උණ පඳුරක මල් පිපිලා;Would you mind if I still loved you?


මා වගේ නිකම්ම සරල විනෝදයට බ්ලොග් ලියන විට, කියවන කෙනෙක් මේවා කියවා සිත රිදවා ගැනීම මට සතුටක් දනවන දෙයක් නොවේ. මා දන්නවා සමහර ඇබ්බැහිවීම් වලින් මිදෙන්න බැහැ. අන්න ඒ නිසාම වැඩක් නොමැති වග දැන  දැනත්, සිත  පාලනය  කර ගන්න බැරි නිසා, යලිත් එන පාඨකයෙක්  ඉන්නවා නම්,  මෙතනින් එහාට කියවන්නට එපා.

අපට නිතර  ඇහෙන දෙයක් තමා විවිධ වෘත්තිකයන් විසින් එයාල කොතරම් කැපවීමක් කරනවද කියන එක. ඔය ක්‍රීඩකයන්ගේ සිට නිර්මාණ ශිල්පින් දක්වා සියලු දෙනාම මෙහෙම කතාවක් කියනවනේ. පවුලෙන් ඈත්  වෙලා ඉඳන් මාර කැපවීමක් කරන්නේ. නැත්නම් මේ වෘර්තිය හරිම අමාරුයි, පුදුම කැපවීමක් කරන්න ඕනේ. මේක ජීවිතය පරදුවට තියල කරන රැකියාවක්. ඔන්න ඔය වගේ කතා.

මේ සියල්ලන්ම පාහේ ඒ දේවල් කරන්නේ කාගේවත් බලකිරිමකට නොවේනේ. ඉතිං  සමාජය පලි  වගේ සිතමින් මේ වගේ අඬන එකේ තේරුමක් තියනවද? ඇත්තටම කියුවොත්, මොවුන් මේ දේවල් වලින් අයින් වුවොත්, ඒ තැන ගන්නට තව පිරිස් ඉන්නවා ඇති.

රේඩියෝ වල ෂොක් ජොක් ලගේ රැකියාවත් පහසු එකක් නොවේ. විශේෂයෙන් උදේට වැඩසටහන් කරන අයගේ. මහා පාන්දර වැඩට ඇවිත් තොර තෝංචියක් නැතුව කතා කිරීම ලෙහෙසි දෙයක් නොවේනේ. ඒ මදිවට එව්වා අහන්න කට්ටිය නැත්නම්, රැකියාවත් අනතුරේ. ඉතිං  කියන දේවල් වලත් යම්කිසි වෙනසක් හා ඇද  බැඳ ගැනීමක් ඕනෙනේ. ඒ මදිවට තමන්ට මොන මූඩ්  එකක් තිබුනත්, එය වහංගු කරගෙන ගිරවුන් මෙන් කියවන්නට ඕනේ.

කැන්බරා වල රේඩියෝවක මේ වගේ වැඩ සටහනක් කරපු තලස්තානි පිරිමින් දෙන්නෙක් පසුගිය වසර අවසානයේදී ඉවත් කර ඒ වෙනුවට,  තරුණ කාන්තාවක් හා පිරිමියෙක් අරන් තිබුණා. අර කලින් හිටිය දෙන්නගේ වැඩසටහනත් සාමාන්‍යයෙන් ජනප්‍රියයි. හැබැයි රේටින් වැටෙමින් තිබුණා.

ඒ සේවාස්ථානයේ පාලනාධිකාරය හඳුනා ගෙන තිබුණ  පරිදි හේතුව වන්නේ, මේ අසන්නන්ගෙන් බහුතරය වයස 35ට වඩා අඩු කට්ටිය (මට මතක හැටියට). ඉතින් එයාලට වදින්න කතා කරන්න දන්නේ ඒ වයසේ ඉන්න කෙනෙකුනේ. මේ රීප්ලේස් කර තිබුනේ එවැනි තරුණ දෙන්නෙකු ගෙන්.

මේ දෙන්නම කැන්බරා වැසියන් ද  නොවේ. පිටින් ගෙනාපු නිෂ්පාදන. ඔවුන් මේ රැකියා බාර  ගත්තේ ඒ සඳහා ඔවුනට ආරාධනා ලැබුන නිසා නේ. හැබැයි අර කලින් වැඩසටහනේ ඩයි හාර්ඩ්  හිතකාමීන්ට  මෙය දරා ගන්නට නොහැකි වුණා.

