අද අයිටම් එක සයිටම්!


මා ලියපු කලින් සටහන කලින් එකට අවශ්‍ය ඇමුණුම මට දමන්න විදිහක් නැතුව ගියා. එහි පින්තූරයක්  දමන්න හැකි වුවත්, මුදල් ගෙවා බලන්න තියන දෙයක ඇමුණුමක් එහෙම දමන එක සදාචාරාත්මක නැහැ. ඒ වෙනුවට ඒ ප්‍රවුර්තියේ අග ගිය පාඨක සංවාදයෙන් ගත්තු අදහස් දෙකක් මා පහතින් දමනවා. මොකද මා ලියන්න යන දෙයට පෙර වදනක් ලෙස.

මේ එක කොමෙන්ටුවක්;

//This is actually very good news for Australian healthcare.  Sadly, in the UK, the foreign trained doctors are often very poorly trained compared to western-trained doctors. They are also [too often] coming from countries where not only training is sub-standard, but corruption is rife: you don’t actually know if they’ve paid for their qualifications and experience or actually earnt them (though some undoubtedly would have – the problem is you don’t know, and far too many are simply not trained at the level they should be).

In the UK, the vast majority of doctors struck off for gross incompetence are foreign-trained doctors. The care is slipping towards the 3rd world, as you bring in the 3rd world healthcare specialists and doctors to ‘plug the gaps’.  Not a surprise when you think about it that way, is it?

Training your own medical professionals, [and knowing exactly what their experience, level and training is] is the best way not only to give jobs to our best and brightest, but also to keep up standards.  Common sense really.  //

 මෙන්න එම කොමෙන්ටුවට තව කෙනෙක් දුන්න උත්තරේ:

// I agree.  Years ago I worked for an Indian doctor who blithely told me her family were extremely wealthy so she was able to buy her degree.  She didn’t seem to realise the enormity of what she was admitting to.

A couple of months ago, I went to a city clinic to get three prescriptions as I had left mine at home (over 200km away) and it took the African doctor over 30 minutes to check the medication on his computer.  My fingers were itching to go online for him.

Despite the above, many foreign doctors are excellent.//

අද කතන්දරේ මට කෙලින්ම අදාල දෙයක් නොනුණත්, ලෝකේ කොතැනක ජිවත් වුණත්  සිතන්නට වටින කරුණකුත්  මෙතැන  තියනවා. මා මෙහි ලියා තියන කරුණක් තමා, අධ්‍යාපනය කියන්නේ සමාජයක අසමානතා අඩු කරන ප්‍රධානම මෙවලමයි.  ඒ වගේම අධ්‍යාපනික මිනිසුන් සහිත සමාජයක ජිවත් වීම හැමදෙනාටම පහසුයි. බලන්න සමහර මැදපෙරදිග රටවල් දිහා. මෙව්වයේ සමහරක පාසල් යාම කොතරම් පහල වැටිලද කියා මා දත්ත දමන්නේ නැහැ.

ලංකාවේ මා ලබපු අධ්‍යාපනය ගැන හා පොදුවේ එහි තිබුන හොඳ හා නරක ගැන මගේ අදහස් කලින් ලියා තියන නිසා නැවත මතක් කරන්නේ නැහැ. ලංකාවට වගේම දියුණු වෙමින් පවතින රටවලට ගහපු හෙනයක් වුණේ, දේශපාලකයින්, ඔවුන්ගෙන් බලාපොරොත්තු වුණ දේ නොකර, අදාල නොවන සියල්ලටම අත  පෙවීම.

ලංකාව ගත්තොත්, රාජ්‍ය සේවයට විතරක් නොවේ, පෞද්ගලික අංශයේ ද මොවුන් කරපු හා කරන අතපෙවීම් මගින් කර තියන දෙය අප සියල්ලන්ම දන්නවා. පාසල් ගුරුවරුන් බඳවා ගැනීමේ සිට විශ්ව විද්‍යාල පරිපාලනය දක්වා මේ ගොන් ඇඟිලි ගැසීම් නිසා සිදුවුණ  හා තවමත් සිදුවෙමින් පවතින දේ, මට වඩා ඔබ දන්නවා ඇති. මෙන්න මෙයාව කථිකාචාර්ය කෙනෙකු ලෙස බඳවා ගන්න කියා, දේශපාලකයෙක් දුන්න ලියුමක් ගැන ලඟදි කතා වුනා නේද?

ඒ සියල්ල අතරේ රිදී ඉරක් ලෙස අත පොවන්න බැරිවුණ  දෙයක් තිබුණා.  මා සමහර වෙලාවට හිතනවා එය එහෙම වුනේ කොහොමද කියා.  පාසල් ගුරුවරුන් ට පත් වීම දුන්නත්, විදුහල්පතිලා දේශපාලන වුවමනා මත වෙනස් කෙරුවත්, විශ්ව විද්‍යාල වකුර් කෙරුවත්, දේශපාලක ඇඟිලි ගැසීම් වලින් තොරව සාපේක්ෂව ක්ලීන්  ව පවත්වාගෙන එන ඒ දෙය, දරුවන් ඉන්න කාටත් හිතන්න අවශ්‍ය දෙයක්.

ඒ තමා අපොස සාපෙ හා උපේ විභාග දෙක. ප්‍රශ්න පත්‍ර පිටවුණා ඒවා වගේ  අක්‍රමිකතා  වරින් වර වාර්තා වුවත්,  දේශපාලන බලපුළුවන්කාර කම් නිසා ප්‍රතිපල වෙනස් කිරීම් අසන්නට ලැබී නැහැ නේද? නාමල්ට නීති විභාගය වගේ “විසිස්ට” ප්‍රතිපල අපොසෙන් ගන්න දේශපාලක පුතුන්ට  පුළුවන් වී නැහැ නේද? ඒ වගේම මෙන්න මෙයාව වෛද්‍ය පීඨයට  ගන්න කියා විවි වලට ලියුම් ඇවිත් නැහැ නේද?

මා අපේ කාලය ගැන කියන්නම්. ඉගැන්වීම් හා ඇගයීම් ක්‍රමයේ මොන දුර්වලතා තිබුණත්, අපේ කණ්ඩායම් වලින් සරසවි තේරුණ පිරිස, ඒ ක්‍රමයේ සිටපු දක්ෂ අය. කටපාඩම් වලින්ම කෙරුවා කියුවට, වෛද්‍ය (හා ඉංජිනේරු) පීඨ  වලට තෙරුනේ, සාපේක්ෂව එතන සිටපු වඩාත් කැපවීමෙන් වැඩ කරපු, දක්ෂ පිරිස්.  අද කාලය මා දන්නේ නැති නිසා ඒ ගැන ලියන්නේ නැහැ.

අවුරුදු 30ක යුද්දයකින් පසුව හා ලේ වැකි කැරලි දෙකකින් හා ගජමිතුරු ප්‍රජාතන්ත්‍රවාදයක් දීර්ඝ කලක් ක්‍රියාත්මක වෙත්දීත්, ඒ විභාග දෙකේ පැවැත්මට  හානියක් නොවීම මට සමහරවිට පුදුමයි.

ලාංකික ජනගහණයේ තව විශාල පිරිසකට උසස් අධ්‍යාපන වරම් දීම අත්‍යවශ්‍ය දෙයක්. මොකද එයාලට ලංකාවෙන් එලියට යන්න අවස්ථාව  දෙන්න.  මා ලියාගෙන ආපු කල යුත්තේ කුමක්ද කියන සටහනේ මා ලියන්නට බලාපොරොත්තු වන්නේ ඕස්ට්‍රේලියාවේ තත්වය. එකම ජනගහණයක්  මේ රටවල් දෙකේ සිටියත්, රටේ අදායම් අනුව හා සමාජ සංවර්ධනයේ ඉන්න තැන අනුව  කිසි විටක සංසන්දනය කරන්න නොහැකි රටවල් දෙකක්.  තෘතිය අධ්‍යාපනය කියන්නේ සමාජයක් වශයෙන්, මේ වගේ රටකත් කොතරම් අමාරුද පුරස්නයක්ද කියලයි මා කියන්න හදන්නේ.

අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමේදී නොයා යුතු එක මාවතක් තියනවා. එය නම් ඉන්දියාව හා බංගලි දේශය වැනි රටවල් වල මාවතයි. ඒ ගැන මා විස්තර ලියන්නේ නැහැ. ඉන්දියාවේ ඔය කියන තෘතිය අධ්‍යාපන ආයතන වලින් බිහිවන විශාල පිරිසක් (50% වගේ), කිසිම වැඩකට නැතිය කියා එයාලගෙම වෘත්තීය ඇමති කියුවේ වැඩි ඈතක නොවේ.  කොළ සහතික පත්ද අවශ්‍ය වුවත්, අධ්‍යාපනය කියන්නේ කොළ සහතික පත්ම නොවේ.

ලංකාවේ පිහිටුවා තියනවා යයි කියන පෞද්ගලික වෛද්‍ය පීඨය  මගින්, අර විභාග දෙක විතරක් නොවේ, සමස්ත පාසල් අධ්‍යාපනයම විහිළුවක් බවට පත් වෙනවා.  මා කියන දේ දැනට තේරුම් ගන්න අපහසු වේවි. මොන ක්‍රමය යටතේ වුවත් දරුවන් ඉගෙන ගන්නේ යම් ඉලක්කයක් තියන නිසා.  ඕස්ට්‍රේලියාව  විතරක් නොවේ බොහෝ රටවල් වල පාසල් අධ්‍යාපනය අවසානයේ පැවැත්වෙන විභාගයට අනුව, තමන්ට ඉදිරියට යන්න හැකි මාර්ගය තීරණය කරන්න ඉඩ දීල තියෙන්නේ නිකම් නොවේ.

දැනටම විකල්ප මාවත්  තියනවා කියන සරල උත්තරේ ට මා කියන්නේ මෙයයි. දැන් විකල්ප මාවත් සොයන්  යන්නේ ඒ ක්‍රමය යටතේ යන්න හොඳින්ම උත්සහ කර බැරිවුන විටයි. වෙන රටවල් කරා යන්නෙත්, රට ඇතුලත වෙනත් විකල්ප ආයතන වලට යොමු වන්නේත්, අර විභාග සමත් වීමට උත්සහ කර නේද?  ලංකාවේ අපොස උපේ “හරියට නොකර” ඕස්ට්‍රේලියාවේ හරි හමන් පාඨමාලාවක් කරන්න හැකිද?

අතකින් ඉහලම ලකුණු ලබන පිරිසකට ගන්න හැකි අවස්ථාව, කිසිම අවම ලකුණක් නැති තව පිරිසකට ගන්න හැකි වග උපතේදීම දැන  ගැනීමට හැකි වීම මගින්  ඇතිවන තත්වය මට නම් හිතා ගන්නට පුළුවන්.

ලංකාවේ සිටියා නම්, මේ කරුණේදී  මා වෛද්‍ය සංගමය සමගයි. 🙂

 

Advertisements

30 Comments

Filed under Education, Opinion

30 responses to “අද අයිටම් එක සයිටම්!

  1. Pingback: අද අයිටම් එක සයිටම්! | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  2. Pra Jay

    රජයේ සරසවිවල සියල්ලන්ට නොමිලේ නොව, ආදායම් අනුව ශිෂ්‍යත්ව තලයන් ඇති කර ඉන්ටේක් වැඩි කල යුතුය.

    • ඒ වගේම ක්‍රමවේද නොමැති වගත් දැන දැනම “හොර උපාධි කඩ” වලට දරුවන් ඇතුලත්කර, ඇතිවන මුල්‍යමය පාඩුව දරා ගැනීමට මව්-පියන්ටම බාර කළ යුතුය. එය මුළුමහත් සමාජයේ ප්‍රශ්නයක් නොවේ. 🙂

  3. ඔබ වෛද්‍ය සංගමය යනුවෙන් අදහස් කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යයි අනුමාන කරමි. ඒ සංගමය ජුලි 29 දා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය නවීන් සොයිසා කල ප්‍රකාශය දිවයින පුවත්පත වාර්තා කර තිබේ. එහි සබැඳිය http://www.divaina.com/2016/07/30/news09.html

    වෛද්‍ය නවීන් සොයිසා එහිදී කියා ඇති ආකාරය මෙසේ වේ. //මේ ආයතනය (සයිටම් වෛද්‍ය පීඨය) සිසුන්ගෙන් වංචනිකව ලබාගත් මුදල් යළි එම සිසුනට ගෙවිය යුතුයි. මේ සිසුන්ගේ නාස්‌ති වූ කාලයටත් වන්දි ගෙවිය යුතුයි. මෙම සිසුන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවම සුදුසුකම් ඇති අය හඳුනාගෙන ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ඇති ලොව ඕනෑම ආයතනයකට ගෙවා පිළිගත් පාඨමාලාවක්‌ ලබා දී උපාධියක්‌ ලබාගැනීමට ඉඩ ලබා දිය යුතුයි. ඊට අප විරුද්ධ නෑ. සියලු වියදම් මේ මාලබේ සයිටම් ආයතනය දැරිය යුතුයි.// මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවසානයට මාධ්‍යයට පැවසු අදහසයි.

    වෛද්‍ය සභාවද උසස් අධ්‍යාපන අමාත්යංශය හරහා රජයේ විශ්වවිද්‍යාලද external examiners සේ මැදිහත් වී බඳවාගැනීමේ ගැනීමේ සිට උපාධි ප්‍රධානය දක්වා ගුණාත්මකභාවය අධීක්ෂණය කිරීමන් සයිටම් ආයතනය හරහාද මේ කියන විදියේ ගුණාත්මක වෛද්‍යඋපාධි දාරීන් බිහි කර ගත හැකි වේවි.

    ඔබේ ලිපියේ මැද කියා ඇති සිසුන් ගේ කැපවීමෙන් වැඩකිරීම හා දක්ෂතාවය ගැන නම් මගේ අදහස වන්නේ, උසස් පෙළ වන තුරු කැපවීමෙන් වැඩ කරන සිසුන් ඉන් පසුව එම කැපවීම දක්වන්නේ අඩු වශයෙන් බවත්, උපාධිය ලබාගැනීමෙන් පසුව යම් සේවාවක් හෝ නිෂ්පාදනයක් සඳහා දායක වීමේදී දක්වන කැපවීම ඉතාමත් අඩු බවත්ය. උපාධියක් ලබාගැනීමට පිවිසීමට උසස්පෙළ ඉතා වැදගත් ය. නමුත්, උපාධියක් ලබාගැනීමට පිවිසීමට ඇති එකම මාවත උසස් පෙලම විය යුතු නොවේ.

    • ඔව්, කෙන් ඒ වෘත්තීය සමිතිය තමා. 🙂

      //නමුත්, උපාධියක් ලබාගැනීමට පිවිසීමට ඇති එකම මාවත උසස් පෙලම විය යුතු නොවේ.//. හැබැයි රටක යම් ක්‍රම වේදයක් තියනවා නම්, එය සියලු දෙනාටම එක සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ නේද? අප සියලු දෙනා කතා කරන්නේ සංස්ථා/ආයතන/ක්‍රමවේදයන් = යහපාලනය ස්ථාපනය කර ගැනීම නේ. මෙතැනදී විතරක් වෙනස් ප්‍රවේශයක් ගන්න බැහැනේ. මා කියන්නේ එයයි කෙන්!

      • සයිටම්හි සියලු පීඨ එන්නට කලියෙන් ලංකාවේ ප්‍රථම උපාධියක් හැදෑරීමට ඇතුලත් වීමට තිබු ක්‍රමය මෙසේය.

