ලස්සන නම් නෑ පෙනෙන්නේ!


IMG_2306 (2)

කලින් සටහන් දෙකකින් මා කියන්නට උත්සහ කෙරුවේ, විවේචන කොතරම් පහසුද, ඇත්තටම අප විවේචනය කරන  ඒවායින් මිදෙන්න කොතරම් අපහසු ද කියා. එයිනුත් සමහර සමාජ වල තමන් කැමති විදිහට ජිවත්වීමම මරණීයයි  කියලත් අපට පෙනෙනවා. එහෙම නැතුව වුවත්, පවතින සමාජයේ හරිම ලෙජිට්  දෙයක් කරන විට පවා, එයට අකමැති අය පරල වෙන අවස්ථා ඔබත් අත්දැක  ඇති.

ඇණය කියන්න වගේ ලංකාවේ ඉන්නවා නම්, ටියුෂන් යන්නේ නැතිව  විභාග ගොඩ දැමීම ලෙහෙසි වෙන්නේ නැහැ. විශේෂයෙන් උපේ. අප පාසල් ගිය කාලයට වඩා දැන් කොතරම් වෙනස්ද මා දන්නේ නැහැ. මගේ උසස්පෙළ පන්ති වල එකම විෂයයක් හෝ විෂය නිර්දේශයට අයත් සියලු කරුණු පාසලේ ආවරණය කෙරුවේ නැහැ. ඒ ප්‍රධාන පාසලක. අනික්වයේ තත්වයත් මෙයිට සමාන ඇති. ඒ, ඒ කාලේ.  මේ කරුණු ගැන මා පරණ සටහන් වල ලියා ඇති.

IMG_0744 _Jambu mal 1

ජම්බු මල්

මෙතැනදී දෙමාපියන් වශයෙන්  තමන්ගේ කැමැත්ත,පාසල්  කාලයෙන් පසු දරුවන්ගේ නිදහස වැනි දේවල් ප්‍රමුඛතා ලයිස්තුවේ ඉහලට ගන්න බැහැ. මොකද පාසලේ හරියට වැඩ නොකෙරෙන නිසා. පරිසරය නොතකා, එවැනි දේවල් කිරීම ගොන් පාර්ට් එකක් වන්නේ, දරුවන්ගේ අනාගතය එයින් අනතුරේ වැටෙන්නට ඉඩ ඇති නිසා. උදාහරණයක් විතරයි. මේ වගේ දේවල් තව තියනවා.

හැබැයි, ඔය පරිසරයෙන් ඉවතට ඇවිත්, එයිට වෙනස් තේරීම් තියෙත්දී, තමන්ට සුපුරුදු දේවල් බදා ඉන්න ගමන්ම, එයාල අත්විඳපු දේවල් තාමත් ඉපදුන රටේ තියනවා යයි විවේචනය කිරීම මට තේරුම් ගන්න බැහැ. මිනිසුන්ගේ තේරීම් කියුවට, මේ තේරීම් වල කිසියම් තර්කානුකුල බවකුත්  තියෙන්න ඕනේ නේද?

මා ඒ වගේ තර්කානුකුල බවක් නැති කාණ්ඩයක් ලෙස මූලධර්ම වාදීනුත් දකිනවා. මා කලින් සටහනක ලියුව අර බෞද්ධ ගීතයක් කෙලෙසීම වලක්වා ගන්න, කාන්තාවකට ගඩොල් බාගයකින් ගහන්න යෝජනා කරන  මනුස්සයා, මෙන්න මේ සකල ලෝකවාසී මූලධර්ම වාදීන්ගේ  නියම ස්වරූපය  පෙන්වා දෙන්නෙක්. මෙතැනදී, ඔවුන්ම යෝජනා කරන (හා බොහෝවිට ක්‍රියාවෙත් යොදවන) විසඳුම් මගින්ම, ඔවුන් ආරක්ෂා කරනවා යයි කියන දේ නිෂ්ප්‍රභා වෙන වග ඔවුනට තේරුම් ගන්න බැහැ.

IMG_0134

අල්ලපු ගෙදර මලක්

මා හිතන්නේ අප ටිකක් මේ ගොල්ලන්ට යලිත්, අපේ අතීතයට යන්න ඉඩ දෙන්න ඕනෙය කියා. අන්තර්ජාලය එක්ක එය ටිකක් ඇත්ත වේවිය කියලත් මා හිතනවා. මෙන්න මෙවැනි කතා අපට යලි යලිත් අහන්න ලැබෙනු ඇති.

