සිතිවිලි ව්‍යාංජන හදමු!


කලින් අච්චාරු සටහනේ නොකියපු දේ ගැන දැන  ගන්න ඕනේ වුන අයට  මගේ කණගාටුව. ඇත්තටම ඒ ඇඹරැල්ල /අඹ හදන හැටි ගැන මා ඉදිරියේදී ලියනවා.

ගිය සතියේ අප කන්න ගියේ “අමුතු” ගෙදරකට. ඒ පවුලේ  බිරිඳ දකුණු ඇමෙරිකානුවෙක්. ඇයගේ ස්වාමියා ඉපදී තියෙන්නේ කරච්චි නුවර. එයාගේ අම්ම ඉංගිරිසි ගුරුවරියක් නිසා ලෝකය පුරා විවිධ රටවල වැඩ කර තියනවා.

මෙයාල එකිනෙකාට  හමු වෙලා තියෙන්නේ දකුණු ඇමෙරිකානු රටක වුවත්, අපට එයාලව හමු වුනේ කැන්බරා නුවර. කෑමට  එන්න කියුවම ගෙනියන්න දෙයක් ඇහුවහම (කඩෙන් ගන්න දේවලට අමතරව), කැමති දෙයක් අරන් එන්න කියුවා.

ඒ පිරිමි කෙනා සූපවේදියෙක්. උයල තිබුණේ. දකුණු ඇමෙරිකානු ඌරුවට බටහිර කෑම වේලක් නමුත්, අපත් කැමති වේවි යයි සිතා  ටිකක් දකුණු ආසියා ටච් එකක්  ද  දමා තිබුණ. එයාගේ කුඩා කාලයත් එයට බල පාන්න  ඇති. මිනිහ තෝරලා තිබුණු වයින් ද මේ කෑමට ගලපන්න උත්සහ කර තිබුණා.

නමුත් මා මිනිහට කියුවේ, උඹේ කෑම  වලට ඔය වයින් ගලපන එක අමාරුයි. ඕකට වැඩිය ගැලපෙන්නේ ටිකක් සැර  බීමක්  කියා. මගේ කතාවේ සැබෑ තේරුම මිනිහට තේරුණා.

එයා  ලෝකය ගැන ටිකක් දන්නා කෙනෙක්. අද පකිස්ථානයේ වන දේවල් විතරක් නොවේ, ඇමෙරිකාවේ හා ඕස්ට්‍රේලියාවේ වෙන දේවල් ගැනත් අප කරපු කතා බහෙන් එය මට තේරුණා. විශේෂයෙන් මෙහෙ ඉන්න සුද්දන් ගෙන් බහුතරයකට  කිසිදා, පකිස්ථානය වැනි රටවල් වල තියන නූගත්කම හා ඒහා  බැඳුන  දරිද්‍රතාවය, දේශපාලන මඩ ගොහුරුව තේරුම් ගන්න සැබෑවටම බැහැ. මොකද එය ඔවුන්ට ආගන්තුක දෙයක්.

පොත්පත්, රූපවාහිනී හා අන්තර්ජාල වැනි මාධ්‍ය තුලින් තොරතුරු ලබා ගන්න එක හා පරිසරයේ වසමින් එය අත්දකින එක වෙනස්.  මේ සමාජ වෙනස් කරන්නට, එයාල මෙහෙ ඉඳන් සිතන විසඳුම් අර පරිසරයේ ඉන්න මිනිහෙක් ට සිනහ උපදවන්න තරම් රිඩිකියුලස් වෙන්න හැකියි.

ලංකාවේ ඉපදී හැදී වැඩුණු  අප, අපට පුරුදු ආහාර කනවා යයි මා නිතර ලියන්නේ හේතුවක් ඇතිව. ඉතාලියේ ඉපදී සංක්‍රමණය වුන අය  ඉතාලි හුරුවට කනවා. ග්‍රීක් කාරයන් ග්‍රීක් ක්‍රමයට කනවා. ඉන්දියානු පිරිස් ඒ විදිහට කනවා. දකුණු ඇමෙරිකානුවන් එහෙ විදිහට කනවා. සුද්දන් අතර පවා මේ වෙනස් කම් තියනවා.  අපේ දරුවන්ටද මේ බලපෑම තියෙනු ඇති.

අප ගෙදරදී ලංකාවේ විදිහට කනවා කීම ගෝත්‍රික ගතියක් ලෙස දකින, සැබෑ ගෝත්‍රික පරිසක් ඉන්න නිසා තමා මේ ගැන මා නිතර ලියන්නේ. ලෝකයේම ඉන්නේ (ඒ අයගේ හැටියට) ගෝත්‍රික පිරිසක් තමා. ඔය සිනහා වෙන මිනිසුන් මේ පරිසරයේ තියන කෑම  වලින් කොතරම් ප්‍රමාණයක් කාවිද කියා මට විශ්වාසයක් නැහැ. එහෙම බැරි වුණත්  එය මට නම් ප්‍රශ්නයක් නොවේ.