        අද්යාපන අමාත්යංශය යටතේ ඇති විභ දෙපර්තමනේතුව මගින් උසස් පෙළ විභාගය පවත්වා ප්‍රතිඵල නිකුත් කරයි. එම ප්‍රතිඵලයේ එක් එක් විෂයට ලැබූ සමර්ථය, සමස්ත z අගය, සහ විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවකට ඇතුලත් වීමට සුදුසුද නැද්ද යන වග සඳහන් වේ. සිවුවැනි වරට හෝ ඊට වැඩි වාර සංක්‍යාවක් උසස් පෙළ ලියු අයට විශ්විද්යාලයට ඇතුලත් වීමට සුදුසු කම් නොලැබේ. නමුත්, ඔවුනටද අධ්‍යාපන විද්‍යා පීඨ හරහා ගුරු වෘත්තියට පැමිණිය හැකිය. වීශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවකට ඇතුලත් වීමට සුදුසුද නැද්ද යන වග යන කොටස යටතේ “ඔවු” යනුවෙන් සදහන්වී ඇති සියලු දෙනාට උපාධි පාඨමාලාවක් හැදෑරීමේ අයිතිය හා යෝග්‍යතාව හිමිවේ. නමුත්, ශ්‍රී ලංකාව දියුණුවෙමින් පවතින රටක් බැවින්, උපාධි පාඨමාලාවක් හැදෑරීමේ අයිතිය හා යෝග්‍යතාව ඇති සියලු දෙනා ඇතුලත් කරගැනීමට රාජ්‍ය විශ්විද්‍යාල වල ඉඩ පහසුකම් නොමැත. එම නිසා උපාධි පාඨමාලාවක් හැදෑරීමේ අයිතිය හා යෝග්‍යතාව ඇති බොහෝ දෙනෙකුගේ අයිතිය උල්ලංඝනය කර ඉහලම ලකුණු ලැබූ සීමිත කොටසකගේ අයිතිය පමණක් සුරැකේ.

        මෙතන තිබෙන ක්‍රියාවලිය වන්නේ විශ්විද්‍යාලයක උපාධි පාඨමාලාවකට ඇතුලත්වීමයි. කොළඹ, පේරාදෙණිය, ජපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, අග්නිදිග, රජරට, සබරගමුව, වයඹ, ඌව, සෞන්දර්යය හා කළා යන රාජ්‍ය විශ්විද්‍යාල වෙනුවෙන් සිසුන් තෝරාගැනීම කරන්නේ විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගිනි. කොළඹ, පේරාදෙණිය, ජපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, අග්නිදිග, රජරට, සබරගමුව, වයඹ, ඌව, සෞන්දර්යය හා කළා යන රාජ්‍ය විශ්විද්‍යාල වල බොහෝ උපාධි පාඨමාලා වෙනුවෙන් පමණක් එම තෝරාගැනීම කරන්නේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත පදනම් වෙමිනි. ඒ හැරුණු විට, උසස්පෙළ විභාගයේදී ඉහලම ලකුණු නොලැබූ අබාධිත අය, හමුදා සේවයේ අය, ගුරුවරුන් වැනි අයට විශේෂ 1-2% පමණ විශේෂ වරප්‍රසාදයක් යටතේ ඉහත රාජ්‍ය විශ්විද්යලවල උපාධි පාඨමාලාවකට ඇතුලත් විය හැකිය. කෙසේනමුත්, මොරටුව විශ්විද්‍යාලයේ නිරමාණ පරිසරය, කැලණිය විශ්විද්‍යාලයේ කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය වැනි සමහර පාඨමාලා උසස්පෙළ විභාග ප්‍රතිඵලය මත පමණක් පදනම් වී සිසුන් තෝරාගන්නේ නැත. ඒවායේදී වීශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම මගින් තෝරා එවන අයට නැවත ප්‍රවේශ විභාගයක් පවත්වා ඉන් කොටසක් පමණක් තෝරා ගනී.

        කොතලාවල ආරක්ෂක, විවෘත්ත, සාගර, සහ වෘත්තීය තාක්ෂණ යන රාජ්‍ය විශ්විද්‍යාල වෙනුවෙන් පවා තෝරාගන්න ක්‍රමවේදය; කොළඹ, පේරාදෙණිය, ජපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, අග්නිදිග, රජරට, සබරගමුව, වයඹ, ඌව, සහ සෞන්දර්යය හා කළා විශ්විද්‍යාල වෙනුවෙන් සිසුන් තෝරා ගන්නා උස්පෙළ විභාග පරතිඵලය නොවේ. ඒ සඳහා වෙනත් සුදුසු තෝරාගැනීමේ ක්‍රම භාවිත කෙරේ. පුද්ගලික විශ්විද්‍යාල වලට තෝරාගැනීමේ දී කොළඹ, පේරාදෙණිය, ජපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, අග්නිදිග, රජරට, සබරගමුව, වයඹ, ඌව, සෞන්දර්යය හා කළා යන රාජ්‍ය විශ්විද්‍යාල වලට බඳවාගන්න ක්‍රමයම සිදුවිය යුතුය යන්න පැටලිලි ඇති කරන අසත්‍ය ප්‍රකාශකි.

        • බොහෝ කලෙක පටන් ශ්‍රීලංකා ඉංජිනේරු ආයතනය මගින් ගුණාත්මක භාවය නියාමනය කරමින් ඉංජිනේරු උපාධිය හා සමානව පිළිගන්නා සුදුසුකමක් ඉංජිනේරු සංගමයේ නිල ලියාපදිංචියද සමග ලබා දේ. මෙමෙ පාඨමාලාවේ ප්‍රයෝගික පරීක්ෂණද පවත්වන්නේ මොරටුව විශ්වවිද්‍යාලය මගින්ය. මෙහි ගුණාත්මක භාවය ඉතා ඉහල වේ. රසායන විද්‍යා ආයතනය මගින් ද රාජකීය රසායන විද්‍යා සංගමයේ අනුමැතියද ඇතිව එවැනි උපාධි සම සුදුසුකමක් ලබාදේ. මෙහිද ගුණාත්මක භාවය ඉතා ඉහල වේ.

          පුද්ගලික විශ්විද්‍යාල වලට බඳවාගැනීමේ ක්‍රමය කොළඹ, පේරාදෙණිය, ජපුර, කැලණිය, මොරටුව, යාපනය, රුහුණ, නැගෙනහිර, අග්නිදිග, රජරට, සබරගමුව, වයඹ, ඌව, සෞන්දර්යය හා කළා යන රාජ්‍ය විශ්විද්‍යාල වල ක්‍රමයම විය යුතු නොවේ. ඊට වෙනත් සුදුසු ක්‍රමයක් භාවිත කල හැකිය. සුදුසු ක්‍රමය ස්ථිර අධ්‍යාපන ප්‍රතිපත්තියක් මගින් තීරණය කල යුතුය. එය විනිවිද පෙනෙනා නැවත තෝරාගැනීමේ විභාගයක් විය හැකිය.

          සයිටම් හි සියලු පීඨ එන්නට කලියෙන් තිබුන සිනෙක්, ස්ලිට්, ඇපිට්, ඇතුළු අනේක නම් වලින් පවතී ආයතන ගණනක් සිසුන් ඇතුලත් කරගත් ක්‍රමය පුද්ගලික විශ්වවිද්‍යාල වල දශක එකහමාරකට වැඩි කාලයක් තිස්සේ ද මෑතකදී කොතලාවල ආරක්ෂක රාජ්‍ය විශ්විද්යලය සිවිල් සිසුන් බඳවාගැනීමේදීද කියාත්මක කල කරමයම සයිටම් ක්‍රියාත්මක කරයි.

          සයිටම් ක්‍රියාත්මක කරන්නේද රටේ කාලයක් තිස්සේ පැවති ක්‍රමයයි. එය එය රටේ නොතිබුන අලුත් එකක් නොවේ. වෛද්‍ය උපාධිය හැදෑරීමට පිවිසෙන අයගේ ගුණාත්මක භාවය නියාමනයට ගැන හොඳ යාන්ත්‍රණයක් අවශ්‍ය බැවින් පැවති ක්‍රමයේ බන්දවගනීමේ පටිපාටිය අවශ්‍ය නම් වෛද්‍ය සංගමය මගින් නියාමන කිරීමද සුදුසුය.

          • ලංකාව විතරක් නොවේ, දියුණු ය කියන රටවලද උසස් පෙළ කරන සියලු දෙනාට සරසවි වරම් නැහැ නේ. මෙය පටලවා ගන්න එපා.

            ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය උපාධියට තෝරා ගන්නෙත් වසර දොළහේ තේරුම් විභාගයෙන් ඉහලම ලකුණු ගන්න පිරිස විතරයි (You can maximise your chances of entry by getting a good ATAR, but also keep in mind that an ATAR of 100 does not mean you will automatically gain a place.. එයාලටත් තව ටෙස්ට් එකක් තියනවා ( (https://umat.acer.edu.au/).

