න හැකියි. මෑතකදී ඕස්ට්‍රේලියා රජය විසින් පොදු යහපත සඳහා ගත්තු, එවිඩන්ස් බේස්ඩ් මෙවැනි තීරණයක් වන, සිගරට් පැකට් සඳහා සරල දවටන නීතිය, මෙවැනි ගිවිසුමක් නිසා අභියෝගයට ලක් වුණා. එයින් රජය ජය ගත්තේ මොකක්ද ටෙක්නිකල් කරුණක් නිසා ද කොහෙද. ඕවා බොරින් කරුණු.

මා ලියන්න ආපු කරුණට, එනම් මේ ගිවිසුම සංවර්ධනය වෙමින් පවතින රටවලට බලපාන්නේ කොහොමද කියන එක ගැන ඇඟලුම් කර්මාන්තයේ දැනටම වෙනව යයි කියන වෙනස් වීම ඇසුරින් කියන්න හැකියි. ඇමෙරිකාවේ ගිවිසුම අනුමත කිරීම ඇනහිට තිබුණත්, ඇත්ත බලපෑම දැනටම පටන් අරන් යයි වාර්තා වෙනවා.

වසර 2013 දත්ත වලට අනුව මේ ගිවිසුමට අයත් රටවල් ලෝකයේ රෙදි ආනයන වලින් 20% කට වග කියනවා. එනම් ඩොලර් බිලියන 65 ක රෙදි ආනයන කරනවා. ඇඳුම් ගත්තොත් එය ලෝකයේ කෙරෙන ඇඳුම් ආනයන වලින් 32% ක්, එනම් ඩොලර් බිලියන 154ක් ක්.

මේ කර්මාන්ත චීනයෙන්, ඊසාන දිග ආසියාවට යන වග ගැන වාර්තාවක් මා කියෙව්වේ ගිය සතියේ. ඒ කියන්නේ වියට්නාමය, කාම්බෝජය, බුරුමය,ඉන්දිනිසියාව විතරක් නොවේ බංගලි දේශයටත්. වියට්නාමය දැනටම මේ ගිවිසුමේ ඉන්නේ. අනික් රටවල්ද ඔවුනගේ උනන්දුව පළ කර තියනවා. මෙතැනදී ඔවුන් (සමාගම්) දැනට තියන ලාභ ශ්‍රමය විතරක් නොවේ අනාගත TPP බදු සහනද සැලකිල්ලට ගන්නවා.

මෙතැනදී සමහරුන් කියනවා මෙය චීනයේ ආර්ථික නැගීම තුලනය කිරීමට ගහපු ගිවිසුමක් ලෙසත්. ඒ ගැන ලියන්නට නොවේ මා පටන් ගත්තේ. මා ලියන්න පටන් ගත්තේ රැකියා වෙළඳපොල වෙනස් වීම හා එයට සාමාන්‍ය මිනිසුන් ලෙස අප මොකද කරන්නේ කියන එකනේ.

පාසලෙන් එලියට එනවිට අනාගතයේ මෙන්න මෙහෙම රැකියාවක් මා කරනු ඇතිය කියා කිසිම අදහසක් මට තිබුනේ නැහැ. ඔබලාට එහෙම නිශ්චිත බලාපොරොත්තු තිබුනද?

අවසාන කොටස හෙට!

මේවා කියවන්නට අකමැති නම් සරල ගීතයකට සවන් දෙමු!

Advertisements

5 Comments

Filed under Careers/Employments, Opinion

5 responses to “ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (5)

  1. Pingback: ඔයාගේ මහත්තයට නම් මා කැමතියි! Parochial Thinking (5) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඇණයා

    වෙළඳ ගිවිසුම් කියන ඒවත් ජංජාලයක් වලො වගේනෙ, දැන් අර ටැක්ස් අවුල් ලිහන්න දඟලනවා වගේ කාලයකදී ඔව්වත් ලිහන්න මහන්සිවෙන්න වෙයි නේද.

    තෝරු මොරු අතර සටන් වලට අහුවෙලා අපේ ජංගි කර්මාන්තෙත් අභාවෙට යයිද. ඒවා යුරෝපෙට යන නිසා අවුලක් නැති වෙයි කියා හිතනවා

    මේ කොමෙන්ට්ටෙකේ ප්‍රශ්නාර්ත ලකුණුනම් තිත් බවට හැරෙව්වා.

    • වෙළඳ ගිවිසුම් හැමදාම ඔහොමයි. මේවා සාමාන්‍ය සමාජයට කෙලින්ම දැනෙන්නේ නැති නිසා අපට එතරම් වගක් නැහැ. මේ නිදහස් වෙළඳ ගිවිසුම් කියන්නෙත් වාරණ වල තවත් අවස්ථාවක් පමණයි.

      ලංකාවේ තිබුන සමහර ඒවා එලියට ගියා නේද? ලංකාව වැනි රටක් සන්වර්ධනයා වෙමින් පවතින රටවල් අතර සුවිශේෂී තැනක ඉන්නවා. හරිනම් ලංකාවේ අවධානය යොමු වන්න ඕනේ අඩු කුසලතා අවශ්‍ය මිලෙන් පහල ඔය වගේ ශ්‍රම වෙළදපොල වෙත නොවේ. දැන් බංගලි දේශය වගේ රටක් එක්ක ලංකාව තරඟ කරන්නත් බැහැ, අවශ්‍යත් නැහැ.

      ඔය අනික් අයියල කොතරම් කියුවත් අධ්‍යාපනයේ ව්‍යාප්තිය අතින් ලංකාව තාමත් සංසන්දනය කරන්න හැකි රටවල් අතර ඉදිරියෙන්. 1971 සිට බ්ලඩි අප්රයිසින් දෙකකටද, අවුරුදු 30 ක සිවිල් යුද්ධයකට පසු රටක් ඔය ගාණට ඉතිරි වීම ලොකු දෙයක් නොවේද?

      ලංකාවේ යුනික් තත්වය ඔය කිසිවක් නිසා නැති වෙලා නැහැ. අනික ඔය ආර්ථිකයේ කඩා වැටෙන්න දෙයක් නැහැ. (ඉතා කුඩා නිසා). මේකේ ඉතිරි ටික මා ලියන්නේ නැහැ. එහෙම වුනොත් එය සටහනක් වෙනවට අමතරව, තවත් හේතු නිසා තේරුමක් නැහැ.

  3. ලංකාවේ ගාමන්ට් කොම්පැනි වලට ප්‍රශ්නයක් එනවා . උන්ගක් කොම්පැනි වල මුල් අයිතිකරු ලන්ඩනයේ. යවන්නේ යුරෝපයට. ඒ ගිවිසුම් අලුතින් ගහන්න වෙනවා. හොඳ ලිපි පෙළ රයිගම්.

    • කෝ උඹලගේ වෙන් වෙමු කියපු එවුන් දැන් ආගිය අතක් නැහැ නේද?
      ඔය ගිවිසුම් අලුත් කිරීම් වගේ දේවල් වලට තව කලක් යාවි නේද?

      උඹට කියවන්න හැකි වීම සතුටක්. ස්තුතියි මචං අගය කිරීම ගැන. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s