සුදු මල් දෙකක් කඩා…..


ඊයේ, සතියට අවශ්‍ය කරන ග්‍රොසරි බඩු  ටික ගන්න කඩේට ගියහම, පෝච්චි වල සිටවපු මල්ද විකුණන්න  දමා තිබුණා. මල් විතරක් නොවේ, එළවලු පැලත්. ඒවාට අවශ්‍ය කරන කොම්පෝස්ට් පසුත්. දැන් ඉතිං  මල් සමයනේ.

මා මල් පැල දෙකක් ගත්ත ඊයේ. මල් පැල ගත්තට මදිනේ. අද කඩේ ගිහිං  ලොකු  පෝච්චි දෙකකුත්, තව අවශ්‍ය කරන පොහොර හා අඩුම කුඩුම ටිකක් ගෙනාව. පෝච්චි කියුවහම පෝච්චි විතරක් මදි. මේවා එන්නේ වෙනම. අර අඩියට තියන පතුල වෙනම එන්නේ.  මාර මාකටින් ස්ට්‍රජි නේ.

දැන් මේ සේරම එකතු කළ  විට මල් පැල  දෙක හිටවන්න මට මාර ගාණක්  ගිහිං. ලෝකයේ සමහර පිරිස් දිනකට ඩොලරයකින් ජිවත් වන විට, මල් පැල දෙකක් හිටවන්න මෙතරම් ගාණක්  යට කරන එක අපරාධයක් ද කියලත් මට හිතුණා.

මල් පැල වලට විතරක් නොවේ, නෙස්ටොමෝල්ට් වලටත් මා වියදම් කරන මුදල් අපරාදේ කියන්න පුළුවන්. හැබැයි විනෝදාංශ නොමැතිව අපගේ ජීවිතය ගෙන යන්න හැකිද? අප අනෙක් සියලුම දේවල් කරන්නේ, මෙවැනි විනෝදාංශ වලත් නියුක්ති නිසා නේද? නැත්නම් මොලේ කචල් වෙලා නේ නවතින්නේ. ඒ එකක්.

අනික තමා, මට නම් බැලූ බැලූ අත  පෙනෙන්නේ විශාල ලෙස පොත්පත් කියවනවා යයි කියන මිනිසුන්. මාත් ඉස්සර ගොඩක් කියෙව්වා. අද නම් නැහැ. මා අද වැඩියෙන් කැමතියි මල් ගහක් වවන්න. ඒ වගේම, මා අද කැමතියි මල් වවන කෙනෙක් එක්ක කතා කරන්න. මොකද කියනවා නම් අර පොත්පත් කියවනවා යයි කටපත්ත අදින “ගොඩක් දෙනා” ගේ, එහෙම “කියවන” වගක් මට පෙනෙන්නේ නැති නිසා.

ඒ කතාව පසෙකට දමමු. අදත් මා නේබර්හුඩ්  එකේ ඇවිදින්නට ගියේ කැමරාවත් අරන්. පිපී ඇති මල් දකින්න විතරක් නොවේ, ඒවා සේව් කරන්නත් මා කැමතියි. මල් කියන්නේ අපව ප්‍රමුදිත කරන්න පහල වුණ  දේවල් නොවේ. ගොඩක් වෙලාවට මල් බිහිකරන ශාක බලාපොරොත්තු වන්නේ, තමන්ගේ වර්ගයා බෝ කිරීමට උදව් කර ගන්න වෙනත් සතුන් (කෘමින්) ආකර්ෂණය කර ගන්නට. කෘමින් මල් දකින්නේ කොහොමද කියන එක අප හරියටම දන්නේ නැහැ. අනුමාන කරනවා විතරයි. එහෙම පහළ කරපු මල් මිනිසා විසින් රසවිඳින එක නිකමට හෝ ඔබ සිතුවද?

මා නම් මල් වලට හරිම කැමතියි. මල් ගහක් වවා, පිපෙන මල් දකින විට මට සතුටක් ඇති වනවා. අද උදේ වරුව හැර, මුළු දවල් දවසම වගේ මා ගත කෙරුවේ එළියේ. ඊයේ ගත්තු මල් පැල දෙක ලොකු පෝච්චි දෙකක ඉන්දුවා. එයට අවශ්‍ය පස් මා කලින් ගෙනත් තිබුණා. දැනට කුඩා පැල දෙක, ලබන වසර වන විට ලොකු වී ලස්සන වනු ඇති.