මේක පොලිටිකලි ඉන්කරෙක්ට් නිසා කියන්නේ නැති වුණත්, මිනිස් සමාජයේ කියන්නේ ලොකු පරාසයක පැතිරෙන බුද්ධිමය ධාරිතාවයක් සහිත ජීවී ගොණුවක්. ඉස්සර සර්වයිව් වුණේ, අප අතර ඉන්න ශක්තිමත්ම පිරිස විතරක් නොවේ, හැම අතින්ම වැඩි හැකියාවක් දක්වපු අය. කොටිය පනින විට, ක්ෂණිකව ක්‍රියාමාර්ග ගන්න හැකි වුණේ, ශක්තිවන්තයටම විතරක් නොවේ. මා නිතරම ලියන පරිදි, මේවා වෙනස් කිරීමම, අපගේ ඉදිරිගමනට යම් බාදා  පමුණවන දේවල් වී තිබීම සරදම් සහගතයි.

හැබැයි පුතේ, මිනිසුන් ලෙස අපගේ ජීවිතවල ස්ටැටස්‌ කුවෝ එකෙන්  මිදෙන්නත් ලෙහෙසි කරුණක් නොවේ. අද මා බලපු ඒබිසියේ ගිය ඕස්ට්‍රේලියානු කතාව ට  පාදක වූවේ, ඉන්දියානු සංක්‍රමණික ඕස්ට්‍රේලියානුවෙකුගේ දරුවෙක් ගේ කතාවක්. දරුවෙක් කියුවට වැඩිහිටියෙක්. විදුලි ඉංජිනේරුවෙකු වශයෙන් වැඩ කරමින් ඉන්න විට, හිතට ආපු අදහසක් නිසා, වෛද්‍යවරයෙක් වී, එයිනුත් නොනැවතී විශේෂඥය වෛද්‍ය වරයෙක් වූ රෝල්ෆ් ගෝමෙස් ගේ මේ කතාව ඔබත් නරඹන්න.

IMG_0689 - Araliya

කඩා නොගත් අරලිය මල් පොකුරක්

රෝල්ෆ් වැනි තරුණයෙකු ගේ ජීවිතය සාමාන්‍ය මිනිසෙකුගේ කතාවක් ලෙස ගන්න බැහැ. මෙතැන  කියන  ඕස්ට්‍රේලියන් කතාව අමතක කෙරුවොත්, මෙවැනි කැරියර් චේන්ජ් එකක් කරන්න විශාල ධෛර්යයක් තියෙන්න ඕනෙවට අමතරව, විශාල බුද්ධිමය ධාරිතාවයකුත් ඕනේ. අප සමහර විට අමතක කරන දෙයක් තමා අන්න ඒක. මා ගොඩක් තැන් වල දකිනවා, දක්ෂතා පෙන්වීමත්  ගැරහීමට  ලක් කෙරෙනවා. අවස්ථා පුළුල් කිරීම එකක්, නමුත් පවතින තත්වය යටතේ, සාර්ථකත්වය පෙන්වන පිරිස් ගැරහීමට ලක් කරන්න අවශ්‍ය නැහැ.

මා මේ දිනවල දකින දෙයක් තමා, කඩයිම් විභාගයක ඉහල ලකුණු ගන්න හා පහල ලකුණු ගන්න අය  දෙගොල්ලන්ම එක සමානයි කියන එක. මෙවැනි කඩයිම් විභාග පමණක් නොවේ, අධ්‍යාපනය ලබන විදිහ පවා පුනරුච්චාරණ ක්‍රම මත පදනම් වී තිබීම  වෙනම කරුණක් . හැබැයි විභාගයකින් වෙනස්  ලකුණු ගැනීමට හේතු වන දේවල් තියනවා. බුද්ධිමය කුසලතාවය එයින් ප්‍රධානයි.

අපේ විශ්වවිද්‍යාල ප්‍රවේශයේදී (ඕස්ට්‍රේලියානු) ඕනෙම කෙනෙකුට, ඕනෙම පාඨමාලාවක් කරන්න බැරි ඒ නිසා. එහිදී සමහර පාඨමාලා ඉලක්ක කර තියෙන්නේ සමාජයේ ඉන්න ඉහලම IQ සහිත පිරිස් වලට. ඒ නිසා, අනෙක් පිරිස් කනගාටු වෙන්නට ඕනෙද?