            ක්‍රමවේද දැනට තියන ත්ත්වයෙනුත් පහල දමල අධ්‍යාපනයේ ගුණාත්මක බව හෝ බිහිවන වෘත්තිකයන්ගේ ගුණාත්මක බව ඉහල දමන්න නොහැකියි.
            https://umat.acer.edu.au/about-umat/structure-and-content

            • කතාව අපසරණය වන බැවින් නැවත සාරාංශ ගත කරමු.

              ඔබ ලිපිය අවසානයේ කියන්නේ ඔබ මෙහිදී වෛද්‍ය සංගමය සමග එකඟ බවයි. ඒ සංගමය ජුලි 29 දා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එහි ලේකම් වෛද්‍ය නවීන් සොයිසා කල ප්‍රකාශය වන්නේ ” මෙම සිසුන් අතරින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවම සුදුසුකම් ඇති අය හඳුනාගෙන ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අනුමැතිය ඇති ලොව ඕනෑම ආයතනයකට ගෙවා පිළිගත් පාඨමාලාවක්‌ ලබා දී උපාධියක්‌ ලබාගැනීමට ඉඩ ලබා දිය යුතුයි. ඊට අප විරුද්ධ නෑ. සියලු වියදම් මේ මාලබේ සයිටම් ආයතනය දැරිය යුතුයි.” යනුවෙනි. ඒ වෛද්‍ය සංගමය කියන ක්‍රමවෙධයයි ඔබ තවම මෙහිදී වෛද්‍ය සංගමය සමග එකඟද කියන එක ඉදිරියට කතා කරනවා නම් වැදගත් වේවි.

              • ඔබ පසුව ඔස්ට්‍රේලියාව ගැන උදාහරණ දෙන්නේ ඒ ඔබ ජීවත්වන රට නිසා විය හැකියි. ඒ නිසා මම ඔබට මම ජීවත්වෙන ජපානයේ උදාහරණ වලින් පිළිතුරු දෙන්නම්.

                ජපානයේ වර්තමාන තරුණ පරපුරේ සියලුදෙනාටම පාහේ උපාධි හෝ උපාධි සම සුදුකම් තිබේ. ජපානයේ මුලික උපාධිය සලකන්නේ ඔවුන්ගේ සමාජයේ ජීවත්වීමට අවශ්‍ය හැකියාව සහ ශික්ෂණය ලබාදීමක් ලෙසයි. ස්වභාවික සම්පත් නිධි බහුලව ඇති ඔස්ට්‍ර්ලියාවට වඩා ස්වභාවික සම්පත් නිධි අවමවශයෙන් ඇති ඒ වෙනුවට ස්වභාවික උවදුරු බහුලව ඇති ජපානය ආර්ථික වශයෙන්ද අධ්‍යාපනික වශයෙන්ද තාක්ෂණික වශයෙන්ද යුධමය වශයෙන්ද බලවත්ව දියුණුව සිටිනේනේ ඔවුන් නිර්මාණය කල දියුණු මානව සම්පත නිසයි. ජපානයේ විශ්විද්‍යාල 1000ක් පමණ තිබුනද රජයට අයත් ඒවා ඇත්තේ 300 පමණය. මේ 1000 අතර තිබෙන හොදම ඒවා සැලකුවහොත් (ටෝකියෝ කියෝතෝ වැනි ඒවා හැර) කියෝ, දොශිෂා, වසෙයිද, රිත්සුමෙයිකන් සියල්ලම පුද්ගලික විශ්විද්යලයි. ජපානයේ හොඳම වෛද්‍ය විද්‍යාල දෙක වන්නේ ටෝකියෝ සහ කියෝ විශ්විද්යලවල ඒවායි. ටෝකියෝ රජයට අයත්වන අතර කියෝ පුද්ගලික විශ්විද්යලයකි. කියෝ විශ්විද්‍යාලයේ ගාස්තුව ටෝකියෝ විශ්විද්‍යාලයේ ගාස්තුව මෙන් දෙගුණයකි. මේගැන මම උගත් හේතු පහත දක්වමි.
                …………………………………………………………………………….
                වෘත්තිකයන්ගේ ගුණාත්මක භාවය රඳාපවතින්නේ බඳවාගැනීමේ ක්‍රමවෙධය මගින් පමණක් නොවෙයි. (නමුත් බඳවා ගැනීමට විශ්විද්‍යාල ප්‍රවේශ සුදුසුකම් තිබිය යුතුයි.) වෘත්තිකයන්ගේ ගුණාත්මක භාවය වැඩිවශයෙන් රදාපවතින්නේ ඔවුන්ට පාඨමාලාවේ දී ලබාදෙන අධ්‍යාපනය, පුහුණුව, සහ ආකල්ප සංවර්ධනය මගිනි.

                පුද්ගලික විශ්වවිද්‍යාල වලට බොහෝවිට එන්නේ රජය විශ්විද්‍යාල වලට යාමට නොහැකි වූ අයයි. ඒ අය ද අවසානයේ රාජ්‍ය විශ්විද්යලවල මට්ටමට ගෙන ආ යුතුයි. සාපේක්ෂව පහල සිටින සිසුන් එකම මට්ටමකට ගෙන ඒමට වඩා වැඩි අධ්‍යන පහසුකම් වඩා හොඳ ගුරුවරුන් සිටිය යුතුයි. ඊට සාපේක්ෂව වැඩි මුදලක් වැයවන බැවින් එය එම සිසුන් දැරිය යුතුයි.

                උපතින්ම උපාධි ලැබෙනවයි බියවී පුද්ගලික විශ්විද්‍යාල වසාදැමීමට හෝ ජනසතු කිරීමට යෝජනාකිරීමට අවශ්‍ය වන්නේ සියලු විශ්වවිද්‍යාලවලද බඳවාගැනීමේ සිට උපාධි ප්‍රධානය දක්වා ගුණාත්මක භාවය විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වැනි ස්වාදීන ආයතනයන් හරහා නියාමනය කිරීමයි අවශ්‍ය. එවිට කිසිවෙකුට උපතින් උපාධි ලැබෙන්නේ නෑ. සැවොම එය උපයා ගත යුතුයි.

                කෙසේ නමුත්, ඇතුලත් වීමට වඩා වැදගත් වෙන්නේ ඔවුන් පිටවී යාමේදී අනෙක් අය සමග එකිනෙකා පරයා යන තත්වයට සිටිනවාද කියන එකයි. විශ්විද්‍යාල වලට ඇතුලත් කරගැනීමට දියුණු රටවල් වල ට සංසන්ධනය කරමින් හැමෝම කතාකලත් පිටවී යන අයගේ තත්වය ගැන දියුණු රටවලට සංසන්ධනය කරමින් කතා කිරීමට බොහෝ දෙනෙකු කැමති නැ. නමුත් විය යුත්තේ එයයි.

                • ඔබ මේ බ්ලොගයට ආගන්තුක බව පෙනේ. මෙය කොටස් වශයෙන් යන කතාවකි. වෙන වෙනම කියවිය හැකි වුවත්, වඩාත් සුදුසු නිතිපතා කියවන පාඨකයන්ටය!

                  මා කලින් ලියා ඇති කරුණු වලට නැවත යන්නේ නැහැ. මා ටැග් දමන්නේ පරණ සටහන් වලටත් යන්න පහසු වෙන්න.

                  විවි ප්‍රතිපාදන කොමිසම හා වෛද්‍ය සභාව වෙනස් කටයුතු දෙකක් කරන ආයතන දෙකකි. වෛද්‍ය වරයෙකුලෙස අවුරුදු ගණනක් සේවය කර තිබුන විටදී පවා, ඔහුගේ වෘත්තීය පර්මිට් එක අහෝසි කිරීමේ බලය (විවිධ හේතු අනුව) වෛද්‍ය සභාවට තියනවා.

