නිවර්තන හිම වරුසා!


ඊයේ ගෙදර එන වෙලාවේ වැස්ස සමග අයිස් වැටුණ. මොර සූරන වැස්සක්  නම් නොවේ. හැබැයි දං ගෙඩි වගේ කුඩා අයිස් කැට, වැටෙනවත් එක්කම දියවී ගියා. අද නම් කර තිබුනේ  (ඊයේ  අනාවැකි වලට අනුව) අපට හිම වටෙන දිනයක් ලෙස. උදේ  හයට කළුවරේ එලියට බහිද්දී හිම වැටෙමින් පැවතුනා.

IMG_0540

මේ අද ගත්තු පින්තුර ටිකක්. මා ගන්න බලාපොරොත්තු වූ එව්වා නම් නොවේ. නමුත් මෙවෙලේ වෙන වැඩකුත් නොමැති නිසා මේ ටික දමනවා.

මෙහෙම අමුවෙන්ම තමන්ගේ තොරතුරු බෙදා ගැනීම තරුණ පරම්පරාව මුහුණ දෙන ප්‍රශ්නයක් කියා, මේ දැන් රූපවාහිනියේ කතාවකට ගියා. තරුණ රග්බි ක්‍රීඩකයෙක් නිදි යහන්  කතා සමාජ ජාල ඔස්සේ බෙදා ගෙන හුටපටයක්.

මේ වගේ කතා ක්‍රීඩකයන් සම්බන්දව නිතරම ඇහෙනවා. එනම් බෙදා නොගත යුතු දේවල් සමාජ ජාල ඔස්සේ බෙදා ගෙන අමාරුවේ වැටුන අවස්ථා. සමහර ඒවා, එයාලව අමාරුවේ දමන්න “මිතුරන්” කරපු දේවල්. තවත් සමහර ඒවා එවෙලේ ආපු සිතිවිල්ලට කරපු මෝඩ ආතල් කියා අනුමාන කරන්න පුළුවන්.

IMG_0542

මේ සටහන් වල කොමෙන්ටුවක කෙනෙක් මෙහෙම කියා තිබුණා, එයාගේ ලිවීම (ඇත්තම කියුවොත් නොලියවීම) ගැන. එනම් එයා කවුද කියා දැන් එයාට සමීප අය  දන්නා නිසා ඉස්සර  වගේ නිදහසේ ලියන්න බැහැ  කියල.

ඒ කතාව හරිම වැදගත්, එහෙත් එකපාරට කල්පනා නොවන දෙයක් කියනවා. අප සමාජයේ ගොඩ නගාගෙන තියන “ප්‍රතිරූපය” කියන්නේ, අපම හදා ගත්තු වාරණ එක්ක යන එකක්. අප සිතන සේරම අනෙක් අයත් සමග බෙදා නොගන්නේ, ඒවා නිසා අප සිතන අයුරු  නොදන්නා පිරිස්  දැන ගනියි කියල නොවේ. දන්නා අය, දැන ගනීවි කියල.

IMG_0537

රූපවාහිනී තිරයක කතා කරන්න අවස්ථාවක් ළදොත් කුණුහරුප නොකියන කෙනෙක්, තමන් කවුද කියා හඟවන්න අවශ්‍ය නැති පරිසරයක කුණුහරුප කියන්න බය නොවන්නේ ඒ නිසා.

IMG_0544

ඉහත වචන ඔබා ඇත්තේ කිසියම් නිශ්චිත කරුණක් නිසා නොවේ. අද උදේ එලියට බැස්සේ ඊයේ හිම වැටෙනවා කියූ නිසා හිම වල පින්තූර  ටිකක් ගන්න. මොන හිමද?

ශීතල වුවත්, හොඳට අවුව පායා ආව.වැටුන හිම, බිම සමග ස්පර්ශ වනවාත් එක්කම දියවී ගියා. වඩාත් ශීතල පොළොවක් හා පරිසරයක් ඇති ඈත කඳු මුදුන්වල නම් වැටුන හිම ඉතිරිව තිබුණා.