අපේ සමාජය (බුද්ධිමය කුසලතාවයන් අතින්) නිර්මිත වෙලා තියෙන්නේ ඉහත සීනුවේ හැඩයට කියා කීමත් දැන් දැන් පොලිටිකලි ඉන්කරෙක්ට් වීගෙන යනවා වගේ. එය සමාජයක් වශයෙන් අපට හොඳ අනාගතයක් නිර්මාණය කර දෙන්නේ නැහැ. මිනිසුන්ගේ කුසලතාවයන් හා බුද්ධිය වෙනස් කියා පිළිගන්නා අතර, මිනිසුන්ගේ විවිධ දක්ෂතාවයන්ගෙන් ගන්න හැකි ප්‍රයෝජනය ගැනීම අවස්ථා උදා කර ගැනීම සමාජයක් වශයෙන් සිතන්න අවශ්‍ය දෙයක්.

අර  වැඩසටහන අවසන් කරන කියමන ලෙස  රෝල්ෆ් ගේ බිරිඳ මෙහෙම කියනවා; One of the other reasons why he’s doing this, I think he wants to teach his children that you don’t just have to accept things the way they are. You can just get up yourself and try and make those changes yourself. එම කතාව මා මුලින් කියාගෙන ආපු, අපේ ජිවිත වල සුපුරුදු තේරීම් වලින් ඉවත් වන්නට උත්සහ කිරීම ගැන කතාවට සම්බන්දයි.

පළමු  රූපය  ඩිස්ටර්බින් නේද? ඕක මා ගත්තේ කැන්බරා නුවර, පාසල් දරුවන්ගේ, චමත්කාරජනක සිතිවිලි අවදි කරන්නට පිහිටුවා තියන, කුවෙස්ටකොන් නම් පරිශ්‍රයේ තියන ප්‍රදර්ශන චිත්‍රයකින්. ඕක අපට දිරවන්නේ නැත්තේ මොකෝ කියන ප්‍රශ්නයට මා පසුව එනවා.

අපගේ සිතේ ඇඳිලා තියන, අප නිතර දකින රූපයට  සහමුලින් වෙනස්ව, ඔය ඒලියන්ස් ලා කියන එවුන්,  පරිණාමය වෙලා ඇවිත් තිබුණොත් අප කොහොම ඔවුන්ව පිලි ගනීද?

IMG_0423

ගේ ඇතුලේ පිපෙන රෝස  රෝස

මා  හිතන්නේ කොයිම තත්ත්ව යටතේ වුවත්, ජීවින් පරිණාමය  වනු ඇත්තේ අප මුහුණ දුන්න තත්ත්ව යටතේම තමා. ඒ නිසා එයාල අපට වඩා බොහෝ සෙයින් වෙනස් වන එකක් නැහැ. ඕකේ ඇත්ත නැත්ත අපේ ජිවිත කාලය තුල තබා, මනුෂ්‍ය ශිෂ්ටාචාරය පවතින තුරුම දැන ගනීද කියා අද කියන්න බැහැ . මොකද මේ විශ්වයේ ජිවය තියන එකම ග්‍රහලෝකය, මේක විතරක් වෙන්නත් පුළුවන් නේද?

ලස්සන නැත්නම්, කෙනෙකුට අපේ ඇති වන ආකර්ෂණයත් කතා කිරීම පොලිටිකලි ඉන්කරෙක්ට් තවත් කරුණක් නේ. ඔයා  හරිම ලස්සනයි කීම වරදක් නැති ලෙස සැලකුනත් , අනේ තියන කැත විතරක්, කියල කීම එච්චර ශෝභන දෙයක් නොවේනේ. මෙතැනදී, දකින්නා හෝ විඳවන්නා  අනුව තක්සේරුවන් වෙනස් වීමත් අර පොලිටිකලි ඉන්කරෙක්ට් විමට එක හේතුවක්.

අනික සුන්දරත්වය තවත් කරුණු මත රඳා පවතිනවා. ඒ අතරින් ජානමය හා සංස්කෘතික බලපෑම් ප්‍රධානයි. ගිය වසරේ මා කියවපු නේචර් කලාපයක කවරයේ කතාව වගේ එකට තිබුනේ සුන්දරත්වයයි. එහි තිබුන ලිපි අමතක කර, සම්මුඛ සාකච්ඡා දෙකකට අවධානය යොමු කෙරුවොත් මගේ සටහන අවසන් කරන්න පුලුවන්.