මෙන්න මේ වගේ වෙලාවට අද කරන්න පුළුවන් මොකක්ද? වෙන මොකවත් නොවේ අන්තරජාලය තියනවනේ. මේ දෙන්නට මහා ජරා කතා ලියමින් අර පිරිස් තමන්ගේ ක්‍රෝධය පිට කර තිබුණා. ඒවායින් වැඩිපුර වයිරි කතා යොමු වුණේ  අර දෙන්නගෙන් තරුණ කාන්තාවටයි.

පෙරේදා ඇය එම බුලින් ගැන  සඳහන් කරමින් කතා කෙරුවේ විශේෂ දිනයක්  වෙනුවෙන්. ඒ දවස් මතක් කරන විට ඇයට  ඇඬුනා. ෂොක්  ජොක්  ලගේ රඟපෑම් ගැන මට අරුමයක් නැති වුවත්, මෙය එවැනි දෙයක් කියා මා හිතන්නේ නැහැ. ඇය  ඇත්තටම ජීවිතය ගැන කොතරම් කලකිරීමට පත් වුනා ද, ජිවත් වීමට ඇයට  ශක්තිය සැපයූ  අම්ම තාත්ත හා එයාගේ සහකරු කරපු දේවල් නොවන්නට ඇයට  මොකක් වන්නට තිබුනද කියන එක ගැනයි, ඇය  එදා කියුවේ.

ඒ දිනය නම් RUOK දිනය. අන්තර්ජාල බුලින් විතරක් නොවේ, එදිනෙදා ජිවිතයේ අප අත්විඳින මේ වගේ අඩත්තේට්ටම් නිසා ජිවිත කීයක්  නාස්ති වෙනවද? ඇත්තටම අන්තර්ජාලය නිසා මේ වගේ අඩත්තේට්ටම් අද පහසු බවට පත්කර තියනවා. මෙන්න මේ ප්‍රවුර්තිය කියවන්න, එතකොට මේවා කොතරම් අන්තයකට යන්න හැකිද කියන එක ඔබට සිතා ගන්න හැකියි.

මේ උපාධි අරව මෙව්වා තියනවා කියල කටපත් අදින පිරිස්, බුලින් වල ඉහලම අවධියක් වන ලංකාවේ සරසවි වල තියන නවක නොවන වධයන් උත්කර්ෂයට නංවන අයුරු අපට දකින්නට ලැබෙනවා.

සිංහල බ්ලොග් අවකාශය කියන්නෙත් බුලින් වලින් වියුක්ත වුන තැනක් නොවේ. තමන්ගේ සතුටට ලියමින් හිටිය කොපමණ දෙනෙක්, ඒ අඩත්තේට්ටම් නිසා ඉවත්ව ගියාද කියල මා නම් දන්නවා. ඒ පැන්නිම්  ගැන රසවිඳින පිරිස් අප අතර ඉන්නවා. එම පිරිස්  වෙනස් කරන්න පුළුවන් කියා මා විශ්වාස කරන්නේ නැහැ. උපතින් බුලින් ආකල්ප සහිතව ආපු පිරිස් අප අතර ඉන්නවා.

එයාලව අමතක කලත්, විනෝදයට ලියනවා  කියමින් ලැබෙන අවධානය වෙනුවෙන් බුලින් ඉවසන පිරිස් මා  නිරීක්ෂණය කර තියනවා. බුලින් හා කවුන්ටර් බුලින් කියන්නේ දෙකක් නොවේ එකක්. හරියට අර රෙසිස්ම් හා රිවර්ස් රෙසිස්ම් කියා දෙකක් නැතුවා වගේම තමා.

සමාජයේ තියන හා විවිධ පිරිස් විසින් කර අඩත්තේට්ටම් වලට විරුද්ධ වන්න බැරි නම්, අඩුම ගැනේ මේවා ප්‍රවර්ධනය කරන්න හෝ උත්කර්ෂයට නං වන්න දායක නොවන්න.

පසු වදන

හන්දි  තුනක් පවත්වාගෙන යන එක ලෙහෙසි නැහැ. නමුත් රයිගමහන්දිය පාලුවට යවන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. කියවන ඔබට නැවතත් මගේ ස්තුතිය.

 

Would you mind if I still loved you?
Would you mind if things don’t last?
Would you mind if I hold onto
You so that I won’t crash?

Morning light, I’m at your door
One last time, and no one’s there
(Nobody, nobody, nobody, no…)
Drove all night, just to beat you home
Would you mind if I waited?
Would you mind if I wait right here?

And I really, really, wanna love you
And I’m really, really only yours
Even if it don’t last forever, I wanna let you know
We really had something special, it’s hard tryna let it go
I’m just being honest, I’m still in the moment

Would you mind if I still loved you?
Would you mind if things don’t last?
Would you mind if I hold onto
You so that I won’t crash?