 

Advertisements

8 Comments

Filed under Opinion, Photography

8 responses to “නිවර්තන හිම වරුසා!

  1. නොලියා ඉන්නේ ප්‍රතිරූපය ආරක්ෂා කරන්නම නොවේ රයිගම්.
    මට තියෙන ප්‍රශ්නය, දන්න කියන කතන්දර බෙදාගන්නට බැරි කම. ඒ කියන්නේ මම ගැන දන්න කෙනෙකුට මේ කියන්නේ කාගේ ගැනද කියල පහසුවෙන්ම ගෙස් කරන්නට පුළුවන් මම නම් ගම් වෙනස් කොට ලිවුවත්. වෙනත් කෙනෙකුගේ ප්‍රයිවසි එක මම නිසා නැති වෙනව නම් එය වැරදියි.
    අනික අර මෙහෙ පන්සල ගැන මගෙ තියන නොකැමැත්ත බ්ලොග් එකේ ලිවුවොත්, පන්සල් යන්නට ආස අයගේ හිත රිදවනව. ඔය වගේ දේවල් අන්තිමට ප්‍රශ්න.
    ලියන්නේ සතුටු වෙන්න නේ. හොබී එක නේ. ඉතින් එහෙම විනෝදයට ලියන දේ නිසා වාද විවාද කරගන්නට කාලය මිඩංගු කරන්න වෙනවානම්, එය කරදරයි.

    • දහවල් ලැබුන කුඩා කාල පරාසයකින් ප්‍රයෝජන අරන් මේ පින්තූර ටික දැමුවේ. ලිවිම කලබලේ කරපු නිසා ගලා යාමක් නැහැ. නිවර්තන හිම වර්ෂා ලෙස නම් කෙරුවේ ඒ නිසයි. 🙂

      මා ඔබ ගැන සඳහන් නොකෙරුවේ අකමැති වෙයි කියා සිතල. අතන ප්‍රතිරූපය කියල දැමුවාට (ම දැන් එය උදෘත පාඨ යටතේ දැමුවා), මා කියන්නේ ඔබ ඔය කියන දෙයමයි. අප සමාජයේ ඉන්න විට, අප හිතන අයුරු කොතරම් දුරට අනුන් එක්ක බෙදා ගැන හැකිද, නොහැකිද යන්න ගැන තමා මා කියන්නේ. එය මාත් සිතන ප්‍රශ්නයක්.

      ඔබ කියන පන්සල් කතාවම ගත්තොත්, මෙහෙත් පන්සල් කියන්න විශාල ගොන් පාර්ට් එකක් කියල මා පෞද්ගලිකව සිතනවා. කොතරම් දුරට මේවා සමාජ සහජීවනයට හා පෞද්ගලික විමුක්තියට දායක වෙනවද කියන එක මට නම් ප්‍රශ්නයක්. නමුත් ඔබ කියනවා වගේ මේ ගැන ඒ යන කෙනෙකු සමග කියන්නට නොහැකියි. නොහැකි නොවේ, එය අනවශ්‍ය දෙයක්. මොකද එයින් වන්නේ යහපතක් නොවේ. මේ වගේ තව දේවල් කොපමණ තියනවද?

      මාත් ලියන්නේ සතුටු වන්න. හැබැයි, ලිවීම් පැහැදිලි කරන්න අවශ්‍ය වූ විට (එනම් කොමෙන්ටු වලට උත්තර දෙන්න) මා මගේ ලිවීම් වලට වඩා කාලය වැය කර තියනවා.

  2. Pra Jay

    Hail post. Heil Raigam !

  3. Anonymous

    අප්පා… අහස තමයි වඩාත් හිත ගත්තේ. කතා ඇති, පින්තුර දාන්න ( හි හි හි)
    /නු.කු.

    • ඉන්න කෝ පින්තූර ම දමනවා මින් පසුව.

      මොකෝ මේ ගෑල්ළමයි අහසට ඔතරම් ආස? මන් අහස කපන්නේ නැතිව ඉතිරි කරන විට ඔය ගැන සිතුවා. 🙂

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s