ඕස්ට්‍රේලියාව දොස්තරලාගෙන් සන්තෘප්තයි? Visa plan to stop foreign doctor influx!


අද උදේ වැඩ කරන තැනදී ඇතුල් වෙනකොටම හමු වුණේ, කාලයක් මා හිටිය කාමරේම හිටිය සුදු කාන්තාවක්. එයා තෘතීය  අධ්‍යාපනයෙන් පසු, බ්‍රිතාන්‍යයේ සිට මෙහෙට ආපු කෙනෙක්. දැන් දශක තුන හතරක් මෙහෙ ජිවත් වුණත්, තවම බ්‍රිතාන්‍ය ඌරුව  කතා කරන විට තියනවා. ගොඩක් වෙලාවට, ගෙදර කන්න හදන විට පොඩි කාලේ කාපු කෑම හදනවත් ඇති.

ඉස්සර අප කතා කරන විට ලෝකේ තියන සේරම වල්-පල්  කතා කෙරුව. ඇය කියපු අධ්‍යාපනයට (ඇගේ  කාලේ බ්‍රිතාන්‍යයේ උසස් අධ්‍යාපනය ගැන) සම්බන්ද පොඩි කතාවක් මා කලින් ලියා ඇති. ඒ දිනවල අගේ දරුවන් පාසලේ උසස් පංති  වල හිටියේ. ඒ නිසා දරුවන් සම්බන්දව ද අප කතා කර තියනවා.

අපම වැනි මධ්‍යම මධ්‍යම පංතියට  අයත් මේ මිනිසුන් හා අප අතර තියන සමානකම් වෙනස් කම් වලට වඩා වැඩියි. දරුවන් නිකම් ජාතක කර පැත්තකට වී ඉන්නේ නැතිව, ඔවුන්ගේ අවශ්‍යතා බලන, ඔවුනගේ අධ්‍යාපනය ගැන සිතන, දරුවන් එයාලගෙන් ඉවත්ව ගිය පසුවත්, ඔවුන් ගැන සොයන, විශ්‍රාම දිවිය අනුන්ට කරදරයක් නොවී ඉඳීම ගැන සිතන හා ජිවිතයේ විවිධ දුක් දොම්නස් අප වාගේම විඳින, මේ මිනිසුන්ගේ චර්යා ගැන පිටතින් බලන විට පෙනෙන්නේ නැහැ. ඒ වගේම තවත් සමාන කමක් අපට තියනවා. එනම්, අප සංක්‍රමණිකයන් වීමයි.

මෙයට වසර දෙකකට පමණ ඉහත ඇයගේ  බ්‍රිතාන්‍යයේ ඉන්න පවුල් සාමාජිකයන් ගැන කියන විට, ඇයට  එකවරම ඇඬුනා. එයාගේ සහෝදරයෙක් මිය ගියේ එයිට මාස කිහිපයකට කලින්. එයිට ටික කලකට පෙර (අරය මැරෙන්න) එහි ගොස් ඇවිත් තිබුන නිසා හෝ වෙනයම් හේතුවක් නිසා හෝ ඇයට අවමගුලට යන්න වෙලා නැහැ. මා මෙය ලියුවේ මිනිසුන්ගේ ප්‍රශ්න වල තියන සර්වත්‍ර බව කියන්න විතරක් නොවේ, සුදු මිනිසුන් කියන්නේ පවුල් පිලිබඳ හැඟීම් නොමැති මනුෂ්‍ය කොට්ටාශයක් කියා සිතන ඉන්න මිනිසුන්ගේ දැන ගැනීමත් පිණිස. කණගාටුවට හෝ සන්තෝෂයට මේ වගේ සටහන් ඔවුන් බලන්නේ නම් නැහැ.

