මා වැනි සංක්‍රමණිකයන් කන්නේ මොනවාද?


වැඩක් නැති නම් මා ලියන දේවල් කියවන්න එපා කියා මා නිතර මතක් කරන්නේ නිකම් නොවේ. නිකම්, ඒ කියන්නේ නොමිලයේ කියවන්න ලියුවත්, මට මගේ අදහස් වලට මුල්‍යය  වටිනාකමක් තියනවා. ඒ කියන්නේ, මා අද සිතන අන්දමට එන්න, මා “වියදම්” කර තියනවා. ඉතිං  කෙනෙකු වැඩක් නැතුව කරන්නන් වාලේ මේවා කියවීම මට අවශ්‍ය දෙයක් නොවේ (ඇත්තටම මෙය කියවන පිරිස එහෙම කට්ට්ටියක් නොවන වග මා දන්නවා.  ඒ ගැන ඔබට මගේ ස්තුතිය)  🙂

මා කැමැත්තෙන් කියවන බ්ලොගයක තිබුණ එක කොමෙන්ටුවක් දුටු මට සිනහා ගියේ නිකම් නොවේ. ලොවේ මෙතරම් ප්‍රශ්න තියෙත්දී, සමහර මිනිසුන් වද  වෙන දේවල් මොනවගේ දැන ගැනීම මගේ සිනහව ට  හේතුවයි.

ලංකාව මා ටිකක් දන්නා රටක් නිසා එහි උදාහරණයක් ඇසුරින් මගේ අදහස කියන්නම්. අපි පාසල්, තෘතිය හා වෙනත් අධ්‍යාපන ගැන වද  වෙනවනේ. විශේෂයෙන් ලංකාවෙත් මේ ගැන සංවාදයක් තියන වග පෙනෙනවා (එහි දමා තියනවා යයි කියන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන මගේ අදහස, මා ලියන දේවල් කියවන පිරිස උදෙසා පසුව ලියන්නම්). සමහර මිනිසුන් සංක්‍රමණිකයන් කන බොන දේවල්, කතා කරන දේවල් ගැන වොරි  වෙනවා. තවත් සමහරුන් ලක්ෂ එකසිය විස්සක් වියදම් කර ඉගෙන ගන්න වෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ගැන වොරි  වෙනවා.

ඕවා අමතක කර දෛවයේ සරදමක් ගැන කියන්නද? ලංකාව මුදල් ණයට අරන් එව්වට පොලි ගෙවන්න අවශ්‍ය විදේශ විනිමය සොයන්න වැඩිම දායකත්වයක් දෙන්නේ කවුද? අර වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න සිසුන්ගේ දෙමාපියන් නම් නොවේ. සරසවි වල අධ්‍යාපනයට තේරී, විප්ලව කරන්න හදන සිසුන්ද නොවේ,  අපට  රජයේ රැකියා  දියව් කියා එව්වා ලබාගෙන, ඉන්පසු කඩයිම් විභාග ඉවත් කරන්නට උද්ගෝෂණය කරන ලාංකික උපාධිධාරීන්ගේ බහුතරයද නොවේ,  අප වැනි ලාංකික සංක්‍රමණිකයන් ද නොවේ. මෙයාල එක ගෘප් එකකට අයිතිවීම තවත් සරදමක්. මේ කියන අධ්‍යාපනය, අනෙක් වරප්‍රසාද, කාර් බාර්  කිසිවක් එයාලට හිමිත් නැහැ.

මා මේ කියන්නේ ලංකාවට වැඩියෙන්ම  විදේශ විනිමය උපයන ක්ෂේත්‍ර වල වැඩ කරන පිරිස ගැන. හිතුවොත් මිසක් දැනෙන්නේ නැහැ; මැදපෙරදිග ගෘහසේවයට යන කාන්තාවන්, තේ දළු කඩන කාන්තාවන් හා ඇඟලුම් කර්මාන්ත ශාලා වල වැඩ කරන කාන්තාවන්. මේ  සියල්ලන්ම, අධ්‍යාපනයෙන් අඩුම වරප්‍රසාද ගත්ත, දෙහන් වෙන්න ගහන්න පොහොර සහනාධාර ද නැති, අප වගේ සංක්‍රමණය වෙන්න  අවශ්‍ය කොළ සහතික පත්ද නැති, තීරු බදු රහිත වාහන වලටද හිමිකම් නැති, “වැඩට ගිහින්” නිකම් ඉන්නට වරම් නැති, වැඩ කර ගෙදර ආවත් නිදහසක් නැති, හම්බ කරන සල්ලි ද තමන්ට ඕනේ විදිහට වියදම් කරන්නට වරම් නැති, බ්ලොග් ලියන්නට වරමද නැති පිරිසක්.