Up all night, can’t let go
Won’t stop trying, need you to know
It’s worth the fight, if I get back home
Hope you don’t mind if I waited
Would you mind if I wait right here?

And I really, really, wanna love you
And I’m really, really only yours
Even if it don’t last forever, I wanna let you know
We really had something special, it’s hard tryna let it go
I’m just being honest, I’m still in the moment

Would you mind if I still loved you?
Would you mind if things don’t last?
Would you mind if I hold onto
You so that I won’t crash?

I’m not thinking ’bout nobody else but you
You’re the only one who takes me there
I’m not thinking ’bout nobody else but you
You’re the only one who takes me there
I’m not thinking ’bout nobody else but you
You’re the only one who takes me there
I’m not thinking ’bout nobody else but you
You’re the only one who takes me there

Would you mind if I still loved you?
Would you mind if things don’t last?
Would you mind if I hold onto
You so that I won’t crash?

(http://www.azlyrics.com/lyrics/usher/crash.html)

Advertisements

19 Comments

Filed under Opinion

19 responses to “උණ පඳුරක මල් පිපිලා;Would you mind if I still loved you?

  1. බ්ලොග් ලෝකයට පැමිණි සහ එහි සිටි ඇතැම් අයට මා නම සහිතවම කමෙන්ට් වලින් බැන වැදී තිබෙනවා.. මොකද ඒ පෝස්ට් වල තිබුන කරුනු සහ ඇතැම් නීරස දේවල් නිසා..
    මට එයාල එලවන්න නෙමෙයි ඇත්තටම ඕනි වුනේ..එයාලට පොඩ්ඩක් වැඩේ පෙන්වා දෙන්න..නමුත්‍මොන විදියට එයාල ඒක තේරුම් අරංද කියන එක මම දන්නේ නෑ..

    කල්ලි වාදය අපේ රටේත් සුපිරියටම තියෙනවා..මම බ්ලොගර් කෙනෙක් විදියටත් සාමානය පුරවැසියෙක් විදියටත් ඒක සැරටම විදල තියෙනවා.. ඒත් මම කිසිම වෙලාවට මට තියෙන කල්ලි බලය භාවිතා නොකරන්න ගොඩාක් පරිස්සම් වෙනවා..

    ඇතැම් දේවල් වල කලකිරීම තිබුනත් අපි ඒ දේ වැලද ගන්නවා.. අපිට ඒක පාවිච්චි කරන්න සිද්ද වෙනවා.. ඒ වගේ තමයි අන්තර්ජාලයත්..

    • //බ්ලොග් ලෝකයට පැමිණි සහ එහි සිටි ඇතැම් අයට මා නම සහිතවම කමෙන්ට් වලින් බැන වැදී තිබෙනවා.. මොකද ඒ පෝස්ට් වල තිබුන කරුනු සහ ඇතැම් නීරස දේවල් නිසා..//. මෙන්න මේ වගේ වෙලාවට අප භාවිතා කරන භාෂාව වැදගත් අමිල.

      මාව බුලි කරන්න එන අයෙකුට පවා, මා දෙන පිළිතුර ගැන අද දෙවරක් සිතනවා. සමහර පිළිතුරු, ඒ ආවේ මොනවගේ කෙනෙක්ද කියා තේරුම් ගත්තු පසු වෙනස් කර තියනවා.

      අප අනුන්ගෙන් බලාපොරොත්තු වන ලෝකය මොන තරම් දුරස්ථ එකක්ද කියන එක, පසුගිය දිනවල මේ සිංහල බ්ලොග් ලෝකයේ කෙරුණ “කුණුහරුප” කතා බහෙන් ඔබත් තේරුම් ගන්න ඇති. මා නොකියවන දේවල්, මුදල් දෙනවා කියුවත් කියවන්නේ නැහැ. ඒ වගේම තව දුරටත් කියවන්න අවශ්‍ය නැතිය කියා, අලුතින් තේරුම් ගන්න දේවලුත් යලි කියවන්නට වෙහෙසෙන්නේ නැහැ.

      අප ලෝකයෙන් බලාපොරොත්තු වන වෙනස දුරස්ථ එකක් වන්නේ, අපවත් ඒ වගේ කටයුතු නොකරන නිසා. අර ගාන්ධි කියුවා වගේ, ලෝකයෙන් ඔබ බලාපොරොත්තු වන වෙනස, ඔබටම වන්නට නොහැකි නම්, එය අනුන් ගෙන් බලාපොරොත්තු වන එක වැඩකට නැහැනේ.

