ජනේලයෙන් දුටු සැන්දෑ අහස!


IMG_0521

දැන් කළුවර වැටී අවසන්. වෙලාව  සවස 6 යි තිහට  විතර ඇති. මෙයින් මිනිත්තු කිහිපයකට පෙර ගත්තු, මේ චායාරූප වලට මග පෙන්වූයේ  ජනේලයෙන් දුටු දර්ශනය.

IMG_0510

IMG_0511

IMG_0515

මේ වන විට ශීත සමයේ තුනෙන් එකකට වැඩිය ගෙවී ගිහින්.  අපේ කෙටිම දිනය යෙදී  තියෙන්නේ ජූනි  මාසයේ. ඒ කියන්නේ දවස යලිත් දික් වේගෙන යනවා. ගස්-වැල්  වැඩිපුර ප්‍රතිචාර දක්වන්නේ දවල් කාලයේ දිගුවට නිසා, දැන් අනික් පැත්තට යන කාලය ඇවිත්.

අඳුර පැතිරී ඇති මාවතේ, ආලෝකමත්  පහන් කණු යට යතුරු සොයන්න කවුරුත් සිටියේ නැහැ.  මා සිටිය ටිකට පරිසරය සීග්‍රයෙන් වෙනස් වුණා. සාමාන්‍ය සෙනසුරාදාවක් කියන්නේ ටිකක් වැඩ තියන දිනයක් වුවත්, අද දවසෙම ගෙදර හිටියේ. එයට එක හේතුවක් පාසල් නිවාඩු කාලය වීම.

විවේකයක් නොමැති නම් මේ දර්ශන දකින්න වෙලාවක් එන්නේ නැහැ. පසුගිය දිනවල උදේට මට චායාරූප ටිකක් ගන්න හොඳටම ඕනේ කම තිබුණත්, උදේ ජරමර අස්සේ එයට වෙලාවක් ලැබුනේ නැහැ. මෙය  පින්තුර සටහනක් නිසා වචන  පුරවන එක එතරම් යෝග්‍යත් නැහැනේ.

(Photos, Canberra July 9 2016. Views from front-yard at about 5.50pm, taken by me)

Advertisements

12 Comments

Filed under Photography

12 responses to “ජනේලයෙන් දුටු සැන්දෑ අහස!

  1. Pingback: ජනේලයෙන් දුටු සැන්දෑ අහස! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. අඳුර පැතිරී ඇති මාවතේ, ආලෝකමත් පහන් කණු යට යතුරු සොයන්න කවුරුත් සිටියේ නැහැ. <<
    සමහරවිට ටෝර්ච් එකක් හම්බවෙලා යතුර ඇත්තටම නැතිවෙච්ච තැනට යන්න ඇති.

    මේවා ට්‍රයිපොඩ් එකක් උඩ හරි ජනෙල් පඩිය උඩ හරි කැමරාව තියලා ගහපුවද රයිගම්?
    .

    • What’s this new format of comments? Part of it is in a highlighted box and rest is out.

    • එහෙම යතුරු තියන තැනම සොයනවා නම් කොතරම් අපූරුද?

      නැහැ මචං, ගේ ඇතුලින් දුටුව දේ එලියට ගිහින් ගත්තේ. නැත්නම් ඔය කෝණ වලින් ගන්න බැහැ. අනවශ්‍ය දේවල් වැටෙනවා. මා ලියා ඇත්තේ වක්‍රව.

      පහල කොමෙන්ටුව ගැන කියුවොත් (අකුරු ඉංග්‍රීසියට හරවන්න බැහැ), අයි චේන්ජ්ඩ් නතින්. ඒ කොටස උපුටා දැක්වීමක් කියල ඔටෝ සිලෙක්ට් වෙලා වගේ.

  3. ලස්සනයි ෆොටෝ. මං ගාවත් දාස් ගාණක් ඇති හැන්දෑවේ ගත්ත ෆොටෝ. අපිට ඇතිවෙලා දවල් කාලේ ගොඩක් දිග එක කරදරයක්. පාන්ද 5 වෙද්දි එළිය වැටෙනවා.ඉර බහින්නේ 8 පහුවෙලා

    • ඔබලාට අපට තියන දේශගුණයේ අනික් පැත්ත නේ. ඔබගේ පොටෝ දකින්න කැමතියි. ජීවිතය බිසී නේද?
      ඇත්තටම ඔමා, හරියටම දුටුව දර්ශනය ඔතන නැහැ. ජැකට්ටුව දමන් එලියන ගිය විනාඩි 3ට දර්ශනය වෙනස් වුනා.