පෙරවදන දික් වෙනවා. දැන් එයාගෙන් අද උදේ මා බාල පුතා ගැන ඇහුව. ඔහු පළමු සාමාර්ථයක් සමග සමත් කියා ඇය  දීප්තිමත් සිනාවකින් කියුව. ඒ ගිය වසරේ. දැන් පොඩි පොඩි රැකියා කරමින් ලෝකේ තැන තැන යනවලු (තාවකාලික නිවාඩුවක් විදිහට). අනික් දුවල දෙන්නත් සරසවි ගියා. එක දුවෙක් වෛද්‍ය පාඨමාලාවක් කරන්න තේරී, අන්තිම මොහොතේ වෙන දෙයක් කරන්න ගියා. දරුවන් ගැන මෙයාල දරපු අදහස් හා කරපු දේවල් අප කරපු දේවල් හා අදහස් සමග ගොඩක් දුරට සමීපයි.

අද අපේ සංගණන දිනයයි. මේ වර ගොඩක් දෙනාට ෆෝරම පුරවන්න අන්තර්ජාල ඔප්ෂන් එක දීලා. කොලත් පුරවන්න හැකියි. මේක අනිවාර්ය එකක්. ඔන්න සෙනෙට් එකට තේරීපත් වුණ  ගොබිලන් ටිකක් නම්, නම නැතුව ෆෝරමේ පුරවනවා කියනවා. නමුත් හරියට පිරෙව්වේ නැත්නම් දිනකට  ඩොලර් 180 ක ගානේ දඩයක් ගහන්න, එයාලට පුළුවන්  කියනවා .

සංගණන  හැම රටකම වගේ කරනවනේ. මේවායේ එක අරමුණක් තමා රටක ඉදිරි ප්‍රතිපත්ති කොයි වගේ වෙන්න ඕනෙද කියන එකට අදාල දත්ත එකතු කර, අදාළ ආයතන, පුද්ගලයන්ට ලබා දීම. රැකියා අවශ්‍යතා, නිවාස  අවශ්‍යතා, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සංක්‍රමණය, ඒ කියන්නේ ආගමනය හා විගමනය ගැන ගන්න ඕනේ පියවරයන් මොන වගේද කියා තීරණය කරන්න මේ තොරතුරු ඇසුරින් අවස්ථාව ලැබෙනවා.

මේ කරුණ මා ලියාගෙන ආපු කතාවට හා අද “දී ඕස්ට්‍රේලියන්” පත්තරේ මුල් පුවතට සම්බන්දයි. එම පුවතත් මා ලියන්  ආපු කතාවට සම්බන්දයි.

මා බ්ලොග් එකකදෝ කොහෙද කියෙව්වා, ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහෙම කතාවක් කියුවා කියා. එනම්, එයාලගේ ඉල්ලීම් දෙන්නේ නැත්නම්, රස්සා වලින් ඉල්ලා අස්වෙලා රට යනවා කියා. දැන් මෙහෙම මෑස් මයිග්රේෂන් එකක් වුණොත්  ලංකාව අනාතයි නේද?

මෙහෙම පවෆුල් වෘත්තීය සමිති තියෙන්නේ ලංකාවේ පමණක් නොවේ (ඒ නිසාම අර වගේ තර්ජන ක්‍රියාවට නැංවීම ඔය කියන තරම් ලෙහෙසි නැහැ). ඕස්ට්‍රේලියානු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ තියන බලවත්කම ගැන අපට නිතර පුවත් ලැබෙනවා. දැන් සටහන හොඳටම දිගයි. සාමාජිකයන් විසිහත්දහසක් පමණ ඉන්න, මෙවැනි සංගමයක් මෙතරම් බලවත් මොකද කියා කියන්න අවශ්‍ය නැහැ. හැබැයි අර ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන, ජනතාවටම කොකා පෙන්වනවා කියල මෙයාලට කියන්න බැහැ.

අනෙක් රැකියා වලට විතරක් නොවේ, වෛද්‍ය වෘත්තියටත් මේ රටේ බිහිවන පිරිස, අවශ්‍යතා පිරවීමට මදි නිසා, වෙන රටවල් වලින් සුදුසුකම් හදා ගත්ත පිරිසට වැඩ කරන්න එන්න පහසුකම තියනවනේ. අද ප්‍රවුර්තියෙන් කියවෙන්නේ වෛද්‍ය වෘත්තීය, ස්කිල්ඩ් ඔකියුපේෂන් ලිස්ට් එකෙන් අයින් කරන්න සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යෝජනා ඉදිරිපත් කර තිබෙන වග.