                  ඔබ උපුටා දක්වන ලංකා වෛද්‍ය සංගමයේ ප්‍රකාශය, ඔවුන්ගෙන් අහන්න යන්න අවශ්‍ය දේවල් නොවේනේ. සාමාන්‍ය දැනුම. ඕක තමා සාමාන්‍ය දැනුම තියන වැඩිහිටියන් දැනුත් කරන්නේ. මව් පියන් පමණක් නොවේ වැඩිහිටි දරුවන් පවා යම් වෘත්තියක යෙදෙන්න, සහතිකය හා වෘත්තීය ලියා පදිංචිය අවශ්‍ය වන විට, නොමිලයේ හෝ සල්ලි ගෙවා හෝ ඉගෙනීමක් පටන් ගන්න පෙර, එම ආයතනය දෙන සහතිකයෙන් ඒ දේවල් කර ගන්න (තමන් ජිවත් වීමට බලාපොරොත්තු වන, එම ඉගෙන ගන්නා රටේ හෝ ලෝකයේ වෙනත් රටක) හැකිද යන්න මුලින්ම සොයා බලනවා. මේවා සාමාන්‍ය කරුනුනේ. 🙂

                  • මේ ලිපිය සම්බන්ධයෙන් සංවාද කිරීමට ආවේ වෙනත් බ්ලොග්පිටුවක දුටු ඔබේ පිටුව ගැන සබැදිය පෙන්වූ මාතෘකාව ආකර්ශනීය නිසා. මේ බ්ලොගය ගැන ඔබේ නිර්දේශය නිතිපතා කියවීමටයි. ඔබේ බ්ලොගය ගැන හොදින්ම දන්නා කෙනා ඔබ නිසා ඔබේ නිර්දේශය ඉතා වැදගත්. ඔබේ බ්ලොග් පිටුවේදී ඔබේ බ්ලොග් ලිවීමේ ක්‍රමය පිළිගැනීමට මට සිදුවෙනවා. මට නිතිපතා බ්ලොග් කියවීමට නොහැකිබවින් ඔබේ නිර්දේශය පිළිගෙන මම මේ සංවාදය මෙතනින් අත්හැර දමනවා.

                    එසේ වුනත් නිතපතා කියවීමට අවශ්‍ය නොවෙන වෙනත් බ්ලොග් එකකදී ආකර්ශනයක් ඇති මාතෘකාවක දී ඔබේ අදහස දැක්වීමක් හමුවුනොත් ඔබ සමග ඉදිරියේදී සාකච්චා කිරීමටත් කිසිදු අකමැත්තක් නැති බව සුහදව කියන්නටත් කැමතියි. ඔබේ ලිපියටත් අදහස් වලට දැක්වූ පිලිතුරුවලටත් බොහොම ස්තුතියි.

                    • කෙන්, තරහ වෙන්න එපා. ඔබ කලින් ලියා තිබුන අදහස් ගැන (ඉගෙනීම මහජන මුදලින්ද, ඒකීය පුද්ගල ධනයේ ද කෙරෙන්න ඕනේ වගේ) මා කලින් ලියා තියනවා. මා දන්නවා මේවා ගැන හැම තැනම තාමත් වටේ යන වග. මගේ පිළිතුර නිසා ඔබ අපහසුවකට පත් වූ වා නම් මට කනගාටුයි.

                      මගේ ආකර්ශනීය නොවන මාතෘකා යටතේ ලියා ඇති සමහරක් සටහන් මා කැමතිම ඒවායි. 🙂

  4. liyanage

    X score should be scrapped . and allocation should be given to low income and marginal families . Children of Doctors, engineers ,civil servants and of high bracket of society in the provinces get in to medical and engineering faculties .They register in their districts but have homes/apartments in colombo .Gravest injustice to city children is year 5 scholarship . passing the exam they come to colombo Kandy Kurunegala Matara and get selected to university. under city allocation .taking away allocation of city children. so children from the from low Xscoring areas are benefited unfairly . this happens only in Science stream. for the poor children from the provinces Arts stream Carrot is there

    • Liyanage,unfortunately, I am not in a position to express my opinion on those matters. I keep my mouth shut for obvious reasons. People would ask why do you care? I DO NOT have a definite answer for that. My kids are not there.

  5. Anonymous

    සමහරු බාස්මතී කනකොට සමහරු සුදුහාල් කනවා. බැරිනම් බඩගින්නට රොටියක් ඒත් බැරිනම් කොස් කෑල්ලක් තම්බගෙන කනවා.
    සල්ලි තියෙන කෙනාට රොටි කන්නවත් සල්ලි නැති එකා නයට සල්ලි හොයාගෙන බාස්මති කන එකත් කාටවත් ප්‍රශ්නයක් නෙවෙයි.
    එතකොට සල්ලි තියෙන එකා හෝ නයට සල්ලි හොයාගත්තු එකා තමා හෝ තම දරුවා පෞද්ගලික වෛද්‍ය ඉස්කෝලෙකට යන එක ඔයාටවත් මටවත් රජයේ වෛද්‍ය නිලදාරී සංගමයටවත් ප්‍රශ්නයක් වෙන්න දෙයක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවනම් ඒක තිබියයුත්තේ නියාමනය කරන SLMC වලට පමණයි, එම ඉස්කෝලේ ඉගැන්නුමේ තත්ත්වය හොඳද කියා සොයා බලා ඒ අනුව ක්‍රියා කිරීම.
    උසස් පෙළ ෆේල් උනත් වෛද්‍ය විද්‍යාව උගන්වන්න දක්ෂ ගුරුවරු එම ඉස්කෝලෙ ඉන්නවා නම්, ඔවුන් නියම විද්‍යාව ඉගන ගනීවි. SLMC කොලිටිය චෙක් කරාවි. අපේ වෙළඳපල විවුර්තයි. ඒකෙ ගණන තීරණය කරන්න වෛද්‍ය නිලදාරී සංගමයට තියෙන අයිතිය මොකක්ද.
    ඒ ගොල්ල නිදහස් අධ්යාපනෙන් ඉගන ගත්ත කියල ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් නොකර ඉන්නේ නෑ නේ. හොඳට ඉගෙන ගත්ත කියල පඩියට අමතරව කාර් පර්මිට් දෙන්ඩත් ඕනේ නෑ නේ.
    අනිත් එක මහත්තයෝ/ නෝනෝ, සියයට අනූ නවයක් ප්‍රයිවෙට් ටියුෂන් ගිහින් උ පෙ පාස් වෙන එකේ ප්‍රයිවෙට් විශ්ව විද්‍යාල තියෙනේ එකේ වැරැද්ද මොකක්ද.
    ඔය සේරම අපේ කුහක කම. මට පුළුවන් අනිත් එවුන්ට කරන්න දෙන්න බැහැ.

    • (ඇ)නෝනා-මහත්මයාණනි, මා කියන්නේ, උසස් පෙළ පාඨමාලා වලට තෝරණ විට, නිර්ණායකය ලෙස ගන්න ඕනෙය කියා. මෙය ලෝකයෙම සාමාන්‍ය ක්‍රමයයි. මා කියන්නේ දැන් තත්වය නොවේ, එහෙම අවමයක් නොමැතිව මේ ක්‍රමය යන විට, අනාගතයේ උපතේදීම දරුවා දොස්තර ද නැත්ද කියා තීරණය කරන්න දෙමාපියන්ටම හැකියි.

      ඔව් වෛද්‍ය සංගමය කියන්නේ වෘත්තීය සමිතියක් තමා. ඔවුන්ට තියන බලවත්කමත් වෙළඳපොල නීති අනුවම නේද ඇති වී තියෙන්නේ? ඕස්ට්‍රේලියානු වෛද්‍ය සංගමය මෙහෙ වෛද්‍ය පීඨ අලුතින් ඇති කරන්න හදපු විට විරුද්ධ වෙලා තියනවා. මා කියුවේ නිදහස් වෙළඳපොළ කියන්නේ සීමාකාරී එකක් කියා කලින් සටහනේ එයයි.

      විවිධ රටවල් වලින් ඉගෙන ගෙන එන වෛද්‍ය වරුනට මෙහෙදී යලිත් විභාගයකට මුහුණ දෙන්න වෙන්නේ මොකද? අනික් සියලු උපාධි හා සහතිකද බලවා ගන්න ආයතන පිහිටුවා තියෙන්නේ මොකද? ක්‍රමවේද වලින් පිට පැන අපට ඕනේ විදිහට කර ගන්න දෙන්න කියුවට වැඩක් නැහැනේ.

      මෙතන වෛද්‍ය සභාවත් මෙයට අනුමැතිය දීලා නැහැ නේද? එහෙම කොහොමද වුනේ?