      ලාංකික ජීවිතය කියන්නේ අමිල, උපතේ පටන් බුලින් වලින් ගහණ දෙයක්. දෙමාපියනන් ගේ බහුතරය පවා දරුවන්ට කරන්නේ ආදරය නොවේනේ, අඩත්තේට්ටම් නේ. පාසැල, පන්සල හා මහ පාර වුවත් බුලින් වලින්ම පිරුණු තැන්. එවිට බුලින් නොමැති ලෝකයක් ගැන කොහොමද අඩුම ගානේ අවබෝධයක් ලබා ගන්නේ?

      • Anonymous

        // මා නොකියවන දේවල්, මුදල් දෙනවා කියුවත් කියවන්නේ නැහැ//
        සෑහෙන ගාණක් දෙනවානම් මං නම් කියවනවා. වැඩ කරන තැන හුඟක් ඩොකියුමන්ට්ස් කියවන්නෙත් ආසාවකින් එමෙයිනෙ මුදාල් ලැබෙන රස්සාව නිසානෙ. එනිසා මුදල් දෙන බ්ලොග්කාරයෙක් ඉන්නවනම් මට කියන්න මං ගිහින් කියවන්නම්. :-DD
        Pra Jay

        • ඒ කියන්නේ ප්‍රා කැමතියි පාර්ට් ටයිම් ජොබ් එකකට?

          මාත් කියවනවා සල්ලි වලට. දෙවෙනි රැකියාවක් කරන්න බලාපොරොත්තුවක් නැති වගයි මේ කියන්නේ. දැනට ලැබෙන මුදල් වැඩිය කියන එක නොවේ. ජිවිතයට මෙතරම් මුදලක් ඇතිය කියන්න මට නම් බැහැ. නමුත් මුදල් හෙවිම හා ජිවත් වීම කියන්නේ විචල්‍යයන් රාශියක් සහිත ක්‍රියාවලියක් නේද? දැනට කරන රැකියාවට වඩා, මුදල් ලැබෙනවා නම් මා ඔය ප්‍රා කියන දේ කර, මේ රැකියාව අත හරිනවා. දෙකම කරන්න බැහැ, විවේක කාලයකුත් ඕනේ නිසා.

          (සල්ලි දෙන බ්ලොග් කාරයින් සොය සොයා ඉන්න එපා. හොඳට නැගල යන බ්ලොග් එකක් ලියුවොත් මුදල් හම්බ කරන්න පුළුවන්). 🙂

            • 1 ක්‍රමය: බ්ලොග් ලියා මුදල් හම්බ කරන්නේ කෙසේද කියා, මුදල් අය කර සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය.

              • 2 ක්‍රමය: මෙය ලංකාවේ අමාරු (ඉම්පොසිබල් ට කිට්ටු) ඇති. මෙහෙත් අමාරුයි. විශාල පිරිසක් ෆලෝ කරන බ්ලොගයක් අත්පිට මුදලකට විකුණන්න පුළුවන්. නැත්නම් ඔබ මාර්ගයෙන් එයාලගේ බඩු ප්‍රචාරයට වෙළෙන්දන් ඔබ ලඟට එනවා. ලක්ෂ ගානක් ෆලෝ කරන ඉන්ස්ට්‍රග්‍රෑම් එකවුන්ට් එකක් තිබුනත් ගොඩ තමා.

  2. Pingback: උණ පඳුරක මල් පිපිලා;Would you mind if I still loved you? | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. හ්ම්ම්ම් හ්ම්ම්ම් තමයි. බුලින් කියන වචනය ගැන දැනන් හිටියෙ නෑ කලින්.

    • එය සිංහලෙන් මෙහෙමයි ලියන්නේ ඔමා bullying. එහි අර්ථ නිරූපණය මෙහෙමයි //The definition of bullying is when an individual or a group of people with more power, repeatedly and intentionally cause hurt or harm to another person or group of people who feel helpless to respond. Bullying can continue over time, is often hidden from adults, and will probably continue if no action is taken.// (https://www.ncab.org.au/bullying-advice/bullying-for-parents/definition-of-bullying/)
      ඔතන තියන repeatedly and intentionally cause hurt or harm to another person or group of people who feel helpless to respond කියන ටික තමා වැදගත්ම. ඔබත් මේවා හොඳට දන්නවා ඇතිනේ? හැමතැනම තියනවා නේද?

