Canberra chilli eating competition, මිරිස් කෑමේ වීරයා තෝරමු?


මිරිස් ගැන මා ඕනෙවට වඩා ලියා තියනවා. ඇත්තටම මා මිරිස් ඕනෙවට වඩා වවනවා කියල හැඟුනේ, මේවා වවනවා මිසක් කන්නේ නැති වග මතක් වූ නිසා. ගොඩක් වෙලාවට බෙදලත් ඉතිරි වන අතිරික්තය සමහර විට විසි කරනවා. හරියට  ලංකාවේ ගොවීන්  මහජන මුදලින් සහනාධාර ලෙස දෙන පොහොර ගහල, එකම දේ වගා කර, විකුනන්න බැරියෝ කියල පාරට ගෙනත් දමනවා වගේ තමා.

ඔය අල්ලපනල්ලේ, මට සුද්දෙකුත් මිරිස් ගොඩක් ගෙනත් දුන්න. පොර ගේ “තියරියක්” තියනවා. එනම්, කැප්සයිසින් වලින් අපේ සේරොටෝනින් හෝමෝන උත්පාදනය වැඩි වෙනවා කියල. මා මිනිහත් එක්ක විහිළුවට ඔය කතාව ඇදල  ගන්නවා.

මා කියන්නේ උඹේ තියරිය බොරුවක්, මොකද ඔය තරම් සතුටින් ඉන්න මිනිසුන් ඉන්දියාවේ හෝ ලංකාවේ නැහැ කියල. මිනිහට එයටත් පිළිතුරක් තියනවා. යුරෝපයේ ඉතාලියේ ග්‍රීසියේ මිරිස් කන මිනිසුන් සතුටින් ඉන්නවා කියා. අපත් සතුටින් නේද ඉන්නේ?

ඊයේ අපේ ශීතකරණයේ දමල තිබුණ  මිනිහ දුන්න මිරිස්  නරක් වෙලා විසි කෙරුවා. මා මේ පාර  වවපු මිරින් වලින් කඩපු  අස්වැන්නෙන් භාගයක් මා අල්ලපු වත්තේ සුද්දට දුන්න. මේවා දමල උයන එකට ගෙදර කට්ටිය ඇලර්ජි නිසා, මා එව්වා ඉවීමට භාවිතා කරන්නේ නැහැ. ඒ වගේම මගේ මිරිස් කෑම  දැන් අවමයි.

මා කඩපු  මිරිස් ටිකක් මා වැඩකරන තැන ලතින් ඇමෙරිකානු ඔරිජින් එකක් සහිත කෙනෙකුට ගිහින් දුන්නම, මිනිහා මට වට්ටක්ක දෙන්නම් කියා යෝජනා කෙරුව. මටත් වට්ටක්ක තිබුණත්, වෙනස් වර්ග නිසා, හරි ගෙනත් දෙන්න කියා කියුව.

ඔය කතාව  වෙලා දින කිහිපයකට පසුව, මගේ මෙසේ උඩ  තිබුණ  වට්ටක්ක ගෙඩි දෙකට ස්තුති කර යැවුවහම, මිනිහා එවපු පිළිතුරේ මෙන්න මෙහෙමත් තිබුණා;  I slice them up and cook them in the oven until crisp with a bit of salt, pepper and olive oil. I hope you enjoy them. මේකට පිළිතුරක් ලෙස, මගේ වට්ටක්ක හොද්දේ රෙසිපිය මා යැවුවහම, හරි මා එයත් හදා බලන්නම් කියා මිනිහ කියා ඒවා තිබුණ.

ඇත්තටම වට්ටක්ක අර කියුව විදිහට උදුනේ පුළුස්සල ගත්තහම තමා නියම රහ. මිනිහ කියන්න කලිනුත් අප එය කරනවා. ලංකාව වැනි විදුලි බිල අධික රටවල් වල මෙය එතරම් උචිත ක්‍රමයක් නොවන්න පුළුවන්. හැම දෙයක්ම පරිසරයේ හැටියට තමා.

එය නොවේ මගේ ප්‍රශ්ණය, මිරිස් කන ඔබ සතුටින්ද?

http://www.canberratimes.com.au/act-news/chili-eating-competition-a-dead-heat-20160709-gq246n.html

Advertisements

16 Comments

Filed under Opinion

16 responses to “Canberra chilli eating competition, මිරිස් කෑමේ වීරයා තෝරමු?

  1. අමු මිරිස් චැලේන්ජ් එකක්ද?

    මගේත් කැන්බරා මිරිස් කතාවක් තියෙනවා. හුඟ කාලෙක ඉඳලා ලියන්න හිතපු. ඔක්තෝබරයේ දී ලියන්න ඕනෑ!

    • රසික “සුදු” වුණේ මෙහෙ ඇවිත් මිරිස් කාල කියලා පත්තරේ තිබුණ. සතුටින් ඉන්නෙත් ඒ නිසාම ඇති! 🙂

  2. වට්ටක්කා උයන කොට උළුහාල් දාල හින්දන්න ඉව්වම පැණි රස නෑ.
    මිරිස් නම් ඉතින් කනවා නේ. මිරිස්, තෙල් (ගොඩක්) එකට නම් වැඩිය කන්නේ නෑ. ලංකාවේ කෑම නෙමෙයි මැලේ තැන්වල ඔය තෙල්-මිරිස් සුසංයෝගය සැර වැඩි (මට).