මානව විද්‍යාව පිළිබඳ  මහාචාර්ය වරයෙකු වන කාර්ල්  ග්‍රමර් හා භෞතික විද්‍යාඥයයෙකු වන ඩේවිඩ්  ඩෝච්  තමා ඒ දෙන්න. ඩේවිඩ් කියන්නේ ඔබ්ජෙව්ටිව් බියුටි කියල දෙයක් මෙලොව තියනවා කියා. දැන් කෘමීන්ගේ ආකර්ෂණය ලබා ගන්න පරිණාමය වුන, මල් මිනිසා ලස්සනයි කියා දකින්නේ මොකෝ කියා ඔහු අහනවා.

ඩේවිඩ් භෞතික විද්‍යාඥයකු වුවත්, මිනිසා ගේ සුන්දරත්වය කියන්නේ අනික් සතුන් වගේම ජිව විද්‍යාත්මක  කරුණු ඔස්සේ පරිණාමය  වුන සබ්ජෙක්ටිව් දෙයක් කියල. හැබැයි මනුෂ්‍යයා බුද්ධිමය වශයෙන් ඉහල සත්ත්වයෙක් වන විට, එයාල ඔබ්ජෙක්ටිව්ලි සුන්දරත්වය විඳින්න ප්‍රමිතීන් හදා ගත්තාය කියන එක.

කාර්ල්  විස්තර කරන්නේ  ලස්සන හා අපේ පරිණාමය බැඳී තියන හැටි ගැන.   සතුන් ඇසුරෙන් ඔහු පැහැදිලි කරන්නේ, වර්ගයා බෝ කිරීම සඳහා  සතුන් සහකාරයන් තෝරා ගැනීම, බාහිර දේහ ලක්ෂණ සමග බැඳී තියන හැටි. මෙතැනදී සුන්දරත්වය කියන්නේ, සෞඛ්‍යමත් බවයි, නොනැසී ඉන්න වැඩිම ශඛ්‍ය තාවයක් සහිත වීමයි, සෞඛ්‍යමත්  පසු පරම්පරාවක් බිහි කිරීමට තියන හැකියාවයි. ඔවුන්ගේ අදහස් සේරමට යන්න ගියොත් වැඩේ හරි යන්නේ නැහැ.

IMG_0747

හැකි නම් මෙහි ඉන්නා සතා සොයන්න

මොන වගේ දේහ හෝ මුහුණේ ලක්ෂණද ආකර්ශනාත්මක යයි සැලකෙන්නේ කියන ප්‍රශ්නයට කාල් කියන්නේ, ඔහුත් මේ ගැන පර්යේෂණ කරපු අනෙක් අයනුත්  පිළිගන්න කරුණු අටක්. මේවා අප දකින මිනිස් සුන්දරත්වය රඳා පවතින ප්‍රධාන  කණු ලෙස ඔහු දක්වනවා. .

පහසුව සඳහා මේවා සිංහලට පෙරලන්නේ  නැහැ; 1.Youthfulness 2.symmetry, 3. averageness, 4. sex-hormone markers, 5. body odour, 6. motion, 7. skin complexion and 8. hair texture. තරුණ, පැහැපත් හමක් සහිත හා සයිමෙට්‍රිකල් මුහුණකට හිමිකම් කියන කොණ්ඩය පවා ලස්සන ඉහත  යුවතිය  අපට  සුන්දර යයි හැඟෙන්නේ නැත්තේ මොකද කියා මේ කරුණු ත් ඇසුරින් සිතන්න

මිනිසා ලෙස අප කොතරම් අසුන්දර දේ මෙලොව දුටුවත් ඩේවිඩ් එයාගේ අවසන් පිළිතුර ලෙස කියන මේ කරුණ ඔබේ පහන් සංවේගය පිණිස මා උපුටා දක්වන්නම්; Only humans can improve on beauty. When nature achieves beauty it is an accidental by-product of something else. Nature can only get so beautiful, but humans can paint something that is more beautiful than any scene (Nature, 8 October, 2015).

අප මේ ලෝකය වෙනස් කිරීම ගැන ලතැවෙන, යලිත් කැලෑවට යන්න යෝජනා කරන මිනිසුන් හා මා එකඟ නොමැත්තේ ඩේවිඩ් කියන කරුණ නිසාමයි.

(සියලුම  චායාරූප මවිසින් ගන්න ළද  ඒවාය. මගේ චායාරූප  වල සුන්දරත්වය  විඳින පිරිසක් ද සිටින වග දැන ගැනීම සුන්දර දෙයක් ).

(All photographs were taken by me).