ලෝකයේ  වෙනස්ව ඉපදී, වෙනස්ව හැදුනු වැඩුණු  මිනිසුන් අතර තියන වෙනස්කම් හා සමානකම්  හඳුනා ගන්න හා වෙනස්කම් නිසා, වෙනස්කම් නොකරන්නට උදව් කරන ප්‍රධාන මාධ්‍යයක් ලෙස ආහාර හා පාන මා දකිනවා.

කෙනෙකුගේ ආහාර වගේ සමාජයේ අන් කිසිවෙකුට කිසිම බලපෑමක් නොමැති දේවල් ගැන වද  වන මේ “නවීන මිනිසුන්” ගේ නවීන වැඩ ගැන මා දන්නා නිසා මට නම් ලොකු පුදුමයක් නැහැ.  ඒ අතින් කරච්ච්යේ ඉපිද, දකුණු ඇමෙරිකානු රටක හැදිලා, ඕස්ට්‍රේලියාවේ ජිවත් වන, අර අපට “ගැලපෙන්න” ආහාර වේලක් හදපු කෙනා ගොඩක් ඉදිරියෙන් කියා මට තේරුණේ, ඒ නිවසේ ගත කරපු කාලයේ දැකපු හා අහපු සියලු දේවල් වලට අනුව. නියම නවීන මිනිසුන් ඔවුන් ම තමා.

පසු වදන

ඔන්න මෙඩුසා ගෙන් ගුටි කන්න බැරි නිසා මාතෘකාව වෙනස් කෙරුව. අනෙක් මිනිසුන්ට ජිවන විලාසිතා තෝරා  දෙන්නට වෙහෙසීම නිරර්ථක කාරියක්. මා එවිඩන්ස්  බේස්ඩ්  ප්‍රතිපත්ති කියන්නේ මෙහෙම තෝරා දීමම නොවේ. සැබෑ තොරතුරු බාදාවකින් තොරව මිනිසුන්ට ලබා ගන්න හැකියාවක් නොමැති තැන් වල, එවැනි බාදා ඉවත් කිරීමයි.

ලුණු වැඩිපුර දමා කෑම  හදන සමාගමක්, අපට දිනකට අවශ්‍ය ප්‍රමාණයට වඩා ලුණු දිගින් දිගටම කෑම  කුමන යහපතක් හෝ අයහපතක් අපට කරනවා කියා දෙන්නට ඉදිරිපත් වන්නේ නැහැ. මෙවැනි කෑම  කෙනෙකුට පෞද්ගලික තේරීමක් කියා, අපට බලා ඉන්න හැකි වුවත්, මෙතන මෙතරම් ලුණු තියනවා, උඹට දිනකට අවශ්‍ය ප්‍රමාණය මෙච්චරයි කියා, නිෂ්පාදකයාට දමන්න කියුවොත්, මෙසේ තෝරා ගන්න කෙනාට ඒ පහසුව තවමත් තියන අතරේ, ඒ තේරීම ටිකක් තර්කානුකුලව ගන්නට පුළුවන් කමත් ලැබෙනවා. දැනුවත් හා සෞඛ්‍යසම්පන්න බහුතරක් ඉන්න සමාජයක් හැමටම යහපතක් කරනවා.

කොතරම් තොරතුරු ලබා ගැනීමට පහසුකම් ඇති කෙරුවත්, මිනිසුන් තමන්ට හා සමාජයට අයහපත් තේරීම් දිගටම කරනු ඇති. හැබැයි එයින් කොටසක් මේ තේරීම් කරන්නේ කරුණු නොදැන නිසා, අප සිතන යහපත් තේරීම් ගැන කීම අනර්ථයක් කරන්නේ නැහැ. හැබැයි අනුන් ගෙදර  කතා කරන බස, කන ආහාර ගැන අප ලතවිම  තේරුමක් තියනවද කියා මට නම් සිතා ගන්නට බැහැ.

 

Advertisements

13 Comments

Filed under Food, Lifestyle, Opinion

13 responses to “සිතිවිලි ව්‍යාංජන හදමු!

  1. Pingback: ව්‍යාන්ජන හදමු! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. ඇණයා

    මේවට කොමෙන්ට් එකක් ලියන්නත් ටිකක් කල්පනා කරල එන්න වෙනව, මම කවුද කියල

  3. Rangi

    මම නම් ගෝත්‍රිකයි කියලා කියන්නෙ නෑ ඒත් මෙහෙම එකක් තියෙනවා.
    ලංකාවේ කෑමවලට වඩා රසයෙන් ගුණයෙන් වැඩි කෑම ඕන තරම් වෙනත් රටවලදි පහසුවෙන් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා. කොටින්ම ලංකාවේදි මේ රටවල කෑම කන එකට වඩා එහේදි ලේසි පහසු ගුණදායක කෑම කෑම වගේ.
    එතනදි මම ඔබගේ තර්කයට එකඟ වෙන්නෙ නෑ.
    ඒක විරුද්ධ මතයක් නෙමෙයි මම දකින රියලිටි එක.

