වහළු හා රහ වෙන වලු! Fruit and nut(s)!


IMG_0541.jpgIMG_0390.jpgIMG_0206

වලු තුනක්; පොල් , කොස් හා තල්

අතීතයට යන්න හැකි චායාරූප 3 ක්. පින්තූර සටහන් වලට ඇත්තටම කැමති පිරිසක් ඉන්නවා. ඒවාට වචන  දමන්නත් අවශ්‍ය නැහැ. එකම දේ තමා, පින්තූර  ගන්න ලෙහෙසියි. ඒවා වර්ග කිරීම, නරක එව්වා ඉවත් කිරීම හා තෝරා ගත් එව්වට  පොඩි සංස්කරණයක් කිරීමට කාලය සොයන්න, එයට සිත යොදවන්න අවස්ථාව ලැබෙනවා අඩුයි.

යමක් “හරියට” ඉගෙන ගත්ත (ෆොර්මලි) පිරිස් හා එසේ ඉගෙන නොගත්ත කෙනෙක් එකම දෙයක් කරන විට එහි වෙනසක් දකින්නට ලැබෙනවා. හැබැයි ඔය කියන වෙනසත් දකින්නට හැකි, වෙනස්කම් දකින්න උගත් කෙනෙකුට පමණයි.

පොටෝ  (ෆොටෝ යන්නෙහි සිංහල වචනය) ගැහිල්ල, ඉවීම වැනි  දේවල් ද විධිමත් ලෙස ඉගෙන ගන්න පුළුවන්. එසේ ඉගෙන ගෙන සාර්ථක වෘත්තීය දිවියකටත් මග පාද ගන්න හැකියි.  සමහරුනට උපතින්ම මෙවැනි දේවල් වලට, ඒ කියන්නේ සහජයෙන්ම නැඹුරුවක් තියනවා. එවැනි කෙනෙක් අනුන් තෝරා දෙන විෂයය මාලාවන් එක්ක නිකම් හැප්පෙන්නේ නැතිව, එවැනි ක්ෂේත්‍රයක ඉදිරියට ගියොත්  විශාල දුරක් යන්නට පුළුවන්.

මා කලින් සටහනක ලියා තියන, මට  මනස්කල්පිතව  හමු වූවා යයි කියුව, කුඩා පංතියේ  හිටපු එක අයෙකු, මෝටර් බයිසිකල් හදන ගරාජයක් දමාගෙන හිටිය කෙනා, මෙන්න මේ වගේ අනුන් තෝරා දුන්න, නමුත් එයාට එතරම් උනන්දුවක් නොමැති, විෂය නිර්දේශයන් නිසා, ටිකක් ජීවිතය  වණ කර ගත්තු කෙනෙක්.

ඔහු අද කරන ජීවිකාව කරන්නේ විධිමත් ලෙස ලබපු අධ්‍යාපනයකින් නොවේ. වෙන කෙනෙක් ළඟ ටික කලක් වැඩ කරලා නිකම්ම වැඩ ඉගෙන ගත්ත යයි එයා මට කියුව. පිට රටින් එන අලුත්ම එකක් වුවත් (නැවත සවි කරන විට ගොඩක් අමතර කොටස් ඉතිරි වන එක වෙනම කතාවක්) ප්‍රශ්නයක් එක්ක ගෙනාවම, හදා දෙන්න හැකිය කියා මිනිහ කියුව. දැන් මෙහෙම නිකම්ම වැඩ ඉගෙන ගත්තේ කොහොමද?

කුඩා ටකරන් මඩුවක, සිගරට් ගහමින් රස්තියාදු වෙන වෙලාවක තමා, මිනිහව මට හමු වුණේ. මෙයාට මේ වැඩේ මෙයිට හොඳින් කරගෙන යන්න ඕනේ තරම් අවස්ථාව  ඇති. හැබැයි එයට, එයා ලබපු නිකම් ඉගෙන ගැනීම් වලට එහාට යන දෙයක් ඕනේ.

එතැනදී දේශීයව මිනිහට තියන ප්‍රශ්නයක්  තමා, මිනිසුන් සර්විස් එකක් කර ගන්න පවා එන්නේ වැඩේ අවශ්‍ය වෙලාවට නොවේ, එයාලට පඩි ලැබුන විට. නැත්නම් කරපු වැඩේට මුදල් දෙන්නේ වැඩේ කර ගත්තු ගමන් නොවේ, එයාලගේ අතට සල්ලි ලැබුන විටයි කියන එක. මිනිසුන්ට කෙටිකාලීන ණය  ගන්න හැකි මේ කාලයේ මෙවැනි දේවල් විශාල ප්‍රශ්න නොවේ. එම ණයෙන්  වැඩේ කරන කෙනාට ගෙවා, මුදල් ලැබුන විගසම අර ණය  ගෙවා දමන්න පුලුවන්.