 

 

25 Comments

Filed under Nature, Opinion, Photography

25 responses to “ලස්සන නම් නෑ පෙනෙන්නේ!

  1. Pra Jay

    Read looked liked

  2. So quick to look and like!

  3. Anonymous

    read….

    hmmm hmmm

    NK

  4. mmmm!
    A dangerous precedent!

  5. සෑහෙන දවසකිං
    මේ පොඩි වේව් එකක් දාල යන්ට ආවෙ.
    අපි කැපුන එහෙනං

    (උඩ පෝස්ට් එක මට නං ග්‍රීක් වගේ ටිකක් විතර)

  6. ගණන් ගන්න එපා මහේෂ්. මේක මේ පින්තූර අතරට වචන ඔබපු එකක් මිසක්, වචන අතරට පින්තූර ඔබපු එකක් නොවේ. වේව් නොවේ, පොඩි ලැයික් පාරක් දමල ගියා නම් නේද හොඳ?

  7. මා තට්ටම් විශාල ලාංකික කොට ගැහැනුන්ට පුද්ගලිකව රුචියි. ඉතිං තට්ටම විශාල යෞවනියකගේ මුහුන කැත වුවත් මා ඇයගේ තට්ටමේ විශාලත්වයට තවත් ලකුනු කීපයක් ලබා දෙනවා..
    මා තරමක් කැපී පෙනෙන පොරක් වූවානම් මා ට්‍රයි කරන ටේස්ට් එක මම නිතර කියනවා නම් එවිට තට්ටම විශාලතර වීම කාන්තා බියුටි කියන එකේ විශාල පදාසයක් විදියට ඉතිහාසයෙේ ලියවෙනවා.. මාගේ අනුගාමිකයින්ද මා වැනිව මුහුනට වඩා තට්ටම දෙස බලා ගැහැනුන් තේරීමේ රුසියන් බවට පත්වෙනවා..

    ආසියාතික ජාන සැට් වලදී තමුන්ට අමුවෙන්ම දැනී ප්‍රත්‍යක්ෂ වන දෙයට විශ්වාසය තබා ගන්නවාට වඩා තමන්ගේ වීරයින් අදහන්නන් කෑපී‍පෙනෙන අයවලුන් ආස දේට ඇදෙන ගතියක් තියෙනවා කියල මට හිතෙනවා.. ඒ නිසාමදෝ මන්දා මෙහෙ ඇඩ්වර්ටීස්මන්ට් වලදි නළු නිලියෝ සහ ජනප්‍රිය චරිත වැඩිමනක් යොදාගන්නවා..

    ලංකාවේ අධ්‍යාපනය කියන්නේ හරයක් සහිත දෙයක් නෙමෙයි.. මා ඉතාම ආසාවෙන් සිටිනවා ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගේන්න හදපු වෙලාවේ එයට විරුද්ධ වූ අයගේ කතා සහ මතයන් දැනගන්න.. මට දැනගන්නට ලැබී ඇති කරුනු අනුව නිදහස් අද්‍යාපනය බිහිකල පසු මේම මේම දියුනු වේවි යැයි පුරසාරම් දෙඩුවාට ඒ කිසිවක් සිද්ද වුනේ නෑ..
    නමුත් අර නිදහස් අධ්‍යාපනයට විරුද්ධ අය පලකල මත සත්‍ය වෙලා.. අද ගෙඩියක් කඩාගන්න ගහකට නග්ගගන්න මහන්සිවෙල කරන වැඩකට සේවකයෙක් හොයාගන්න නැති වුනාට හැමතැනම පදුරකට ගැහුවම එලියට විසික් වෙන්න තරම් උගතුන් පිරිසක් නම් රටේ ඉතුරුවෙලා ඉන්නවා..

  8. සුන්දරත්වය කියන දේ මා ඉහත කියා ඇති පරිදිම සබ්ජෙක්ටිව් (හා ඔබ්ජෙක්ටිව් දෙයක්ද) වෙනවා. අමිල දකින අන්දමනේ ඔය කියන්නේ. එයට සංස්කෘතික බලපෑම්ද ඇති.

    කාලෙන් කාලෙටත් ඔය කියන සුන්දරත්වය වෙනස් වෙනවා. ඉස්සර චිත්‍ර වල ඇඳලා තියන ඔය මහත කාන්තාවන්, අද සුන්දර යයි පොදුවේ සැලකෙන්නේ නැහැනේ. මේක ටිකක් පොලිටිකලි ඉන්කරෙට් කතා නිසා කියන්නේ නැති වුවත්, අද සිහින් කාන්තා ශරීරය සුන්දරය කියා පොදු මතයක් තියනවා. මෙතැනදී වෙනස් මත තියන මිනිසුන් ඉන්න හැකියි.

