තලේබාන් පිරිමින්!


qandeel_baloch_FB_reuters_620_493_100

සාමාන්‍යයෙන් අප සතියේ බඩු  ටික ගන්නා වූල්වර්ත් කඩේ අද කවුන්ටරේ හිටියේ යොවුන් යුවතියක්. මා කතා කරපුවහම ඇය විස්තර ටිකක් කියුවා. ඇය  දහවෙනි අවුරුද්දේ පාසල් යන යුවතියක්. අනාගත බලාපොරොත්තු මොනවා ද  කියල ඇහුවහම, කියුවේ අභ්‍යවකාශ විද්‍යාව ගැන ඉගෙන ගන්න කැමතියි කියා. සාමාන්‍යයෙන් යුවතියකගේ තේරීමක් නොවේ කියාත්, ඇය  සිනාවෙමින් කියුවා.

ඇය,  මා අනුමාන කරන පරිදි මෙහෙ හැදුන, මැලේෂියාව  වගේ රටක දෙමාපියන්ගෙන් පැවත එන්නියක්. මා සමග ලෙන්ගතුව කතා කිරීමට එක හේතුවත් එය කියා මා අනුමාණ  කරනවා.

මොන ක්ෂේත්‍රයකින් ඉගෙන ගත්තත් ඇයගේ  අනාගතය දීප්තිමත් වේවි කියා මා හිතනවා. මේ නිවාඩු කාලයේ හැකි තරම් වැඩ කෙරුවා කියාත් ඇය  කියුවා. වුල්වර්ත් එකේ බඩු  ටිකක් ගණන් තමා. හැබැයි අපට අවශ්‍ය කරන තෝරා ගැනීම් වැඩිපුරම තියන කඩේ විතරක් නොවේ, ඔවුන් ද වෙළඳ ප්‍රචාරණය ට කියන පරිදි වැඩිපුරම මේ වගේ තරුණ ළමුනට රැකියා අවස්ථා දෙන කඩ පේලියත් ඔවුන්ගේ.

ගෙදර ඇවිත් ඉන්න විට රූපවාහිනියෙන් ඇසුවේ මෙන්න මේ ප්‍රවුර්තිය. මා ඒ ගැන වැඩිපුර ලියන්නේ නැහැ. මේ මැයි මාසේ මා කියවපු ප්‍රවුර්තියක්.  ඔය දෙකම අප ජිවත් වන සමාජය ගැන කියා දෙනවා. දැන් ඕස්ට්‍රේලියාව කියන්නේ වෙනස් රටක්  කියා ඔබ සිතාවි. ඔව් සාපේක්ෂව විතරයි. මේ ඉන්නේ අපේ අයියල. 

ඔබ මේ තත්වයකට මුහුණ නොදෙන තාක් කල් මෙහෙම ප්‍රශ්න තියනවා කියා කියුවොත් ප්‍රතික්ෂේප කරාවි.  අරගොල්ලන්ට, මේ ගොල්ලන්ට තියන ප්‍රශ්නය මොකක්ද කියා අහන මේ අපේ ගොඩක් පිරිස් වීදුරු  කුඩු ඇතුලේ ජිවත් වන්නේ. බටහිර සමාජයේ ඒකීය පුද්ගලයෙක් ගැන මතුරන පිරිසුත් මේ මූලධර්මවාදී කාණ්ඩයට අයිතියි.

මා නිතරම කියන පරිදි, සමහර සමාජ ඉදිරියට යනු ඇත්තේ, ටිකක් ආපසු ගිහින්. මොකද සමාජයේ විශාල පිරිසක් තේරුම් අරන් නැහැ, එයාල අද ඉන්න තැනට ඇවිත් ඉන්නේ කොහොමද කියා.අනික් සමාජ (පකිස්ථානය වැනි) ඉදිරියට යාවිද, තවත් පසුපසට යාවිද කියා කියන්න මා සමත් නැහැ.

ඛන්දිල් ගේ තොරතුරු හා ජීවිතය ගැන වඩාත් කියවපු මගේ සිත තවත් කනගාටුවෙන් බර වුනා. මරා දමන විට වයස අවුරුදු 25 ක් වූ ඇය, තමන් කරන දේ ගැන නිවැරදි තක්සේරුවකින් ඉන්න ඇති. ඒත්  තමන් ගේ කාමරයේ, නිදා ඉන්න විට, තමන්ගේ සහෝදරයෙක්ම  මේ වැඩේ කරාවී යයි ඇය  සිතුවද මා දන්නේ නැහැ. ගොඩක් වෙලාවට නැතුව ඇති.

අවුරුදු විසි පහක් කියන්නේ මිනිසෙකුගේ ජිවිතයෙන් සැලකිය යුතු කාලයක්. මට. මා කැමති ආකාරයෙන් ජිවත් වෙන්න පටන් ගන්න එයිට වඩා ගොඩක් කල් බලා ඉන්න වුණා. ඛන්දිල්ලා අපේ සමාජයේ ප්‍රගමනය ඉක්මන් කරන පිරිස්. එයට ඇගේ ජීවිතය දන්  දෙන්න වීම ගැන මට කියන්න බැරි තරම් කනගාටුයි.

http://www.domesticviolence.com.au/pages/domestic-violence-statistics.php

 

Advertisements

11 Comments

Filed under Opinion

11 responses to “තලේබාන් පිරිමින්!

  1. Pingback: තලේබාන් පිරිමින්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. සහෝදරයෙක් තමන්ගේ සහෝදරීට මේ වගේ දෙයක් කොහොම කලාද කියලා හිතෙනවා.
    ඒ වගේම ආගම කියන ඩ්‍රග් එක ගහලා මත්වෙලා ඉන්න එකෙක්ට තමන්ගේ සහෝදරී නෙමේ ජාතක කල දරුව ව උනත් මරන එක සුලු දෙයක් කියලා අපි අහපු විඳු දේවල් ඇසුරින් දන්නවනේ

    • අර දෙවෙනි ප්‍රවුර්තිය දරුවාට කරපු දේ ගැන කියනවා. ආගම් විතරක් නොවේ දුකා, සියලු මූලධර්ම වාද කියන මත්ද්‍රව්‍ය ගහපු සේරම හැසිරෙන්නේ ඔය වගේම තමා.

  3. මිනිසාට විණ කලේ ආගම්

    • ඔව්, අතරිනුත් IQ ධාරිතාවයෙන් අඩු (හා ඒ නිසාම) සිතීමෙන් හා මුදලින් දුප්පත් මිනිසුන් විශේෂයි.

  4. ඇණයා

    තලේබාන් ගැහැණු ඉන්නේ ටිකක් විතර දියුණු සමාජවල නේද?

  5. I saw on the FB today, the best way to avoid disappointment is not to expect a fucking thing from anyone. How true!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s