දූ දරුවන් හා දෙමාපියන්!


මේ සතිය ඉක්මනින් ගෙවී ගිය වග දැනුනේ, සතියේ දවස් දෙකක්ම වැඩට නොගිය නිසා. එකක් දරුවෙකුගේ අවශ්‍යතාවයකට. අනෙක මා කලින් යොදා ගත්ත වැඩක් නිසා ගත්තු නිවාඩුවක්. නිවාඩු කියුවට, වැඩට ගියා නම් තමා නිවාඩු.

දරුවන්ගේ අවශ්‍යතා කියන කොට මේ සතියේ මා දැකපු ලංකාවේ ප්‍රවුර්තියක තිබුන කනගාටුදායක පුවතක් මතකයට නැගුනා. ඒ අම්බලන්ගොඩ අවුරුදු 16 ක දරුවෙක්, එයා කැමති ක්‍රිකට් තරඟයක් බලන්න, දෙමාපියන්ගෙන් අවසර ඉල්ලා නොලැබුන විට හා ඒ සම්බන්දව කෙරුණ  කතා බහෙන් පසු ගත්තු කණගාටුදායක තීරණය.

එම දෙමාපියන් අද ඉන්න තත්වය  මට සිතා  ගන්න  බැහැ. දැන් what if සිතිවිලි වලට යාමෙන් දරුවා ආපසු ලැබෙන්නේ නැහැ.  කොහෙද වැරදුනේ, මොකක්ද මේ වුණේ කියමින් ඒ දෙමාපියන් අද ලත වෙනවා ඇති.

දරුවන් හැදීමේදී කොතරම් දුරට එයාලට බලපෑම් කරන්න ඕනෙද, මොනවාද එයාලට තෝරා දෙන්න ඕනේ කියන දේවල් ගැන මා කිසිවෙකුට උපදෙස් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැතිය කියා ලියුවේ ගිය මාසේ. එයින් අදහස් වන්නේ නැහැ, අප දරුවන්ට බලපෑම්, තේරීම් නොකෙරුවා කියා.

අප ඉපදුන රටින් ඉවත්ව එන විටම, එයාලට බලපාන ලොකුම දේ ගැන අප තීරණය කර අවසන්. ඒ මොකක්ද දන්නවද? දරුවන්ගේ එක්ස්ටෙන්දඩ් ඥාතීන්ගෙන්  ඔවුන්ව වෙන් කිරීම. අපේ දරුවන්ට ජිවිතයේ නොමැති දේවල් අතුරින් මා පළමුවට ගන්නේ මේ ඥාති සම්බන්දතාවයන්ගෙන් ඔවුන් වියුක්ත වීමයි.  මා හිතන්නේ එය ඔවුන්ගේ ජීවිතය හැඩ  ගස්වන (හොඳට හෝ නරකට) ප්‍රධාන දෙයක් කියා.  පෞද්ගලික මතය එය නරක දෙයක් කියායි.

එයින් එහාට වන දේවලුත් ඔවුන්ට අප තෝරා දී තියනවා. එව්වා කලින් ලියා තියන නිසා වැඩිපුර ලියන්නේ නැහැ. කුඩා කාලයේ පවා මේ තෝරා දීම්  ගැන ඔවුනගේ අදහස් වලට යම් තරමකට කන් දුන්න විතරක් නොවේ,  ඔවුන් ලොකු වෙන්න වෙන්න ඒ තේරීම් වලට ඔවුනගේ කැමැත්ත  (හෝ අකමැත්ත) ට තමා ප්‍රධාන තැන දුන්නේ. නැතුව අප කැමති දේවල් වලට නොවේ.

දරුවෙක් අවුරුදු 16 ක් විතර වෙනවා කියන්නේ ලොකු මිනිහෙක්. කියවන්න ඕනේ පොත්, බලන්න ඕනේ ටෙලි නාට්‍ය, කරන්න ඕනේ හෝ බලන්න යන්න ඕනේ ක්‍රීඩා ගැන තමන්ගේම කියල අදහස් ගොන්නක් තියන කෙනෙක්. පුතාල කුඩා කාලයේ පුස්තකාලයට එක්ක ගියහම, ඔවුන් තෝරා ගන්න පොත් අතරට, මාත් පොතක් දෙකක් තෝරා දුන්න. හැබැයි ඒ කුඩා වයස් වලදී විතරයි.