    අපේ අමු මිරිස් ගස් වලින් තාම කරල්. වින්ටර් එකේ ආපුවා සමර් එකේ ආපුවට වඩා සැරයි.

    • නිරෝෂි උයනවද ඇත්තටම?
      මොකෝ පැණි රස නැති කරන්නේ? මා ආසයි පැණිරස කන්න. දන්නවද කරවිල උයන ක්‍රමේ මොකක්ද කියල?

      ඔයාලට මොන වින්ටර්ද? ඕක අපේ සමර් එක වගේනේ. හැබැයි සාමාන්‍යයෙන් සීතලට හැදෙන විට සැර අඩු වනවා (ඔබගේ සැර කරල් වලට උරණවා ඇති සමහරවිට) 😀

  3. මිරිස් කතන්දරේ හැමතැනම මෝස්තරයක් වගේ පැතිරෙනවාද මන්දා ලංකාවෙ අයගෙන් සමහරෙක් අමුතුවෙන් තවත් වැඩියෙන් මිරිස් කන්න පටන් අරන් ඉන්න බවක් පෙනෙනවා

    • මේවා නම් නිකම් විනෝදයට කරන දේවල් (මෝඩ ආතල්) ගුණේ. ලංකාවේ තත්වය මා දන්නේ නැහැ. සාමාන්‍යයක් වශයෙන් ඔහේ කෑම වල මිරිස් වැඩි වග, (එනම් අප දැන් කන අන්දමට වඩා) දැනෙනවා. එය දිවේ හුරුව අනුව නේද වෙනස් වන්නේ?

      • අපේ දේශපාලකයො වැඩේ ස්ටාට් කරන්න වගේ ලෑස්තිවුනා ඒ වෙලාවෙ පටන්ගත්තු කෙනා හරි ගිය නැති නිසා වැඩිය බෝ වුනේ නැත්ව විහිළුවක් වුනා. මාස පහක විතර ඉඳල මාත් රටින් බැහැරව ඉන්න නිසා දැන් තත්ත්වෙ හරියටම කියන්න අමාරුයි

  4. වැඩිපුර තියන මිරිස් විසි කරන්නේ නැතුව මෙහෙට එවන්න බැරිද? 🙂

  5. අපි මිරිස් කනවා නමුත් මිරිස් නිසා උපන් සතුටක් නෑ.

    ඔය මිරිස් හුඟක්ම කන ජාතියක් නේද මෙක්සිකන්ස්ලා? මම හිතන්නේ මෙක්සිකන් කෑම කන සහ කාලා බඩ යන සුද්දො හුඟක් මෙක්සිකෝවට උඩ රටේ ඉන්නවා. මෙක්සිකෝ ඔලිම්පික් තර‍ඟෙටත් ලාංචනේට හිටියේ මිරිස් කරල් මට මතක විදියට

    • මෙක්සිකන්ස් ල විතරක් නොවේ අපේ මචන්ස්ලාත් කනවනේ බන්.
      මොකෝ සතුටක් නැතිය කියන්නේ?

      • සතුටක් නෑයි කිව්වෙ අසතුටෙන්ම ජීවත් වෙනවා කියන එක නෙවෙයි බං. මිරිස් කෑවා කියලා ඔය කියන නොකන උන්ට වඩා වැඩි සතුටකින් ජීවත් වෙනවා කියන එක මිත්‍යාවක්. එහෙම වෙනසක් ඇති කරන්න මිරිස් වලට බෑ.

  6. Pra Jay

    රයිගම් වවන්නෙ බෙල් පෙපර් නෙමෙයි චිලීස් නේද?
    ඒවා අමු මිරිස් විදිහට කෑමට දාන එක ගැන නේද ලියල තියෙන්නෙ?
    මිරිස් කෑම අවමයි කියන්නෙ වේලුනු මිරිස් කෑලි හා කුඩු පාවිච්චියකුත් නැද්ද?

    මිරිස් කාල කට දන නිසා පැණිරස කනකොටනම් අපිට සතුටක් එනව
    අවන් කරපු පම්ප්කින් ජර්කි කනකොට ඊට වඩා සතුටු හිතෙයි 😀

    • චැග්! කවුද බෙල් පෙපර් ගණන් ගන්නේ. මෙව්වා සිරියස්ලි හොට් ඒවා.කඩේ ගෙනෙන අමු මිරිස් දමනවා උයන විට. මේවා කට්ටියට ගැලපෙන්නේ නැහැ.

      කුඩු ගහනවා. වේලිච්ච එව්වා පාවිච්චි කරනවා. ඉස්සර තරම් නැහැ. ලංකාවේ කෑම කන විට එය තේරෙනවා.

      මා අච්චාරු බෝතල් ගණනාවක් හදල තියනවා. මේවා කන්නේ මා විතරයි. 🙂

      මන් මේක කලිනුත් ලියා ඇති, කොච්චි වලින් හදපු ලුණු මිරිස් සමග ආප්ප කාල, නිකම් තේ සීනි දමල උණුවෙන් බොන විට, අපායට අත වනමින් දිවිය ලෝකේ යන්න පුළුවන්.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s