    මම ඉස්සර පොඩි කාලේදි කෑවේ අපේ අම්මා හදපු කෑම විතරයි. ඒත් පිට රට ආවම මම කෑවේ මෙහේ කෑම. ලංකාවට ගියාමත් අදටත් මම කන්නේ එළවළුයි බතුයි. (මිරිස් නැති )
    ලෝකේ ඕනෙම රටකට ගියාම මම එහේ තියෙන සාමාන්‍ය කෑම කනවා. ඔය කියන තරම් මහ ලොකු අමාරුවක් මට නම් නෑ. අපි ඒ ක්‍රමයට අනුගත වෙන එක මිසක්. ( මෙහෙමයි ඉතින් අර ස්පයිස් වගේ දේවල් ටිකක් අඩු කරගන්නව ) (චීනෙට ගියාම කෙලින්ම මස් මාළු කන්නේ නෑ. ගෙම්බෝ, නයි දෙයි කියලා බයේ. )
    වෙන එකක් තියා ලංකාවේදිත් මස් මාළු නොදන්න තැන් වලදි කන්නේ නෑ. කඩේකට ගියත් මටම මාළුවා පෙන්නලා කන්න පුළුවන් නම් මිසක්. ( නැත්නම් බල්ලෝ, පූසෝ, මුවෝ, හාවෝ කන්න දෙයි කියලා)

    • //ලංකාවේ කෑමවලට වඩා රසයෙන් ගුණයෙන් වැඩි කෑම ඕන තරම් වෙනත් රටවලදි පහසුවෙන් ලබා ගන්න පුළුවන් කමක් තියෙනවා.//

      රංගි මේ ලියන දේවල් ෆිගරටිව්ලි ලියා තියෙන්නේ. ලිටරලි ගන්න එපා. 🙂

  4. මෙඩුසා

    අදත් ලියලා නෑ. ටොපික් එකෙන් මිනිස්සු රට්ටන්න එපා රයිගම හන්දිය. අඩු ගානේ ගිහින් කෑව කෑම වට්ටෝරුවවත් දැම්මානම් පෝස්ට් එක කොච්චර රසවෙයිද?

    මමත් නම් කොයි රටේ වුනත් කමක් නෑ කෑම රස නම් කනවා.

    • ඔන්න මේකේ මාතෘකා වලට බලන්න එන්න එපා මෙඩුසා. සිතිවිලි වලිනුත් රස කෑම හදන්න හැකියි නේද? 🙂

      සැබෑ ආහාර හදන හැටිත් මෙහි විටින් විට තියනවා. ඒ අතර මා කලක් ඉගෙන ගත්ත රටකදී හා දැන් ජිවත් වන රටේ දී උරා ගත් ආහාරද ඇති. මේවා ලියන විට පොදු පාඨක පිරිස් (මෙය කියවන) ගැන සිතන නිසා, සිමා කිරීම් තියනවා..

      • මෙඩුසා

        ඒ කියන්නේ මෙහාට එන අය කෑම හදන හැටි අහන්න කැමති නැති අයද? :O

        සිතුවිලිවලින් කෑම හදන පෝස්ට් එකක් දාමු.

        • මගේ food කියන කැටගොරිය යටතේ හා අනික් සේරම සටහන් වල තියෙන්නේ සිතිවිලි වලින් හදපු රසවත් ආහාර. හැබැයි දිවට නොවේ මනසට. එකිනෙකාගේ සිතිවිලි පැලට් වෙනස් නිසා, මෙවා හැමදෙනාටම රසවත් නොවෙන්න තියන ඉඩකඩ ගැන මා නිතර මතක් කරන දෙයක්.

          මා කැමති දේවල් අතර යම් දිනෙක මාගේ ඔතෙන්ටික් කෑම වට්ටෝරු ලියා පළකිරීමත් (හිතේ) තියනවා. වට්ටෝරු කියුවට, කිසිම වට්ටෝරුවක් නොමැතිව කෑම හදන හැටි ගැන.

          සමහරදාට මාත් එක්ක අල්ලපු මේසේ කලක් හිටිය සුදු කාන්තාව, මන් දවල්ට කන්න ගෙනියන නුල්ඩ්ස්, පාස්ට සහ බත් දමපු ආහාර කන විට, කොහොමද උඹ ඕක හැදුවේ, මොනවාද දමන්නේ (රස හා සුවඳ කාරක හැටියට), ඕකේ තියන සංඝටක මොනවාද කියා මගෙන් අහනවා. එයා කිසිදා හිතන්නේ නැති දේවල් වල කලවමක් තමා සමහරදාට මා හදන්නේ.