අද  ගත්තු පින්තූර  ටික වෙනම දමන්නම්. ඒ දමන විට, ගිය ඉරිදා ගත්ත, එකම සීන්  අද වෙනස් වෙලා තියන අන්දමත් මා සංසන්දය කරන්නම්.

 

Advertisements

10 Comments

Filed under Lifestyle, Opinion

10 responses to “සුදු මල් දෙකක් කඩා…..

  1. Anonymous

    🙂
    උත්තරයක් ලිව්වොත් මාගලක් වෙයි. ඒ නිසා සද්ද නොකර යන්නම්
    NK

    • ඕකනේ කියන්නේ, තමන් කැමති දෙයක් ගැනවත් ලියන්නට සිතෙන්න නැහැ. ගාණක් නැහැ, ඔය කියන ඒකීය පුද්ගලයන් ගැන කියන පිරිස් වලට වඩා, මා ඔබගේ කැමැත්තට ගරු කරනවා. 🙂

  2. Pingback: සුදු මල් දෙකක් කඩා….. | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. Anonymous

    මාත් ඊයෙ එලවලු පැල කීපයක් හිටෙව්වා කන්න ගන්න පුලුවන් වෙයිද බලන්න. ඒත් ගාඩ්නින් වලට කැමැත්තක් නෑ. මල් හිටවලා නෑ.
    පොත් කියවන්න ආසයි වීක් එන්ඩ් එකේ Ken Follett’s The Man from St. Petersburg කියෙව්වා.
    කටපත්ත අදිනවද කියල නම් දන්නෙ නෑ. (ඒ වචනෙ හැදුන විදිහ කොහොමද?)

    • Pra Jay

      The above comment is mine. There is something wrong with Google.
      Pra Jay

      • ඔව් ප්‍රා නොට් සම්තින්, අ ලොට් රෝන්ග් නේද?
        මාත් එළවලු ඇට වගයක් නම් ගත්ත. ණයට කාල අතින් හරක් බලනවා වගේ වැඩ තමා.
        පොත් කියවීම නරකයි කියා මා කියන්නේ නැහැ. මට කියවීම දැන් ටිකක් එපා වෙලා. ජිවිතේ වැඩිපුර කෙරුවේ කියවීම තමා. ආස නම් ඉතින් කරන එක හොඳයිනේ.
        ඔය වචනයේ ආරම්භය හෝ වෙන යමක් මා දන්නේ නැහැ ප්‍රා.

  4. Anonymous

    ‍මෙහේ නම් බොහෝදෙනාගේ විනෝදාංශය මල් කඩන එකයි

  5. අනුන්ගේ මල් කඩන එක වැරදියි නේ!

  6. මෙය කලින් කියෙව්වත්, කොමෙන්ට් කරන්න බැරි උනා.
    මම ගාඩ්නින් වලට එච්චර ආස කෙනෙක් නෙවෙයි. ඒ නිසා සමහර විට රයිගම් මට කැමති නැති වෙයි ද දන්නේ නෑ 😀
    හැබැයි මල් වලට ආසයි 🙂 මම මිලදී ගන්නේ නැතිව වෙන කෙනෙක් මල් පොකුරක් දෙනවා නම් තවත් ආසයි 🙂

    • //රයිගම් මට කැමති නැති වෙයි ද දන්නේ නෑ// හා හා මොකෝ මා අකමැති වන්නේ. සේරට ම එක වගේ කැමති දේවල් වුණොත් මොනම සබඳ තාවයක් වත් සාර්ථක වන්නේ නැහැ. සමහර දේවල් වෙනස් වුණත්, කැමති දේවලුත් සොයා ගන්න හැකි නේද? දැන් කලින් එකේ ලියා තිබුණේ, මා තෝරපු සින්දුව යලි යලිත් ඇහුව කියා? 😀

ඔබගේ අදහස එකතු කරන්න!

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s