Can you love me again?


ඔන්න හෙමින් පරණ කතන්දර වලටම යමු. මා බ්ලොගය ලියන්නේ මගේ සතුටට මෙන්ම, කියවන ඔබත් සතුටින් කියවනු ඇතැයි  මා බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ මේ අදහස් සමග ඔබ එකඟ වන්න හෝ අවුට් රයිට් විරුද්ධ වෙන්න කියන එක නොවේ. මේවා කියවන්නට හැකිවීමම ප්‍රමාණවත්. එයින් එහාට තීරණය ඔබේ අතේ.

මා බොහෝ විට ඔය උපුටා දැක්වීම් කරනවා. එහෙම කරන්නේ ඒ උපුටා දැක්වීම් මගේ අත්දැකීම් හා සමපාත වන විට හෝ  ඒවා මගින් මා හිතන් දේ නිරූපනය වන විට. මා අනුන්ගෙන්  අහපු කතා වලට අනුව මේ ලෝකය දකින්නේ නැහැ.

අද රසික කියල තිබුනා වගේ, මා ඔබේ අදහස් වලටද ඉඩ දෙන්නේ නිකම් නොවේ. මා කියන හා කතා කරන දේවල් දෙස ඔබටත් තියන අදහස් කියන්නට ඉඩ දෙන්න. මගේ හා ඔබගේ අදහස් කියවා  බලා තීරණයට එන්න කියවන්නාට පුළුවන්.  අමතක කරන්න එපා, එසේ අනුන් කියන දේවල් වලට ඉඩක් නොදෙන බ්ලොග් (හා බ්ලොග් වැනි අඩවි) ඕනෙතරම් සිංහල බ්ලොග් ලෝකයේත් තියනවා.

සමහරවිට මගේ පිළිතුරු කර්කශ වීම ගැන කොමෙන්ටු දමන අය  අහිතක් සිතන්න එපා. ඔබට මෙහි කොමෙන්ටුවක් දමන්නට අදහසක් පහල වීම මා හැමවිටම අගය ක‍රන දෙයක්. කොමෙන්ටු දමන විට, මා අගය කරන දේවල් ගැනත් සැලකිලිමත්  වෙන්නේ නම්, එයත් මා අගය කරනවා.

මා හැමවිටම මාව හඳුන්වා ගන්නේ, දයාබර පුතෙක්, සහෝදරයෙක්, සහකරුවෙක්, පියෙක්, බ්ලොග් කරුවෙක්, මිතුරෙක් ….. යනාදී වශයෙන්. ඔබට මාගේ ලිංගිකත්වය හෝ වෙනත් කරුණු ගැන ප්‍රශ්න තියෙන්න පුළුවන්. හැබැයි මට ආමන්ත්‍රණ කිරීමේදී, මා, මාව ඔබට හඳුන්වා දෙන ලිංගිකත්වයට අනුව හඳුන්වනවා නම් මගේ  ආදර බර  ස්තුතිය.

මා ලෝකේ විසඳන්න බැරි මහා කරුණු ගැන අද ලොකුවට වද  වෙන්නේ නැහැ. මා ජිවත් වූ (මෙතෙක්) කෙටි කාලය ඇතුලත තේරුම් ගත්ත දෙයක් තමා, මෙම මහා ප්‍රශ්න වලට විසඳුම් ඉදිරිපත් කරන බොහෝ පිරිස් ජිවත් වන්නේත්, ඔවුන්ගේ විසඳුම් වලට එරෙහි ජිවන විලාසිතා එක්ක, නැත්නම්  ඒ විසඳුම්  වලට ප්‍රති විරුද්ධ  තේරීම් එක්ක.

අද මා අවදි වුණේ  උදේ පහයි දහයට. ඇත්තටම ශීත සමය පුරා මා ගෙන ආපු පුරුද්ද, දැන් දැන් ටිකක් පහසුයි. මාත් එක්ක මේ කාලය තුල එකට සිටියේ මා වැනිම ආර්ඩන්ට් සුද්දන් දෙන්නෙක් විතරයි. දැන් උදේ හයට එලියට බහින විට, හිරුත් එළියට  ඇවිත් ඉවරයි. ඒ අතින් ඊයේ   හොඳයි. අද ටිකක් ඕවර් කාස්ට් දිනයක්.

එයිට පසුව, අද දවසම ගෙදර හිටියේ. ඒත්  ඊයේ පටන් ගත්තු වැඩක් නිමා කරන්න උදේ පොඩි වෙලාවට වැඩ කරන තැනට ගිහින් ආව. වසන්ත සමය එන නිසා (විතරක්) නොවේ, තණකොළ ආදිය පණ ගහල එන නිසා, දවසෙම වගේ එළියේ හිටියේ.

ඇත්තම කියනවා නම් මා විශාල ගෙවත්තකට කැමතියි. නමුත් කුඩා ගෙවත්තක වුවත්, මා කැමති සියල්ල කරන්න නොහැකි කොට, විශාල ගෙවතු ගැන කවර කතාද? අනික් අතට, ජිවත් වන විට කෙනෙකු කැමති දේත් කරමින් ජිවත් වන්න හැකි වන්නේ කලාතුරකින්. රැකියාව පවා ගොඩක් වෙලාවට අප ආසාවෙන් කරන එකක් නොවන විට, අනෙක්වා ගැන කවර කතාද?

ගෙදර හිටි නිසා රෑ  කෑම  වේල  විතරක් නොවේ, හෙට දවල් කන්න දෙයකුත් ඉව්වේ මා. දවල්ට කන්න ඉව්වේ, මා මධ්‍යම ආසියානු නගරයක ජිවත් වූ කෙටි කාලයක කන්නට හා උයන්නට ඉගෙන ගත්  දෙයක්. වෙලාව තිබුන නිසා ෆුල් වැඩ දමා ඉයුවා.

උයන විට ආ සුවඳ මා අතීතයට ගෙන ගියා. එය මා ඉගෙන ගත් දේවල් ගැනත් කියන සුවඳක්.

Advertisements

10 Comments

Filed under Lifestyle, Opinion

10 responses to “Can you love me again?

  1. මේ අර සින්දු දහසයේ අභියෝගෙට එක සින්දුවක්ද? 🙂

  2. Pingback: අද වෙයි ඉරු දින! Can you love me again? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. Anonymous

    he he he lots of things to carry out a conversation… hmm hmm I’ll wait till tomorrow??

  4. ඉඋමථිඑ අදිකාරී

    වෙනස් වන කාලයට දේශයට අනුව වෙනස් විදියට හිතන ඔබේ ලිපි කියවනවා . ලියන්න. ජය.!

  5. Pra Jay

    කියවීමට හැකිවිය.

    • ඔබට මේවා පියවි ලෝකයේ නොයින්නා කෙනෙක් ලියන දේවල් ලෙස හැඟෙන දිනෙක, කියවීම අතහැර දමන්න ප්‍රා!

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s