    කාන්තාවන්, පිරිමින් දකින ආකාරයත් ඔය විදිහට කාල අනුව වෙනස් වෙනවනේ.

    //අද ගෙඩියක් කඩාගන්න ගහකට නග්ගගන්න මහන්සිවෙල කරන වැඩකට සේවකයෙක් හොයාගන්න නැති වුනාට හැමතැනම පදුරකට ගැහුවම එලියට විසික් වෙන්න තරම් උගතුන් පිරිසක් නම් රටේ ඉතුරුවෙලා ඉන්නවා..// ඔය වගේ කතාත් අමිල සබ්ජෙක්ටිව් නේද? ලංකාවේ ජිවත් නොවන නිසා, ඔය ප්‍රශ්න මා ලොකුවට දන්නේ නැහැ. හැබැයි අවට රටවල් හා සසඳන විට, ලේ වැකි අරගල දෙකක් හා දීර්ග කාලින යුද්ධයකට මුහුණ දුන්න රටක් හැටියට ඔබල ඉන්න වටපිටාව නරකම නැහැ නේද?

    එතැනදී ඒ කැරලි මතුවීම හා ඒ හා බැඳුන කාරණාද, අධ්‍යාපනේ ව්‍යාප්තියට අනුගාමිව, ආර්ථික දියුණුවක් ඈති නොවීම ත්, කැරලි ඇතිවීම නිසා ආර්ථිකය අඩාලවීමත් එකිනෙකට සම්බන්දයි වගේ. මේ වගේ කතා සංක්‍රමණික මා කියන එක වැදගත් නැහැ. මොකද අපේ සංක්‍රමණය සඳහාද එම කරුණු බලපාපු නිසා.

  9. ඇණයා

    ගහකට නඟින්න උගත් කෙනා උගතෙක් නේද?

  10. ඇණයා

    ටෙක්ස්ට් එකත් උඩම පින්තූරේ වගේ, වැදගත් කියමන් ටිකක් පහසුවෙන් අල්ලගන්න අපහසු විදිහට හංඟලා ලියලා, හොඳයි ලස්සන ගැනත් වෙනස් විදිහට හිතමු.

  11. ජම්බු කඩන්න පවා කුසලතාවයක් අවශ්‍යයි. මිනිසා ඈත අතීතයේ ගස් වල හිටියා කියුවට, අද අපට ඒ කුසලතාවය සහජයෙන් එන්නේ නැහැ.

  12. එහෙමද? සින්දුවක් වත් දාමුද? එතකොට කියවන්න වෙහෙසෙන්න ඕනෙත් නැහැනේ ඇනයෝ? 🙂

  13. ලංකාවේ ඉන්නවා නම්, ටියුෂන් යන්නේ නැතිව විභාග ගොඩ දැමීම ලෙහෙසි වෙන්නේ නැහැ/// athha

  14. ඔයාගේ සටහන කියවන්න කලින්ම අද දවස පටන් ගත්තෙත් චේන්ජ් ඔෆ් කැරියර් ගැන කතාවකින්.
    මගේ එහා පැත්තේ ඉන්න ඇස්ට්‍රෝෆිසිස්ට් කියනවා එයාට සත්ව පරිණාමය හෝ වෙටනරි සයන්ස් හෝ වැනි එකක් ඉගෙන ගන්ඩ ඕනෙලු.
    ඔයාගේ සටහනේ ඉංජිනේරුවා ගැන එයාට කිව්වම ඈ කියනවා මටත් එහෙම චේන්ජ් එකක් කරන්ඩ කියලා. මොකද ඕස්ට්‍රේලියන් ස්ටෝරි එකක් වෙන්න!! (විහිළු!)
    මම කිව්වා මම එහෙනම් ෆැන්ටසි නවකතා කාරියක් වෙනවා කියලා- ASOIAF වගේ හිට් වෙන පොත් පේලියක් ලියන්ඩ!

  15. අනික, පොල් කැඩීම කියන්නේ ඉහලටම යන්න හැකි රැකියාවක්!

  16. මගේ නම් අවංක අදහස මේ ලිපිය දිග වැඩි බවයි. මුල්වර මේ ලිපිය බලන විට මුල් කඟෙන්ටු දෙක සහ පිළිතුරු පමණයි තිබුණේ.

