ආ..වා ආදරෙන්! Some known unknowns!


මේ සතියේ දිනෙක වැඩට යන්න පෙර මා උදෙන්ම ගන්න තිබුන ඇපොයින්ට්මන්ට් එකක් අරන් ගෙදර ළඟ ඉන්න දොස්තර කෙනෙක් ගාවට ගියා. දුටුව ගමන් පොර ඇහුවේ, අප මෙයිට කලින් හමු වෙලා තියනවද කියා.

මා උත්තර දුන්නේ වෙන්න බැහැ  මා මෙතෙන්ට නිතර එන කෙනක් නොවේ කියා. අන්න ඒක හොඳ තේරීමක් කියල මිනිහා කතාව පටන් ගත්ත. එයා බ්‍රිතාන්‍යයේ පුහුණු දොස්තර කෙනෙක්. මගෙන් විස්තර අහල, එයාගේ අම්මගේ රස්සාව පවා මට කියුවා. ඒ  මොකෝ කියල මට ලියන්න නොහැකියි, ඒ කියන්නේ මා ලියන්න කැමති නැහැ. මොනවා වුවත් ප්‍රියමනාප සුද්දෙක්. ඒ වගේම මා නැවත ගෙන්න ගන්නත් ඕනේ ඇති.

අප සාමාන්‍යයෙන් වෙලාවක් ගන්න හැකි නම් යන්නේ, මෙතනම ඉන්න  වෙන දොස්තරවරියක් ගාවට. ඇත්තම කියුවොත්, මා යන වාර ගණන හරි අඩුයි. එයට හේතු ලෙස දෙවියන් වහන්සේ දුන්න දේවල් විතරක් නොවේ, මගේ තේරිම්ද තියනවා.

අජිත් කියා තිබුන නරක තේරීම් අතරින් හොඳම එක තෝරනවා කියන කතාව සමග මගේ  ලොකුවට එකඟ වීමක් නැහැ. තේරීම් තියන විට, එනම් තෝරා ගන්න හැකි විට මා නම් කරන්නේ කරන්න හැකි  හොඳම තේරීම කරන එකයි. එයත් රඳා පවතින්නේ මේ හොඳම කියන එක මා තේරුම් ගන්න ආකාරය අනුවයි. එයත්  මට ලබා ගන්න තියන තොරතුරු මතත්, ඒ තොරතුරු වලින් මා කොතරම් දේවල් තේරුම් ගන්නවද කියන එක මතත් රඳා පවතිනවනේ.

මෙතන පොඩි ප්‍රශ්න කිහිපයක් තියනවා තමා. උදාහරණයකට බඩුවක් ගන්න කඩේට ගිය විට, වෙළඳපොලේ තියන හොඳම එක ගන්න මුදල් නැති වෙන්න පුළුවන්නේ. ඒත් මා ගන්න මට පුළුවන් එක හෝ පුළුවන් හොඳම එක කියන්නේ, මට හොඳම තේරීමයි. මෙතන වන්නේ තේරීම “බාහිර බලවේග” විසින් සීමා  කිරීම.

මා කියන්නේ ඒ වගේ දේවල් නොවේ. තේරීම් දෙකක් ඇති විට නරක එකෙන් හොඳම එක තෝරනවා කියන්නේ බොරුවක්. ඒ කියන්නේ ඔය කියන හොඳම තේරීම  මෙලොව තියන එකක් නොවේ කියලනේ. එහෙම දේවල් ඇත්තටම නැත්තේ සමාජයේ කිසිවෙකුට (අඩුම ගානේ විශාල පිරිසකට) එහෙම දෙයක් අවශ්‍ය නැති නිසා.

මා දොස්තර හමුවීමට ගිය එකට එයා ඩොලර් හැත්තෑවක්  අය කෙරුවා.  මෙයින් කොටසක් අපගේ පබ්ලික් හෙල්ත් ඉන්ෂුවරන්ස් එකෙන් ලැබෙනවා. ඉතිරි ටික මට දරා ගන්න වෙනවා. මේ රක්ෂණය හැර, තවත් රක්ෂණ ඔබට තිබේද කියල ඇහුවොත්, මට කියන්න තියෙන්නේ ඔව් හිමියනි, කියල තමා.

මේ රක්ෂණ අප අරන් තියෙන්නේ හදිසි අවස්ථාවක් ආවොත් කියා. හැබැයි මේවාට මුදල්  වියදම් කරනවා කියා බලෙන් හදිසි අවස්ථා හදා ගන්න අප සුදානම් නැහැනේ. මේවට ගෙවුවට, ඒවායින් ප්‍රයෝජන ගන්න, එනම් ක්ලේම්  කරන්න අවස්ථා උදා නොවනවා කියන්නේ ලොකු දෙයක්.

