ඇඹරැල්ල ව්‍යංජනයක් හදමු!


IMG_0752

ඇඹරැල්ල

මික් ජැගර්ගේ බිරිඳට දරුවෙක් ලැබුණ  කියා පුවත් වල තිබුණ. ලෝකෙ සේරම බංකොලොත් වෙලා තියන මේ කාලේ, වැඩකරන එකම දේ මික් විතරයි කියා අන්තර්ජාල විහිළු වල තිබුණ. මේ වගේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිතය පවා, පොදු බවට පත් වෙලා.

ඉහත තියන ඇඹරැල්ල අපට නිතර කන හම්බු නොවෙන පළතුරක්. අඹරැල්ල එළවලුවල් ලෙස ගන්නත් හැකිනේ. කෙහෙල්, ගස්ලබු, අඹ වගේ ඒවත් ඉදෙන්න  පෙර උයා ගන්න පුළුවන්කම තියනවනේ.

ඇඹරැල්ල ගැන කියන විට මතකයට එන තවත් කාණ්ඩයක් ඉන්නවා. ඒ ගර්භනී කාන්තාවන්. මෙයාල කැමති අකමැති කෑම  කියන එකත්, අර අපේ ගෙවත්තේ තිබුණ  පොල් ගස් වගේ තමා. එකිනෙකා වෙනස්. එහෙම වන්නේ කොහොමද කියන්න මට දැනුමක් හෝ අත්දැකීමක් නම් නැහැ.

මා හදල ශීතකරණයේ දමා තිබුණ, රුසියානු ක්‍රමයේ තක්කාලි බෝතලයක් සති අන්තයේ කඩන විට, අපේ ගෙදර කෑමට ඇවිත් හිටපු අන්න ඒ වගේ යෙහෙළියකගේ කටට කෙළ ඉනුවා. මාත් මේවා නිකම් ඉන්න වෙලාවට හැදුවට, එතරම් ඉල්ලුමක් අපේ ගෙදර නැහැ.

IMG_0157

අඹ වල්ලක්

එළවළු කඩයේ විකුණන්න  තියන, අමු අඹ (තියන කාලෙට) හා අමු කෙහෙල් මා උයන්න ගෙනෙනවා. වැඩට යන දිනවල අපේ රාත්‍රී ආහාරය, අපට සුපුරුදු ලාංකික ක්‍රමයට සකසා ගැනීම සාමාන්‍යයෙන් කරන දෙයක්.

ඒ සමගම ගොඩක් වෙලාවට, මා නම් උයන්නේ  දවල්ට ගෙන යන්න දෙයකුත් හදනවා. හැබැයි දවල්ට ගෙනියන්න උදේට පාන් පෙති දෙකක් හදා ගැනීම වඩාත් පහසුයි. ඔය දෙකම කරන්න බැරි වුණ දාට සහ සතියකට එක පාරක් විතර මොකුත් ගෙනියන්නේ නැතිව කඩෙන් කනවා.

අද දවල් කන්න තැනක් සොයමින්  ඇවිද ගෙන යන විට, අහම්බෙන් උසස් අධ්‍යාපන ආයතනයකට ගොඩ වෙන්න ලැබුණා. කන්න තියන පරිශ්‍රයේම බාර් එකකුත් තිබුණා (අන්න නියම උසස් අධ්‍යාපන ආයතන). මෙහි ඉගෙන ගන්න ළමයින්ට කියා විශේෂ මිල ගණන් නම් නැහැ.

දවස් පහම කඩෙන් කන්න ගියොත්, එයට වැය  කරන්න වෙන මුදල විශාල වනවාට අමතරව,  වියදම් කරන මුදලට සරිලන වටිනාකමක් ලැබෙන්නෙත් නැහැ. එයිට අමතරව, තමන් ගෙනිහින් තියන කෑම එක කන තරම් ලෙහෙසිත් නැහැ.

අප ඉගෙන ගන්න කාලෙත්  ඉස්තලොවයා (කැන්ටිම) එකෙන් කෑවේ නිතරම නොවේ. රෑට හදන දෙයක් දවල්ට ඉතිරිව තිබුණොත්  එය කෑව. නැත්නම් කැන්ටිමට ගියා. සමහර දාට එහි තියන සුප් එක, අත්‍යවශ්‍ය වෙන වෙලාවල් තියනවා. මොනවා වුවත්, ඒ කාලයේ උයන්නට ඉගෙනීම, ජිවිතයට මහත් ප්‍රයෝජනයක් වුණා.