මා ගෙදර එන විට ඒබීසී  නිව්ස් රේඩියෝවේද  මේ කරුණ ගැන කතාවක් ගියා.  තොරතුරු දැන ගැනීමේ නිදහස් පනත යටතේ ලබාගෙන තියන මේ වාර්තාවේ සටහන් වන එක කරුණක් මෙන්න මේක කියා, දී ඕස්ට්‍රේලියන් වාර්තා කරනවා; “It is (Australia’s health system) also currently highly reliant on international health professionals, in an environment of  increasing concerns around ethical recruitment of those workers…..”

මා අහපු රේඩියෝ වැඩසටහනෙත් මේ ගැනම වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ කෙනෙක් කියුව. එනම් ඕස්ට්‍රේලියාවේ රූරල් පෙදෙසක  හාරසිය ගාණකට  වෙදකම් කරන්න, දකුණු අප්‍රිකාවෙන් එන දොස්තර, එහෙ 14, 000 විතර බලන කෙනෙක්, උගන්ඩාවේ නම් 24, 000 ක් විතර බලන කෙනෙක් කියා.

හැබැයි ඉතිං  මට සිතෙන හැටියට නම්, මේ යෝජනාවට හේතුවන  ඇත්තම කරුණ (ප්‍රධාන කරුණ) එයිට වෙනස්. ඔවුන්ගේ බලපෑම (එනම් වෛද්‍ය සංගමයේ) මේ යෝජනාව පසුපස නොවේ, ඉදිරියෙන්ම ඇති.

මේ ප්‍රවුර්තිය කියුවොත් මේ ගැන නියම පින්තුරයක්  ඔබට ඇඳ  ගන්නට පුළුවන්.  නිදහස් වෙළඳපොල කියුවට, මේ ලෝකේ එහෙම එකක් නැතිය කියා මා කියන්නේ නිකම් නොවේ. අප හැමෝම  කටයුතු කරන්නේ ඒ තියන නිදහසේ රාමුව තුලයි. සටහන දිග නිසා මෙතනින් කපනවා.

http://www.abc.net.au/news/2016-08-09/calls-to-stop-giving-overseas-trained-doctors-visas/7706612

 

පසු වදන

අනෙක් සටහනේ ඉතිරිය ලියනවා පසුව.

Advertisements

12 Comments

Filed under Education, Health, Opinion

12 responses to “ඕස්ට්‍රේලියාව දොස්තරලාගෙන් සන්තෘප්තයි? Visa plan to stop foreign doctor influx!

  1. Pra Jay

    Read.. quickly.

  2. Pingback: ඕස්ට්‍රේලියාව දොස්තරලාගෙන් සන්තෘප්තයි? Visa plan to stop foreign doctor influx! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. ඇණයා

    ලින්ක් දිගේ ගිහින් ඔබ පත්තර කියවන්න සල්ලි ගොඩක් වැය කරන බව දැනගත්තා 🙂

    තමුන් ට උගන්වන්න සල්ලි වැය කල පුරවැසියන්ට පිටුපායන තුන්වන ලෝකයේ වෛද්‍යවරු (සහ …..) එතිකල් නෑ වගේ නේද? එසේ නොවන අපේ රුවන් දොස්තර මහතා වගේ අයට ෆෙයාර්ට්‍රේඩ් සහතිකය වගේ එකක් අරන් දෙන්න වෙනව.

    • //ලින්ක් දිගේ ගිහින් ඔබ පත්තර කියවන්න සල්ලි ගොඩක් වැය කරන බව දැනගත්තා:) // ඔය පත්තරේ අපේ ටී රූම් එකේ තියනවා. ඒ හැර මා අන්තර්ජාලයේ පත්තර බලනනවා ඇනේ!