මා මේ දේ ලියන්නේ කිසිවෙකුට දොස් කියන්න නොවේ. අම්බලන්ගොඩ දෙමාපියන් මෙය නොබලන වග මට විශ්වාස නිසයි ලියන්නේ. ඔවුනට මෙවැනි කතා මේ වෙලාවේ වැඩක් නැහැ. හැබැයි අනික් අයට  වැඩක් වේවි.

දරුවන් වැඩිහිටියන් වූ පසුවත් ඔවුනට සහකරුවන් සහකාරියන් (ඔවුනගේ කැමැත්තට එරෙහිව හොඳේ) තෝරා දෙන්න වෙහෙසෙන මාපියන් ඉන්න පරිසරයක, අවුරුදු 16 ක දරුවෙක් ගේ කැමැත්ත ගැන කතා කරන  එක තේරුමකුත් නැති වේවි.

යෞවන  වයස කියන්නේ, ඉදිරිය නොබලා මෝඩ වැඩ කරන කාලයක් තමා. හැබැයි විනෝදයට තමන් කැමති පොතක් කියවීම, කැමති රූපවාහිනී වැඩසටහනක් බැලීම හෝ ක්‍රිකට් තරඟයක් බලන්නට යාම කියන්නේ එවැනි මෝඩ තීරණ කියා නම් කරන්න නොහැකියි. මෙවැනි දේවල් ඉගෙනීමට උදව්වක් මිස, එයට බාධාවන් නොවේ. ඇත්තටම ඉගෙනීම කියන, ජිවිතයට ආතතිය එක්  කරන දෙයකින්, එම ආතතිය අඩු කර ගන්න මං  සොයා දීම, දෙමාපියනට කරන්න හැකි උදව්වක්.

 

Advertisements

10 Comments

Filed under Opinion

10 responses to “දූ දරුවන් හා දෙමාපියන්!

  1. Pingback: දූ දරුවන් හා දෙමාපියන්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. //අපේ දරුවන්ට ජිවිතයේ නොමැති දේවල් අතුරින් මා පළමුවට ගන්නේ මේ ඥාති සම්බන්දතාවයන්ගෙන් ඔවුන් වියුක්ත වීමයි. මා හිතන්නේ එය ඔවුන්ගේ ජීවිතය හැඩ ගස්වන (හොඳට හෝ නරකට) ප්‍රධාන දෙයක් කියා. පෞද්ගලික මතය එය නරක දෙයක් කියායි.//
    මේ අවසානයේ ඇති ඔබේ පෞද්ගලික මතය හා එයට හේතු (කැමතිනම්) පැහැදිලි කරන්න පුලුවන්ද?

    • එයට ඉකෝ තව සටහනක් ලියන්න වේවි. දරුවන් කුඩා කාලයේදී, දෙමාපියන්ගෙන් පමණක් නොවේ, ආච්චි සීයා, නැන්දා මාම, බාප්පල පුංචි අම්මල ආදී තමන්ට සමීපතම සියලු දෙනාගෙන් ලබන ආදරය (හෝ අනාදරය) නිසා හා ඒ ආශ්‍රය නිසා ඔවුනගේ ඒ කාලයේ පෞරුෂය විතරක් නොවේ පසු කාලීන පෞරුෂයත් හැදෙන්න බලපෑම් කරනවා. බොහෝ විට අපේ වගේ පවුල් වලින් ලබන ඒ බලපෑම ධනාත්මකයි. එවැනි බලපෑම් ඉගෙනීමට පවා උදව්වක්.

      හැබැයි මා ඒ ගැන පසු තැවෙන්නේ නැහැ. ජිවිතයේ තීරණයක් ගන්න විට, (විශේෂයෙන් යමක් ලබා ගන්න, තව දෙයක් අතහරින්න වෙන අවස්ථා වැඩියි) සියලුම දේවල් එක වර ලබා ගන්න හැකියාව සීමිතයි. ඔවුනට ලබා දුන්න හා දැනුත් ලබා දෙන අනිකුත් දේවල් නිසා, මේ අඩුව කොම්පන්සේට් (යම්තරමකට) වෙනවා කියා මා විශ්වාස කරනවා.