එතැනදී එම ණය දීම සපයන තෙවන පාර්ශවයට, දරා ගත හැකි මුදලක් ගෙවා ඒ පහසුකම ලබා ගන්න, වැඩේ කර ගන්න එන කෙනාට විතරක් නොවේ,  කුඩා ගරාජ හිමියාටත් තියෙන්න ඕනේ.  හැබැයි මගේ පන්තියේ හිටපු  කෙනාට එම ප්‍රශ්නය විසඳන්න බැහැ.

හැබැයි විධිමත් අධ්‍යාපනයක් ලැබුවා නම් අරයට ඔතන වේලි වේලි ඉන්නත් අවශ්‍ය නැහැ. දේශසීමා පවා පැන  ගොස් විසඳුම් සොයන්නට තිබුණා. මා නිතරම ලියන දෙයක් වන, ඉගෙනීම විතරක් මදි, එය කළා යයි අනුන්ට පෙන්වා දෙන්න අවශ්‍ය කරන කොළ ද අප එකතු කර ගන්න ඕනේ.

අනික දේශ සීමා  තරණය අද භෞතික වශයෙන් කරන්නටත් අවශ්‍ය නැහැ. ගරාජ් වැඩ වගේ දේවල් නම් කරන්න බැහැ. හැබැයි එලෙස ශාරීරිකව පෙනී ඉන්නේ නැතිව දුර ඉඳන් කරන්න හැකි දේවල් ලෝකයේ ඕනේ තරම් තියනවා.

එවැනි දේවල් වලටත් පාරිභෝගිකයා හා සේවා සපයන්නා  අතර ගනුදෙනුවට, තෙවන පාර්ශවයකගේ පිහිට අවශ්‍යයි. සමහර වෙලාවට සංක්‍රමණික පිරිස්  කන බොන හැටි, ජිවත් වෙන හැටි ගැන විශාල ලෙස වද  වන අන්තර්ජාලය භාවිතා කරන පිරිස් වලින්, කොපමණ දෙනෙක් පේපැල් වැනි සේවාවක් ලබා ගන්න උනන්දුද කියා, අර පෙත්සන් වලට ලැබුන ප්‍රතිචාරයෙන් දැන ගන්න පුළුවන් වූවා.

වලු ගැන කතාවට නැවත ගියොත්, කුඩා කල අපේ ගෙවතු වල පොල් හා කොස් “වර්ග” විශාල ගණනක් තිබුණා. මේවායින් සමහරක් ලෝකයේ වෙන කිසි තැනකත් නැතිව ඇති. විවිධ පරාග  මිශ්‍රණයෙන් බිහිවෙලා තිබුන සමහර පොල් හා කොස් වල තිබුන ආවේණික  ගති, එයාලගේ ඇට පැල කර ලබා ගන්න  බැහැ. මොකද එව්වා යලිත් කලවම් වී ඇති නිසා.

මට මතකයි එක පොල් ගහක් තිබුණා, කුරුම්බා වලටම ගන්න. තරමක් රෝස පැහැති  ඒ ගෙඩි වල කුරුම්බා වතුර විතරක් ලොවේ, ලොඳත් අනෙක්වට වඩා ප්‍රණීතයි. තවත් විශාල ගෙඩි හට ගන්නා ගොන් තැඹිලි යයි හැඳින්වෙන ගහකුත් මතක් වෙනවා. එහි ගෙඩි මා හිතන්නේ තැඹිලි පාටම නොවේ.

කොස් වලට ආවොත් එක ගහක කොස්, කිසිදා තවත් එකකට සමාන  වූවේ  නැහැ. අද වන විට කොහොල්ලෑ ගෑවෙන නිසා කොස් වලට කිසිවෙකුගේ උනන්දුවක්  නැතිය කියා මා නිරීක්ෂණය කෙරුව. පිට පොත්ත සමග ඇට, මදුළු හා ඉරිත් එක්ක එකට ලියා දෙන පොලේ විකුණන  “පොෂ් කොස්” කන්නත් අප්පිරියයි.

කොස් විතරක් නොවේ, මේවා ඉදුණ පසු ලැබෙන වල හෝ වරකා යන පලතුරු ද කලින් කියුවා වගේ  එකිනෙක ගස් වලට ආවේණික  ලක්ෂණ සහිතයි.  අද පවතින කුඩා ඉඩම් වලට  මේ තිබුන රූස්ස ගස් ගැලපෙන්නේ නැහැ.