  4. ඇණයා

    එකඟයි

    • එකඟ නැති වුවත් මා අමනාප නැහැ. හැබැයි එකඟ වන විට මට සමීප වගක් දැනෙනවා. 🙂

  5. අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව ජීවිතයේ ගොඩක් වෙලාවට බුලින් හා harassment වලට ලක් වෙනවා ජීවිතේ. මට තේරෙන තරමට ශ්‍රී ලාංකිකයින් ගොඩක් වෙලාවට මේ වගේ සංවේදී දේවල් හිතන්නේ නැහැ. උදාහරණයක් විදියට, දරුවෝ නැති කාන්තාවක් ගෙන්, ඒ ගැන අහන එක, harassment එකක් ලෙසත් හිතන්න බැරි නෑ නේ. (ගොඩක් වෙලාවට හිත රිදෙන බව දැන දැන නේ ඕවා අහන්නේ.) රූමත් ගැහැණු ළමයෙකු ගත්තම, ගැහැණු වූ පමණින් ඇය විඳදරා ගත යුතු යයි අපි හිතන විහිලු කොයි තරම් තියනවද? ශාරීරිකව ස්පර්ශ කිරීම් හෝ සරාගී කතා කීම ම නොවේ, එදිනෙදා ජීවිතේ පොඩි පොඩි කතා බහේදී, ගැහැණු පිරිමි බේදයකින් තොරව අපි බුලින් කරනවා. මම උනත්, ගොඩක් මේ වගේ දේවල් මට නෙවේ වගේ ඉන්න උත්සාහ කරන අවස්ථා තියනවා, වෙන කරන්න දෙයක් නැති නිසා.

    harassment හෝ බුලින් ගැන හෝ, මූලික මිනිස් අයිතිවාසිකම් ගැන පාසලේදී ඉගෙන ගන්නේ නැහැ නේ. ජීවිත තක්සලාවෙන් ඉගෙන ගත්තේ නැත්නම් ඉතින් බිහි වන්නේ අසංවේදී රොබෝ කෙනෙක් තමයි. හැබැයි මේවා දරුවන්ට වත් ඉගැන්වුවොත් ලෝකය ලස්සන වේවි අපි නැති කාලෙක හරි.

    ඔය නිවේදක යුවලට කරපු මඩ ගැසීම වගේ ඒවා හරි සුලබයි ෆේස්බුක් එකේ එහෙම. රයිගම් දකින්නේ නැතිව ඇති, නමුත් ශ්‍රී ලාංකික නිලියන්, ගායිකාවන්, නිවේදිකාවන් තරම් ලිවීම් මගින් harassment වලට ලක්වෙන පිරිසක් තවත් නැතිව ඇති. සමහර කොමෙන්ටු වල තියෙන්නේ සම්මත කුණුහරුප. ඒ කිසි දෙයක් ගණන් ගන්නේ නැතිව ඔවුන් දිගටම ඒ රැකියාවන් කරන එක නම් ග්‍රේට්. හැමෝටම එහෙම ගටක් නැහැ නේ.

    මම කැමතියි මේ ගීතයට. මුල් වරටයි ඇහුවේ. යලි යලි ඇහුව 🙂

    • සමහරවිට මානවිකා, අපට කුඩා දායකත්වයක් දෙන්න පුළුවන් මේවට එරෙහිව.

      අමිල ඉහලින් කියා තියෙන්නේ කල්ලි වාදය ගැන. ඒ වගේම අමිලට තියන කල්ලි බලය යෙදවීමේදී පරිස්සම් වනවා කියන එකත් තරමක් සැලකිල්ලට ගත යුතු කියමනක්.

      මේ වගේ කුඩා අවකාශ වල පවා කල්ලි බලය/සිවිල් බලයක් ගොඩ නගා ගත්තු පිරිස් කරන දේවල් ඔබත් දන්නවා, මාත් දන්නවා, අප කවුරුත් පාහේ දන්නවා.

      එහෙම කරන ගමන් දේශපාලකයන් හා අනිකුත් සමාජ ක්‍රියාකාරීන් ගොඩ නගා හෝ නිල බලයෙන් හිමි කරගත්තු සිවිල් බලය යුතු ලෙස යෙදවීම ගැන කියනවා.

      බුලින් කියන්නේ එක දිගටම සිදු කරන හැරස්මන්ට් වලට. ඔබ කියනවා වගේ, ඔබලට මේවා වැඩියි. තමන්ගේ ගෙදර ඉඳන් පාරට බැසීම දක්වා සිදුවුණා කරදර ගැන ඔබට අත්දැකීම් ඇතිනේ.

      ඔව් ඔබ කියන කතාව හරි. මේ මාධ්‍ය වලත් සම්මත කුණුහරුප සාමාන්‍ය කරණය කරමින් මේ අයියල නටන නාඩගම් කෙළවර වනු ඇත්තේ සුඛාන්තයකින් නම් නොවේ.

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s