මා විස්තර කර ඇති පරිදි, මේ තුන් ගොල්ල, ඔය කියන අධ්‍යාපන සේවා ලැබීම වලින් විතරක් නොවේ, සමාජයේ තියන අනෙක් “සේවා” වලින් අඩුම සේවයක් ලබන පිරිස්. ඔවුන්ට බ්ලොග් ලියනවා, කියවනවා තබා, ඉදිරි දිනය කොයි වගේද කියාත් සැලසුමක් කරන්නට අවස්ථාවක් නැහැ. නිකම් අධ්‍යාපනය ලබන්නට සරසවි වලට තේරෙන පිරිස්, ඉගෙන ගන්නට තියන කාලය පාරේ ගත කරන්නට වඩාත් කැමතියි. පෙනෙනවා නේද මෙතැන  තියන පරස්පරත්වය.

ඒ අතරේ පිරිසක් හිනා වෙනවා රටින් ඉවත ගිය පිරිස කන බොන හැටි ගැන. මේ හිනාවෙන පිරිසෙන් විශාල සංඛ්‍යාවක් තවත් කෙනෙකුගේ පිහිට නැතිව ජිවත් වෙන්න බැහැ. ගොඩක් වෙලාවට ඒ තවත් කෙනා කියන්නේ කාන්තාවක්. එක්කෝ අම්ම, නැත්නම් සහකාරිය. එයත් දෛවයේ සරදමක්. වෙන අය  කන්නේ කරවලද පරිප්පුද කියා වෙහෙසෙන බොහෝ ලාංකික පිරිමින්, තේ කෝප්පයක් හදා ගන්නට දන්නේ නැහැ.

බටහිර ලෝකයේ බහුතර සුද්දන් කන හැටියට කෑම  මහ ලොකුවට ආඩම්බර වෙන්න කාරියක් නොවේ. බටහිර ලෝකේ ජනගහනයෙන් සාමාන්‍යයෙන් 60 -65% ක් පමණ පමණට වඩා තරබාරුයි. ගොඩක් දෙනා ව්‍යායාම් කරන්නේ නැහැ. මොවුන් අතර බෝ නොවන, නමුත් වලක්වා ගත හැකි රෝග වැඩි වෙමින් තියනවා.  වෛද්‍ය ක්ෂේත්‍රයේ තියන ප්‍රගමනය නිසා ජිවත් වෙන කාලය වැඩි වෙලා තිබුණත් , ක්‍රියාශීලි ව එනම් නිරෝගිමත්ව ජිවත් වීමේ හා ජිවත් වීමේ කාලය අතර පරතරය වැඩිවෙමින් පවතිනවා. මේවා අනුගමයන කිරීම “ගෝත්‍රික” බවින් මිදීමක් නොවේ.

සංක්‍රමණික ආහාර වේල්  ගැන ලත වෙන ලාංකිකයන් පිලිබඳ කතාවට ආවොත්, මොවුන්ගේ සෞඛ්‍යමත් ජිවන රටාව පිලිබඳ සංඛ්‍යා ලේඛණ  අද අන්තර්ජාලයේ තියනවා. තමන්ට කන්න අවශ්‍ය දේවල් පිළියෙළ ගන්න දන්නේ නැතිව, අනුන් කන හැටි ගැන සිනහ වීම, මා හිතන්නේ, අප ලබන අධ්‍යාපන ක්‍රමයේ වරදක්. ඒ ගැන මා පසුව ලියන්නම්.