ලංකාවේ සෑහෙන කලක් ඉස්සර ජීවත් වෙලා තිබුණත් , මා දී කිරි කෑවේ මේ ලඟදි.

පසු වදන

අද කම්මැලි කමින් උදේ වරුව ගත කරපු දිනක්. වෙනද මෙන් උදෙන් නැගිට්ටේ නැහැ. නමය  මාර වෙනකම් නිදා ගත්ත. එළියත් සීතලයි. කුරුල්ලන් දෙන්නෙක් ඇවිත්, නිදන කාමරේ ජනෙල්  වීදුරුවට කොටන්න ගත්ත. එක්කෝ එයාලගේ ප්‍රතිබිම්බයට වෙන්න ඇති, නැත්නම් මකුළුවන් වාගේ සතුන් සොයනවා ඇති.

මේ සටහනේ එකම පැත්තකට ගලායාමක් නැතුව ඇති. හරියට අද දවස වගේ. 🙂

(Photo: Coconut, Jackfruit and Sri Lankan thal  tree,  taken by me).

 

Advertisements

9 Comments

Filed under Agriculture, Opinion, Photography

9 responses to “වහළු හා රහ වෙන වලු! Fruit and nut(s)!

  1. Pingback: වහළු හා රහ වෙන වලු! Fruit and nut(s)! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. දීකිරි කියන්නෙ මී කිරි වෙන්න බෑනෙ.

    මම දීකිරි පාවිච්චි කරලා තියෙන්නෙ “දී කිරට බළලුත් සාක්කි” වලදී සහ ” “දී කිරි දී කිරි ගෙනාවා දීකිරි” වලදී පමනයි.

    මේ වගෙ පුරුෂාධිපත්‍යයෙන් යුතු පෝස්ට් දාලා රයිගම් කරන්නෙ ඒකට වලු පිටින් උඩ ගෙඩි දෙන එක නෙවෙයිද? 😀

    • ගව කිරි වලින් හදන දී කිරි වර්ගයකුත් තියනවා කියල අහල තියනවා. හැබැයි මචං, මා මේ කියන්නේ පොල් ගැන. මෙහෙම පොල් වර්ගයක් තියනවා කියා මා දැන ගත්තේ ලඟදි. දකුණේ මිනිසුන් නම් මෙව්වා හොඳට දන්නවා.

      ඔන්න මන් උඹ වෙනුවෙන් මේක සොයා දමනවා.
      දී කිරි ගැන උඹත්, මාත් නොදත් දේ 😀

      //මේ වගෙ පුරුෂාධිපත්‍යයෙන් යුතු පෝස්ට් දාලා//

      මචං, කාන්තා පාර්ශවය පැමිණිලි කෙරුවොත්, මේ සටහන අයින් කරමි! 😀

      • Anonymous

        පැමිණිල්ලක් නම් දාන්නම්….

        වැඩේ කියන්නේ මොකකට විරුද්ධවද පැහැදිලි මදි වගේ
        NK

        • //වැඩේ කියන්නේ මොකකට විරුද්ධවද පැහැදිලි මදි වගේ//
          ඕක හොඳ පොයින්ට් එකක් නේද පැමිණිල්ලක් දමන්න උපේක්ෂා?

  3. //මිනිසුන්ට කෙටිකාලීන ණය ගන්න හැකි මේ කාලයේ මෙවැනි දේවල් විශාල ප්‍රශ්න නොවේ. එම ණයෙන් වැඩේ කරන කෙනාට ගෙවා, මුදල් ලැබුන විගසම අර ණය ගෙවා දමන්න පුලුවන්.//මේ වගේ අප ඉන්න රටවල ආර්ථිකය දුවන්නේ මෙහෙම නේ මචෝ.

    • මා කියන්නේ මචං අප මේ ග්රාන්ටඩ් ගන්න දේවල් පවා, වෙනත් පරිසර වල මිනිසුන්ගේ ජිවිත වලට කොතරම් බලපෑමක් කරනවද කියා? ඒ කියන්නේ මිනිසුන් සිස්ටම් වල වහළුන් වී සිරවෙන හැටි. ජිවිතයම එකම තැන කැරකෙන එකෙන් මිදෙන්න බැරි වන්නට, හේතුවන බාහිර බලපෑම් කොතරම් තියනවාද?

  4. Pra Jay

    ගොන් තැඹිලි කහ හෝ ලා තැඹිලි පාටයි.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s