ඇනය  කියා තිබුන වගේ ගස් නගින්න හැකි වීම උගත් කමක් වගේම, ඒ වගේ ඉගෙනීම් වලින් එහාට යන්නත් හිතන්න හැකි නම් හොඳයි.  ඉස්සර අපේ ගමේ හිටිය පොල් කඩන කෙනෙක්, උස ගස් දිහා හොඳට විපරම් කර බලල, කියනවා අනේ සේරම කලටි විතරයි කියා. හැබැයි එයා මිටි ගස් වල තියන කලටි ටික තමා කඩල  යන්නේ. අර උස ගස් වල පොල් වේලිලා වැටෙනවා.

මෙවැනි උස පොල් ගස් වල වළල්ල එක්ක බඩගානවා  කියන්නේ ලෙහෙසි කරුණක් නොවේ. මේ මිනිසුන් ගොඩක් වෙලාවට හවසට කරන්නේ බොන එක නිසා, මහා ශරීර සෞඛ්‍යයෙන් යුතු පිරිසක්ද වූයේ  නැහැ.

එවැනි උස පොල් ගස්, හා රූස්ස කොස් හා අඹ වැනි ගස් අද කැඩී වෙන් වුන කුඩා ගෙවතු වලට ගැලපෙන්නේ නැත්තේ, කුඩා දරුවන්ට විතරක් නොවේ, මහා මිනිසුන්ට පවා මේ ගෙඩි වලින් අනතුරු වෙන්න හැකි නිසා.

වසර දෙක තුනකට එහා ලංකාවට ගිය විට, පාරට බර වෙලා තිබුණ  තැඹිලි ගසකින් වලු හතර පහක් කපා ගන්න මිනිසෙක්ව ගෙන්න ගත්ත. ඒ ගහේ,  ගෑවුණහම  ඇඟ කසන වැලක් ගිහිං  තිබුන නිසා, අවුරුදු ගාණකින්  කිසිවෙකු නැගල (ගහට හොඳේ) තිබුණේ  නැහැ.

අරය මගෙන් වැල  කපන්නත් එක්ක ගාණක්  ඉල්ලුවහම මා කැමති වුණා. පසුව අම්ම කියුවේ නම් නොවටිනා ගාණක්  මා පොරොන්දු වුනේ කියා. නමුත් ඒ ගාණ නැතිව  එයා ඕකට නගින එකකුත් නැහැ .

ගස් යන්න මිනිසුන් සොයා ගන්න බැරි සේරම සරසවි ගිය නිසාද?

For those who are too lazy to read! 

 

 

Advertisements

14 Comments

Filed under Careers/Employments, Opinion

14 responses to “ඇඹරැල්ල ව්‍යංජනයක් හදමු!

  1. Pra Jay

    Wow! how old is Jagger now?

  2. ඇඹරැල්ලා ඉස්සර නැගල කඩන ජාතියක්..ඒත් පස්සේ ආවා මැලේසියන් ජාතියක් බිම ඉදන් කඩන්න පුලුවන් ආකාරයේ.. හැබැයි නැගල කඩන එකේ ගහ පිරෙන්න බඩු හැදෙනවා.. ඒ වගේම කඩන්නත් මහන්සිය වැඩියි..

    ගස් යන්න කැමති පිරිස අඩුවීමට එකම හේතුව සියල්ලෝම කැම්පස් යෑම නෙමෙයි..ඉගෙනගත් මිනිස්සු පොල් කැඩීමට අකමැති වීම සහ පොල් කැඩීම ඉගෙනගත් අය නොකල යුතු දෙයක් ලෙස සමාජගත වීම.. කාර්මික ෙගාවි පොල් කැඩීම වගේ ඒවට සමාජයේ පිලිගැනීමක් නෑ.. සාමාන්‍යපෙල සමත් වීම සහ අසමත් වීම අතර තියෙනවා අර කන්ද උඩ හිටපු ගිරවු දෙන්නා ගෙන් එකෙක් තාපසාරාමයට වැටීම සහ සොරුන්ට වැටීම වගේ ලොකු වෙනසක්..

    මංගල යෝජනාවක මම දැක්කා ගඩොල් කපන මනුස්සයෙක් දාල තිබුනා නිවාස ගඩොලු නිෂ්පාදනාගාරයක් පවත්වා ගැනීම කියලා.. මම ඇත්තටම දන්නවා මිනිහා මංගල යෝජනා සීයකට දැම්මත් ගඩොල් කැපීම වගේ රස්සාවක් එක්ක නං පොරට මේ ආත්මෙට මගුලක් හොයාගන්න බෑ..

    ගඩොල් නිෂ්පාදනාගාරය…ටිකක් ඇඩ්වාන්ස්…වැඩිම උනොත් මිනිහ ගඩොල් පෝරම ගහන්න දන්නවා ඇති කපනවාට අමතරව..කෙසේ හෝ නිෂ්පාදනාගාරයක් නෙව..