පසු වදන

ඔන්න මට වෙලාව තිබුන නිසා මෙයත් ලියුවා. මේක හෙට ලංකාවේ කන්තෝරු පටන් ගන්න වෙලාවට පළ  කරන්න මට ඕනේ නැහැ. මේ ලංකාවෙන් පිට ඉඳන් සිංහලෙන් ලිවීම ගැන ප්‍රශ්න කරන  අයත් ඉන්නවනේ. එයාලට මා කියන්නේ එව්වා කියවන්න එපා, අකමැති නම්. ඔය වෙනත් භාෂා වලින් කියවන්න ඕනේ තරම් දේවල් තියෙන්නේ.

එයිට අමතර ව ලංකාවෙන් පිට ඉඳන් සිංහලෙන් ලියන, එයාල ලියන දේවල් හරියටම ලංකාවේ කන්තෝරු වෙලාව පටන් ගන්න විට පළ  කරන පිරිසකුත් ඉන්නවා. මට නිකම් පිස්සු වගේ.

ඔන්න ඔහේ ඕවා ගැන සිතන්නේ නැතිව, කැමති නම් කියවා යන්න. සුපුරුදු පරිදි, ඔබට කියන්න අදහසක් නැතිවීම ගැන තැවෙන්න එපා.

 

Advertisements

11 Comments

Filed under Lifestyle, Opinion

11 responses to “මා වැනි සංක්‍රමණිකයන් කන්නේ මොනවාද?

  1. Pingback: මා වැනි සංක්‍රමණිකයන් කන්නේ මොනවාද? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. pra jay

    Live and let live, right?

    • and while doing so, pl. try to live a healthy life. it is good for oneself, for those around him/her, for the society and for the planet.

  3. හරි අගෙයි රයිගම් වැදෙන තැන්වලට හරි අගේට වැදනේන ලියවී තියනවා. විදේශ විනිමය උපයාදෙන අය ගැන බොරු කදුළු සලන්න නම් යටකිව්ව උදඝෝෂකයනුත් අපිත් ඉන්නවා. හැබෑ කඳුළු වගුරවන්න ඉන්නෙ උනුත් උංගෙ අඹුදරුවනුත් විතරයි

    • නැහැ ගුණේ මං රිදවන්න, පලිගන්න ලියන්නේ නැහැ. විවේචන හා සිනහා වීම් නරක නැහැ. මාත් කරනවනේ. නමුත් එව්වා කරන හේතුත් වැදගත්.

  4. තමන්ගේ මැට්ටම්, තම්මැට්ටම්!

    මං ඊයේ උදේට පළතුරු, දවල්ට කෙලවල්ලන් සැලඩ් සහ පාන්, රෑට බත් පරිප්පු මස් සහ ගෝවා.

    මං කන ඒවා ගැන අපේ ගෙදර වැසිකිලිය වොරි වුණාම හොඳටෝම ඇති!

    • හයියෝ, ඉස්කෝලේ ගියේ නැත්ද? හැම් බේකන්, චීස්, බටර්, කිරි, බිත්තර කෝ?

  5. අපි කන දේ අපේ පෞද්ගලික තේරීම. ඒ තේරීමට සොයාගැනීමට ඇති හැකියාව කාලය පහසුව සෞඛ්‍ය, මිල වගේ හුඟක් දේ බලපානවා.

    ඒක අපේ පෞද්ගලිකත්වය, අයිතිය, නිදහස සහ තේරීම.

    අපි කන දේ ගැන අපි සතු‍ටු වුනා නම් එච්චරයි. ලෝකයා සතු‍ටු කරන්න අවශ්‍ය නෑ. නමුත් තට්‍ටු නිවාසයක ඉඳන් බොම්බිලි කරවල බැදීම වැනි දේ ගැන නම් දෙපාරක් හිතන්න වෙනවා. අන්න එතකොට තමාගෙ නිදහසේ සීමාව අනිකගෙ නහය කෙලවරින් නතරවන බව හිතට ගන්න ඕනෙ

    • උඹ නිසා, මේ කලින් මා ලියා ඇති කරුණු වලට නැවත ගියේ. 🙂

  6. Anonymous

    අපි කන හැටි ගෑස් ලිපා දනී. අල් මදීනා සුපර් මාර්කට් එකත් දනී…..!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s