      • මා මේ වාක්‍යය වැරදියට තේරුම් ගත්තේ මේ ඥාති සම්බන්ධතාවයන් නරක දෙයක් ලෙස ඔබ සිතනවාද කියලයි. ඔබ කියා ඇත්තේ ඒවායින් වියුක්තවීම නරක දෙයක්යැයි සිතන බව කියා දැන් පැහැදිලියි. 🙂

        • ඔව්, ඉකෝ එය නරක දෙයක් වෙන්නත් හැකියි නේද? මගේ (හා මා විස්වාස කරන හැටියට ඔබගේ) පවුල් පසුබිම අනුව එය ධනාත්මක දෙයක් වුවත්, වෙන කෙනෙකුට එයින් ගැලවීම ධනාත්මක වෙන්න තියන හැකියාව මා බැහැර කරන්නේ නැහැ.

  3. මම ඔය කියන සිද්දිය ගැන දන්නෙ නෑ. නමුත් උඹ කියා ඇති දේත් ඉයන්ගෙ අලුත්ම බ්ලොග් පෝස්ට් එකෙත් සමාන කමක් මා දකිනවා. ඒ එක්කම උඹේ කමෙන්ට් එකක් එතන වැටෙනකල් බලා ඉන්න කෙනෙක් මම. Grass is greener on the other side

    • මා කියවපු ප්‍රවුර්තිය මලලසේකර මහතා ගේ පිහිටෙන් කියවපු එකක්. එය යම්තරමකට විනීතව ලියා තිබුණා. කෙටියෙන් කියුවොත්, අවුරුදු 16 ක පාසල් දරුවෙක්, ක්‍රිකට් තරඟයක් බලන්න අම්මල-තාත්තල ගෙන් අවසර ඉල්ලුවාහම එයාල, යන්න එපා පාඩම් කරගෙන ගෙදරට වෙලා ඉන්න කියල. තවත් කතාබහ වෙන්න ඇති.

      දරුවා පසුව කාමරේට ගිහින් සිය දිවි නහගෙන. එය දිග කාලයක් තිස්සේ දරුවාගේ සිතේ තෙරපෙමින් පැවතුන, මේ ජීවිතය මොකක්ද කියන ශෝචනීය සිතිවිල්ලේ අවසන් ඵලය හෝ ඔහුට තිබුන වෙනයම් මානසික ප්‍රශ්නයක ප්‍රතිඵලයක් විය හැකියි.

      අපේ ප්‍රවුර්ති වල අගට දමනවා වගේ ඔබට මානසික ගැටලුවක් නම් සුමිත්‍රයෝ හමු වන්න කියා විස්තර දැමීම ලංකාවේ තවම කරන්නේ නැති එක කනගාටුවක්. අනෙක මේවා පිලිබඳ වැඩිදුර ඉගෙන ගත්ත පිරිස් වල නිහඬ කම.

      හැබැයි මා සටහන ලියුවේ යුනිවර්සල් අර්ථයෙන්. එය අප හැමටම වැදගත් කතාවක් කියනවා. විශේෂයෙන් තරුණ වයසේ ඉන්න දරුවන් ගැන.

  4. ළමුන්ට ලෝකයේ හොඳ නරක ගැන උගන්වා නිදහස දිය යුතුයි කියන මතයේ මම ඉන්නේ

    • //ළමුන්ට ලෝකයේ හොඳ නරක ගැන උගන්වා// මචං, ගොඩක් දෙනා ඉන්නේ ඔය මතයේ ම තමා (මා විශ්වාස කරන හැටියට). හැබැයි හොඳ නරක මොනවාද කියා දෙමාපියන් තේරුම් ගන්න ආකාරය නම් වෙනස්. නිසාම නිදහස දීම කියන දේ එයාල නිර්වචනය කරන ආකාරයත් වෙනස් වෙනවා.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s