          රටවල් තුනක සෑහෙන කාලයක් ජිවත් වීමත්, ඉවීමට මා සහජයෙන් දක්වන කැමැත්ත නිසාත්, මා එවැනි “අච්චාරු ” කෑම හදනවා. ඔබ ඇහුව්වට ඇඹරැල්ල ව්‍යංජනය ගැන, ඇත්තම කියුවොත් කාපු කාලයක් මට මතක නැහැ. හැබැයි අඹ කාලෙට ඉඳහිට වගේ අඹ හදනවා. එවිට ලියන්නම්.

  5. Pra Jay

    මං නම් වෙනස් කෑම වලට හුඟක් කැමතියි.

    මේක මම දැකපු ඔබේ හොඳම පෝස්ට් එකක්.

    • ආහාර ගැනීමට විතරක් නොවේ, කොටින්ම ජිවත් වීමටත් පුද්ගලයෙක්ට තියන අයිතිවාසිකම බටහිර මේ තරමට වත් සුරැකි තියෙන්නේ, සාමූහික සමාජයක් ලෙස පරිණාමය වූ නිසයි.

      ප්‍රා, මා කියන්නේ නැහැ, මිනිසුන්ගේ ජිවිතයට ඇඟිලි ගසන්න. අප මිනිසුන් ලෙස, අනෙක් මිනිසුන් ගැනද සිතන්න ඕනි බව විතරයි මා කියන්නේ. එයත් සත්වයෙකු වශයෙන් මිනිසාටම අනන්‍ය දෙයක්.

      දැන් ලංකාවේ ඉන්න කෙනෙකුට, සංක්‍රමණිකයන්, ගෙදර කතා කරන බස, කන ආහාර වැනි දේවල් ගැන වොරි වීමට කලින් වොරි වෙන්න කොපමණ දේවල් තියනවද?

      අනික් දේවල් අමතක කර, බ්ලොග් ලියන මධ්‍යම පංතිකයන් අතර ප්‍රතිශතයක් වශයෙන් ඉහල අධික රුධිර පීඩනය, වෙනත් හර්ද රෝග හා දියවැඩියාව වගේ රෝග වලට (ප්‍රවේනි කරුණු බල නොපාන අවස්ථාවල), ආහාර රටා කොතරම් බලපෑමක් කරනවා ද කියන එක ඔය අයියලට සිතන්න හැකියි.

      ඔබ දන්නවද ප්‍රා, කෙනෙක් පොඩි කාලයේ කතා කරපු බස පරිසරයට අනුව පහසුවෙන් අත්හරින්න පුළුවන්, අඳින හැටි පළඳින හැටි වෙනස් කර ගන්නත් ඒ වගේ. අම්මල තාත්තලාගේ ආගම් නිකන් නයා හැව ඉවත් කරනවා වගේ හලා දමන්න හැකියි.

      හැබැයි ජිවිතයේ සැහෙන කලක් (පොඩි කාලේ ඉඳන්ම) පුරුදු වුන ආහාර රටා වෙනස් කිරීම දුෂ්කරයි. එය සුවිශේෂී දෙයක්. මිනිසුන් පරිණාමය වූයේද, අවටින් ලබා ගත හැකි ආහාර සමග.

      අනික එහෙම අත්හරින්න අවශ්‍යත් නැහැ. ලෝකයේ බොහෝ රටවල අද තමන් කැමති ආකාරයේ ආහාර ගනිමින් ජිවත් වෙන්න හැකියි (ආදායමක් ඇති නම්). මොකද ආහාර රටා අද ගොඩක් දුරට කලවම් වෙලා. ඒ වගේම අවශ්‍ය කරන ද්‍රව්‍ය ඉතා පහසුවෙන් සොයා ගන්න හැකියි.

      මිනිසුන් කොහොමත්, අනුන්ගේ බලකිරීමක් නැතුව, වෙනස් ආහාර සොයා යනවා. අඩුම ගානේ ඒකාකාරිත්වය මග හරින්න හෝ. එහෙම නැති කෙනෙකුට පවා දොසක් කියන්න නොහැකියි. මොකද ඔබ අර කලින් කියපු පුද්ගල නිදහසේ දේවල් අතර තියන දෙයක්. කන්න බොන්න පමණක් නොවේ, තමන්ගේ කාමරේ නිදා ගැනීම (අයියා ඇවිත් මරල දමන නිසා) පවා තම කැමැත්තට කළ නොහැකි රටවල් තියනවනේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s