    පසුව ආ අය නම් ලිපිය කියවා තේරුම් ගෙන ඇති බව පේනවා!

  17. මචං, මා ඔය අමූලික ඇත්ත උපේ කරන කොට තේරුම් ගන්න ටිකක් විතර පරක්කු වුණා. 🙂

  18. අද ඔයාගේ දවස හොඳ වුණා නේද? (උදෙන්ම මගේ බ්ලොගේ කියවපු නිසා) 😉

    //මගේ එහා පැත්තේ ඉන්න ඇස්ට්‍රෝෆිසිස්ට් කියනවා// මාර දරුණු කට්ටියනේ ආශ්‍රය කරන්නේ.

    //මම කිව්වා මම එහෙනම් ෆැන්ටසි නවකතා කාරියක් වෙනවා කියලා// මා ඔය ෆැන්ටසි වලට ආස නැහැ. හැබැයි ඉතිං නිරෝෂි ලියනවා නම්, ප්‍රි-ඔර්ඩර් එකක් දෙනවා.

  19. මල්ලිට නම් විහිළු තේරෙන්නේ නැහැ. 😀

  20. ඔය උඩ දෙන්න, මා පොස්ට් එක පබ්ලිෂ් කරන්න කලින් කියවපු අය. 😀

    රසික සමග මාත් එකඟයි. දිග වැඩි තමා. මෙහි තියන ස්ට්‍රක්චර් දෝෂ, මතු අනාගත කියවන්නන් සඳහා ඉවත් කරන්න බලන්නම්.

  21. Nimna

    මිනිස්සු පරිසරය තවත් ලස්සන කරන විදි කල්පැවැත්ම ගැනත් හිතලා කලොත් නම් හොඳයි මම හිතන්නේ.. මට හිතෙනවා ( විවිධ රටවල් වල අධ්‍යාපන ක්‍රම සහ රැකියා අවස්ථාවන් බලන කොට ) අධ්‍යාපන ක්‍රමයේ නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ මිනිසා හිතන විදිහෙයි කියලා..එන්න එන්න මිනිස් අවශ්‍යතා අනවශ්‍ය ලෙස වැඩි උනොත් මේ එකකින් වත් වැඩක් වෙන එකක් නැහැ

  22. ලංකාවේ අධ්‍යාපනය හරියට සූ එකක සතෙක් හදනවා වගේ …සියල්ල කොටුකල අවකාශයක කෙරෙන දැනුම පොම්ප කිරීමක්.. පාසැල විශ්ව විද්‍යාල නොවෙයි කාර්මික අධ්‍යාපනික තැනුත් තවමත් බොහෝවිට සංවෘතයි..

    එතකොට එලියට එන සතා බාහිර ලෝකයට මුහු වෙන්නේ නෑ.. ඉන්ඩස්ට්‍රියට හරියන ප්‍රොඩක්ට් එලියට එන්නෙත් නෑ.. ඇතුලෙ තියෙන ඒවා අවට ලෝකයට අනුව සකස් වෙන්නෙත් නෑ.. අවසානේ කූඩු සතුන් එලියට එන විට ඇතිවිය හැකි බොහෝ දේවල් ලංකාවේ රාජ්‍ය අධ්‍යාපනයෙන් සිද්ද වෙනවා..

    මේ ආකාරයෙන් සමාජයට ලෙහෙ‍සියෙන් මුහු නොවන බුද්ධිමතුන් මුදාහැරීමේ පොම්පාගාර වලින් එලියට ආපු අය කැරලි තුනකට දායක වුනා.. ඇතැම් විට මේ විදියටම මහ පොලව සහ අධ්‍යාපනය තව තවත් දුරස් වන විදියට දිගටම ගියොත් නුදුරු අනාගතයේ නැවතත් මාකට් එක ඉල්ලා සිටින හැකියාව නැති උගත්හු සහ තවත් පිරිසක් අතර ගැටුම් ඇතිවේවි..

    නමුත් දැන් දැන් යම්තාක් දුරට අද්‍යාපනය පුද්ගලිකකරන්‍ය වීමත් එක්ක වටිනා කියන එහෙත් පද්ධතියට වැදගත් ආසන්නතම දේවල් හඹායන්න අපේ අය ටික ටික හරි හුරුවෙයි..