    • නොමිලේ පාසල් යාමට තියන නිසා, සේරම “ඉගෙන” ගන්නවා යයි සිතීම සත්‍යයක් නොවේ අමිල. මා සංඛ්‍යයා ලේඛන වලට යන්නේ නැහැ. නමුත් අපොස සාපෙන් හැලී යන පිරිස විතරක් ගන්න.

      මේ වගේ රැකියා වලට මිනිසුන් නැති වීම කියන්නේ ඒවාට ඉල්ලුමක් නැති වීම හෝ එයිට වඩා අනික් සියලු රැකියා වලින් ආදායම් ගන්න පුළුවන් වීම නොවේ. මේවා මිනිසාම හදා ගත් ආර්ථික න්‍යායන් වලට දමල විග්‍රහ කාරන්න ගියොත් නියම පික්චර් එක එන්නේ නැහැ.

      අපෙත් ගස් යන මිනිසුන් ඉන්නවා. ඔවුන්ව වැඩකට ගෙනෙන කෙනක්, අනේ ගස් යන එකෙක් ආව යයි සිතන්නේ නැහැ. සිතන්නේ නැහැ නොවේ, එහෙම සිතිවිල්ලක් එන්නේ නැහැ.

      මේ මිනිසුන් නව තාක්ෂනය සමග ඒ රැකියාව කරන හැටි වෙනස් කරගෙන තියාන නිසා, එහි තියන භයානක ගතියත් ඉවත් කර ගෙන තියනවා. ඒ වගේම රැකියාවක් කිරීම කියන්නේ, උදේට කියක් හරි හොයාගෙන, හවසට අඩි ගහල, සතේ අතේ නැතිව, ගෙදරට ගිහින් තමන්ගේ බිරිඳගෙන් කෝ හොදි නැත්ද යකෝ කියමින් දබරවිම නොවේ කියලත් මේ මිනිසුන් දන්නවා.

      //ඉගෙනගත් මිනිස්සු පොල් කැඩීමට අකමැති වීම සහ පොල් කැඩීම ඉගෙනගත් අය නොකල යුතු දෙයක් ලෙස සමාජගත වීම..//
      ඔතන ඉගෙන ගත්තු මිනිසුන් යන වදන් දෙක ඉවත් කෙරුවොත් ඔබේ කියමන හරි. ඇත්තටම ඉගෙන ගත්තු මිනිසුන් නැති වීමම තමා හේතුව. ඔබ කියන අනෙක් කරුණ හරි. සමාජගත ආකල්ප නිසා තමා මෙවැනි රැකියාවකට යොමු නොවන්නේ. තාක්ෂනය මුහු නොවීම අනෙක. එහෙම මුහු නොවන්න හේතුවත් සමාජගත ආකල්පමයි.

      මට අර පොල් කඩන්න ආපු මිනිහා ගහේ ගිහිං තියන වැල ටිකින් ටික කපමින් උඩට ගිය හැටි දකින විට ආපු සිතිවිල්ල, හානස් නොමැතිව මේ වැඩේ කරන්න මිනිහ කොතරම් දක්ෂයෙක්ද කියල විතරයි. හැබැයි ලංකාවේ එයා තවත් පොල් කඩන්නෙක් විතරයි. කුඩා කාලයේ පටන් පොල් කඩන මිනිසුන්ගේ ජිවිත ගැන අපේ සිතී ඇඳිලා තියන චිත්‍රයත්, ඒ වගේ වැඩ කරපු සමාජයේ සිටපු පිඩිත මිනිසුනුත් නිසා, අද සමාජය වෙනස් වුවත් ඒ රැකියා වලට මිනිසුන්ගේ ආකල්ප වෙනස් වී නැහැ.

  3. ඇණයා

    අර අඹ වල්ල, ඔහෙත් දකින දේවල්

  4. මා හදල ශීතකරණයේ දමා තිබුණ, රුසියානු ක්‍රමයේ තක්කාලි බෝතලයක් ////// I like its fluid

  5. මෙඩුසා

    කෝ ඉතින් ඇඹරැල්ලා ව්‍යංජනය හදන හැටි?

    • මෙඩුසා, මේ අච්චාරුව අස්සේ එය ලියන්න බැරි වුණා. ඔහොම ඉන්නකෝ!

  6. මම ඇඹ‍රැල්ල කරියට වඩා ආසා අඹ කරියට. අපිත් කරියෝ වෙච්ච හැටි නේ? එක්සත් ජනපදේ උන් ඉන්දියානු දෙවර්ගය වෙන්කර ගන්න අහන ප්‍රශ්ණෙ උඹ දන්නවද? හා කියහං බලන්න.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s