සරීර සෞඛ්‍යයත් ඒ වගේ. දොස්තරලා ගාවට යන්න, ඉස්පිටිතාල වල කරක් ගහන්න අවස්ථාව නැති තරමට හොඳයි. හැබැයි සමාජයක් ලෙස මෙවැනි රක්ෂණයක් තිබීම ඉහල මනුෂ්‍ය ලක්ෂණයක් ලෙස මා දකිනවා.

මෙවර මැතිවරණයේදී විරුද්ධ පක්ෂය ගෙන ගිය මහජන සෞඛ්‍ය රක්ෂණය අනික් කට්ටිය විසින්  පෞද්ගලිකරණය කරනවා කියන සටන් පාඨය නොමග යවන සුළු, මිනිසුන් බය කෙරුව එකක් ලෙස අර්ථ දැක්වුවා. ඇත්තටම එයට මිනිසුන් ප්‍රතිචාර දැක්වීම කියන්නේ සමාජයේ තියන හොඳ ගුණාංගයක් ලෙස මා දකිනවා.

ඇත්තටම එහෙම බලාපොරොත්තුවක් යටි හිතේ වත් නැතිය කියා අගමැති මැල්කම් කියුවා. ඒ කතාව මිනිසුන් විශාල කොටසක් තැකුවේ නැතිය කියා ඔවුන්ම සිතන  නිසා තමයි, මැල්කම් මැතිවරණයෙන් පස්සේ කියුවේ ඒ ප්‍රචාරය බොරුවක් වුවත්, සාර්ථක එකක් යයි කියා.

ඒ කතා වලට පසුබිම් වන දේවල් විස්තර කරන්න ගියොත් මේ සටහන තවත් දිග වෙනවා. නමුත් සමාජයක් ලෙස වැඩිවන සෞඛ්‍ය වියදම් දරා ගන්නේ කොහොමද? මහලු ජනගහනය වැඩිවීමට අමතරව, ගොඩක් දෙනා වලක්වාගත හැකි දේවල් සොයා යාමත් මේ වැඩි වීමට හේතුවක්.

ලිබරල් රජය ගෙනාපු “කෝ පෙයිමට්න්ට්” නැතිනම් (සාමාන්‍යයෙන් දොස්තර කෙනෙකුට මහජන රක්ෂණයෙන් ගෙවන මුදලින් සෑහීමට පත් වනවා නම්, එයා රෝගියා ගෙන් අමතර සල්ලි අය  කරන්නේ නැහැ. එතකොට මට වුනා වගේ අතින් ගෙවන්න වන්නේ නැහැ ), මා මේ සතියේ ගියා වගේ දොස්තර කෙනෙකු හමු වීමට යාමේදී ඩොලර් පහක් වගේ අයකිරීමට කරපු යෝජනාවට මා පෞද්ගලිකව කැමතියි. හැබැයි මෙතැන තියන තවත් ප්‍රශ්නයක් තමා, මේ වගේ යෝජනා මෙතනින් නතර වන්නේ නැති එක. මැල්කම් අර ප්‍රචාරය හරිම ප්‍රතිඵල දායක යයි කියුවේ, ඔවුන් පොදුවේ මේ සංකල්පයට දක්වන ප්‍රතිරෝධය ජනතාවට රහසක් නොවන නිසා.

හැබැයි ප්‍රයිස් සිග්නලින් කියන දේත් ඵල දායක දෙයක්. මෙතැනදී අප මේ රක්ෂණයට ආදායම අනුව කලින් ගෙවල තියනවා තමා. හැබැයි දැනට එයට තියන ආදායම ප්‍රමාණවත් නොවන වගනේ වගනේ මේ කියන්නේ. එතකොට ඒ මුලින් ගෙවන මුදල තවත් ඉහල නොදමා, මෙවැනි සාක්කුවට “කෙලින්ම” දැනෙන දෙයක් කිරීම මිනිසුන්ට වෙනම පණිවුඩයක් දෙනවා.

මෙහි ඉතිරිය වෙනම සටහනකින්.

 

 

 

Advertisements

7 Comments

Filed under Health, Opinion

7 responses to “ආ..වා ආදරෙන්! Some known unknowns!

  1. //අජිත් කියා තිබුන නරක තේරීම් අතරින් හොඳම එක තෝරනවා කියන කතාව සමග මගේ ලොකුවට එකඟ වීමක් නැහැ.// මේ මම කියපු එකක් නොවේ. ස්ලවොයි ජිජැක් කියන ස්ලෝවෙනියන් දර්ශනවාදිය කියපු එකක්. හැම දෙටමත් නෙමේ. යුරෝපියන් යූනියන් එකෙන් ඉවත් වෙනවද නැත්ද කියන තේරීම. බ්‍රිතාන්‍ය ජනටහ්වට දෙකම නරකයි කියන එකයි ඔහු කිවේ. මාත් යම් තාක් දුරට ඒකට එකඟයි.