      • Anonymous

        Raigam නෝනා-මහත්මයාණනි,

        දැනුත් උපතේදීම ළමය දොස්තර කෙනෙක් ඉන්ජිනීරුවෙක්, ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරනවා කියලා දෙමාපියන් තීරණය කරන්නේ නැද්ද.
        ඇයි ටියුෂන් යවන්නේ. ළමයාගේ මොලේ වැඩි කරන්නද?. නෑ, අඩුම ගානේ විශ්ව විද්‍යාලයකට යවන්නවත් නෙවේ, වෛද්‍ය විද්‍යාලයට හෝ ඉංජිනේරු ෆැකල්ටියකට යවන්න. සියයට අනුවක් දෙමාපියන් එහෙමයි. ක්‍රිකට් පුහුණුවට යවන්නේ ඉස්කෝලේ ටීම් එකට ගහනවට වඩා කොහොමහරි ශ්‍රී ලංකා ටීම් එකට ට්‍රයි එකක් දෙන්න.

        රජයේ වෛද්‍ය නිලධාරී සංගමය Australian Medical Council එකත් එක්ක පටල ගන්න එපා. AMC එක තමා එහේ regulating body එක ලංකාවේ නම් SLMC එංගලන්තේ නම් GMC වගේ.
        AMC විරුද්ධ වෙන්නේ දොස්තරලා වැඩි වෙයි කියන (බයට?) ඒ ගොල්ල බලන සංඛ්‍යා ලේඛන (හරි හෝ වැරදි) වලට අනුව.
        ඔය විධියටම ගිහින් කැනඩාවේ වෛද්‍ය විද්‍යාල ඇතුලත්වීම අඩුකරලා තිබෙනවා අවුරුදු 20-30කට කලින්. දැන් එහෙ වෛද්‍යවරු අඩුවක් තියෙන්නේ එම හේතුව නිසා.
        ‘විවිධ රටවල් වලින් ඉගෙන ගෙන එන වෛද්‍ය වරුනට මෙහෙදී යලිත් විභාගයකට මුහුණ දෙන්න වෙන්නේ මොකද? ‘
        SLMC එක පිළිගත් විශ්ව විද්‍යාලයක කෙනෙක් ආවොත් ඒ අයට ප්‍රශ්නයක් නෑ. SLMC එක පිලි නොගත් තැනකින් ආවොත් තමා ඔය විභාග තියෙන්නේ. ලෝකේ අනිත් රටවලත් එහෙමයි. ඇමරිකාවේ USMLE, එංගලන්තේ PLAB, ඕස්ට්‍රේලියාවේ AMC , කැනඩාවේ MCCEE etc

        නෙවිල් උන්නැහේගේ කඩේ SLMC තත්වයට නැති එක SLMC බලාගනීවි. එකට GMOA එකට ප්‍රශ්නයක් තියෙන්න විධියක් නෑ. SLMC එක නෙවිල් උන්නැහේගේ කඩේ පිළිගත්තොත් GMOA එකට එක පිළිගන්න වෙනවා. මේකේ කුහක කම ඔය පිට රටවලින් එන දෙකයි පනහේ වෛද්‍ය විද්‍යාල ගැන GMOA එක නිහඬයි. ඇයි ඒවා ගැන කතා කරන්නේ නැත්තේ. නෙවිල් මුදලාලි ලක්ෂ 120 නෙවෙයි 1200ක් ගත්තත් GMOA එකට ඇති ප්‍රශ්නේ මොකක්ද? අයි එගොල්ලොද නෙවිල් මුදලාලිට සල්ලි දුන්නේ අඩු වියදම් කෝස් එකක් කරන්න කියල.

        GMOA එකට තියෙන්නේ මේකේ අඩුපාඩු කෙලින් කරන වැඩපිළිවෙලක් හදල පොඩි පහේ සපෝට් එකක් දෙන එක මිසක් ඉට්ටයික් කරන එක වත් නෙවේ.

        • ඔබ තුමිය/තුමා වගේ “පණ්ඩිත” පිළිතුරු ලියන අය කරන දෙයක් මා කියන්නද? ඔබ අවශ්‍ය නැතිය හදන කියන්න දේ මොකද ඕනේ වෙන්නේ කියන එකට උත්තරේ ඔය පිළිතුර තුලම සැඟවී තියනවා. මගේ ආදරණිය උපදෙස යලිත් යලිත් එය කියවා තේරුම් ගැනීමට උත්සහයක් දමන්න.

          අප පොඩි කාලයේ ලබන අධ්‍යාපන ක්‍රමයේ මහා වරදක් තියන වග මා නිතර කියන්නේ ඒ නිසයි. මුලින් බාස්මති හා වෛද්‍ය උපාධි වලට තෝරා ගැනීම ගැන නොගැලපෙන සන්සන්දන දෙකකින් කතාව පටන් ගත්ත. දන්නවද, අඹ හා අන්නාසි සසඳන ව වගේ එකිනෙකට වෙනස් දරුවා සසඳමින් ඉහලට ගෙනෙන පාසල් අධ්‍යාපනය නිසා, වැඩිහිටි මිනිසුන්ද මේ වගේ සන්සන්දන කරනවා.

          ටියුෂන් වැඩිපුර යැවීමෙන් දරුවන් තවත් බුද්ධිමත් කරන්න හැකිය කියන එකත් මහා මිත්‍යවක්නේ. මෙය පසු දිනෙක (27.08.16 මට අහම්බෙන් කියවන්නට ලැබුණ දෙයක්. හාන්සිපුටු විශේෂඥයන් ගෙන් ලෝකය පිරි පවතින මේ අවධියේ, යමක් ඉගෙන ගත්තු කෙනෙකුගේ අදහස් වලට සවන් දෙන්න. මේවා සිංහලයෙන් පළ වුවත්, කියවා තේරුම් ගන්නේ කොපමණ දෙනෙක්ද?

          වෘත්තිකයන් පිරිසක් තමන්ගේ වෘත්තියේ ඉදිරි සුරක්ෂිතභාවය ගැන කටයුතු කිරීම අමුතු දෙයක් නම් නොවේ. මෙතැනදී ලංකා වෛද්‍ය සංගමය අනෙක් කටයුතු වලදී හැසිරෙන්නේ කොහොමද කියන එකවත්, මහජනතාව එයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද කියන එකවත් නොවේනේ මා කතා කෙරුවේ. සාමාන්‍ය වශයෙන් වෛද්‍ය උපාධියකට පිවිසුම් ලබන, පිරිසට යම්කිසි මුලික සුදුසුකම් ටිකක් සපුරා තිබීම අනිවාර්ය කිරීම හෝ නොකිරිම ගැනයි මා ලියුවේ.

          තමන් දරුවන් යවන ආයතනය හා එහි ඉගෙනීමට යන අය, ඒ ආයතනය දෙන සහතිකය එම රටේ හෝ ලෝකේ තියන වෙනත් රටක තියන අදාල ආයතන වලින් පිලි අරන්ද? නැත්ද යන්න ගැන හිතන්න ඕනේ, සහතිකය අතට ගත්ත විට හෝ ගන්න ඔන්න මෙන්න තියන විටද? මේ වගේ මිනිසුන් ද මේ ලෝකේ ඉන්නේ?

          //රජයේ වෛද්‍ය නිලධාරී සංගමය Australian Medical Council එකත් එක්ක පටල ගන්න එපා.// ඔබගේ දැන ගැනීම පිණිස; මා කියුවේ AMA ගැන මිසක් AMC ගැන නොවේ. මා මේවායේ වෙනස හඳුනා ගන්න බැරි අයෙකු ලෙස උපකල්පනය කරනවා නම් මේ සටහන් කියවන එකේ තේරුමක් කොහොමත් නොමැතියි!

