කළ යුත්තේ කුමක්ද? Что делать? (පළමු වෙළුම)


I’ve been working on my PhD in engineering for past five years, but my kids don’t necessarily see that as a work.

As we were driving past a supermarket one day, my son spotted a “Now Hiring” sign and suggested that I could get a job there.

Hoping to make a point, I asked, “Do you think they’re looking for an engineer?”

“Oh sure” he said. “They’ll hire anybody” (Christopher Fields, Reader’s Digest).

ඉස්සර  කාලයක මා දායක වෙලා ගෙදරට ගෙන්න ගත්ත වුණත්, දැන් ඔය සඟරා වල්  කියවන්නේ විවිධ තැන් වල කල් මරන්න ඇති විට කියවන්නට තබා ඇති, පොත් හා සඟරා ගොන්නවල් වලින් විතරයි. ඔය ඊයේ රෑ  එවැනි විටක කියවපු සඟරාවකින් උපුටා දැමීමක්. ඒ වගේම ඉස්සර කියවපු, බොහෝ දේවල් අද කියවන්නේ නැහැ. ලෙනින්ගේ ඉහත ග්‍රන්ථයේ පිටපතකුත් මා හිතන්නේ පොත් පෙට්ටියක දිරමින් පවතිනවා.

ජීවිතය ගැන විතරක් නොවේ, තමන් අතීතයේ කරපු දේවල්, ඉගෙන ගත්තු හා නොගත්තු දේවල්, ගත්ත තීරණ ගැන what if කියා සිහින ලෝක වල සැරිසැරීමට ප්‍රධාන හේතුවක් ලෙස මා දකින්නේ, තමන්ගේ අද ජීවිතය ගැන, තමන්ට ම තෘප්තිමත් බවක් නොමැති නිසා (මා කලින් සටහන දරුණු අත්දැකීමකට  මුහුණු දුන්න දෙමාපියන්  වැනි අයත් මේ වගේම සිතනවා.  එය වෙනස් අවස්ථාවක්).

මේ සටහනට පාදක වන්නේ මා කරපු කතා බහ දෙකක්.  ඔන්න එකක් තමා, පසුගිය කාලයක ලංකාවට ගිය විට මට කෙනෙක් මෙහෙම කියුව. රටින් ඉවත්ව ගිය එනම් සංක්‍රමණය වූ එයාගේ සමකාලීනයෙක්ගේ  බිරිඳ, කාලයකට පසුව, ලංකාවට ඇවිත් හමු වූ විට, “අනේ අපේ කෙනත් ලංකාවේ හිටිය නම් අද ඔයා වගේම, “ඉහල” තැනක නේද?” කියා අහල තිබුණා.

මේක මට කියුව කෙනා අපූරු  පිළිතුරක් දීලා තිබුණා. “ඔව් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මේ ලෝකේ කිසිම දෙයක් මෙහෙමයි හරියටම වෙන්නේ කියා ගරන්ටියක් නැහැ”. එය අපූරු  පිළිතුරක් කියන්නේ එහි තියන සර්වත්‍ර ගතිය නිසා. අපටත් සංක්‍රමණය වෙන්න තිබුණා, එහෙම කළා, නම් මෙහෙමයි අද අප කියන කට්ටියටත්, ඔය කතාවම අදාලයි. ඒ වගේම මේ දෙපිරිසම තමන්ගේ ජීවිතය ගැන තෘප්තිමත් බවක් නොමැති වගත් පෙනෙන කරුණක්.

අනික් කතාව වුනේ සති තුනකට පමණ පෙර මුරුසි දිවයිනෙන් ඕස්ට්‍රේලියාවට  සංක්‍රමණය  වූවෙකු  සමග. පොර මට කියුවේ (ඇත්තටම මගේ අදහස ඇසුවේ) එයාගේ පුතා ඉගෙන ගන්නේ 11 වසරේ. ඔහු පුතාට “තෝරා දුන්න” විශයයන් වලට එයා කැමති නැහැ. ඒ නිසා දරුවාගේ පෙරන්ට්-ටීචර් ඉන්ටර්විව් එකට වත් යන්නේ නැතිය කියා.

මිනිහගේ අදහස ජිව විද්‍යා පැත්තෙන් උපාධියක් කෙරුවොත් පුතාට අනාගතයේ රැකියාවක් සොයා ගන්න අපහසු නැතිය කියා. දැන් මෙහෙම නිගමනයකට මිනිහ ආවේ කොහොමද? මිනිහා කියන්නේ වෛද්‍ය, හෙද හා ඒ සම්බන්ද අනෙක් ක්ෂේත්‍ර වල අවශ්‍යතා එන්න එන්නම වැඩි වෙනවා. ඒ නිසා ඒ හා සම්බන්ද ඉගෙනීමක් කෙරුවොත්, ගොඩ තමා කියා. මෙතනදීත්  මට නම් කියන්න තියෙන්නේ “ඔව් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. මේ ලෝකේ කිසිම දෙයක් මෙහෙමයි හරියටම වෙන්නේ කියා ගරන්ටියක් නැහැ” කියලම තමා.