  4. මටත් හැමදාම හවසට නියම ලස්සනට ඉර බහින දර්ශන පේනවා.. මගේ ළඟත් ඔහොම ගත්ත ෆොටෝ ගොඩක් තියෙනවා
    මේ තියෙන්නේ එකක්

    https://500px.com/photo/71809213/sun-set-by-pathum-herath?ctx_page=1&from=user&user_id=8322733

  5. පැතුම් ගේ එම පොටෝ එකත් අනික්වාත් ගොඩක් ලස්සනයි. ඔබ මා වගේ නොවේ මේවා කොහේ හෝ ප්‍රදර්ශනය කිරීම ලොකු දෙයක්. ටිකක් දැන් බැලුව. නිවාඩුව අනික්වා බලන්නම්.

    මා ගත්තුවගේ ඈත දර්ශන වලට ලෙන්සය හයිය මදි.

    මා කලින් ලියුව සටහනක විවියන් මයර් ගැන ලියා ඇති. චායාරූප ලක්ෂ ගණනක් ගත්ත වුනත් එව්වා ඩිවෙලොප් කරන්න හෝ උත්සහ අරන් නැහැ. අප ගොඩක් දෙනාට වෙලාවක් නැහැ නේද ඕවට? 🙂

  6. Anonymous

    මම වඩාත් කැමති ලෙන්ස් එකෙන් නෙවෙයි පියවි ඇහෙන් පින්තුරේ ගන්න. තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. පින්තුරයක් ගත්තම මට හිතෙන්නෙම එතැන තියෙන්නේ මම දැකපු එක නෙවෙයි කියල. විශේෂයෙන් සීනරි වගේ ඒවා.

    අර කට්ට කරුවලේ තියෙන පින්තුරේ මගේ හිතගත්ත. ඒ වෙලාවල් කියන්නේ තණකොළ ගොල්ලේ පෙරලිලා බලාගෙන ඉන්න ජාතියේ එව්වා.

    අම්මා.. හිතුවත් පුදුම සතුටක් දැනෙන්නේ.

    ස්තුතියි මේ සිතුවිල්ලට
    /නු.කු

    • අන්න ඒකනේ මා මේක ජනේලෙන් දැකපු එව්වා ලෙස නම් කෙරුවේ. එවෙලේ දැකපු දේ එවෙලේම ගත්ත. එවෙලේම ඔබත් එක්ක හුවමාරු කර ගත්ත. ලෙන්ස් එක අපට උදව් කරනවා විතරයි.

      මෙතන ගෙදර ඇතුලේ ජනේලෙන් මා දැකපු දේ ඒ විදිහටම නැහැ. මොකද දර්ශනය සීග්‍රයෙන් වෙනස් වුන නිසා.

      හැබැයි එලියට ගිහින් ගත්තු විට එයිට වඩා දෙයක් දුටුවා. පාළු පාරේ වාහනයක් යන විට ගත්තු පොටෝ එක මා ඇතුලත් කෙරුවේ නැහැ. එය වෙනස් සිතුවිල්ලක් ගෙනෙන එකක්.

      මට තණ කොළ ගොල්ලේ පෙරලෙන්නේ සිතෙන්නේ නැහැ. හැබැයි උදේට වාහනය පදවාගෙන යන විට, රස්සාවට නොගිහින්, ඒ පරිසරයේ චමත්කාරය විඳින්න හිතෙන අවස්ථා ගොඩක් තියනවා.

      ඔබ නොලියන එක මට කනගාටුවක් උපේක්ෂා. ඔබ විතරක් නොවේ, තවත් අයත්. 😦

  7. පින්තුර ටික ලස්සනයි. පැතුමේ ගේ පින්තුර ටිකත් ලස්සනයි. මම හිතනවා මචන් පැතුම වගේම අපි විඳින දෙය ජිවිතයේ ලස්සන හෝ දුක ඉතා පෞද්ගලික නොවේ නම් එය බෙදා හදා ගත්තට කමක් නැහැ කියල.

    අර උඩම තියන පින්තුරය මට මතක් කලේ රුසියාවේ හිම වැටිලා අධික ශීතල වුනහම අර අතු රිකිලි වල ගල් ගැසුණු අයිස් දැකල තියනවද. ඒ වගේ. අයිස් තමයි අඩු.

    • //ජිවිතයේ ලස්සන හෝ දුක ඉතා පෞද්ගලික නොවේ නම් එය බෙදා හදා ගත්තට කමක් නැහැ කියල.// හරි මචං, මං මේ බ්ලොගයෙන් කරන්නේ එය තමා. සීමා තියන වග මා කලිනුත් ලියා ඇති.

      උඹ රුසියානු වින්ටර් එක මතක් කරපු එක හොඳයි. සුලන් නැති දිනවල ගස් ගල් ගැහිලා තිබුණත්, අප එහෙදි දැකපු වින්ටර් එකට වඩා මෙහෙ හරි වෙනස්. උඹට පෙනෙනවා ඇති සමහර ගස් වල දළු/ මල් දැන් එලියට එමින් තියන වග. ජූලිය කියන්නේ අපට සරම වින්ටර් කාලයයි.

      //අයිස් තමයි අඩු.// අඩුවක් නැහැ. අපි වැඩට ගිහිං ඕවා ගහන නිසා ඕනේ තරම් තියනවා. 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s