          • Anonymous

            ඔබ තුමිය/තුමා වගේ “පණ්ඩිත” පිළිතුරු ලියන අය කරන දෙයක් මාත් කියන්නද?
            ඔබ තමන්ගේ මතයම නිවැරදියි කියන පුද්ගලයෙක්.
            ඔබගේම ප්‍රකාශයට අනුව ඔබ පොඩි කාලේ ලබපු අධ්‍යාපනයේ වැරැද්දක් තිබෙනවාලු. එක නම් පිළිගන්න පුළුවන් මේ ලියන උත්තර වලින්.
            ඔබට නොතේරුනාට බාස්මති කතාවේ සහ වෛද්‍ය විද්‍යාලයට තෝරාගැනීමේ දෙකේම අයිතිය සිසුවාට තිබිය යුතුයි යන්නයි මගේ අදහස. ඔස්ට්‍රේලියාව මගේ රට නෙවේ, මා දන්නා තරමින් හොඳම වෛද්‍ය අධ්‍යාපනය තිබෙන්නේත් එම රටේ නොවේ. Harvard විශ්ව විද්‍යාලයේ MD එක කරන්න ඔය කියන තදබල සුදුසුකම් අවශ්‍ය නැති උනාට, ලෝකයේ අංක එකේ වෛද්‍ය අධ්‍යාපනය තියෙන්නේ ඒකෙ. මම කලිනුත් කිව්වා වගේ එම සුදුසුකම ගන්න ඕනෙකම තියෙන ඕනෑම සිසුවෙකුට පුළුවන්. එහෙම අරගෙන ඒ සිසුව අංක එකේ වෛද්‍ය වරයෙක් කරන්න ඒ අයට උගන්නන්නත් පුළුවන්. තවත් මම කියන්න ඕනෙද, ඔබම කියන විදියට ඔබ ලබපු අධ්‍යාපනයේ වැරැද්ද මට නිවැරදි කරන්න බෑ , බොහොම කනගාටුයි.
            අනිත් කාරණේ ඔය මූලික සුදුසුකම් මම කලින් කිව්වා වගේ පහල බාලන්ශයටත් තියෙනවා. වෛද්‍ය විද්‍යාල වලටත් තිබෙනවා නමුත් ඒවා බොහොම තදබලයි. ඔය එකකටවත් කවුරුවත් අඩුමගනනේ research එකක් වත් කරලා තියෙනවද මෙන්න මේවා තමයි අවම සුදුසුකම් කියල. ආයෙමත් මන් කියන්නේ Harvard එකට පුලුවන්නම් අයි අනිත් අ යට බැරි.
            ඔබ නොදන්නවාට වෘත්තීය සමිති වලට (AMA ) රජයකට ප්‍රතිපත්ත්මය තීරණ ගන්න කියල කියන්න පුළුවන්, මහජනතාවටත් පුළුවන් නමුත් රජය පිළිගන්නේ නියාමන ආයතනයකින් (AMC ) කියන දෙයක් පමණයි.
            ඔබත් බ්ලොග් ලියනවා නලින් සිල්වත් බ්ලොග් ලියනවා. තමන්ගේ මතේම හරි කියල කියනවා.
            මොනවා කරන්නද PhD තිබුනත් ලබපු අධ්‍යාපනේ වරද්දනේ?

            ‘ලංකාවේ අපොස උපේ “හරියට නොකර” ඕස්ට්‍රේලියාවේ හරි හමන් පාඨමාලාවක් කරන්න හැකිද?/
            උත්තරය ඔව්. මා සමග අ පො ස (උ.පෙ) කල මිතුරෙක් දෙවරක්ම FFFF ලබාගෙන, ඔස්ට්‍රේලියාවට ගිහින් එහෙන් ඉන්ජිනීරු මුලික (BS ) සහ ප්‍රශ්චාත් (MS ) දෙකම කරලා ලොකු රස්සාවකුත් කරනවා. ඔබ ඉන්නේ පියවි ලෝකයේ නොවේ. ටිකක් පොලවේ පය ගහල මොනවාද වෙන්නේ කියල බලන්න.

  6. ලාංකික ජනගහණයේ තව විශාල පිරිසකට උසස් අධ්‍යාපන වරම් දීම අත්‍යවශ්‍ය දෙයක්. මොකද එයාලට ලංකාවෙන් එලියට යන්න අවස්ථාව දෙන්න///// ++++++

    • අඩුම ගානේ මචං එතකොට, ලංකාවේ ඉතිරි වන පිරිසට, මේ අය කන දේවල් වලට සිනා වීමෙන් ප්‍රීතිය ජනිත කර ගැනීමේ අවස්ථාව ලැබෙනවා නේ! 😀

  7. ලංකාවේ ඇති දුර්මත.

    එංගලන්තය, ඕස්ටේ‍ර්ලියාව, ඇමරිකා එ.ජ. වැනි රටවල ඇත්තේ පුද්ගලික විශ්වවිද්‍යාල වේ. උදාහරණයක් කී විට කියන්නේ මොනැෂ් හෝ ඩීකින් කියා ය!

    ඒ පුද්ගලික විශ්වවිද්‍යාල යනු දානපතියන් ගේ මුදල්වලින් කළ ලාභ නොලබන පුණ්‍යායතන නොව මුදලාලිලා ලාභාංශ සඳහා කළ ආයෝජනයන් ය.

    කොයින්ම ලංකාවේ ඇති ස්ලිට්, එන්අයිබීඑම් වැනි ආයතන පවා ලංකාවේම මිනිසුන් පිළිගන්නේ පුද්ගලික විශ්වවිද්‍යාල කිාය!

    • තව දුර්මතයක් තමා, ඕනෙම කෙනෙකුට, ඕනෙම විෂයයක් ඉගෙනීමේ අවස්ථාව (හා ශක්‍යතාවය) මේ ලිබරල් ලෝකයේ තියනවා කියන එක. මේවා අපේ ඔය සමානාත්ම තාවය, හැමට සමාන අවස්ථා, වගේ දුර්මත සමග එන අදහස් රසික.

      වෛද්‍ය වෘත්තීය ට පිවිසේන්න අදහස් කරන අයට, විවිධ රටවල යන්තමින් වෙනස් වුවත් , ක්‍රමවේදයන් සකස් කර තියෙන්නෙත් යම් කිසි හේතුවක් නිසා කියන එකත් පොලිටිකලි කරෙක්ට් වෙන්න ඕනි නිසා කියන්නේ හෝ පිළිගන්නේ නැහැ.

      • Anonymous

        ඕනෙම කෙනෙකුට, ඕනෙම විෂයයක් ඉගෙනීමේ අවස්ථාව (හා ශක්‍යතාවය) මේ ලිබරල් ලෝකයේ තියනවා කියන එක දුර්මතයක් නොවේ.
        (ඕනෙම ගොනෙක්ට යුද්ධ කරන්න පුළුවන් කියපු එක වෙන කතාවක්)
        ලංකාවේ නැති උනත් (මම ඔස්ට්‍රාලියාවේ කොහොමද දන්නේ නැහැ), උතුරු ඇමරිකාවේ නම් ඕක පුළුවනි. විශ්ව විද්‍යාලයට යන්න බැරි කෙනා කොමියුනිටි කොලේජ් එකකට ගිහින් ඉගෙනගෙන එම ක්‍රෙඩිට් වලින් උපාධි පාටමාලාවක මැදට එකතු වෙන්න පුළුවන්.

        වෛද්‍ය වෘත්තීය ට පිවිසේන්න අදහස් කරන අයට, විවිධ රටවල (යන්තමින්?) වෙනස් වුවත් , ක්‍රමවේදයන් සකස් කර තියෙන්නෙත් යම් කිසි හේතුවක් නිසා කියන එක මමත් පිලිගන්නවා. ඕනෑම දෙයකට, උදාහරණයක් විධියට, පළමුවන ශ්‍රේණියට ළමයෙක් දාගන්නටත්, ක්‍රමවේදයන් තියෙනවා. ඒ වගේම වෛද්‍ය විද්‍යාලයට යන්නත් ක්‍රමවේදයන් තියෙනවා. හැබැයි (ලංකාවේ නැති උනාට) ඕනෑම කෙනෙකුට ට්‍රයි කරන්නත් අවස්ථාව දීල තියෙනවා.
        තව එකක් මෙඩිකල් ඉස්කූල් එකකට යන්න බයෝ සයන්ස්ම කරන්න ඕන කමක් නෑ. කලා විෂයයන් උපාධියක් කරලා, මේඩ් ස්කූල් එකට අවශ්‍ය මූලික දේවල් සපයා ගත්තම ඉල්ලුම් පතක් දාන්න පුළුවන්. අවශ්‍යම නම් ලෝකේ හොඳම මේඩ් ස්කූල් එක ‘හාවඩ්’ සයිට් එකට ගිහින් බලන්න.
        ඉංජිනේරුවෝ, නීතිඥයෝ ඉන්නවා පසු කාලේ දොස්තරලා වෙච්චි.