මා සිංහල බ්ලොග් කියවන්නේ අතලොස්සක් පමණයි. එයට ප්‍රධාන හේතුව, මා පටන් ගන්න විට සඳහන්  කරපු පරිදි, කියවීම් වල  තේරීම් අද වෙනස් වී ඈති නිසා. මට යන්තමින් හෝ ප්‍රයෝජනයක් නැතැයි  යයි සිතෙන දේවල් සොයා යමින් කියවන්නට අද වෙලාවක් ද නැහැ, ඕනේ කමකුත් නැහැ.

මෙසේ කියවපු එක කතාවක් තමා ලංකාවේ උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පළ  වුණ  සමහරක් මත සහිත සටහන්. එතැනදී මා දුටුව  එක්ස්ට්‍රාඔඩිනරි දෙය නම්, තමන්ට ඉතා උසස්  අධ්‍යාපනයක් තියනවා කියන සමහර අය, සමාජයේ අනෙක් මිනිසුන් කෙරෙහි දක්වන වෛරී, ගර්භාත්මක ආකල්පය. අනෙක තමා සමාජයේ තිබුණ  විවිධ දේවල් නිසා, “ලබා ගන්නට තිබුනා යයි එයාල සිතන” “උසස් අධ්‍යාපනය අහිමි වූ” පිරිස්, මේවට තේරෙන සුළු පිරිස කෙරෙහි දක්වන වෛරී ආකල්පය.

මෙතනදීත් සමාජයේ තිබුන දේවල් මෙහෙම වුනා නම්, අරහම වෙනවා යයි සිතීම ප්‍රධාන ප්‍රශ්නයයි. ඔය කිසිම අවස්ථාවක, එයාල සිතන විදිහටම ජීවිතය ගලා යන්න තියන ඉඩකඩ හරිම අඩුයි. ඒ කියන්නේ ඔය සිතන අන්දමට එහෙම ස්ථිර ඉරණම්  කිසිවෙකු වෙනුවෙන් මේ සමාජයේ නැහැ.

සරසවි යන්නේ කවුරුද? ඕස්ට්‍රේලියානු සිසුන්ගේ වෙනස්වන මුහුණුවර! නමින් ලිපියක් ලියපු සහකාර මහාචාර්ය නික් පාර් එය පටන් ගන්නේ මෙහෙමයි; Higher education is a major determinant of a population’s knowledge and skills, workforce participation, employment, incomes, economic growth, immigration, family formation, and of the educational attainment and future prosperity of subsequent generations ( ප්‍රභවය).

එහි තියන දත්ත ඇසුරින් හා මෑතකදී මා කියවපු තවත් ලිපියකට ඇසුරින් කළ යුත්තේ කළ  යුත්තේ කුමක්ද කියන ප්‍රශ්නයට පිළිතුරක් සොයමු.

මතු සම්බන්දයි!

Advertisements

7 Comments

Filed under Education, Lifestyle, Migration, Opinion

7 responses to “කළ යුත්තේ කුමක්ද? Что делать? (පළමු වෙළුම)

  1. Pingback: කළ යුත්තේ කුමක්ද? Что делать? (පළමු වෙළුම) | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. pra jay

    Noone is an island but some are closer to it than others.

  3. මම හිතුව විප්ලවයක් කරන්න හදනවා වත්ද කියල. ඇත්ත මචෝ. මුලදී මටත් එහෙම හිතුන. මම හිටියනම් මෙතන කියල. දැන් ඒ අදහස් ගිහින් . මෙච්චර හොඳ ජිවිතයක් ලැබිල තියෙද්දී අඬන්නේ මොකටද?

    • //මම හිතුව විප්ලවයක් කරන්න හදනවා වත්ද කියල// පික්ෂුද බන්, විප්ලව කරන්න හැකි සමාජයේ බහුතරයකට බලපාන දැවෙන ප්‍රශ්න තියන විටදී නේ. දැන් ලොකුවට ප්‍රශ්න කියා දෙයක් නැහැනේ. ඔය සංක්‍රමණිකයන් කන්නේ මොනවා ද, කතා කරන්නේ, ලියන්නේ මොන භාෂාවෙන්ද, අඳින්නේ මොනවාද? දරුවනට සිංහල උගන්වනවාද වගේ පොඩි පොඩි ප්‍රශ්න නම් තියනවා තමා. මේවා විප්ලවයක් කරන්න තරම් “විෂය මූල” කරුණුද කියන එක තව සොයන්න ඕනේ. 😉

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s