  23. මා සටහන් දෙකකට කලින් දමා තියන මිරිස්සේ හිරු බැස යන දර්ශන ටික නිම්න දුටුවද? හිරු නැගෙනවා, බහිනවා. හැබැයි මේකේ සුන්දරත්වය සිතා මතා රස විඳින එකම සත්ත්වයා මනුෂ්‍යයා. ඔබම ටිකක් හිතන්න. එය හරිම අපූරු දෙයක් නේද? වෙන කිසිවෙකුට (ජීවින්ගෙන්) මේ හැකියාව නැහැ.

    පරිසරය රක ගන්න ඕනේ තමා. සුන්දරත්වය විඳින්න පමණක් නොවේ, අපේ අනාගතය ද සුරක්ෂිත වනු ඇත්තේ එවිට.

    මා කලින් සටහනේ ලියා තිබුන, අපේ වත්තේ තිබුන අර කුරුම්බා රහ පොල් ගහ, පරිසරය විසින් සිතන්නේ නැතිව ඇතිකරපු දෙයක්. ඒ ගසින් පසු සමහරවිට ලෝකයේ, ඒ වේගේ ගසක් නැවත හැදෙන්නේ නැති වෙන්නත් හැකියි. හැබැයි මිනිසාට පුළුවන් ඒ හා සමාන පසු පරම්පරාවක් බිහි කරන්න. එයත් ටිකක් හිතන්න. අපූර්ව දෙයක් නේද?

    මිනිසාගේ බඩගින්න නොනිවා, පරිසරය ගැන සිතන්න කියන එකේ තේරුමක් නැහැ. එයත් සිතා බලන්න අවශ්‍ය දෙයක්.

    අධ්‍යාපනය ගැන නිම්, මා කලින් ලියා ඇති. නැවත අනාගතයේ ලියනවා.

  24. කැරලි තුනම වෙනස් බලාපොරොත්තු සහිත කයිරාටික නායකත්වයක අවශ්‍යතාවයකට සිද්ද්දවූ ඒවා යයි, ඒවායින් ඉතිරි වී ඉන්න/ ජිවත් වී මිය ගිය (නායකයින් කියන පිරිස) අපට පෙන්වා දෙනවා. ඔය මරාදැමුනු නායකයින් පවා, බේරී ජිවත් වුණා නම්, ඔවුනගේ ජිවිතයේ අවසාන කාලය, එසේ ඉතිරි වී කෝලම් කර/ජනතා දේපොළ ගසා කා ස්වභාවිකව මියගිය හා තවමත් ජිවත්ව ඉන්න පිරිසගේම ඒවා වගේම වනු ඇති.

    අධ්‍යාපනයට පමණක් නොවේ හැම ක්ෂේත්‍රයකටම කෞශල්‍යතන්ත්‍ර වාදය ඇතුල් වෙන්නට දුන්නොත් තත්වය වෙනස් වනු ඇති. සමහරුන් මට කියා ඇති පරිදි, තත්වයේ සැබෑ වෙනසක් කිරීමට නම්, ආචාර්ය වරුන් පවා ටික කලකට ආනයනය කරන්න වේවි.

    ඔබ කියනවා හරි. මේවා ගැන වෝරි වෙන්න ඕනේ, එම ප්‍රශ්න බලනොපාන අප නොවේ. ඔබලාම තමා. ඉස්සර වගේ නොවේ, ලෝකයේ සැබෑවටම වෙන්නේ මොකක්ද කියා, පොරවල් නොවන, සාමාන්‍ය ජනතාව අදහස් දැක්වීම හා බෙදා ගැනීම හොඳ දෙයක්. මෙහි නාරක දෙය තමා ස්ක්රුටිනි එකකින් තොරව, අදහස කීමට තියන ඉඩ නිසා, පදනමක් නොමැති මතවාදයන්ද සීග්‍රයෙන් පැතිරීම. නමුත් එහි පැවැත්මද තාවකාලික වනු ඇති වග මගේ විශ්වාසයි.

    //මේ ආකාරයෙන් සමාජයට ලෙහෙ‍සියෙන් මුහු නොවන බුද්ධිමතුන්//
    මේ ගැන අදහස් දක්වන්නට මා කැමති නැහැ. 🙂

  25. මගේ අද ලිපියත් වචන දාහක් වුණා, නමුත් කරන්න දෙයක් තිබුණේ නෑ.
    https://rasikalogy.blogspot.com/2016/07/my-two-cents-worth.html

    ඇත්තටම ඔය දෙවෙනි කොටස. එනිසා තවත් කල් නොතියා ගහලා දැම්මා!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.