    • ඒ ගැන ම තමා මචෝ මා කියන්නේ, ඔතන වෙන තේරීමක් නැතිය කියන්නේ, වෙන තේරීමක් නැතිය කියන එකයි. එහෙම දේවල් නැහැ.

  2. Pingback: ආ..වා ආදරෙන්! Some known unknowns! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. Pra Jay

    Read

  4. අපේ ඔෆිස් එකෙේඇතැම් වෙලාවට අපි කතා කරන මාතෘකාවක් තමයි දෙවියන්ට වැසිකිලි තිබිය යුතුද නැද්ද? මටත් මේ ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය කතා ඒ වගේ..

    අපේ ලංකාවේ රජය මගින් වියදම් දරලා රෝහල් පවත්වාගෙන යනවා .දැන් ගොඩක් පුද්ගලික සමාගම් වලින් සෞඛ්‍ය රක්ෂණ ක්‍රම තියෙනවා..අඩු තරමේ අපි රජයේ රෝහලින් බෙහෙත් ගන්නා අවස්ථාවක දී අපේ පුද්ගලික ආයතනික ‍රක්ෂණ මුදල අර රෝහලට හෝ රජයට බැරවන්න ක්‍රමයක් නෑ..

    ඒ නිසා පුද්ගලික රෝහල් වලට ගියාම අපිට දෙන උපරිම ගානට බිල හැදෙනකොට රජයේ රෝහල් වලට ගියාම නිකංම බෙහෙත් අරං එනවා කිසි හිරිකිතයක් නැතුව.. ඉතිං ඔ්‍ය වගේ රජයට ආදායමක් එන සරල දෙයක්වත් කොරගන්න බැරි අපේ උන්දැලා එක්කලා ඉතිං එතනින් එහා බරසාර දේවල් කතාකරල තේරුමක් නෑ,.

    • //අපේ ඔෆිස් එකෙේඇතැම් වෙලාවට අපි කතා කරන මාතෘකාවක් තමයි දෙවියන්ට වැසිකිලි තිබිය යුතුද නැද්ද? මටත් මේ ඔස්ට්‍රේලියාවේ වෛද්‍ය කතා ඒ වගේ..//
      ඇත්තටම අමිල දෙවියන්ගේ වැසිකිලි කොයි වගේ වෙන්න හැකිද? ඒවායේ ගහල ඇත්තේ දිව්‍ය වැසිකිලි කියල විතරක් වෙන්න ඇති. ගැහැණු පිරිමි වෙනම ඇති ද? නැත්ද? වතුර විදිහට පාවිච්චිය අමුර්තය ද? හයියෝ, අමිල මගේ ඔලුව අවුල් කෙරුව.

      දැන් ඔය අමිලට තේරෙන ඔතන ප්‍රශ්නය අදාළ පුද්ගලයන්ට හෝ නිදහස් සෞඛ්‍ය සේවය, නිදහස් අධ්‍යාපනය බේරා ගනිව් කියන උන්දලට හා ඕවයින් බිහිවුණ දැන් මාෆියා බවට පත්ව ඇති වෘත්තිකයන්ට නොතේරෙන්නේ මොකෝ? ඔය කියන දේම රජයේ විශ්ව විද්‍යාල වලට, රජයේ පාසල් වලට අදාළ කරන්නත් හැකියි.

      සංක්‍රමණය වූවා යයි අපට දෙස් දෙවොල් තියන සාමාන්‍ය ජනතාවටත්, ඔබ ඔය කියන දේ තේරෙන්නේ නැහැ. සිස්ටම් එකෙන් බිහි වෙලා, ඒ සිස්ටකම් එකට කෙළවමින්, අවස්ථා පුළුල් කිරීමට හා සිස්ටම් එක තිරසාර බවට පත්කිරීමට විරුද්ධ,, ඇත්තටම දැන් ඒ සිස්ටම් එක වවාගෙන කන මාෆියාකර මධ්‍යම පන්තිකයන් හා වෘත්තිකයන් ගැන මා හිතන්නේ, සිතන්න කාලය ඇවිත්. මට නොවේ ඔබලාට.

      අතදීම් තියෙන්න ඕනේ නැගිටින කම් විතරයි. නැගිට්ට ට පසුව අපට කරු ගහපල්ලා කියන්නේ මහා ජරා පිරිසක්. හරිනම් වෙන්න ඕනේ, එයාල තවත් දායක වී, ඉස්සරහට එන පිරිසේ ඉන්න අත දිය පිරිස් වලට තවත් අවස්ථා දීම. හැබැයි එතකොට ඔය මහා පොලවේ දෙවියන් වගේ ඉන්න ලැබෙන්නේ නැහැ. තමන්ගේ තැන තියා ගන්න රස්සාව බේරා ගන්න, ලෙඩුන් ගෙන්න ගන්න තරඟ කරන්න සිදු වෙනවා.