        අවසාන වශයෙන්, ඔබ පළමුව දුර්මතයක් කියලා තියෙන්නේ වැරදි දෙයක්. එක දුර්මතයක් නෙවේ.
        දෙවනුව, ක්‍රමවේදයන් තිබුනට ඒවා බොහොම ස්ට්‍රික්ට් ඒවාත් නොවේ. බොහොම ඔප්ෂන්ස් ඒවාට ලබාදී .තිබේ.

        • මන් දන්නේ නැහැ මේ පැටලුම් සහිත කතා ලියන්නේ ඇයි කියා. වෙන රටවල් වල තියන මුලික සුදුසක් සපුරා ගැනුම් (වෛද්‍ය උපාධියක් කරන්න), කියන අතරේ, ලංකාවට එය අවශ්‍ය නැතිය කියලද මේ කියන්නේ?

          මෙවැනි පැටලුම් සහිත කතා කියන මිනිසුන්ට යමක් තේරුම් ගැනීමේ හැකියාවක් නැති කම හෝ වෙනත් හේතු නිසා ඇති කර ගත වෛරය නිසා, තමන් කියන දේ ඇති පරස්පර වග නොතේරෙන වග සිතන්නට පුළුවන්.

          • Anonymous

            ටියුබ් ලයිට් වගේ.
            මම කියන්න මුලික සුදුසුකම බොහොම ඉහලයි කියලයි.

  8. For my beloved readers:

    මට මේ සටහනට පසු වදනක්, කොමෙන්ටුවක් ලෙස ලියා තබන්න සිතුනා. මතු කියවන අයගේ ප්‍රයෝජනයට.

    ප්‍රා, හා තවත් අය මට කියන කරුණක් තමා මොකද තෝරා ගත්ත පිරිසකට ලියන්නේ, නැත්නම් නිෂ් මාර්කට් එකක් ටාර්ගට් කරන්නේ ඇයි කියා. මෙයට මා පිළිතුරු දුන්නත්, අදත් එයට හොඳ අවස්ථාවක් නිසා මෙය ලියනවා.
    ඔබ කියෙව්වද මේ සටහන? ඔන්න ඕකේ මා මෙහෙම ලියා ඇති; //අපේ සමාජය (බුද්ධිමය කුසලතාවයන් අතින්) නිර්මිත වෙලා තියෙන්නේ ඉහත සීනුවේ හැඩයට කියා කීමත් දැන් දැන් පොලිටිකලි ඉන්කරෙක්ට් වීගෙන යනවා වගේ. එය සමාජයක් වශයෙන් අපට හොඳ අනාගතයක් නිර්මාණය කර දෙන්නේ නැහැ. මිනිසුන්ගේ කුසලතාවයන් හා බුද්ධිය වෙනස් කියා පිළිගන්නා අතර, මිනිසුන්ගේ විවිධ දක්ෂතාවයන්ගෙන් ගන්න හැකි ප්‍රයෝජනය ගැනීම අවස්ථා උදා කර ගැනීම සමාජයක් වශයෙන් සිතන්න අවශ්‍ය දෙයක්.//

    මෙයටම ගැලපෙන කතාවක් මට කෙනෙක් ලඟදි කියුවා. එනම්, //මාලුවා මාලුවාගේ විශේෂතායි කුරුල්ලා උගේ විශේෂතායි. ඉබ්බා උගේ විශේෂතායි දියුනු කරගැනිමක් නැහැ හැමෝටම ඕනි එකක් // මේ කතාව හරියටම හරි. මිනිසුන් වෙනස් වග පිළිගැනීම, වෙනස්කම් නිසා, වෙනස් කම් නොකිරීමට අවශ්‍ය මුලිකම කොන්දේසියක්. මිනිසුන් සේරම සමානයි, කියන අයම තමා ගොඩක් වෙලාවට, අනුන්ට ගරහන්නේ.

    අනික තමා යමක් තේරුම් ගන්න බැරි මිනිහට එය සමහරවිට කොහොමත් බැහැ. අපි සියලුම දෙනා ඉන්නේ වෘත්තයක වගේ. සමහරුන්ගේ වෘත්ත කුඩායි. තවත් සමහරුන් එයිට වඩා වැඩි වෘත්තයක ඉන්නවා. මා රසඥ්යතාවය ගැන ලියපු සටහනකත් මෙයම වෙනස් විදිහකට කියා ඇති.

    මා සටහනේ ලියපු, ලෝකයේ විශ්ව විද්‍යාල ගැන කතාවට ආවොත්, මේවායේ කරන්න හැකි පාඨමාලා වලට සුදුසුකම් ලැබීමට, සමහර අවශ්‍යතා සපුරන්න කියා නියම කර තියෙන්නෙත් මා ඉහත කියන කරුණ නිසා මයි. සමහරවිට එම සුදුසුකම් සපුරා ගන්න හැකි සමාජයෙන් 1-2% කට වෙන්න පුළුවන්. අනික් අය දැඟලුවට, එයට හැකියාවක් නැත්නම් බැහැම තමා. දැන් ඒ අය එයාලගේ මුලික අයිතිවාසිකම් නැති වෙනවා යයි කියමින් ඉන්නේ නැහැ. ගොඩක් වෙලාවට, තමන්ගේ තියන වෙනත් දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්නවා. ලෝකය සුන්දර (එතරම් නැහැ තමා) නම් එයට හේතුවත්, මේ විවිධත්වයමයි.

    මගේ ලිවීමට ආවොත්, මෙය නිතිපතා කියවන පිරිසක් සිටීම හා ඔවුන් තේරී ඇවිත් තියන පිරිසක් වීම අහම්බයක් නොවේ. මා වගේ විනෝදයට යමක් ලියන විට, අපට සමාජයේ සියලුම දෙනා ඉලක්ක කරන්න නොහැකියි. එයට එයිට වඩා කාලයක් හා ශ්‍රමයක් අවශ්‍ය වන ක්‍රියාවලියක් වග, මේ සටහන මුල සිට අගට කොමෙන්ටුද සමග නැවත කියෙව්වොත් ඔබට තේරුම් යනු ඇති. එහෙම කාලය හා ශ්‍රමය යෙදෙව්වත්, එය සමහරවිට නිකම් අපතේ යන්න තියන අවදානමත් බැහැර කරන්න බැහැ නේ. මට ඒ දෙකම කරන්න නොහැකියි.

    පසුම වදන
    ඔබ හිට් විකට් දන්නවනේ. සමහර අදහස් මා නම් කරන්නේ හිට් විකට් අදහස් කියා. මේ කියන්නේ තමන්ම කියන දේ නිසා, තමන් නැතිය කියන දේ තවත් තහවුරු වන අදහස්. අපට නිකම් අදහස් ලියාගෙන යන්න හැකියි. නමුත් අදහස් තාර්කිකව පෙළගැස්වීමට, පුහුණුවක් ඕනේ (අනික් හැම දෙයකටම වගේ). ඉගෙනීමේදී නිකම් එකිනෙකා සංසන්දනය කරමින්, එකිනෙකා පරයා යන්නට වලි කන නිසා, එවැනි පුහුණුවක් ලැබෙන්න තියන ඉඩ අඩුයි.

    මා කලින් සටහනදී අපේ පුතෙකුගේ පාසල් රැස්වීමකදී විදුහල්පති තුමිය කියුව කතාවක් නැවත මතක් කර මෙය ඉවර කරන්නම්. මොකද ඒ වගේ වැඩකට මට දැන් යන්න තියනවා. එය කියුවේ, තමන්ගේ හැකියාවන් වලින් උපරිම ප්‍රයෝජනය ගන්න කියා (අනුන් දිහා නොබලා). ඔන්න ඇති නේද? 🙂

  9. copy this blog post, including the image on top, at
    https://dearkitty1.wordpress.com/2016/08/11/real-neat-blog-award-congratulations-all-the-nominees/
    to a new blog post by you(in visual mode).
    Then, change everything which applies only to above link blog post, but not to yours(like answering the questions; for your new nominees instead of mine, etc.)

    Sorry I did not know how to link in previous comment.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s