      තමුන් ට උගන්වන්න සල්ලි වැය කල පුරවැසියන්ට පිටුපායන තුන්වන ලෝකයේ වෛද්‍යවරු (සහ …..) එතිකල් නෑ වගේ නේද? ඔව්, නැහැ. හැබැයි වෛද්‍ය වෘර්තිය වෙනස්. තුන් වන නැත්නම් දියුණු වන ලෝකයේ හිඟයක් තියන “එකම” වෘර්තිය වෛද්‍ය වෘත්තීය විතරයි. ඒ වගේම අධ්‍යාපනය හමාර කිරීමෙන් පසු රැකියාවක් (බොහෝ විට) ගැරන්ටි කර තියෙන්නේ මේ වෘත්තියට පමණයි. මොකද ඒ හිඟය නිසා.

      රුවන් මෙතනින් වෙනස් කෙනෙක් වන්නේ කොහොමද?

      තමන් බලාපොරොත්තු වන ජිවන විලාසිතාව, අදාල පරිසරයෙන් ලැබෙන්නේ නැති නම්, වෛද්‍ය වරුන් නොවේ, මහා රජ්ජුරුවන් වුවත් එතනින් ඉවත් වීම ගැන තහනම් දමන්න කිසිවෙකුට බැහැ (ඔවුන් කැමති පරිසරයන් සොයා යන්න හැකි විටදී).මේ අවදානම, ඔවුන්ට උගන්වන කොන්දේසි තීරණය කරන විට, ඒ සමාජය ගන්න ඕනේ.

      අප වැනි පිරිස් වලට විවිධ හේතු නිසා ඉගෙනීමට අවස්ථාව තිබුනත්, ඉගෙනීමෙන් පසු රැකියා අවස්ථා ඒ පරිසරයේ නැහැ. එතැනදී වලයත්සා (රස්තියාදු) වේවි ඉන්නේ නැතිව, අවස්ථා සොයන් යාම ඒ රටේ ආර්ථිකයට විතරක් නොවේ, ග්ලෝබල් ආර්ථිකයටත් සේවයක්.

      ඉන්න මා තව ලියා ඉවර නැහැ. මේ බ්ලොගය දිගටම කියවන්න (කැමති නම්).

      • //ලින්ක් දිගේ ගිහින් ඔබ පත්තර කියවන්න සල්ලි ගොඩක් වැය කරන බව දැනගත්තා:) // හපොයි, ඕකේ සැබෑ තේරුම මා දැන් දැන ගත්තේ. මට අමතක වුණා. “අයිස් ගහන විටදී” කියවන අන්තර්ජාල පත්තරෙත් නිකම්. 🙂

        ඉන්න මා වෙන විදිහක් බලන්නම්. මෙයාල මට නඩු දමාවිද දන්නේ නැහැ.

      • ඇණයා

        මම විහිළු වෙනුවට ඇණුම් පද කියන්න දක්ෂයෙක්, එක හරි අවුලක්. ඔබේ ලින්ක් දිගේ ගියාම හමුවන සබ්ස්ක්‍රිප්ෂන් පිටුවෙන් නවතින්න වෙනවා, මම ඒවාට දායක වෙලා නැති නිසා, ලින්ක් නැතත් ඇති පමණට තොරතුරු ඔබ ලියා තියනවා.

        ඉතිරිය කියවන්න එනවා, පුළුවන් වුනොත් ආයෙත් ඇණුම පද ටිකක් ලියන්නම්.

        • හරි හරි, ඒ ලින්ක් එක හැමටම කියවන්න බැරි වග මට මතක නැති වුණා. ඔන්න ඕපන් ඇක්සේස් ලින්ක් එකක් සොයා දැමුවා. කතාව එකමයි.

  4. /* මා බ්ලොග් එකකදෝ කොහෙද කියෙව්වා, ලංකාවේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙහෙම කතාවක් කියුවා කියා. එනම්, එයාලගේ ඉල්ලීම් දෙන්නේ නැත්නම්, රස්සා වලින් ඉල්ලා අස්වෙලා රට යනවා කියා. */

    බ්ලොග් එකකින් කියෙව්වා නම් ඒ මෙතැනින් විය යුතුයි!
    http://rasikalogy.blogspot.com/2016/06/gmoa-jokes.html

    ?

  5. Anonymous

    හිනා ගියේ නැහැනේ… අපරාදේ
    NK

    • ෆුල් සිරා කතන්දර වලට හිනා වුණොත් බලාගෙනයි, හරිද?

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s